
(තිලකරත්න දිසානායක)
චීන රජයේ ආධාර යටතේ දිවයිනෙහි දිස්ත්රික් නවයක අබලන් පාලම් නවයක් අලුතින් ඉදිකිරීමේ ව්යාපෘතිය යටතේ ගම්පහ , බෙම්මුල්ල අංක 5/3 දරණ පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් සමාරම්භක උත්සවය අමාත්ය බිමල් රත්නායක , චීනයේ ශ්රී ලංකා තානාපති වේයි හුවා ෂියැං සහ අමාත්ය අනිල් ජයන්ත යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් බෙම්මුල්ලේදී අද (1) සිදු කෙරිණි.
මෙම ව්යාපෘතිය යටතේ ගම්පහ , කෑගල්ල , කුරුණෑගල , පොළොන්නරුව , අම්පාර සහ මඩකලපුව යන දිස්ත්රික්කයන්හි අබලන් පාලම් නවයක් අලුතින් ඉදිකෙරෙන අතර මේ සදහා චීන රජයේ ආධාර ලෙස වැය කෙරෙන මුලු මුදල රුපියල් මිලියන 3933 කි.
සම්පූර්ණ ව්යාපෘතියෙහි ප්රධාන කොන්ත්රාත්කරු ලෙස චීන රාජ්ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාව කටයුතු කරන අතර උපදේශන සේවා සැලසීම චීන කොමියුනිකේෂන් කෝපරේෂන්, මහාමාර්ග උපදේශන සමාගම සහ වුහාන් දාතොං ඉංජිනේරු ඉදිකිරීම් සමාගම මගින් සිදු කෙරෙනු ඇත.
සමාරම්භක උත්සව අවස්ථාවට සමගාමීව චීන තානාපති සහ අමාත්ය බිමල් රත්නායක යන මහත්වරුන් විසින් පාලම් ව්යාපෘතියෙහි ගිවිසුම් අත්සන් කිරීම සිදු කළ අතර චීන තානාපති කාර්යාලය මගින් පාසල් සිසු දරුවන් පිරිසකට පාසල් පොත් සහ පාසල් බෑග් ප්රදානය කිරීමක්ද සිදු කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd