IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජගත් සමාජවාදයේ මහා මිණි පහන නිවේ

කියුබාවේ හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ (90) අභාවප්‍රාප්ත විය. බලවත් ඇමෙරිකාව සමග එකඟතාවයන්ට  නොගොස් සමාජවාදී ආර්ථික ක්‍රමයකට සිය රට මෙහෙයවමින් ඔහු දැක්වූ ආදර්ශය සමස්ථ ලෝකයම අගය කරයි. 

ඒ වෙනුවෙන් ඇමෙරිකාවෙ සම්බාධකවලට ලක්ව දශක ගණනාවක් සිය රට පාලනය කිරීමට ඔහුට සිදුව තිබිණි. වසර කිහිපයක් රෝගාතුරව සිටි පිදෙල් කස්ත්‍රෝ  ජනාධිපති ධූරයෙන් ඉවත්වීමෙන් පසු ඔහුගේ සොහොයුරු රාහුල් කස්ත්‍රෝ කියුබාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු ඇරඹීය. කිසිවිටකත් ඇමෙරිකාව ඉදිරියේ දණ නොනැමූ මේ නායකයා ජගත් සමාජවාදයේ පතාක යෝධයකු ලෙස සදා ඉතිහාසගත වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති. 

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ නායකයකු ලෙස ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේ ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරතවූයේ ය. 

fidel-castro-28

 



අදහස් (0)

ජගත් සමාජවාදයේ මහා මිණි පහන නිවේ

පෙරේරා Saturday, 26 November 2016 03:33 PM

ලෝකයටම අාදර්ශයක් වුණ, තම රටට ජාතියට මෙහෙවරක් කළ ඔබතුමා දෙවියෙකි. විප්ලවවාදියෙක් වුණේ තම රට ජාතියට අවංකව සේවය කිරීමටයි. ඔබ ඒ රටේ සේවය කිරීම සඳහාම එම රටේ දෙවියෙකු වේවි. ලංකාවටම ආදර්ශමත් චරිතයකි (නි)

:       0       0

විරාජ් Saturday, 26 November 2016 03:40 PM

සැබෑ දේශහිතෛෂීන් මෙන්න. ගෞරවනීය ආචාරය ඔබතුමන්ට! (නි)

:       0       0

රවී Saturday, 26 November 2016 03:52 PM

ලොව පහළ වූ සැබෑ ජනතා නායකයා ඔබය. ඔබ ලොව සියලු මිත්‍යාවන් පරාජයකර ජය දද නංවා ඉදිරිය පෙන්නාදුන් ශ්‍රේෂ්ඨ නායකයෙකි (නි)

:       0       0

මිනිපෙ Saturday, 26 November 2016 05:17 PM

කස්ත්‍රෝ රට පාලනය කළේ මහජනයාගේ සහ මාධ්‍ය නිදහස මර්දනය කරමින් නොවේද? අද ලෝකයේ තිබෙන දුප්පත්ම රටවලින් එක්කක් තමයි කියුබාව. (නි)

:       0       0

සජීව Saturday, 26 November 2016 07:42 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

කල්ප Saturday, 26 November 2016 07:43 PM

ලෝකයේ කිසිවෙකුටත් අසාධාරණයක් සිදුව නැත. ඔබ විශ්වයට දුන් දේ තමයි ඔබට නැවත ලැබෙන්නේ. සැපය බලය නුවණ ලබන්න පින් කරලා තිබුනත් සැපක් නොලබපු නායකයෙක්. (නි)

:       0       0

අජන්ත Saturday, 26 November 2016 08:31 PM

අායෙත් ඔබ චේ සමඟ ඉපදී ලොවට විරුවන් වන්න (නි)

:       0       0

ජෝති Saturday, 26 November 2016 08:58 PM

රැකුම් ලබා දේව දූත පිරිස් මෙහෙයුමෙන්... වරම් ලබා තම සේවය රට දෑ වෙනුවෙන්... සිතුම් පැතුම් බියක් නැතුව ඉදිරියෙ තබමින්... උතුම් මිනිස් ජීවිතයක් නිහඬයි මෙලෙසින්.... සුරන් කැමති උතුම් අයව මේ මිනිස් ලොවින්... තමන් ළඟට ගෙන්වා ගනී ඉතා ඉක්මනින්... එවන් අයෙකි පිදෙල් කස්ත්‍රෝ දහසක් අතරින්... අරන් ගියා ස්වර්ගයට අප තනි කරමින්... (නි)

