ඉතාලියේ පාදුවා හී ශාන්ත අන්තෝනි බැසිලිකා පරිශ්‍රයේදී 15 වැනි වරට පැවති ජාතික කිතුනු රැලියේ ප්‍රධානත්වය මැල්කම් කාදිනල් රංජිත් අඟරද ගුරුතුමෝ හෙබැවුහ.
හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් රද ගුරුතුමෝද ඊට සහභාගි විය.
ශ්‍රී ලාංකික ජනතාවට උරුමයෙන් ලැබුණු සරළ හා චාම් ජීවන රටාව මගින් ඉතාලි ජාතිකයන්ට ආදර්ශයක් වන්නැයි කොළඹ කාදිනල් තුමා ඉතාලියේ පාදුවා නුවර දී ජාතික කිතුනු රැලිය අමතමින් පැවසුවේය.
ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ වාර්ෂික එකමුතුවේ පහළොස්වන සංවත්සරය නිමිතිකොටගෙන අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාවට රන් මිණි කිරුළක් ඉතාලියේ ශ්‍රී ලංකා සංක්‍රමණිකයන් පිළිබඳ ජාතික සම්බන්ධිකාරක නෙවිල් ජෝ පෙරේරා පියතුමන් අතින් පැළදවීමද එහිදී සිදුවිය.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා ගැන කතාකරලා වැඩක් නැහැ. අපි නම් අන්තිමටම කළකිරිලයි ඉන්නේ (නි)
සුසිල් මිලානෝ ඔහේ සන්තෝෂ වෙන්ට ඕනා සුපිරි වෙළද සැල් වලින් දඹුල්ලේ වගේ විසි නොකර එහෙම හරි දෙනවට. එපා නම් ඇයි යන්නේ බෝට්ටුවල එල්ලිලා. මෙතන හැමදාම අගම්වාදේ ඇදගන්නේ බෞද්ධයෝනේ. බීලා රන්ඩු වෙන එක මේ සංස්කෘතියේ හැටිනේ. බීවේ නැතත් රණ්ඩු වෙනවනේ. ඕකට ආගමක් ඕනද?(නදී)
වීරසිංහ, ඔබ බුදු දහම ගැන නොදැන බෞද්ධයෝ ආත්මවාදී කියන්න එපා.බෞද්ධයෝ අනාත්මවාදී සහ යතාර්තවාදී. අපේ අය විස්කි බ්‍රැන්ඩි බිව්වට ඉතාලි අයට ප්‍රශ්නයක් නැහැ. බීලා රන්ඩු වෙන එක, කෑ ගහන එක, බෝතල් පාරවල් වල පාර්ක්වල දාන එක... ඒවාට තමයි ඉතාලි ජාතිකයන් ලංකාවේ අයට පාදෝවා පාර්ටියෙන් පස්සේ දොස් කියන්නේ. චතුල ඔය ගොඩක් ඉතාලි පල්ලිවල ආහාර නොමිලේ දෙන්නේ වතිකානුවෙන් ලැබිලා නෙමෙයි. ඉතාලි සුපර් මාර්කට් වලින් කල් ඉකුත්වෙන්න දින කීපයකට ඉස්සර වෙලා ඒවා කරිතාස් වලට නොමිලේ දෙන නිසා. වතිකානුවට ලැබෙන තරමට ජනතාවට දෙනවා නම් කොතරම් හොදද..? (නි)
කනගාටුයි කියන්න මෙතන කවුරුත් කතා කරන්නේ නැහැ කුලවාදේ, නිකාය බේදේ... හැමෝටම පෙනෙන්නේ අනික් ආගම්වල ඇද කුද නේ. (නි)
