ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මෙහෙයවන ජාතික චෙස් ශුරතාවලිය (2012) අද (23) ඇරැඹෙයි. තරගාවලිය මෙම 24, 25, 29, 30, 31 සහ අපේ‍්‍රල් මස 1 වැනිදා දක්වා බම්බලපිටිය එටිසලාට් සමාගම් ශාලාවේදී පැවැත්වේ. තරගාවලිය තරග වට 13 කින් සමන්විතය. මෙවර පිරිමි ශුරතාව සදහා තරගකරුවන් 14 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර පසුගිය වසරේ ශුරතාව ලාබාල කී‍්‍රඩක චාමික පෙරේරා දිනා ගත්තේය. මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි චාමික, එහිදී ජාතික ශූරතාව දිනාගත්තේ පළමු වරටය. විදෙස් ගතව සිටි පිඬේ මාස්ටර් තත්ත්වය හිමිකර ගෙන සිටින සුනිල් වීරමන්ත‍්‍රී සිවු වසරකට පසුව මෙවර ජාතික තරගාවලියට එක්ව සිටිති. ජාතික තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලිය ජය ගත් රජින්ද්‍ර කළුගම්පිටිය ඇතුළු ක‍්‍රීඩකයෝ 14 දෙනෙක් පිරිමි ශුරතාව සඳහා මෙවර තරග කරති. අන්තර්ජාතික චෙස් ප‍්‍රවීනතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකා සචිනි රණසිංහ පසුගිය වසරේ ශූරියයි. කොළඹ මියුසියස් විදුහලේ ඉගෙනුම ලබන සචිනි 2009 වසරේ ජාතික ශූරතාව දිනා ජාතික ශූරතාව හිමිකර ගත් ලාබාලතම ක‍්‍රීඩිකාව වුවාය. ජාතික කාන්තා තේරීම් තරගාවලිය ජය ගත් මලිති නවරත්න ඇතුළු ක‍්‍රීඩිකාවෝ 14 දෙනෙක් කාන්තා තරගාවලියට සුදුසුකම් ලබා සිටිති. හිටපු ජාතික චෙස් ශුරියක වන පිඬේ මාස්ටර් තත්ත්වය හිමි කර ගෙන සිිටින ප‍්‍රමෝද්‍යා සේනානායක හා දිනුෂ්කි පේ‍්‍රමනාත් ද මෙවර තරගාවලියට නිතරගයෙන්ම ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ. තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 150,000 කි. ජාතික චෙස් ශුරතාවලියේ තරග කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ:- පිරිමි චමික පෙරේරා, සුනිල් වීරමන්ත‍්‍රී, රජින්ද්‍ර කළුගම්පිටිය, ජී. සී. අනුරුද්ධ, ප‍්‍රසන්න කුරුකුලසුරිය, එන්. සී. ඕ. සාරංග, කසුන් විමලසුරිය, එම්. ජයසුන්දර, ඉසුරු අලහකෝන්, චන්දන විජේකෝන්, ඔෂීන් ද සිල්වා, විදුර කොග්ගල, දුලාන් එදිරිසිංහ, සී. සමිත් මධුමාද කාන්තා සචිනි රණසිංහ, ප‍්‍රමෝද්‍යා සේනානායක, දිනුෂ්කි පේ‍්‍රමනාත්, මලිති නවරත්න, වයි. මෙත්මාලි, සයුරි සුමිත‍්‍රාරච්චි, මනීෂා ගුණරත්න, පංචාලි පෙරේරා, අයි.යු.බස්නායක, ඞී.එස්.කහඳ, සලිනි ද සිල්වා. මිහිරාණී ජයතිලක, කේ.ටී.චංකාමී සහ ඒ.කේ.චන්ද්‍රසිරි
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර
සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච
යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන 28 වැනිදා සඳුදා මෙරටට පැමිණීමට නියමිතය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජාතික චෙස් ශූරතාවලිය අද සිට