කෑගල්ල ලංගම ඩිපෝවේ අබලන් බස් විස්සක් අලූත්වැඩියා කැර අතුරු පාරවල ධාවනයට යොදාගැනීම නිමිත්තෙන් ප‍්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ජගත් බාලසූරිය, පශු සම්පත් නියෝජ්‍ය ඇමැති එච්.ආර්. මිත‍්‍රපාල මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්විණි.
බස් තුනක් පණගැන්වීමට තල්ලූ කිරීමට සිදුවිය. කොළඹින් ගිය ලංගම අමුත්තෝද, පොලිසියද තවත් අයද ඊට එක්වූහ. තල්ලූ කිරීමෙන් දෙකක් පණගන්වා ගත හැකි විය. ඇමැති ගිය පසුද සේවකයෝ තවත් බසයක් තල්ලූ කරමින් සිටියහ. සබරගමු පළාත් ඡන්දය ලබන අටවැනිදා පැවැත්වීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු නැත්තම් ශෝක්..(ස)
එන්ජිම ගලවල ඇති ෂුවර් එකටම....(ස)
ගියසැරේ මහනුවර නගර සභා ජන්දය දවස්වල අපේක්ෂකයෙකුගේ බලකිරීමකට අරුප්පොලටත් විනාඩි 15කට සැරයක් ලංගම බස් වැඩකලා. ඒ දවස් වල හරිශෝක්. දැන් මාසයකට බස් එකයි එන්නේ. ඒ ආවාත් පුද්ගලික බස් යනකල් ඉදලා හිමිහිට පස්සෙන් එනවා.(ස)
අයියෝ සල්ලි
එහෙමනම් ඉතිං ඡන්දය දවසටත් පොඩි තල්ලුවක් දෙමුකෝ. (නි)
ලංගම හොදට හදලා ගන්න. පුද්ගලික බස් මගීන්ට හරිම කරදරයි. (නි)
ඇයි මෙච්චර කල් ඔය බස් ටික තල්ලු නොකළේ? (නි)
නියමයි. ඔහොම යන්. (නි)
තල්ලු කරන්න ඕනෑ අපේ ඇමතිවරු ටික (නි)
බස් ගැනනම් කියලා වැඩක් නැහැ (නි)
මග නැවතුනහම තල්ලු කරන්නේ කවුද ??(ස)
අස්චර්යයද මේ
ලංගම දියුණු කාලයකුත් තිබුණා (නි)
ඔයාල මොනව කිවුවත් බලන්න අපේ ඇමැතිවරු කොච්චර හොදද කියල ජන්දයක් තියෙන වනන් බසුත් තල්ලුකරනව.(වි)
තල්ලු කරලා හරි දුවන්න බස් තියෙනවා නම් ඒක ලොකු දෙයක්. (නි)
ලැජ්ජයි ඇ
අන්න හොදයි ජනතාව අතරට යන්න හොද ක්‍රමයක්
මේක වෙන අරමුණක් වෙනුවෙන් දමන තල්ලුවක්ද? (නි)
ඔන්න ඔහේ තල්ලු කරපුදෙන්. (නි)
තල්ලු දදා යන්. හැමදාම ඔහොම ගියොත් ඉතිං රට පාරටම තල්ලු වෙයි. (නි)
8 වෙනිදා වෙනකම් දිවුවොත් හොදටම ඇති. (නි)
අනේ අනේ. ඇමතිතුමාවත් රැවැට්ටුවා එහෙනම්. (නි)