නොපෙනෙන නොදන්නා මතු බවයක් ගැන කියමින් මේ ජිවිතේ අනේ අපොයි කියමින් දිවි ගෙවන ආගමක් අදහන කට්ටිය ඔබ විශ්වාස කරන දේ හරියට රකින්න.ඒ කියන්නේ ඔය විශ්වාස කරන ආත්ම වාදේට අනුව මතු ආත්ම ගෙවන්න දැන් සිට හොද සිතිවිලි සිතන්න, අනෙක් ආගම් වලට කචල් නොදා.අපි අපි ගැන බලාගන්නම්. (නි)
මම ඉන්නේ ඊශ්‍රායල් වල.අපේ බෞද්ධ අය මෙහෙ තියන යුදෙවු ආගම වැලද ගන්නවා.ඒ කවුරුත් බලෙන් හරවාගෙන නෙමෙයි. ඒක මම අවදාරනෙන් කියනවා.මේ අය ඒක කරන්නේ මෙහෙ පුරවැසිබව ලබා ගැනීමේ අමතර සුදුසුකමක් විදියට. ඒක ඕනෑම නැහැ. නමුත් ඒක වැඩි හොදට කියලා කරන්නේ.ලංකාවෙත් පල්ලි හදන්න සැරසෙනවා. උනන්දු කෙනෙක් හොයලා බලන්න. (නි)
දැන් ඔය සදරුවන්ලට අනුව ඔක්කොම වෙන්නේ කරුම වාදේට අනුවද? (නි)
මට පුදුමේ කරුමවාදේ විශ්වාස කරන අය දේවවාදේට ගහනවා.හැබැයි මේ එක වාදයක්වත් ඔප්පු කරලා පෙන්වන්න කාටවත් බැරි විශ්වාසය කියන එක තේරෙන්නේ නැති නිසාද? (නි)
මෙතන පිළිම වන්දනාවක් නැහැ. කතෝලිකයෝ වඳින්නේ දෙවියන්ට විතරයි . අපි ආදරය කරන කෙනෙක්ගේ ෆොටෝ එකක් හරි බලලා එයාව සිහිපත් කරන්නේ, මියගිය කෙනෙක්ගේ රූපයකට මල් මාල දාන්නේ, ඒ එයාව දෙවි කෙනෙක් කියලා නෙමෙයිනේ අන්න ඒ වගේ තමයි. අනික ලාල් ඔයාට කවුරුහරි බොරු කියලා. එහෙම කළු දුම් ගහන්නේ නැහැ.(නදී)
බෝතල් සාජ දැමිල්ලයි, බීලා රණ්ඩු වෙන එකයි මේ සංස්කෘතියේ ලක්ෂණයක්. ඕකට ආගමක් ගැන කියලා ඔය සුසිල් මිලානෝ කියන කෙනා බොරදියේ මාළු බාන්න එපා.දැන් අපට වඩා සුද්දෝ හැමදාම බොනවනේ මොකෝ අපි වගේ රණ්ඩු වෙනවද. (නි)
සම්පත්ලා ගොඩක් සිටීම නිසා මට කනගාටුය. බෞද්ධ අපි ආගම් වල නිදහස අගයමු. ! (ස)
බෝම්බ ගහන්න පුරුදු වෙනවා.(නදී)
ආ, ඇත්ත කියද්දී චතුල,වෙරෝනට තරහ ගිහිල්ලනේ. (නි)
ආ මෙතනත් මේ දාලා තියෙන්නේ අගම්වදියෝ අදහස්. අම්මපා දියවඩන නිලමේකමවත් කුලවාදෙන් තොරව පත් කරගන්න බැරුව අනුන්ගේ ඇද හොයන ගානට මේ මිනිස්සු වැටිලා නොවැ.... (නි)
කතෝලික 'පාදර්' ලා විරසක වුනාම කළු දුම් ගහගන්නේ ඇයි? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කුමාර, අනුන්ගේ ආගම්වලට අපහාස කරන්න එපා. එහෙම නම් ඇයි ධාතු කරඬුව නිකම් මිනිසුන්ගේ ඔලුව උඩ තියන්නේ. නොදන්නා දේවල් අහලා බලලා විවේචනය කරන්න.මම නම් ගොඩක් බෞද්ධාගමේ දේවල් හොඳ බෞද්ධයන්ගෙන් දැනගන්න ආසයි (නි)
