ජංගම දුරකතනයෙන් මොළේ පිළිකා ඇතිවිය හැකි බව ඉතාලියේ නඩු තීන්දුවකින් කියැවේ. ඉතාලි ව්‍යාපාරික ඉනොසෙන්ටේ මාර්කෝලිනි (60) දිනකට පැය බැගින් වසර 12ක් ජංගම දුරකතනය පාවිච්චි කළේය. හිසේ හා නිකටේ වේදනාවක් හට ගැනීමෙන් පසු ඔහුගේ හිසේ ති‍්‍රශාඛ ස්නායුවේ පිළිකාවක් හටගෙන ඇතැයි වෛද්‍යවරු සොයා ගත්හ. ජංගම දුරකතනය වැඩිපුර පාවිච්චි කිරීමෙන් අනියම් අවදානමක් ඇතැයි ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය කියයි. බි‍්‍රතාන්‍ය විද්‍යාඥයින් කියනුයේ ජංගම දුරකතනය පිළිකා කාරකයකියි කීමට තරම් සාක්කි නැති බවයි. ව්‍යාපාරික මාර්කෝලිනී කියනුයේ මේ අනතුරේ තරම මහජනයා දැනගත යුතු බවයි. තම දරුවන්ගේ ජීවිත අනතුරකට ලක්වන බව ඔවුන් දැනගත යුතු බවයි. ජංගම හා රැහැන් රහිත දුරකතනවලින් නිකුත් වන විද්‍යුත් චුම්බක කිරණවලින් මොළේ සෛල වලට හානි සිදුවී පිළිකා ඇතිවීම පහසුවෙතියි පරිසර හා ජාන විපර්යාස හා පිළිකා පිළිබඳ විශාරදයකු වන මහාචාර්ය ඇන්ජලෝ ජිනෝ ලූවිස් හා ස්නායු ශල්‍ය වෛද්‍ය ගියුසෙප් ග‍්‍රායෝ නඩුවේ සාක්කි දෙමින් කීහ. කිරණවලට ලක්වීමෙන් වසර 15 යන තුරු පිළිකා මතු නොවන බවත් එහෙයින් පස්අවුරුදු අධ්‍යයනකින් ඒ බව දැනගත නොහැකි බවත් ඔවුහු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ අපෙ ගෙවල් පැත්තෙ අක්ක කෙනෙක් ඉන්නවා පාරෙ යන - එන හැම වෙලේම ඒයාගෙ ෆෝන් එක කනේ හටපු ගමන් ඒක එයා කටෙත් තියාගන්නවා එයට මොකක් හරි කරදරයක් වෙයිද? (අ)
ටෙලිෆෝන් වලින් ලෝකේ ගිනි තියන එක මීට වඩා භයානකයි (ස)
අදින් පස්සේ නම් ජංගම දුරකථන පාවිච්චි කරන්නේ නෑ (ස)
මිනිසාගේ තාක්ෂණික දියුණුවේ රහස කෙසේ වෙතත් නවතම සොයා ගැනීම් මිනිසාගේ සෞඛ්‍යයට බොහෝ දුරට බලපෑමි ඇතිකරවන්නට පුලුවන.(ස)
අවධානම් දෙයකින් ඈත්වීම හෝ ඊට වෙනත් විකල්ප තෝරා ගැනීම කළයූතු නමූත් ජංගම දුරකතන පාවිච්චි කළත් නොකළත් දැන් තිබෙන නවීණ තාක්ෂනය නිසා විද්‍යුත් චුම්බක කිරණවලින් කොහොමත් මිනිස් සිරුරට අහිත කරයි..!! (ස)
ලොකු දෙයක් ...කොහොමත් ඕක දැන් සිම්පල් ප්ලෑන් එකක් (ස)
ජනග්‍රහණය පාලනය කිරීමය ස්වභාව ධර්මය ගත් සාධාරණ තීන්දුවක් (ස)
තාක්ෂණික දියුණුව මිනිසාට හානි කරයි (ස)