IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජගත් ක‍්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ලකුණ සංගක්කාර

වසර 30 කට වැඩි ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට්  ඉතිහාසයේ පමණක් නොව වසර 135 ක ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ද නොනිමෙන තරුවක් බවට කුමාර් සංගක්කාර මේ වන විටත් පත්ව අවසන්ය. මෙම වමත් පිතිකරුවාගේ ක‍්‍රිකට් දස්කම් මෙන්ම ඔහු සතු චතුර ලෙස ඉංග‍්‍රිසි භාෂාව හැසිරවීම හැකියාව නිසා වර්තමාන ලෝක ක‍්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා සංඛේතය බවට සංගක්කාර පත්ව සිටියි.
 ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව මෙල්බන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 58 ක් රැුස්කරමින් ලෝක ටෙස්ට් ලකුණු 10,000 ක් රැුස්කළ 11 වැනි ක‍්‍රීඩකයා ලෙස සංගක්කාර  අන්තර්ජාතික කි‍්‍රකට් වාර්තා පොතට එක්විය.
කුමාර් සංගක්කාර 2011 වසරේ ලන්ඩන් නුවරදී පැවැත්වූ දේශනයකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සහ එහි දේශපාලන පසුබිම පිළිබඳව කළ හෙළිදරව්වෙන් පසුව ලෝකයේ දැඩි අවධානයට ලක්විය. සංගක්කාර මේ වන විටත් ක‍්‍රීඩකයන් නියෝජනය කරමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ කමිටු සාමාජිකත්වයක් ද දරයි.
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන එකතුව 2006 වසරේ දකුණු අප‍්‍රිකාවට එරෙහිව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 624 ක සම්බන්ධතාව  ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඉහළම සම්බන්ධතාව ලෙස ටෙස්ට් වාර්තා පොතේ මේ දක්වාම රැුදී තිබේ.   
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගත් පළමු සහ එකම ශ්‍රී ලංකා පිතිකරුවා ද වන සංගක්කාර අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 2012 වාර්ෂික සම්මාන උළෙලේදී වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා, වසරේ ටෙස්ට් ක‍්‍රීඩකයි සහ වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා යන සම්මාන ත‍්‍රිත්වයම මව්බිමේ රඳවා ගැනීමට සමත් විය. සංගක්කාර 2011 වසරේදී ද වසරේ ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සහ වසරේ එක්දින ක‍්‍රීඩකයා යන සම්මාන දෙක හිමිකර ගත්තේය.
කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩා සමාජයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට පිවිසි සංගක්කාර 2000 වසරේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ටෙස්ට් හිස්වැස්ම පැළදීය. සංගක්කාර මේ වන විට ටෙස්ට් තරග 115 කදී ශතක 30 ක් සමගින් ලකුණු 10,045 ක් රැුස්කර තිබේ. 35 හැවිරිදි සංගක්කාර එක්දින තරග 337 කදී ශතක 14 ක් සමගින් ලකුණු 10,915 ද රැුස්කර සිටියි.
වසර 10 කට අධික කාලයක් ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින්නා ලෙස කටයුතු කළ සංගක්කාර උඩ පන්දු 169 සහ ස්ටම්ප් කිරීම් 20 ක් සමගින් දවාගැනීම් 189 කට සම්මාදම් වී තිබේ.
සංගක්කාර 2009 වසරේ ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත්ව 2011 වසරේ ලෝක කුසලාන අවසන් මහ තරගයේ පරාජය දක්වා නායකයා ලෙස කටයුතු කළේය.  
මහනුවර ත‍්‍රිත්ව විදුහලෙන් ක‍්‍රිකට් මුලකුරු හැදෑරු සංගක්කාර පාසල් ශිෂ්‍යයකුව සිටියදී සමස්ත ලංකා මට්ටමේ දක්‍ෂ ටෙනිස් ක‍්‍රීඩකයකු ද විය. ක‍්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට ද දස්කම් දැක්වූ සංගක්කාර කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ද අධ්‍යාපනය ලැබීය.