සුසිල්, පල්ලියක මංගල්‍යයක් වුණහම ඉතින් ලංකාවෙ අපිත් කරන්නෙ විස්කි බ්‍රැන්ඩි වයින් බීලා නටන එක තමයි. ඕක ඉතාලියට අලුත් දෙයක් නෙමෙයිනෙ. එහෙ මිනිස්සුත් පල්ලි වල මංගල්ලෙට, නත්තලට කරන්නෙ ඕක තමයි. ඉතාලිය කියන්නෙ පාටි වලට ලෝක ප්‍රසිද්ධ රටක්. ඉතින් මොකටද ඒ මිනිස්සු ලංකාවට දොස් කියන්නෙ අපේ අය පාටි දැම්මා කියලා? අපේ ආගමේ පාටි කියන්නෙ සාමාන්‍ය දෙයක්. ඔයාගෙ ආගමික සම්ප්‍රදායට විස්කි බ්‍රැන්ඩි වයින් පාටි අකැප නම් ඔයා කට වහගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්න. (නි)
පිළිම වන්දනාවට පසු කළු දුම් පුම්බයි.(නදී)
කතෝලික ජනතාව "පිළිම අදහන්නේ නැහැ" එයාලා අදහන්නේ එකම දෙවියන් වහන්සේව විතරයි. එයාලා සුරුවම් වලට ගරු කරන්නේ දෙවියන්ට ජේසු තුමාට තියෙන ගෞරවයට මිසක් වෙන දෙයකට නෙමේ (නි)
හිරා සහෝදරයා, පහුගිය වසර 3750 ට ම බයිබලයේ කිසිම වචනයක් වෙනස් වෙලා නැහැ. නමුත් සිංහල බයිබලය පරිවර්තනය කරද්දී සමහර පොඩි වැරදි කරලා තියෙන බව සැසදීමේදී පෙනීයනවා. (නි)
බයිබලයේ පොතේ 12 හා පරිච්ඡේදයේ කියන හැටියට, මරියාට තවත් පුතුන් හා දුවරුන් සිටියා, පුතුන් 4 කුත් දුලා අඩුමගානේ දෙදෙනෙකුත් සිටි බව බයිබලයට අනුව පැහැදිලියි. මරියතුමිය කන්‍යාවක් ව සිටියේ ජේසුතුමා බිහිවන තුරු පමනයි. ඔබට ජේසු පිහිටයි. (නි)
ටෙෂාන්, මේ රට බෞද්ධ රටක් වෙන්න පෙර යක්ෂ නමස්කාරය තමයි කුවේනිලගේ ආගම. එනිසා බෞද්ධයෝ රටේ මුල් අයිතිකාරයන් කියන්න හොඳ නැහැ. ලංකාවේ ඔක්කොටම තියෙන්නේ එකම අයිතියක්. ඒ නැතත් ලංකාවේ බෝද්ධයෝ බොහෝ දෙනා අදහන්නේ කාලි, සුනියන්, කඩවර වගේ යක්කු ගොඩක්නේ. ඉතින් මොන බෞද්ධකමක්ද? පන්සල් යන්නේ නැති බොහෝ බෞද්ධයෝ යන්නේ කතරගම වගේ පිළිම නමස්කාරේට, කවදා මෙරට සත්‍ය දැනගනීවිද? (නි)
අශේන්, ජේසු බිලින්දා ලැබුණූ පසුවත් මරියතුමිය කන්‍යාවක් වෙන්නේ කොහොමද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ ආගමට ඇත්තෙන්ම පැහැදිලා ගිය කෙනෙක් නම් හොයාගන්න අමාරුයි (නි)
මම දැකලා තියෙනවා ගොඩක් කතෝලික නොවන අය තමා ශාන්ත අන්තෝනි මංගල්‍යයට යන්නේ. අනිත් එක මෙතන බයිබලය අරගෙන උදාහරණ දක්වන්නේ තමන්ගේ වාසියට හදාගත්තු අන් ආගම්වල අය සහ සල්ලි වලට ඒ ආගම්වලට ගිය අය. මේ රට බෞද්ධ රටක්. ඒක අමතක කරන්න එපා. (නි)