:       0       0

රාජේශ් ඛන්නා Saturday, 26 November 2016 09:44 PM

කියුබාවනට නිදහස් අධ්‍යාපනයක් සහ ආහාර සඳහා රජයෙන් සීමිත සහනාධාරයක් ලැබෙන අතර දුෂණය සහ වංචාව සාමාන්‍ය දෙයකි. (නි)

:       0       0

අබය Saturday, 26 November 2016 09:55 PM

ආදර්ශමත් නායකයෙක්.... (නි)

:       0       0

නලින් Sunday, 27 November 2016 04:13 AM

ඔබ වැනි එඩිතර දේශපාලකයෙකු අපත් පතන්නෙමු. නිවන් දකින්නට පෙර එක් වතාවක් හෝ අප රටෙහි උපදිනු මැනවි. ඔබ සුගතිගාමී වේවා ! (නි)

:       0       0

සම්පත් Sunday, 27 November 2016 04:34 AM

ඔබට නිවන් සුවය! (නි)

:       0       0

ජනහිත Sunday, 27 November 2016 04:35 AM

තම රට වෙනුවෙන් මුළු ජිවිතයම කැපකළ අභීත නායකයෙක් වූ කස්ත්‍රෝගේ වියෝව ඉතාමත්ම ශෝකජනකයි. මට මතකයි මුලින්ම රජයේ රැකියාවට ආ කාලේ මැයි පෙළපාලි ගිය හැටි , " අපි යන්නේ මොන පාරේ, පිදෙල් කස්ත්‍රෝ ගිය පාරේ" කියමින්. ඒ වෙනකොට ඔහු කවුද කියලාවත් දැනගෙන හිටියේ නැහැ. මේ වගේ රටට ආදරය කළ, කරන නායකයෝ විරලයි. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 27 November 2016 04:47 AM

මමත් කලක් ඔබ හරි කියා හිතාගෙන හිටියා. ඒ කොහොම වුණත් ඔබට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Sunday, 27 November 2016 04:48 AM

ඔබ නැතිවීම දැරිය නොහැකි පාඩුවක් (නි)

:       0       0

ඩිලාන් Sunday, 27 November 2016 05:46 AM

ලෝකයටම ලොකු පාඩුවක් (නි)

:       0       0

සංජීව Sunday, 27 November 2016 07:23 AM

මෙතුමාව කරගෙන අා සමාජවාදය හරියට ක්‍රියාත්මක කළා නම් අද ලෝකය සුන්දර තැනක් වෙලා (නි)

:       0       0

චමින්ද Monday, 28 November 2016 03:07 PM

අසහාය නායකයෙක් (හේ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 28 November 2016 05:50 AM

අපේ රටේ දුෂිත දෙස්පාලුවන්න්ට ෆිදෙල් මහඟු ආදර්ශයක්. (ම)

:       0       0

චින්තක Saturday, 26 November 2016 06:41 AM

මෙන්න නියම ජාතික නායකයෝ. අපේ ආගමේ විදිහට ඔබට නිවන් සුව.\(හේ)

:       0       0

සුසිල් Saturday, 26 November 2016 07:28 AM

සියවස් දෙකම නියේජනය සමාජවාදයේ එකම පහන්ටැඹ නිවුන බවයි .(හේ)

:       0       0

ජයන්ත Saturday, 26 November 2016 07:31 AM

අභීත නායකයාගේ වියෝව ගැන අපගේ බලවත් ශෝකය (හේ)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 26 November 2016 07:57 AM

අප කුඩා කාලයේ සිටම හැමකෙනාගේම ගෞරවයට පාත්‍ර වූ නායකයෙක්. මෙවැනි බලවත් සමාජවාදි නායකයෙක් ලොව මෙතෙක් පහළ වී නෑ. එතුමාට නිවන් සුව.(හේ)

:       0       0

කුමාර් Saturday, 26 November 2016 08:10 AM

සත්ත්‍ය වශයෙන්ම තමරට වෙනුවෙන් දිවිපුදා සටන්කළ එමෙන්ම රට හරියාකාරව පාලනයකර සැබෑ ජනනායකයෙක්. (හේ)

:       0       0

මලික් Sunday, 27 November 2016 03:38 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

නයන Saturday, 26 November 2016 08:28 AM

සත්‍ය දර්ශනය උත්සාහයෙන් දැක, තම දේශය වෙනුවෙන් නොපැකිලව ක්‍රියාත්මක කළ අවංක නිර්භිත දාර්ශනික නයකතවයි ප්‍රණාමය ඔබටත් ගුවේරාටද පුදකරමි. (හේ)