 



අදහස් (0)

ජගත් ක‍්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ලකුණ සංගක්කාර

දිනේෂ් Monday, 31 December 2012 02:01 PM

සංගා, ඔබට ජයෙන් ජය! තවත් ඉදිරියට යන්නට ලැබේවා! (නි)

:       0       0

ආනන්ද Tuesday, 01 January 2013 12:50 PM

සුනිල් මල්ලි කියලා තියෙන එක සම්පූර්ණ ඇත්ත. (නි)

:       0       0

නලින් Monday, 31 December 2012 10:09 PM

නියම කොල්ලෙක්. ඔයා අපිට ලොකු සතුටක්. (නි)

:       0       0

නලින් Monday, 31 December 2012 10:10 PM

නියම කොල්ලෙක්. අපිට ඔයා ගැන සතුටුයි. (නි)

:       0       0

බණ්ඩාර Monday, 31 December 2012 02:01 PM

ඔබ නිසා අපිට විදේශයකදී අප ශ්‍රී ලාංකිකයින් බව ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැක. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 02 January 2013 06:28 AM

සංගා, හැබැයි ඔයා දේශපාලනයට ගියෝතින් නම් නමත් ඉවරයි, දක්ෂකමුත් ඉවරයි. ඔබට සුභ නව වසරක් වේවා! (නි)

:       0       0

තත්සරණි Monday, 31 December 2012 02:31 PM

අපේ වීරයාට ජය! කවුරු මොනවා කිවුවත් අපිට අපේ වීරයාව වටිනවා. (නි)

:       0       0

සිතාරා Monday, 31 December 2012 02:36 PM

ලංකා කණ්ඩායමට මොනවා වුණත් කමක් නැහැ. අපි එයාට සුබ පතමු. (නි)

:       0       0

අපොන්සු Monday, 31 December 2012 02:49 PM

ඒ වුණාට ලංකාවේ අපේ සැබෑ ක්‍රිකට් වීරයා අර්ජුනයි. අර්ජුනගේ අධිෂ්ටානය, නිර්භීතකම, තැනට සුදුසු නුවණට සම කරන්නට ක්‍රිකට් වීරයෙක් ලංකාවේ තවම බිහිවෙලා නැහැ. සුද්දෝ අර්ජුනට තවමත් අකමැති අර්ජුනගේ අධිෂ්ටානය, නිර්භීතකම, තැනට සුදුසු නුවණ එයාලට උහුලන්ට බැරි නිසයි. (නි)

:       0       0

ශානක Tuesday, 01 January 2013 02:02 PM

සංගා ඔබට‍ ජයෙන් ජය වේවා (ස)

:       0       0

ලලින් Thursday, 03 January 2013 10:58 AM

සංගා සහ මහේල ඉතා දක්ෂ පිතිකරුවො දෙදෙනෙක් . ඒ උනාට තරඟ දිනීමට අර්ජුන සහ අරවින්ද කල සේවය මේ දෙදෙනාට කිරීමට බැරිවීම කණගාටුවට කරුණක්. (ස)

:       0       0

ලලිත් - කටාර් Monday, 31 December 2012 03:11 PM

ජය වේවා ඔබට! රැවුදේවා ඔබේ නාමය ලෝකය පුරාම! (නි)

:       0       0

ජනක Monday, 31 December 2012 03:21 PM

අපේ වීරයා කවදත් සංගාම තමයි. (නි)

:       0       0

ධම්මික Tuesday, 01 January 2013 03:39 AM

ඔබ කිර්තිමත් ශ්‍රී ලාංකිකයෙකි. (නි)

:       0       0

කල්ප Tuesday, 01 January 2013 04:22 AM

සංගා, ඔබට සුභ නව වසරක් වේවා! ජය වේවා! (නි)

:       0       0

චම්පික Tuesday, 01 January 2013 05:07 AM

ඔබයි අපේ වීරයා. ඉදිරියටම යන්න. (නි)

:       0       0

නිර්මල Monday, 31 December 2012 03:37 PM

සුද්දෝ අපට පාඩම් උගන්නන්න මෙයාව පාවිච්චි කරනවා. (ස)

:       0       0

නිශාන්ත Monday, 31 December 2012 03:56 PM

ලංකාවේ සබැ ක්‍රිකට් වීරයා අර්ජුනයි. ඔහුගේ නායකත්වයට සමකල හැකි නායකයෙක් නැත.(ස)

:       0       0

නජිත් Monday, 31 December 2012 03:56 PM

සංගා, ඔබ අපිට ජාතික වස්තුවකි. (ස)

:       0       0

ධම්ම Monday, 31 December 2012 04:01 PM

ඔහු සතු චරිතවත් බවත් වැදගත්. (ස)

:       0       0

මොහොමඩ් Wednesday, 02 January 2013 10:36 AM

සියලු දෙනාටම සුභ පතනවා. සංගා දක්ෂයෙක්. ඔහුට දෙවි පිහිටයි! (නි)