තමන්ගේ අම්මා කියනවා නම් දරුවා දුන්නේ සර්වබලධාරි දෙවියන් වහන්සේ කියලා එතකොට මට නම් ලොකු ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙනවා (නි)
දේව ආගම් ප්‍රතික්ෂේප වෙනකොට බයිබලයේත් සමහර වැකි අන්ත්‍රස්ධාන වෙනවා (නි)
සන්තෝසයි
චතු, ප්‍රභා, මේරි, රෝමා, ඔයාල මොනවා කීවත් පිළිම නමස්කාරය යක්ෂ නමස්කාරයක් පමනයි. බියබලයේ 1 කොරින්ති 10 යේ 19 සිට 20 සිහිය ඇතිව කියවන්න. කතෝලික සභාවේ කරන දේවල් කිරිස්තියානි නොවෙයි. ජේසු තුමා කීවේ නුබලා දෙවියන් නමස්කාර කරන්නේ ස්ත්ත්යෙන් හා ආත්මයෙන් කියලයි. ඒ නිසා ලී, මැටි ලෝහ වලින් හදපු දෙවිවරුලට වැඳීම මුලාවක් පමණි.(නදී)
හිරන්ත, ඇයි බෞද්ධ අයට විතරද සුදු අඳින්න, මල් පුජා කරන්න, පහන් දල්වන්න හොඳ? බෞද්ධ අයට ඒවා ලියලා දීලා එහෙම තියෙනවද? පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න අද කාලේ පන්සල්, දාගැබ්, පිරිත් මණ්ඩප සේරම සරසන්නේ කතෝලික පල්ලි සරසන විදියටමයි. කතෝලික කවුරුත් ඒවාට අයිතිවාසිකම් කියන්ඩ ඇවිත් නැහැ (නි)
අනිත් කට්ටිය කන බොන දේවල් කාටත් වැඩක් නැහැ . අපි අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව තමන්ගේ දෙයක් ගැන කතා කරමු නේද ?. අපිට වැරදුන තැන එතනයි. (ස)
ජෝයි, මම කියන්නේ ඔයාලා මැයි පලමු වෙනිදා ගමන සංවිධානේ කරන්නේ ආගමික පූජාවක් කියල නේ. නමුත් බහුතරය යන්නේ බීලා සාජ්ජ දමන්නනේ. එතකොට මමද ඔයාලද වැරදි අරමුණකට ආගම පාවිච්චි කරන්නේ? නන්දන, බීලා රන්ඩු වෙන්න අපිට පුරුදු කළේ අර බයිබලෙයි කුරුසෙයි අරන් අපේ රටට ගොඩ බැහැපු අය මිසක් අපේ සංස්කෘතියේ එහෙම දේවල් තිබුනේ නැහැ. (නි)
බොහොමයක් පිළිතුරු බැලුවහම මහා විශාල කලකිරීමක් ඇතිවෙනවා. මම නම් බුද්ධාගමට ගරු කරනවා. මගේ ගෙදර බුදු පිළිමයක් තියලා මා සමග ඉන්න මගේ ඥාතියෙකුට වදින්න සලසලා තියෙනවා, මල් කඩාගෙන යන්නෙත් මමමයි. (නි)
ශාන්ත අන්තෝනි මුනිදුන්ට ආගම් බේදයකින් තොරව සැම කෙනෙක්ම ගරුකරනවා.එනිසා අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාවට රන් මිණි කිරුළක් පැලඳවීම අපි ගරුකළ යුතුයි . (නි)
