ශ්රී ලංකා ජාතික ක‍්‍රිකට් පිලේ පිතිකරු ලැයිස්තුවේ ස්ථානයක් ලබා ගැනීමට තමන්ට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අංක හතර ස්ථානයේ ක‍්‍රීඩා කරන යොවුන් පිතිකරු භානුක රාජපක්‍ෂ පැවසීය.
එංගලන්ත ‘ඒ’ පිලට එරෙහිව කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලූ 6 ක පහසු ජයක් ලැබීමෙන් පසුව භානුක රාජපක්‍ෂ එසේ පැවසීය.
මෙහිදී භානුක පන්දු 74 කදී හතරේ පහර 11 ක් සමගින් අගනා ලකුණු 72 ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටින 20 හැවිරිදි භානුක රාජපක්‍ෂ, කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
‘‘මම ඇත්තෙන්ම බලාපොරොත්තු වෙනවා, ශ‍්‍රී ලංකා පිලේ පිතිකරු ලැස්තුවේ ස්ථානයක් ලබා ගන්න හැකි වෙයි කියලා. ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකාවට විශිෂ්ට සේවයක් කළ පිතිකරුවන් රැසක් ඉන්නවා, මම හිතනවා ඒ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කණ්ඩායමේ ඉන්න අවස්ථාවේදීම, තරගවලට සහභාගි නොවුණත්, ඔවුන් සමග එකතු වුණොත් අත්දැකීම් ලබා ගන්න පුළුවන් කියලා’’
තමන් වේගයෙන් ලකුණු රැස්කිරීමට කැමැත්ත දක්වන බවත් එම ඉනිමේදී සැලැස්මකට අනුව ලකුණු රැස්කළ බවත් ඔහුගේ අගනා ඉනිම පිළිබඳව කළ විමසුමේදී භානුක පැවසීය.
‘‘මට පුහුණුකරු කළුවිතාරණ මහතා උපදෙස් දුන්නේ හතරේ හෝ හයේ පහරක් ගැසූ විට එක ලකුණු ලබාගෙන අනෙක් අන්තයට මාරු වන ලෙසයි, මම එය ඉතාමත් හොඳින් කළා. ඒ වගේම අපි සැලසුම් කළා කිසිම අවස්ථාවක එංගලන්ත පා දඟ පන්දු යවන්නන්ට ස්ථාවර වෙන්න අවස්ථාව නොදෙන්න. අපේ සැලැස්ම සාර්ථක වුණා’’ යැයි ද භානුක වැඩි දුරටත් පැවසීය.
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට එන්න මට හැකියාව තියෙනවා
th2th2 Friday, 03 February 2012 10:30 AM
එය ශ්‍රී ලංකා පිලේ අනාගතයට සුබ දෙයක් වෙයි
faru Friday, 03 February 2012 11:17 AM
ජයවේවා මල්ලී මගේ සුබ පැතුම්
හාසික් Friday, 03 February 2012 11:43 AM
ජාතික කණ්ඩායමට එන්න ආස කලාට කමක් නෑ පුතා. හැබැයි අයි.පී.එල් ගහන එක නම් සිහිනයක් කරගන්න එපා.. එතකොට අපේ ක්‍රිකට් වලපල්ලටම යන දවස වැඩි දුරක නෙවෙයි..