:       0       0

තත්සරණි Tuesday, 01 January 2013 03:34 PM

අර්ජුන ලෝක කුසලානය ගෙනවිත් දුන්න බව අපි පිළිගන්නවා. නමුත් ඉන්පසු අපේ රටේ නම බැබළෙවුවේ සංගායි. (නි)

:       0       0

චතු Tuesday, 01 January 2013 03:57 PM

අනේ මන්දා. හැමෝම ලකුණු අතර ඉන්න තරගයකදී ටිකක් වැඩිපුර ගහලා හැමෝම අසාර්ථක වෙනකොට අසාර්ථක වෙනවා කියන්නේ සාමාන්‍ය ක්‍රීඩකයෙකුගේ මට්ටම පමණයි. කොච්චර පළපුරුදු වුණත් තනිවම ඇදගෙන ගිහින් තරගයක් දිනවන්න තරම් පීඩනයක් කාටවත් ගන්න බැහැ වගෙයි. එහෙම කරන්න පුලුවන් කියලා මට තවමත් හිතෙන්නේ අරවින්දට සහ හෂාන්ට පමණයි. ඇන්ජලෝ සමහරවිට ඉදිරියේදී මේ දේ කරයි. (නි)

:       0       0

වජිර Friday, 04 January 2013 02:53 AM

ඔබ තමයි මම අසාම ක්‍රීඩකයා (දී)

:       0       0

කුසල සමරවිකම Tuesday, 01 January 2013 04:17 PM

සංගට මුල් කාලයේ කොතරමි මිනිස්සු බැන්නද ඔහු දුක දිනා ජයගත් හැබෑ හපනෙක් (ස)

:       0       0

තිලක් Wednesday, 02 January 2013 11:21 AM

සංගා දක්ෂයෙක් බව ඔහුගේ වාර්තාවලින් ඔප්පුවෙනවා.නමුත් ඔහුට වඩා අරවින්ද, රොෂාන්, අසංක, අර්ජුන නායකත්වයෙන් ඉදිරියෙන් ඉන්නේ. ලංකාවේ ක්‍රිකට් වලට ඔවුන් කරපු සේවය අසම සමයි.(ස)

:       0       0

කමල් Monday, 31 December 2012 04:52 PM

අර්ජුනගේ එඩිතරකම, ක්‍රීඩාවේ නිපුනකම, උපායශීලී බව, තරගයකදී කරන කැපවීම මෙතෙක් ලංකාවේ කිසිම නායකයෙක්ට පෙන්විය නොහැකි වී ඇත. (නි)

:       0       0

සුරංජිත් Tuesday, 01 January 2013 04:26 PM

ඔබයි අපේ වීරයා..!(නු)

:       0       0

නිමල් Monday, 31 December 2012 04:59 PM

ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියක් නොලැබුණාට අර්ජුන, ඔබ අපේ වීරයායි.(නි)

:       0       0

සමීරා Tuesday, 01 January 2013 04:26 PM

සංගා ඔබ තමා අපේ වීරයා..!(නු)

:       0       0

අජිත් Monday, 31 December 2012 05:15 PM

ලංකාවට ලෝක කුසලානය ගෙනාවේ අර්ජුන නේද? (නි)

:       0       0

එන්ගලන්තයේ සිටින ලාංකිකයින් Tuesday, 01 January 2013 08:54 AM

නියමයි සංගා. සුභ පැතුම්! (නි)

:       0       0

නාලක Tuesday, 01 January 2013 09:13 AM

සංගා පුතා ඔයා රටට ආඩම්බරයක් . සුබ නව වසරක් වේවා (ස)

:       0       0

ඉසුරු Tuesday, 01 January 2013 09:36 AM

සංගාට අපි කවදත් ආදරෙයි. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 02 January 2013 08:48 PM

ක්‍රීඩාවෙන් සමුගෙන දේශපාලන කිරීමට යන්නනම් ඵපා. (නි)

:       0       0

සමන් Monday, 31 December 2012 10:15 AM

සංගා, ඔබ අපිට ජාතික වස්තුවකි. (නි)

:       0       0

ඩීන් Monday, 31 December 2012 10:25 AM

නියමයි! (නි)

:       0       0

රුවන් Monday, 31 December 2012 10:31 AM

ඔබ විශිෂ්ටයි සංගා. (නි)

:       0       0

කවිදු Monday, 31 December 2012 10:31 AM

ඔබ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය දවසට ඔබ නැති අඩුව තවත් හොඳින් අපිට දැනේ‍වි. ඔබේ ඉදිරි ගමනට සුබ පැතුම්.ඉක්මන් සුවය පතමි (ස)

