මෙරට ප්‍රථම විධියක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 16 වැනි ගුණානුස්මරණය අදට යෙදී තිබූ අතර ජයවර්ධන මහතාට සහ හෙලේනා විජයවර්ධන මහත්මියට පිං පැමිණවීමේ අරමුණින් සංවිධානය කළ සංඝික දානයක් කොළඹ ධර්මපාල මවතේ පිහිටි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රෙය්දී පැවැත්විණි. පැල්පොළ විපස්සී හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජයවර්ධන මහතාගේ මුණුබුරන් වන අම්රිත් ජයවර්ධන, රුක්ෂින් ජයවර්ධන ඇතුළු ජයවර්ධන පවුලේ ඥාතීහු දන් පිදූහ.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක ජනාදිපති ක්‍රමය ගෙනල්ල, කවදාවත් වෙනස් කරන්න නැති විදීහට අසීමිත බලයක් දුන්නා. ආයේ මේ රට කවදාවත් ගොඩගන්නවා බොරු. (ස)
හොද වැඩක්
අපේ අයට කොච්චර කලත් වැඩක් කැහැ.. පේනවානේ දැං පවුලේ අය විතරයි..!(නු)
අල්ෆඩ් මහත්තයෝ.. ජේආර් මහතා මේකට අත්සන් නොකලානම් අපි දැනටමත් ඉන්දියාවේ කොටසක්.. ඔබ කොහෙද ඉන්නේ මේ වෙනකොට..? ඔබේ පියාගෙන් අහලා බලන්න..!(නු)
1983 කලබල මතක්වෙනකොටනම් මට මෙයා ගැන තරහක් එනවා. (ස)
හිටපු ජනාධිපතිතුමනි නිවන් සැප ලැබේවා.. ඔබ දුන් දායාදය.. අද භුක්තිවිදිය ආකාරය එලොව සිට හෝ බලන්න..!(නු)
ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන් සදානුස්මරණීයයි. (නි)
මට මතකයි එතුමා කිවුවා මේ රටේ ඉන්න අයට ඇට වර්ග අටක් දෙනවා කියලා. .කොහොමහරි ඔබතුමා හොද නායකයෙක්! (නි)
පාසල් ළමුන්ට නොමිලේ පාසල් පොත් ලබාදීම වගේ ඒවට මම කැමතියි. (නි)
නිවන් සුව ඔබට
විශ්රාම ගියා නෙමෙයි. දන්නෝ දනිති. (නි)
මෙතුමා මම දකින්නේ ඉතා දක්ෂ සහ කපටි දේශපාලකයෙක් හැටියට. හොඳ වැඩ ගොඩක් කලා. ඒත් මෙතුමා තමා වග කියන්න ඕන අද මේ රට යන විනාශ ගමනට. මෙතුමා එක්සත් ජාතික පක්ෂයේ අනාගතයත් නැතිවෙන්න පදනම දැම්මා. දුෂණය දේශපාලකයන් තුලට තව තවත් එකතු වෙන්න පාර හැදුව. දේශපාලනය කියන එක සල්ලි හම්බු කරන මාවතක් කලා. (ස)
ශ්රී ලංකාවට ඉතා විශිෂ්ට සේවයක් කර එතුමාට නිවන්සුව පතමු (ස)
ජයවේවා
මෙතුමා තමයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළ යුතුයි කියලා පාර්ලිමේන්තුවේ හඩක් නැගූ එකම ශ්‍රී ලාංකිකයා (නි)
ඉන්දියාවට කොටි තිත්ත වුණේ ඇයි කියලා අපි දන්නවා. (නි)
පොලීසියට දවස් 7 ක් නිවාඩු දුන්නනේ (ස)
මෙන්න නියම මිනිස්සු! (නි)
ජයවේවා
මහජනතාව නොඉල්ලපු පළාත් සභා විධායක ජනාධිපති ක්‍රමය වගේ දේවල් ගෙනාපු අය සිහිකරන්න යන මුදලුත් අපරාදෙ. (නි)
හොද වැඩක්
මෙතුමාට පලු යන්න බනිමින් මෙතුමා නිමවූ විධායක බලයේ රසය තලු මර මරා භුක්ති විඳින කට්ටියත් එක මල් පොකුරක් වත් පුදන්න ආවානම් නරකද? ..(ස)
මහජනතාව නොඉල්ලපු පළාත් සභා විධායක ජනාධිපති ක්‍රමය වගේ දේවල් ගෙනාපු අය සිහිකරන්න යන මුදලුත් අපරාදෙ කියලයි අපිට නම් හිතෙන්නේ. (නි).
