IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


චමල් - නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවති

(රන්න චන්ද්‍රසේන ගමගේ)

රට තුළ පවතින අයහපත්  වාතාවරණය සැලකිල්ලට ගෙන තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (14) දින සිට අත්හිටුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (14) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

තමන්ගේ මැතිවරණ ජයග්‍රහණයට වඩා රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තම රජය වඩා සැලකිලිමත් වන බවත් එම නිසා මෙම තීරණය ගත් බවත් ඔවුහු පැවසූහ.



අදහස් (30)

චමල් - නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවති

Sanath Kandy Saturday, 14 March 2020 10:32 AM

මෙයාලා දේශපාලනේ කරන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා නම් ඒක තමයි රටට කරන්න පුළුවන් හොඳම යහපත...

:       1856       10337

DirtSaturday, 14 March 2020 11:10 AM

දවසේ කියමන. මසුරන් වටිනා කතාවක්. මෙයාලා විතරක් නොවෙයි. තව ගොඩක් ඉන්නවා.

:       0       71

raviSaturday, 14 March 2020 01:40 PM

අපි දැන් මේ අයට කොරෝනා හැදෙන්න කියලා පොල් ගහනවා.

:       1       70

ravi Saturday, 14 March 2020 10:37 AM

අපේ රණවිරුවන් රට බේරගන්න යුද්ද කරද්දී.. එංගලන්තයේ හැංගිලා සිටි කෙනෙක් තමයි.. නාමල් කියන්නේ ..

:       464       6338

WasanthaSaturday, 14 March 2020 11:37 AM

මෙයා නම් දේශපාලනය කරන කෙනෙක්. මේ කියන දේවල්වලට ඕවා නැහැ. කොහෙන් ගියත් පොටක් අල්ලාගෙන දඟලනවා.

:       332       56

kusal Saturday, 14 March 2020 01:51 PM

කියන මගුලක් අපිටත් කියවලා තේරුම් ගන්න පුළුවන් විදිහට සිංහලෙන් ලියන්න..! කොහෙද ගම? කිලිනොච්චියේද?

:       0       56

rana Saturday, 14 March 2020 10:47 AM

මෙඉන් අපට ඉඟියක් දෙන්නේ ඡන්දය කල් යන බවද ?

:       0       1

කපුරුහාමි Saturday, 14 March 2020 11:08 AM

බලලෝභී, දුෂිත ,බඩගොස්තරවාදි දේශපාලුවෝ ?රට ගැන කෙසේ වෙතත් බල තණ්හාව, පැවැත්ම ගැන හිතන අය කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ?

:       0       117

Raveendra Saturday, 14 March 2020 11:11 AM

මේ ගොයියෝ මෙහෙම ටෝක් දෙනකොට සූත්තර පුංචියි, සජිත් ගොයියයි, කලුකුමාරයයි ඩෙගා නටයි... කෑමොර දෙයි.. කෙසේ වෙතත් රටේ ඇතිවී තිබෙන තත්වය අනුව දේශපාලුවන් කෙසේවෙතත් මිනිසුන් වශයෙන් මෙන්ම රටේ පුරවැසියන් වන අපට අතිමහත් වූ වගකීමක් තිබෙන බැවින් දේශපාලුවන්ගේ වහසිබස් වලට නම් රැවටීමේ ක්‍රමය නවතා දැමිය යුතු නොවේද?

:       8       163

Kumara Saturday, 14 March 2020 11:27 AM

ඇයි 2/3 කෝ?

:       51       251

siri Saturday, 14 March 2020 11:27 AM

පණ බයේ කොහොමද රටක් කරන්නේ? පව් අප්පා...

:       168       466

sas Saturday, 14 March 2020 11:36 AM

නාමල් බයවෙලා ඇත්තේ මිනිහටත් කොරෝනා හැදෙයි කියලා. ඒකයි ප්‍රචාරක කටයුතු නතර කරන්න ඇත්තේ...

:       27       695

sumathiSaturday, 14 March 2020 01:15 PM

කොරෝනාට වඩා මහා භයානක ලෙඩ මිනිහට තියෙනවා.

:       0       60

pradeepa Saturday, 14 March 2020 11:53 AM

නාමල් පුළුවන් වුණොත් ඡන්දෙත් නවත්වන්න. මොන ඡන්දෙද ඔයාලා හොඳට රට කරගෙන යන්නේ..? ජනතාවට සහන දීලා, දැන් ලංකාව තමයි ලෝකෙන්ම බඩු මිල අඩු, තෙල්මිල අඩු, පඩි වැඩි, රට... අපි දැන් අපායේ නෙමෙයි ඉන්නේ දිව්‍ය ලෝකේ...

:       165       1211

kamani Saturday, 14 March 2020 12:10 PM

කොහොමත් ඔය පව්ලට අපි ඡන්දය දෙන්නේ නැහැ....වෙන රස්සාවක් හොයාගන්න. මුකුත්ම කරන්න දන්නේ නැතිනම් පාර්ලිමේන්තුවේදී කළා වගේ " හොරකම් "කරන්න.

:       0       134

hasitha madawalaarachchi Saturday, 14 March 2020 12:33 PM

මැතිවරණය පවත්වන සමයේ වල්ගාතරුවක් පායන්නට බොහෝ ඉඩකඩ ඇත. දෑත් පිරිසිදු අය වුණොත් ජය නියතයි. විභාග වංචා, හොර සහතික, එකී මෙකී දූෂණ, වංචා කළ අයට නම් ජයක් නොලැබේ. ඒ නිසාම කළින් මේ වගේ තීරණ ගන්න එක නුවණට හුරු බව කිවයුතුයි.

