IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඡන්දෙට එන්න බූරුවාට බැරිවේ

ලබන වසරේ පෙබරවාරි 17 වැනි දින ඉක්වදෝරයේ ගොයාකුවේල් ප‍්‍රදේශයේ පැවැත්වෙන නගර සභා මැතිවරණයට අපේක්ෂකයකු ලෙස නාම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මහ පෙරහැරකින් රැගෙන ආ බූරුවකුගේ නාම යෝජනා පත‍්‍රය භාරගැනීම මැතිවරණ බලධාරීහු ප‍්‍රතික්ෂේප කළහ. නාම යෝජනා පත‍්‍රයේ බූරුවාගේ නම සඳහන් කර තිබුණේ මිස්ටර් බූරෝ යනුවෙනි. නාම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කරමින් මැතිවරණ බලධාරීන් පවසා සිටියේ කිසිම බූරුවකුට මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැකි බවයි. ටයිකෝට් පැළඳි ව්‍යාපාරිකයකු සේ දිස්වන මිනිසකුගේ මුහුණට බූරු මුහුණ ආදේශ කර සකස් කළ පෝස්ටර් බූරුවා රැගෙන ආ මිනිසුන් අත විය. බෙර ගසමින් නලා පිඹිමින් බූරුවා පෙරටුකොට ගත් මිනිසුන් 40 ක් පමණ නගරයේ වීදි සංචාරය කිරීමෙන් පසුව නාම යෝජනා භාරදීමට පැමිණියද මැතිවරණ කාර්යාලය ඇතුළට පැමිණීමට හෝ බූරුවාට අවසර නොලැබුණි. බූරුවාගේ ප‍්‍රධාන ආධාරකරු වූයේ එහි පදිංචි ඩැනියල් මොලිනාය.



අදහස් (0)

ඡන්දෙට එන්න බූරුවාට බැරිවේ

සුනිල් Monday, 19 November 2012 10:09 PM

මට හිනා ගියා

:       0       0

Pa-Ra Monday, 19 November 2012 10:33 PM

අපේ ආසන ඉන්න බූරුවෙක් තමයි

:       0       0

සුනන්ද Tuesday, 20 November 2012 05:22 PM

අපේ මේ මිලානෝ වලත් ලංකාවේ අයට අපහාස කරන ඔය වගේ එක්කෙනෙක් ඉන්නවා. (නි)

:       0       0

දිලිප් Monday, 19 November 2012 04:42 PM

අපේ ලංකාවෙ නම් මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ. (නි)

:       0       0

නදී Tuesday, 20 November 2012 12:19 PM

ඉක්වදොරේ මිනිස්සුන්ට තේරෙන දේ අපේ මිනිස්සුන්ට තවම තේරිලා නෑ (ස)

:       0       0

චතූ Monday, 19 November 2012 04:47 PM

ඉක්වදෝරේ බැරි උනාට මෙහෙ පුළුවන් ඇති (ස)

:       0       0

ආනන්ද Monday, 19 November 2012 04:40 PM

අනේ මෙහෙමත් බූරුවෝ....? (නි)

:       0       0

රත්න Monday, 19 November 2012 04:42 PM

ලංකාවේ නම් ඡන්ද අපේක්ෂකයෝ, ඡන්ද දායකයන්ව "බූරුවා" කරන්නේ දිනුවාට පස්සේ. (නි)

:       0       0

ශාන්ති Monday, 19 November 2012 04:42 PM

ඔබ හරි චතූ. (නි)

:       0       0

සරත් Monday, 19 November 2012 05:02 PM

අපිටත් ගැළපෙන ක්‍රමයක්. (නි)

:       0       0

ජනිත් Monday, 19 November 2012 04:50 PM

චතූ එක්ක මමත් එකගයි. (නි)

:       0       0

චානක Monday, 19 November 2012 04:56 PM

පුලුවන් ඇති නෙමෙයි චතූ. මෙහේ ඕක බය නැතුව කරන්න පුලුවන්. (නි)

:       0       0

සමන් Monday, 19 November 2012 05:17 PM

මෙහෙ දේශපාලනය කරන්න නම් ඕක මුලික සුදුසුකමක්. (නි)

:       0       0

මධු Tuesday, 20 November 2012 02:05 AM

මෙහෙට නම් ඉතිං අමුතුවෙන් එන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

රනේෂ් Tuesday, 20 November 2012 02:33 AM

ලංකාවේ දේශපාලනය කරන අය ගත්තොත් භාගයක්ම ඉන්නේ එහෙම කට්ටිය. (නි)

:       0       0

සිරි Monday, 19 November 2012 05:28 PM

ලංකාවෙත් එක තැනක් තියෙනවා. එතන ඉන්නේ ඔක්කොම ඒගොල්ලෝ තමා. (නි)