ලබා උපන් හැටි,වෙන්න තියන දේ වෙනවා.... වගේ විඥානවාදී අදහස් අදහන අය එහෙම අදහා ගන්න.අපට කචල් නොදා.ඔයාලට බොන්න එපා නම් නොබී ඉන්න.අපට නම් වරදක් වෙලා නැහැ.... (නි)
කුමාර් ඔයාගේ ඔලුව අතගාල බලන්න අන් දෙකක් ඇවිල්ලද කියලා.(නදී)
චතුල වෙරෝනා, ස්තූතියි ඔබට (නි)
කුමාර් වගේ අය කුහක අදහස් දැක්වූවත් සුසිල් මිලානෝ වගේ අය කිතුනු රටක් නිසා තමන්ගෙ ජීවිත ගොඩදාගෙනත් පල්ලියට ගරහන හැටි පුදුමයි. මැයි 2 දින පාදුවා ඔන් ලයින් පුවත්පත් සියල්ලේම සදහන් වුණේ ලාංකිකයන් විසිදහසක් පමන මෙයට සහභාගි වූ බවයි. මෙතන විවිධ ආගම් අදහන අය සිටින අතර ඔවුන්ගේ අරමුණ වුණේ පූජාවක් පැවැත්වීම නොවේ. මැයි 1 දින සැමරීමයි. දේශපාලකයන් පස්සේ ගිහින් බොරුවට ජයවේවා කියනවට වඩා කම්කරු අපේ දිනයේ නිදහසේ විනෝද වීම වරදක් ලෙස දකින්නෙ සුසිල් වගේ අයගේ කුහකකමටයි (නි)
බොදුනු අපත් මෙතුමාව අගයනවා. කුමාර්ගේ කතාව දැඩිව හෙලා දකිනවා. (නි)
අනිත් ආගම වලට ගරු කරන්න. ගණිතයට තර්ක කළාට ආගමට තර්කයක් අවශ්‍ය නැත. සැමගේම විශ්වාසයට ගරු කරන්න. (නි)
අද ගොඩක් තැන් වල පිළිම වන්දනා කරනවා බෞද්ධයොත් කතෝලික අයත්. එහෙත් එය නොකරන්නේ මුස්ලිම් අය පමණි. අපි ප්‍රතිපත්ති පුජාව කරන එක තමා හොඳ කියලා බුදුරජාණන් වහන්සේත් කියලා තියෙන්නේ. එහෙත් කැමති අයට පුළුවන් ගරු කිරීමක් වෙනුවෙන් රූපයකට ගෞරව දක්වන්න (නි)
පල්ලියේ පූජාව මෙහෙම උනාට. මේ දවසේ බොහෝ දෙනෙක් කලේ විස්කි, බ්‍රන්ඩි, වයින්, බීලා පිස්සු නටපු එක. දැන් පාදුවා ඉතාලි අයටත් මේ කරන විකාරය එපා වෙලා. නෙවිල් ජෝ පියතුමාට ඔය සංක්‍රමනිකයන් පිළිබද තනතුර කවුද දුන්නේ. වාර්ෂිකව කරන මේ පාර්ටිය අපේ රටටත් අපහාසයක්.(නදී)
කුමාර්, තමුන්ගේ විශ්වාසයට වගේම අනුන්ගේ විශ්වාසයටත් ගරුකරන්න ඉගෙනගන්න.(ස)
චාතූර්යා ඔබ හරි. (ස)
චතුර, මගේ අදහස් දෑක්වීමේ කොහේද පල්ලියට ගරහල තියෙන්නෙ. ඔයාට සිංහල නොතේරීම නේ දුකයි. අපි ඉන්නේ ඉතාලියේ මිසක් වතිකානුවේ නෙමෙයි. අපිට පඩි ගෙවන්නේ වතිකානුව නෙමෙයි ඉතාලිය. වතිකානුව ඉතාලිය ඇතුලේ ආගමික රාජ්‍යයක්. ඉතාලි පුවත්පත් මේවා මොනතරම් විවේචනය කරනවද? මම ආගමට අපහාස නොකරමි. පාදෝවා කියන්නෙ පූජනීය නගරයක්. එහෙම තැනක දැවැන්ත බෝතල් සාජ්ජ දැමීමෙන් ඔබලායි ආගමට අපහාස කරන්නේ. ඔබගේ ප්‍රකාශනයෙන්ම පිළි අරන් තියෙන්නේ සාජ්ජ දැම්මා කියලා.(නදී)
