IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජාතික චෙස් ශූරයා ඉසුරු : ශූරිය සචිනි

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ ජාතික චෙස් ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව ඉසුරු අලහකෝන් ද, කාන්තා ශූරතාව සචිනි රණසිංහ ද දිනා ගැනීමට සමත්වුහ. තරගාවලිය බම්බලපිටිය එටිසලාට් සමාගම් ශාලාවේදී පසුගියදා (1) නිමාවිය. අන්තර්ජාතික චෙස් ප‍්‍රවීනතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකාව වන සචිනි කාන්තා ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාවද මෙයවේ. කොළඹ මියුසියස් විදුහලේ ඉගෙනුම ලබන ඇය පසුගිය වසරේ මෙන්ම 2009 වසරේද ශූරතාව දිනාගෙන තිබේ. නාවික හමුදාවේ ඉසුරු අලහකෝන් ජාතික ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර ඔහු තරග වට 13 අවසානයේදී ලකුණු 9.0 ක් ලබා ජයග‍්‍රාහකයා විය. පසුගිය වසරේ පැවැති තරගාවලියේ පස්වැනි ස්ථානයට පත් වු ඉසුරු මෙවර ජයග‍්‍රාහකයා බවට පත්වීම කැපී පෙනේ. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි 1.ඉසුරු අලහකෝන් (9.0), 2.ජී.සී.අනුරුද්ධ (8.0), 3.චාමික පෙරේරා (8.0), 4.දුලාන් එදිරිසිංහ (8.0), 5.වී.කේ.කොග්ගල (7.5), 6.එම්.ජයසුන්දර (7.5), 7.ආර්.එස්.කළුගම්පිටිය (7.5), 8. ඕෂින් ද සිල්වා (5.5), 9.සුනිල් වීරමන්ත‍්‍රී, සමිත් මධුමාද (5.5) 11. සී.සාරංග (5.0), 12. ප‍්‍රසන්න කුරුකුලසුරිය (5.0), 13. චන්දන විජේකෝන් (5.0), 14.කසුන් විමලසුරිය (4.0) කාන්තා 1.සචිනි රණසිංහ (9.5), 2. ප‍්‍රමෝද්‍යා සේනානායක (8.5), 3. වයි.මෙත්මාලි (8.5), 4. දිනුෂ්කි පේ‍්‍රමනාත් (8.5), 5. ඒ. කේ. චන්ද්‍රසිරි (8.5), 6. අයි. යු. බස්නායක (7.5), 7.මනීෂා සචිනි ගුණරත්න (7.0), 8.පංචාලි පෙරේරා (6.5), 9.ඞී.එස්.කහඳ (5.0), 10. මිහිරාණී ජයතිලක (5.0), 11.කේ.ටී.චංකාමී (4.5), සයුරි සුමිත‍්‍රාරච්චි (4.5), 13. සලිනි ද සිල්වා (4.0), 14.මලිති නවරත්න (3.5) එටිසලාට් දුරකතන සමාගමේ ප‍්‍රධාන නිලධාරී දුමින්ද රත්නායක මහතා විසින් ඉසුරු අලහකෝන්ට සහ සචිනි රණසිංහට ශූරතා පිරිනමන ලද අයුරු. ලේකම් ලක්‍ෂමන් විජේසුරිය මහතා ද මෙහි සිටියි.



අදහස් (0)

ජාතික චෙස් ශූරයා ඉසුරු : ශූරිය සචිනි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 287 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5362 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 897 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4312 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3875 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2503 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16909 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site