65 වැනි නිදහස් දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්ම කීර්ති රාජකීය මහා විහාරස්ථානයේදී අද උදෑසන ආගමික වැඩසටහනක් පැවැත්විණි.
විහාරාධිපති වතුරුවෙල රතනවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මේ පිංකමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය, කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා ඇතුළු එජප ජ්‍යෙෂ්ඨයෝ රැසක් සහභාගී වූහ.
1948 පෙබරවාරි හතර වැනිදා සංකේතවත් ලෙස නිදහස ලැබුණු පසු එවකට අගමැති ඩී එස් සේනානායක මහතා විසින් රෝපනය කැරුණු අඹගස අසල පහන් 65ක් දල්වා නිදහස සැමැරිණි.
කොළඹ නිදහස් චත්‍රරස්‍රයට ගිය එජාප නියෝජිත පිරිස ඩී එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබයි අපේ ජාතියේ පියා (දී)
විශිෂ්ටයි (දී)
අවුරුද්දකට වතාවක් විතර ඔය කොන්ක්‍රීට් පිලිම සුද්ද පවිත්‍ර කරන එක ලොකු දෙයක්.(නදී)
හොද මිනිස්සුන්ට නිගරු නොකර කරන ලද සේවයක් ගැන කතාකරන්න.(නදී)