:       0       0

සම්පත් Sunday, 27 November 2016 03:38 PM

විප්ලවයෙන් ධනවාදය පරජය කරමින් සමාජවාදය ව්‍යාප්තකළ අසහාය ජන නායකයාණෙනි, ඔබට උත්තමාචාරය !!! (නි)

:       0       0

රොමේෂ් Saturday, 26 November 2016 08:30 AM

අවසන් ගමන් ගිය නොමියෙන නායකයාණනි ... ඔබට විප්ලවීය ආචාරය.!!! (හේ)

:       0       0

සුනිල් විජේසේන Saturday, 26 November 2016 09:05 AM

ඔබගේ නාමය අමරණියයි.(හේ)

:       0       0

නුවන් Saturday, 26 November 2016 09:42 AM

මේ මහා යුග පුරුෂයා මුළු ලොවටම තැලෙන පාගෙන මිනිසුන්ගේ සදාරණත්වය සදහා ජිවය ලබාදුන්නා පණක් නොව මහපොළවේ එය රෝපණය කර මාවත විවර කළ අසහාය නායකයා ඔබට අපේ හදවතින්ම ආචාරය (හේ)

:       0       0

ඉෂාර සදරුවන් Saturday, 26 November 2016 10:35 AM

ලෝකෙම සමාජවාදින්ගේ විප්ලවයේ උත්තමාචාරය හදවතින්ම ඔබට (හේ)

:       0       0

ජයතිස්ස Saturday, 26 November 2016 10:36 AM

ඔව් ලොවේ සිටි හොදම මිනිසා වෙනු ඇත. (හේ)

:       0       0

ලකී Saturday, 26 November 2016 10:58 AM

චේ මරා දැමුවේ කස්ට්රෝ මිය ගියේය සමජවාදයද අද ගමන් කරන්නේ එලෙසමය (හේ)

:       0       0

ජයරත්න Saturday, 26 November 2016 11:24 AM

යුගයක් අවදි කළ ශ්‍රේෂ්ට නායකයෙක් ! (හේ)

:       0       0

ශෂික Saturday, 26 November 2016 11:51 AM

ශ්‍රේෂ්ඨයන් අතර සර්වශ්‍රේෂ්ඨ නායකයා.....(හේ)

:       0       0

තිස්ස Saturday, 26 November 2016 12:19 PM

ඔබ වැනි විරුවන් ලොවට බ්හිවේවා.(හේ)

:       0       0

ජගත් ලියනගේ Saturday, 26 November 2016 01:07 PM

කියුබාවට බිහිවූ පිටකොන්දක් ඇති ශ්‍රේෂ්ඨ නායකයෙකි . ඔහුගේ අඩුව පිරවීමට නොහැකි තරම්ය. (හේ)

:       0       0

රිස්වාන් Saturday, 26 November 2016 02:23 PM

තවත් එ්කාධිපතියෙක්‌ (හේ)

:       0       0

සරත් Saturday, 26 November 2016 02:26 PM

ඔහු ඔහුගේ රටට සහ රටේ මිනිසුන්ට ආදරය කල ,තමන්ගේ ධනපති පන්තියට පිටුපා රටේ ජනතාවට ආදරය කල නායකයෙකි. අපේ වගේ සල්ලි නැතිව ඉඳල දේශපාලනයෙන් පෝසත් වූ අයෙකු නොවෙයි. සල්ලි ඇතිව ඉඳල දේශපාලනයෙන් සල්ලි නැතිකරගත් ලෝකයක් හම්බ කරගත් මිනිසෙකි.(හේ)

:       0       0

ජයන්ත Saturday, 26 November 2016 02:45 PM

නිවන් සුව පතමි.(හේ)

:       0       0

සිරි Saturday, 26 November 2016 03:04 PM

ඔහු කීර්තිමත් නායකයෙක්. ඒ වුණත් ඔහුගේ පාලන කාලය තුළ ඔහුගේ රට කලාපයේ වෙනත් රටවල් වලට සාපේක්ෂව පසුගාමී රටක් වුණා. (නි)

:       0       0

විරාජ් Saturday, 26 November 2016 03:17 PM

ඔබට මගේ විප්ලවිය ආචාරය! (නි)

:       0       0

චන්න Saturday, 26 November 2016 03:31 PM

තමන්ගේ යල්පැනගිය දේශපාලන අදහස් වල එල්ලී එ්කාධිපතියෙක් ලෙස මුළු රටම දිළිඳුකමේ අගාධයට ගෙනගිය අයෙක් ලෙසයි අපි නම් දකින්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 513 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site