ජාතික රග්බි සංචිතය නියෝජනය කරන ක‍්‍රීඩකයන් 37 දෙනෙකු වාර්ෂික ගිවිසුමකට ඇතුළත් කරගනිමින් රග්බි කී‍්‍රඩාව වෘත්තිය ක‍්‍රීඩාවක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පියවර ගත්තේය. නාවික හමුදා පිල නියෝජනය කරන ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙම සංචිතයට ඇතුළත්ව සිටී. මෙම ක‍්‍රීඩකයන් 37 දෙනාට මසකට රුපියල් 25,000 ක ගෙවීමක් කරනු ලබන අතර ලබන අපේ‍්‍රල් මස පිලිපීනයේ දී පැවැත්වෙන පස් සාමාජික රග්බි තරගාවලියේ , වැනි කොටසේ තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයන් 23 දෙනාට මැයි මාසය දක්වා රුපියල් 50,000ක ගෙවීමක් කිරීමට නියමිතය. මෙම ගිවිසුම්ගත ක‍්‍රීඩකයන් අතරට මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන ෆාපිල් මරිජා, ප‍්‍රදීප් ලියනගේ, ගයාන් වීරරත්න, රොෂාන් වීරරත්න, මොහොමඞ් ජබාර්, ෂෝන් විජේසිංහ සහ අනුරංග වල්පොළ මෙන්ම සී. ආර්. ඇන්ඞ් එෆ්.සී. පිල නියෝජනය කරන දුෂාන්ත ලෙව්කේ යන ක‍්‍රීඩකයන් ඇතුළත්ව නැත. මේ අතරින් ගයාන් වීරරත්න සහ ෂෝන් විජේසිංහ ආබාධයන්ට ලක්ව පිටින බවද වාර්තා වේ. ශ්‍රී ලංකා රග්බි වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක‍්‍රීඩකයෝ: යෝෂිත රාජපක්ෂ (නායක) කෝසල තිසේරා, චූලා සුසන්ත, දිනූෂ චතුරංග, රෙහාන් වීරකෝන්, දේවි ආනන්, නාමල් රාජපක්ෂ, සුමේධ මාලේවන, සත්‍යා රණතුංග, සුරංග පුෂ්පකුමාර, පුබුදු කෝදාගොඩ සහ චානක චන්දිමාල් (නාවික හමුදාව) තුසිත සමරතිලක, රජීව් පෙරේරා, චිරන් වර්ණකුලසුරිය, දුෂ්මන්ත ප‍්‍රියදර්ශන, ටෙරන්ස් හෙන්ද්‍රි, චාමර දාබරේ, ලී කේගලගේ, දිනුෂ් කුමාර, සඳුන් හේරත් සහ අනුරුද්ධ විල්ලර (හැව්ලොක්ස්) හේෂාන් කල්හාර, සජිත් සාරංග, අචල පෙරේරා සහ කිෂෝර් ජෙහාන් (මහනුවර ක‍්‍රීඩා සමාජය) ගයාන් රත්නායක, රන්දීර මීපගේ සහ සාලිය හඳපාන්ගොඩ (යුද හමුදාව) මොහොමඞ් ෂෙරීෆ්, ලසින්ත ද කොස්තා සහ රිසා මුබාරක් (සී. ආර්.) හසිත පෙරේරා, ශරෝ ප‍්‍රනාන්දු සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර (ලසන්ත) රොමේෂ් ආචාරිගේ (පොලිසිය* සහ චරිත් සෙනෙවිරත්න (ගුවන් හමුදාව)
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජාතික රග්බි වාර්ෂික ගිවිසුමට කී‍්‍රඩකයෝ 37 ක් තෝරා ගැනෙති