:       0       129

Buddika Saturday, 14 March 2020 12:40 PM

ප්‍රචාරක වැඩ, රැස්වීම් නවත්වන්නේ මිනිස්සු ගැන හිතලා නොවෙයි. තමන්ට කොරෝනා හැදෙයි කියන බයට... රටට ආදරය කරන මරු දෙන්නෙක්. මේ මිනිස්සු ගැන මේ මිනිස්සු නොදන්නවා ඇති. ඒත් මිනිස්සු දන්නවා රාජපක්ෂලාගේ චර්යාව. රට වෙනුවෙන් කළ හැකි හොඳම සහ වටිනාම දේ දේශපාලනයෙන් තොලොංචි වෙලා යන එකයි.

:       0       78

සංජීව Saturday, 14 March 2020 12:59 PM

මහප්පලා, පුතාලා ඒකෙනුත් වාසි ගන්න බලන්නේ. ⁣රටේ බෝම්බ පිපිරෙද්දි අරලියගහ මන්දිරයේ බන්කර් හදාගෙන හිටපු අය. දැන් ජනතාවගේ ආරක්ෂාව ගැන කතා කරනවා. ඔච්චරටම රටේ මිනිස්සුන්ට ආදරේ නම් ඡන්දය කල් දාපල්ලකෝ. රට අනාථ වෙලා ඉන්න වෙලාවක තව කෝටි ගාණක් වියදම් කරගෙන ඡන්ද තියන්න යනවා. රටේ මිනිස්සුන්ට සහන දෙන්න සල්ලි නෑ කියන අය ඡන්දෙට ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. මේවට රැවටෙන අයත් මේ රටේ ඉන්නවා. ඒකයි දුක...

:       0       98

Rohitha Saturday, 14 March 2020 01:00 PM

සනත, කැන්ඩි සහ රවි, එතකොට කවුද දේශපාලනය කරන්න ඕනේ..? රනිලුයි සජිතුයිද..? පව්නේ...

:       1       0

Champa Saturday, 14 March 2020 01:33 PM

හොඳ තීරණයක්. මිනිස්සුන් කියන්න කලින් දේශපාලකයන්ට සාමාන්‍ය දැනීම තියෙන බව පෙන්වපු එක හොඳයි.

:       1       0

saliya Saturday, 14 March 2020 01:47 PM

ප්‍රචාරයක් ඇතත් නැතත් උඩින් දිනුම්. ඔය පැත්තේ කට්ටිය හරියටම කියනවා නම් ඔය පවුලේ ප්‍රවේනි දාසයින්. මිනිස්සුන්ට අනිත් කරුණු කාරණා අදාළ නැහැ.

:       0       1

dama Saturday, 14 March 2020 01:56 PM

ඔබලාගේ සමගි බලවේග ජවිපෙට පච අහන්න තවත් අපි ලෑස්ති නැත...

:       1       0

Ranjith Saturday, 14 March 2020 02:04 PM

අනිවාර්යයෙන්ම මේ ගොල්ලෝ ඡන්දේ කල්දාන්න තීරණය කරලා ඇති. එ්ක නොකියා කැටයම් දානවා හොඳනම ගන්න.

:       0       1

siri Saturday, 14 March 2020 02:18 PM

මේ ගොල්ලන්ට කොරෝනා හැදුණොත් ඒක කොරෝනා වසංගතේ අවසානය තමයි.

:       0       1

සත්‍යපාල Saturday, 14 March 2020 02:20 PM

කරලා තියෙන දූෂිත වැඩවල හැටියට පවුල් පාලනේ අයත් කොරෝනා වලට බය ඇති...

:       0       64

Amula Saturday, 14 March 2020 04:09 PM

අපි කොච්චර කතාකළත් වැඩක් නැහැ.. හැමදාම ගිහින් කතිරෙ ගහන්නේ ඒ අයටමනේ... කවදාවත් හදන්න බැරි දේශපාලකයෝ හා හදන්න බැරි ජනතාවක් ඉන්නේ... ඒ අයට හරියන්නේ නාමල් වගේ අය තමයි.

:       0       32

kamal Sunday, 15 March 2020 01:25 AM

අයියෝ, එන්න එන්න. කුරුණෑගලට, වෙන්නපුවට, ඉතාලි අයගේ ඡන්දේ දිනාගන්න.

:       0       1

Wasudewa Sunday, 15 March 2020 05:19 AM

චමල් - නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවති. ඒක ඉතින් අපි හොදයි කියමුකෝ.එත් දැන් ඩොලර් ඒක කීයද? රු.188 ක් වෙනවා බැංකුවේ විකුණන ගණන.මේක ලංකා ඉතිහාසේ ඩොලරය වැඩිවුණු අධිකම මිල. අනික දැන් අලුත් අවුරුදු සමය.අපි පරිහරණය කරන්නේ 99% පිටරට දේවල්. මේ අධිකම මිල ඩොලරයත් සමග අවුරුදු සමයට ගෙනෙන බඩු වල මිල ගණන් කොයි තරම් ඉහළ යයිද? මේ ගැන රජයේ අවධානය වහාම යොමු වේවා !

:       0       117

jim kuru Sunday, 15 March 2020 08:25 AM

පරදියි කියලා බයද ?

:       0       19

banda Sunday, 15 March 2020 09:08 AM

අපි බලන් හිටියේ හොර පෙරකදෝරුවා එළි බහිනකම් රවී ඇල්ලුවද කියලා අහන්න... අනික් උන්දැ ගෙට වෙලාම ඉන්න එක හොඳයි. නැත්නම් ඡන්දෙට ඉස්සෙල්ලා කොරෝනා හදාගෙන කනත්තට තමයි යන්න වෙන්නේ..

:       0       73

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 83 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 148 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 405 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 575 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 483 5

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 709 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 520 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site