පාසල් ළමුන්ට නොමිලේ පාසල් පොත් ලබාදීම හා වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප හදුන්වාදීම උතුම් ක්‍රියාවන් දෙකකි.!(නු)
ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආර්යාව එලීනා ජයවර්ධන මැතිණියයි. ඇය ඉතා දැහැමි සුප්‍රසිද්ධ මහා ධානපතිනියකි. කැළණියේ මානෙල් වතු විහාරය, කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ඇතුළු සිය දහස් ගණනක් අද පවතින පොදු දේපළ රැසක් එතුමියගේ ධන පරිත්‍යාගයන් අතර වේ. මෙහි සඳහන් හෙලේනා විජේවර්ධන මැතිණිය නූතන කැළණි රජ මහා විහාරය අද පවතින අයුරින් පිළිසකර කිරීමට මුල් තැන අරගත් මහෝපාසිකාවයි. ඇය ලේක් හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජේවර්ධන මහතාගේ මෑණියන් වන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ මිත්තණිය වන්නීය...(ස)
මහත්තයාට තරහ ගිහින් වගේ බෑන පොඩ්ඩ ආවට ..(ස)
ජේ ආර් මහත්තයාට තරහා ගිහිල්ලා වගේ රනිල් බණට ආවාට.!(නු)
ජේ ආර් ජයවර්ධන මැතිතුමා ගැන නරක කතා කරන අයම නේද එතුමාගේ හොද දේවල් භුක්ති විදින්නේ.. එතුමාට නිවන් සැප ලැබේවා..!(නු)
සුභපැතුම්
අපේ රට අද පත්වෙලා තිබෙන තත්ත්වයට කවුරු කවුරුත් වගකිව යුතුයි (නි)
මිනිස්සු ගොඩක් දෙනෙක් ජේ. ආර්. ජයවර්ධන - හිටපු ජනාධිපති තුමාට බනිනවා මම අහල තියනවා, ඒත් එතුමා අපේ රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු ජාතික වීරවරයෙක් කියල මට හිතෙනවා. ඒ වගේම නියම බුද්ධිමත් දේශපාලනය ගැන නිසි අවබෝධයකින් කටයුතු කරපු කෙනෙක්. නියම වෙලාවට විශ‍්‍රාම ගියා තම තනතුරේ ගෞරවය මැනවින් ආරක්‍ෂා කරගෙන - එතුමාට නිවන් සුව අත්වේවා..! ..(ස)
මෙවැනි නායකයන් රටට කළ හොද නරක දෙකම දැන් ඉන්න ජනතාව දනී,එය නොවෙයි සැළකිය යුත්තේ. මෙවැනි දාන අර ඇත එපිට පිටිසර ගම්මාන වල ඉන්නා කවදාවත් දානයක් නිවැරදිව නොලැබෙන සංඝයා වහන්සේලාට දෙන්නේ නම් මොන තරම් ආනිසංසද ? (නි)
අපේ සුභපැතුම්
ඇල්ප්‍රඩ්, ඔබ කොහොමද කියන්නේ පළාත් සභා විධායක ජනාධිපති ක්‍රමය වගේ දේවල් ජනතාව ප්‍රතික්ෂේප කරනවා කියලා. කිසිම කෙනෙක් ඒව නැතිකරන්න උත්සහ කරලා නැහැනේ. හැමෝම ඒවා කැමැත්තෙන් පාවිච්චි කරනවනේ. අනිත් එක මේක කරන්නේ මහජනයාගේ මුදලින් නොවේ නේ. (නි)
විශිෂ්ට නායකයෙක්
හොද වැඩක්
මම කවදත් එතුමාට ගරුකරනවා. (නි)
වත්මන් ව්‍යවස්ථාවේ පියා
හොද නායකයෙක්
ඇත්තටම ජේ.ආර්. මහත්තයා රටට වැඩක් කළා. (නි)