පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අවම මිට්ටමක පවතින බව අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති. පෙර මැතිවරණ හා සැසඳීමේ දී ඡන්දය දීමට පැමිණෙන අයගේ ප්‍රමාණය ඉතාම අඩු බව පොළොන්නරුව, අම්පාර, අනුරාධපුර, මඩකළපුව, රත්නපුර, ත්‍රිකුණමලය හා කෑගල්ල අප වාර්තාකරුවෝ කියති.
අද පෙරවුරු10.30 පමණ වන විටඅනුරාධපුරයේ සියයට 20 -25ත් අතර ප්‍රමාණයක් ද පොළොන්නරුවේ සියයට 8.9 පමණ ද ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිලධරයෝ කියති.
කිසිදු කලබලකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැත.
අපේක්ෂකයෝ 108 දෙනකු තෝරාගැනීම සඳහා අපේක්ෂකයෝ 3073 දෙනෙක් තරග කරති. නැගෙනහිර, සබරගමුව හා උතුරුමැද පළාත් හි මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ තිස් තුනකි.
විස්තර හා ඡායාරූප
(ජවුෆර් ඛාන්, අම්පාර වාර්තාකරු, ක.ග. කරුණාරත්න, අජිත්ලාල් ශාන්තඋදය, අතුල බණ්ඩාර, අමදෝරු අමරජිව රොහාන් කුමාර, රෝහණ චන්ද්‍රදාස )
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලී..(ස)
මේ විදියට ගියාම අර කැළණි සභාපතිතුමා කියපුවා ඇත්ත වෙනවා..!!(නු)
රාත්‍රී පුවත්වලටනම් මේක 85%ටත් වැඩිවෙයි...!(නු)
ජනපතිට සහය දක්වන්න කියලා නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලනවා. (නි)
ප්‍රශ්නයක් නැහැ. කොළඹින් ආපු ඡන්දදායකයෝ ඡන්දෙ පාවිච්චි කරන්න සංචාරක බංගලාවල සහ වෙනත් රජයේ ආයතවල රෙඳි සිටිනවා ඡන්දෙ පාවිච්චිකරලා ප්‍රජතන්‍ත්‍රවාදය රැකගන්න.
කියන්නත් දෙයක්යැ. මෙවෙන දේවල් එක්ක (දී)
හවස් වෙනකොට ගානට ඡන්ද පෙට්ටි ටික පිරෙයි..(ස)
මේකට වග කියන්න ඕනෑ විපක්ෂයයි. (නි)
දුර්වල විපක්ෂය ගැන කලකිරිලද ? (ස)
ප්‍රශ්නයක් නෑ.ඔක්කොම හරි.හවස් වෙද්දි 75 % (ස)
මේක මිනිස්සු ඉල්ලපු ඡන්දයක් නෙමෙයි .අපි ලෝකෙට පෙන්නන්න ඕන මේක තේරුමක් නැති වැඩක් බව..(ස)
හවස් වෙද්දි 75 %
කොහොමත් සවස් වනවිට රට ඉන්න අපගේ ඡන්ද ටිකත් වැටේවි (ස)
බලන්නකෝ තව ඉස්සරහට මොකද වෙන්නේ කියල (දී)
මේවා මිනිස්සුන්ට තිත්ත වෙලා දැන් .මොකටද ජනතා සේවයට මේ තරම් මරාගන්නේ..අනුන්‍ට රටේ සාරය උරා ගන්න අපි මොකටද ඡන්දේ දෙන්නේ (ස)
හිනාවෙන්නේ හිනා නොවී බැරි කමට (දී)
මේවා මිනිස්සුන්ට තිත්ත වෙලා දැන් .මොකටද ජනතා සේවයට මේ තරම් මරාගන්නේ..අනුන්‍ට රටේ සාරය උරා ගන්න අපි මොකටද ඡන්දේ දෙන්නේ (ස)
ප්‍රථිඑල දන්න නිසා ඡන්දය පාවිචචි නොකිරීම බුද්ධිමත් ක්‍රියාවක්..(ස)
ප්‍රශ්නයක් නෑ.ඔක්කොම හරි.(ස)
ඉදිරියේදී ඡන්දේ දෙන එකක්ම නැහැ. (ස)
ඡන්දය දැමිමෙන් වැළකී සිට, රටට බරක් වු පළාත් සභා ක්‍රමයට විරෝඨය දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනව.(ස)