කුමාර්, නොදන්නා දේ විවෘතව කතාකරලා හරි දේ දැනගන්න එක වටිනවා. චතු ගේ පැහැදිලි කිරීම හරි. (නි)
නෑ කුමාර්, පිළිම වලට ඔටුනු දාන්නේ ඒවාට ගරු කරන නිසා. ඔයා නොදන්නා නිසා කියන්නම්, ඔයා බෞද්ධ නම් බෝධිය නාවනකොට ලැබෙන ආනිසංස වගේම තමයි මේකත්. ඔයා නොදන්නා දේවල් ගොඩක් තියෙනවා කුමාර්. හැබැයි මේ වගේ මෝඩ ප්‍රශ්න අහන්න එපා ආපහු! (නි)
තවමත් අපේ රටේ සුනාමියෙන් අවතැන් වූ හිසට සෙවණක් නැති මිනිසුන් සිටිනවා. ඔවුන් ගැනත් සිතුවොත් හොදයි නේද? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පිළිම වලට ඔටුනු දාලා, ඒවා නාවලා තමන්ගේ පාපයට සමාව ලැබෙනවද? (නි)
නියමයි. (ස)
ලාංකිකයකු වීම ගැන ආඩම්බර වෙමි.(ස)
ඔබ තුමා අපිටත් ආඩම්බරයක් !(ස)
අපිටත් ආඩම්බරයක් ! (ස)
කතෝලිකයන්ට පිළිම වන්දනා කරන්න කියලා කොහෙද තියෙන්නේ ? දස පනත නොදන්නා කතෝලිකයෝ ඉන්නේ... (නි)
ඔය කුරුසේ අදහන අය ආවේ ලඟදි. අපේ කතෝලික සබාව අවරුදු 2000 වැඩිය පැරණියි (නි)
මෙතන ආගම වලට පහර ගහන සැමටම එකක් කියන්න වෙනවා. වතිකානුව සහ ඔවුනගේ ගෝල බාලයන් ඉතාලි පාර්ලිමේන්තුවටත් ඕක මහත් හිසරදයක්. හිටි ගමන් ඉතාලි නීති වලට බලපෑම් කරන්න වෙනවා. වතිකානුවේ දේශපාලන ඔත්තුකරුවෙකුට පෝලන්තයේදී මරණ දඬුවම දුන්නා. මෙම උත්සවය, මැයි 1 සමරන්නේ කම්කරු දිනය නිසාවත් ආගමික කරුණක් නිසාවත් නොව නිවාඩු දිනයක් නිසා. (නි)
පිස්සු නැත්නම් හොඳයි.(නදී)
දැන් රූපා අදහන ක්‍රිස්තියානුවන් සැබෑ ක්‍රිස්තියන්කාරයෝ නෙමෙයි කියලද කියන්නේ. කුරුසේ අදහන කටිටිය තමයි සැබෑ අය.(නදී)
ඇයි ඔබ ජාතික ප්‍රශ්න වලදී නිහඩ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දැන් ඔයාලා මොකද මල් පූජා කරලා පහන් පත්තු කරන්නේ. එතකොට මොන ගාතාවද කියන්නේ. අනික ඔයාලා පල්ලි යනකොට දැන් ඇයි කලු වෙනුවට සුදු ඇදගෙන යන්නේ. භාවනාත් කරනවලු. අපි දැන් දකිනවා අවුරුදු 25 කට කලින් නොතිබුන දේවල් කරන්න උත්සහ කරනවා. මොකක් හරි එක පිලිවෙතක් තියාගත්තානම් හොදයි නේද?(නදී)