:       0       0

ධනුෂ්ක Monday, 31 December 2012 10:37 AM

සංගා තමයි අපේ වීරයා. (නි)

:       0       0

අමිල Tuesday, 01 January 2013 10:44 AM

අර්ජුන සහ සංගා යන දෙපළම විශිෂ්ටයින්. ඔවුන් දෙදෙනාම අපේ රට උඩින් තැබීමට සහය වුණා. (නි)

:       0       0

චන්දන Wednesday, 02 January 2013 01:02 PM

සංගා විශිෂ්ට ඔබට සුබ පැතුම්. අර්ජුන විශිෂ්ටයෙක් වග සංගම ඔහුගේ දේශනයේදී කීව මතකද? .. "එතරම් උස නැති ..තරමක් මහත ..." (ස)

:       0       0

දුලීප් Monday, 31 December 2012 11:05 AM

නියම ලාංකීය සිංහ පැටියෙක් (ස)

:       0       0

ජනක Tuesday, 01 January 2013 11:10 AM

අර්ජුනගෙන පස්සේ අපේ නියම වීරයා සංගා (ස)

:       0       0

රවීන් Monday, 31 December 2012 07:59 PM

ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ දක්ෂතමයා ඔබයි. (නි)

:       0       0

අනුර වනසුන්දර Tuesday, 01 January 2013 09:17 PM

ඔබට මගේ ආචාරය...(නු)

:       0       0

තත්සරණි Monday, 31 December 2012 08:35 PM

නියමයි සංගා. අපි කවදත් ඔයාට ආදරෙයි. (නි)

:       0       0

අසින්ති Wednesday, 02 January 2013 01:44 PM

සංගාගේ, මහේල, ඩිල්ෂාන්ලාගේ දක්‍ෂකම් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙත් අපි මෑතක ඉඳලා බැලුවොත් අපේ කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක් ගැන අපිට විශ්වාසයක් තියන්න බැහැ. හැබයි ඒ දවස්වල අපි තරගය පටන් ගන්න කලින් දන්නවා අපේ කණ්ඩායම කොහොම හරි දිනනවා කියලා. අනික මුල් පිතිකරුවෝ පැරදුණත් කොහොමහරි අර්ජුන, හෂාන් එක්කෝ ධර්මසේන හරි ටීම් එක ගොඩ දානවා කියලා. හැබැයි දැන් නම් අපිට එහෙම විශ්වාශයක් නැහැ. දැන් ඒක වෙනස් (නි)

:       0       0

සුදේශ් Monday, 31 December 2012 12:35 PM

නුවර කොල්ලෙක්... (නි)

:       0       0

තත්සරණි Saturday, 05 January 2013 05:14 PM

සංගා, අපි ඔබ සමගයි. (නි)

:       0       0

සුනිල් Monday, 31 December 2012 09:28 PM

අපි මෙතන කතාකරන්නේ සංගා ගැනයි. අදහස් දක්වන අය ඒ ගැනත් මතක තියාගන්න. (නි)

:       0       0

තරුෂ Tuesday, 01 January 2013 12:13 PM

අර්ජුනගේ නායකත්වය මෙතුමා පෙන්නුවනම් තමයි නියම තැනට වැටෙන්නෙ, සුද්දන්ට දුවන්න දුන්නෙ 96 නෙ ඊට පස්සෙ සුද්දො දැකල අපි දිව්වා(ස)

:       0       0

කමල් Monday, 31 December 2012 01:30 PM

එදත් අදත් අපේ වීරයා සංගායි. (නි)

:       0       0

නිහාල් Tuesday, 01 January 2013 11:40 PM

සංගා නියමයි කියන එකේ ආයි කතා දෙකක් නැහැ. ඒත් කණ්ඩායම අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට ගොඩගන්න පුලුවන් දක්ෂතාවයක් තියෙන්නේ අරවින්දට සහ අර්ජුනට කියන එකෙත් ආයි කතා දෙකක් නැහැ. (නි)

:       0       0

ඉන්දික Monday, 31 December 2012 01:48 PM

මුළු ශ්‍රී ලංකාවේම උපහාරය ඔබට (ස)

:       0       0

චන්දිම Monday, 31 December 2012 09:53 PM

ඔබ අපේ ලංකාවේ ආඩම්බරයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 536 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 478 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2675 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 1012 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 866 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 366 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39167 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site