:       0       0

අචිනි Monday, 19 November 2012 05:49 PM

ලංකාවේ ඉන්න කවුරු බූරුවෝ වුණත්, එයාලා මෙහෙම පත්කරගත්ත අපි තමයි ලොකුම බූරු රැළ. (නි)

:       0       0

හේමන්ත Monday, 19 November 2012 05:32 PM

බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියහම ඔහොම වෙනවා. (නි)

:       0       0

අශෝක් Monday, 19 November 2012 05:50 PM

අපේ නම් එකතැනක ඉන්නේ ඔක්කොම මෙහෙම අය. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 19 November 2012 05:33 PM

ඉක්වදෝරයේ මැතිවරණ නිලධාරීන් කියලා තියෙන්නේ කිසිම බූරුවකුට මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැකි බවයි. ඔය ටිකම මෙ‍හේ කවුරුහරි ඔය විදියට කිවුවොත්...??? (නි)

:       0       0

රත්න Monday, 19 November 2012 05:59 PM

ඉක්වදෝරයේ ඒ නීතිය ලංකාවටත් ආවොත් සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. (නි)

:       0       0

ජනක Tuesday, 20 November 2012 06:05 AM

මම චතූ එක්ක එකගයි. (නි)

:       0       0

කුමාර Monday, 19 November 2012 05:54 PM

අපේ රටේ මේකට ඕනෑ ඉගෙනීම නෙවෙයි සල්ලි-මැරකම් හා බලය විතරයි. සංගණනයක් ගත්තොත් අපේ සබේ වැඩිය ඉන්නෙ කවුද කියලා තේරෙයි. (නි)

:       0       0

අජිත් Tuesday, 20 November 2012 06:31 AM

ලංකාවෙ නම් ඔය වැඩේට ඉඩදීලා ගොඩක් කල්. (නි)

:       0       0

චානක Monday, 19 November 2012 06:06 PM

අචිනි, ඔයා හරියටම හරි. (නි)

:       0       0

බණ්ඩාර Monday, 19 November 2012 06:52 PM

ඉක්වදෝරයේ මිනිස්සු දන්නෙ නැත්නම් අපෙන් ඇහුවා නම් හරිනේ. (නි)

:       0       0

වරුණ Tuesday, 20 November 2012 08:41 AM

ලංකාවටනම් නියමට ගැලපෙන ලකුණු (ස)

:       0       0

පිටිගල Monday, 19 November 2012 07:05 PM

ඉක්වදෝරයක් අපිව අනුගමනය කරන්නද හදන්නේ? (නි)

:       0       0

නීලා Monday, 19 November 2012 07:10 PM

දැන් වැඩිපුරම ඉන්නේ කකුල් දෙකේ බූරුවෝ. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 20 November 2012 09:43 AM

ලංකාවේ දේශපාලනය කරන වැඩි දෙනෙක් කකුල් දෙකේ ඔය වගේ අය තමයි (ස)

:       0       0

සංක Monday, 19 November 2012 07:53 PM

බුරුවාට බැහැ චන්ද කරන්න

:       0       0

මුතුකුඩ Monday, 19 November 2012 07:53 PM

ඇයි ලංකාවේත් ඉන්නේ සත්තු? (නි)

:       0       0

බන්ඩාර Monday, 19 November 2012 08:25 PM

රත්න ඔබේ කතාව හරි. සමහරුන්ට නෙමෙයි ගොඩක් දෙනෙක්‍ට ඔහොම වෙනවා (ස)

:       0       0

හේරත් Tuesday, 20 November 2012 11:27 AM

මේ අයට නඩු දමන්න බැරිද අපේ දේවල් කොපිකළාට? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 20 November 2012 03:05 PM

අයියෝ සල්ලි

:       0       0

බර්ටි Tuesday, 20 November 2012 03:23 PM

ලංකාවට ආවනම් හරිනේ (ස)

:       0       0

රත්නායක Tuesday, 20 November 2012 11:25 AM

නියම බූරුවෝ දේශපාලකයින් නොව, ඔවුන්ව පත්කරගන්නා ඡන්ද දායකයින්ය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශගුණ බලපෑම් අවම කරන්න කලාපීය ගිවිසුමක්
2024 ඔක්තෝබර් මස 08 5 0

දේශගුණික විපර්යාස වල තීව්‍ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාප


ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්
2024 ඔක්තෝබර් මස 08 405 0

මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.


විශ්‍රාමික ග්‍රාම නිලධාරී වෙඩි වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 270 0

කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු


ලංකා - රුසියා රේගු සහයෝගිතා ගිවිසුම අත්සන් කරන්න අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 168 0

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ල


පැහැරගත් 63 ක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ
2024 ඔක්තෝබර් මස 08 200 0

මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251


‘චෙි‘ 57 වැනි සැමරුම් වැඩසටහනක් යහලකැලේදී
2024 ඔක්තෝබර් මස 08 391 0

කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39392 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25681 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1143 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site