පරණ බයිබල් පිටපත්වල තිබුණූ සමහර දේවල් අළුත් පිටපත් වල නැත්තේ මොකද දන්නෙ නැහැ නේද? (නි)
දයාබර සුසිල්.ඔයාගේ අදහස ඔයාගේ ස්වාදීන කැමැත්ත. ආගමකට පහර දීම ප්‍රසිද්ධියේ කරන්න එපා. එය සමාජයට සුදුසු නැහැ. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් එය පුද්ගලිකව කතා කරලා විසදා ගන්න. එතොකට එය හරි වැදගත් (නි)
නියමයිනේ අපේ සුභ පැතුම් ! (ස)
මැයි පළවෙනිදට අපේ රටේ හැම කෙනාම එකතුවෙලා ලස්සනට දේව මෙහෙයට සහභාගිවෙලා මොනතරම් සතුටක් විඳිනවද? ඒක දැනෙන්න ගිහින්ම බලන්න ඕනෑ.නිකම් පිස්සෝ වගේ දොඩවන්න එපා.තමුන්ගේ ජීවිතේ හොඳ දෙයක් කලොත් ලැබෙයි හොඳ දෙයක් ,නරක දෙයක් කලොත් ලැබෙයි නරක දෙයක්. (නි)
බලාගෙන කළු දුම් ගහයි.(නදී)
සැබැ ක්‍රිස්තියානි ධර්මය තුළ රූප වන්දනාව නොමැත. ශූඃබයිබලය අවබෝධයෙන් කියවන්න. මිත්‍යයා ඇදහිල්ල ජේසුතුමන්ගේ ඉගැන්වීම නොවේ (නි)
ලංකාවේ පියතුමන්ලා බොහෝ දෙනෙක්ගේ නම් මුදල් වංචා සමග කියවෙනවා.එයාලා ගැනත් හොයලා බැලුවොත් හොදයි නේද? (නි)
සුසිල් මහතා වතිකානුව ඔයාට පඩි නොගෙව්වට වතිකානුව තමා කන්න බොන්න නැති ඉතාලියෙ අතරමං වෙලා ඉන්න ලාංකිකයො ඇතුලු ලක්ෂ ගානකට කන්න බොන්න දෙන්නෙ. ඔලුව උදුම්මවා ගන්නෙ නැතුව තමන්ට ලැබිලා තියන දෙවල් ලැබුනෙ කොහොමද කියලා අහල දැනගන්න. (නි)
නොදන්නා දේ අහලා දැනගන්න එක හොඳයි. හැබැයි අහන්නත් කලින් අපහාස කරලා ඒ දේ අහන එක වැරදියි. පිළිම වලට ගරුසරු දක්වන්නේ සැබැවින් දැකගන්න බැරි වුණ ශුද්ධවන්තයින්ව සංකේතවත් කරන්නත් විශ්වාසයටත් මිසක්, පවු මකාගන්න නෙමෙයි. මොන දෙයක් එක්ක තර්ක කළත් ආගමක් සම්බන්ධයෙන් තර්ක ගොඩ නැගීම සුදුසු නැහැ. කුමන කෙනෙක් වුවත් කිනම් හෝ ආගමකට විරුද්ධව හඬ නැගීමට මත්තෙන් එය වටහා ගත යුතුයි (නි)
සේරම් පැරිස්, අපේ මුස්ලිම් අය මලවුන් වන්දනා කරනවා කුරානේ නැති වුණත්. මේවා අපි ප්‍රසිද්ධියෙ කියන්නේ නැහැ. නමුත් ඇත්ත ඕකයි. කතෝලික, බෞද්ධ අය බෝ ගස වන්දින්නේ ගහට නොවනවා සේම, කතෝලික අය ප්‍රතිමාවකට ගෞරව කරන්නේත් ඒ අදාල අයව සිහිකරලා ගෞරවයක් විදියට. ඒ නිසා වැරැද්දක් වුණ ගමන් සෞදි නීතිය (ශාරියා ) ඕනෑ කිව්වට, අපේ අයත් මීට දෙවෙනි නැහැ. අපේ අය මාත් එක්ක අමනාප නොවෙන්න (නි)