කොළඹ කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳසලකින් රුපියල් 1380ක් වටිනා චීස් පැකට් දෙකක් සොරකම් කළැයි රිමාන්ඩ් බාරයේ සිටි වාද්දූවේ තරුණයකු රුපියල් 50000ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
සොරකමට වදර පිළිගත් ඔහු එම භාණ්ඩවල මිල ගෙවීමට ද බාර ගත්තේය.
ඔහුගේ ඇඟිලි සලකුණු ගන්නා ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝෂන් ඒකනේ අපි සුද්දො වගේ කියන්නේ... දැන් සුද්දොත් කන්නෙ චූං පාං නෙ, ඒ හින්ද අපිත් දැන් සුද්දො වගේ කියල අර විකට වැඩසටහනේ කිව්වෙ.. දැන් උජාරුවෙන් කියන්න අපිත් සුද්දො වගේ කියලා. (ස)
කට්ටියට කිව්වද ?(ස)
මෙයාගේ දුරකථන අංකය දෙනවද ? ලඟදි ලංකාවට යනකොට ගිහින් දෙන්නම් (ස)
ඔය කන දේවල් හොර කම් කරන්නේ මොකටද (දී)
ඔය චීස් හලාල්ද? (නි)
අර කන්ගැට්ටා කොහෙද ඉන්නේ. දැනගන්නයි අහන්නේ.(නදී)
කවුරුන් හෝ වේවා මේ තැනට පත්වන්නේ ඇයිදැයි බැලීමයි වටින්නේ. (නි)
අර සංචාරකයා මරපු කෙනාට මොකද වුණේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
චීස්වල කොලෙස්ට්‍රෝල් වැඩි බව දන්නේ නැතුව ඇති..(ස)
පව් අනේ... චීස් කෑල්ලක් කන්න කවුරුත් ආසයි.. මේවා අහන විට හිත පෑරිලා යනවා. ලෝකේ අඟහරුට හඳට යන යුගයක චීස් කෑල්ලකට මිනිසෙක් හිරේ යෑම මොන තරම් කණගාටුද? (ස)
අනේ මොකක්ද මේ රුපියල් 50000ක ශරීර ඇප කියන්නේ? ඒ කියන්නේ එයාව එළියට ගන්න උසාවියට 50000ක් බදින්න ඕනෑද? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද දන්න කෙනෙක්? (නි)
චීස් කියන්නේ වස කෑමක් හා සමානයි. මා මෙය කියන්නේ වගකීමෙන් සොයා බලන්න. (ස)
අපේ කෙනෙක් කලාම 50000යි ,සුද්දෙක් කලාම 1000යි............. (ස)
තරුණයෙක් රුපියල් 1380 කට ඇයි මෙච්චර බාල්දු වෙන්නේ (ස)
පව් අනේ (ස)
දැන් මිනිහ අඩිය තියනකොට චීස් චීස් ගානවලු . (ස)
චීස් හොරු ඇතුලේ... යකඩ හොරු එළියේ....(ස)