ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයන් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල අතුරුදන්ව ඇතැයි එම ව්‍යාපාරයේ දේශපාලන අංශ ලේකම් පුබුදු ජාගොඩ කියයි. අප්‍රේල් මස 09 වන දින පැවැත්වීමට සැලසුම්කර තිබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු මහා සමුළුවේදී පක්ෂයේ නායකයා ලෙස කුමාර් ගුණරත්නම්ගේ නම යෝජනා කිරීමට ද නියමිතව තිබූ බව එම පක්ෂයේ නියෝජිතයෙක් කීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියනුයේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජන අරගලයේ දෙදෙනෙක් අතුරුදන්?
දයාසිරි බන්දු Saturday, 07 April 2012 08:52 PM
ඔවුන්ට අවශ්‍යව ඇත්තේ වෙන කිසිවක් නොව. අපේ සාමකාමී රට විනාශ කිරීමයි.
ලංකේශ්වර Saturday, 07 April 2012 11:02 PM
ඔවුන් දැරූ මතය හරි හෝ වැරදි හෝ වෙන්න පුළුවන්. ඒත් යම් මතයක් දැරීමට ඔවුන්ට ඇති ශුද්ධ වූ අයිතිය සුරක්ෂිත විය යුතුයි.
කුමාර Saturday, 07 April 2012 11:36 PM
සුදු වෑන් සෙල්ලමක්ද ?
කුමාර Sunday, 08 April 2012 12:12 AM
හැංගිලාද දන්නේ නෑ...
මැදිවාදියා Sunday, 08 April 2012 12:34 AM
ලංකවේ හිටිය කිව්වට අපි මෙච්චර කාලෙකට ඔය "මහත්තයලව" දැකල නැනේ.
මැක්සි Sunday, 08 April 2012 03:44 AM
කොහොම හරි ජනප්‍රිය වෙන්නයි කවුරුත් බලන්නේ?
විපුල Sunday, 08 April 2012 07:43 AM
J.V.P. එක කඩාගෙන ගිහින් ඉන්න... රටටත් වැඩක් නැති, උන්ටත් වැඩක් නැති මේ හරක් රැල ප්‍රසිද්ධිය (Publicity) ගන්න මගුලක් මේ... නැත්නම් පොලීසියට පැමිණිලි කරන්න පුලුවන්නේ.... බොරුවේ උපත....!
ජනිත් Sunday, 08 April 2012 08:23 AM
අමූළික බොරු. සීඅයිඩී ඒකෙන් අල්ලගනීවි කියල කරන ප්‍රචාරයක් මේක.
අලි ජේමිස් Sunday, 08 April 2012 08:51 AM
ප්‍රසිද්ධ වෙන්න කරපු දෙයක් වගේ, ඇයි පොලිසියට කියන්න කලින් මාධ්‍යට කියන්නේ?
අනූෂ Sunday, 08 April 2012 09:05 AM
ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩක්ද දන්නේ නෑ..
නාමලී ෆනැන්ඩු Sunday, 08 April 2012 09:11 AM
අපිට තව ජන අරජල අවශ්‍ය නෑ..
ඉන්ද්‍රජිත් Sunday, 08 April 2012 10:01 AM
මොවුන් දෙදෙනා තම කැමැත්තෙන් අතුරුදන් වී සිටින බව දේශපාලන බෝක්කු කටකින් කියලා අපේ රටේ මානව හිමිකම් රපොර්තුවට තවත් ලකුණු ටිකක් දමාගැනීමට කදිම අවස්තාවක්...
රුවන් Sunday, 08 April 2012 10:43 AM
අතුරුදන් වෙලාද අතුරුදන් කරලද කියලා හොයන්න වෙයි.
නරක ළමයා Sunday, 08 April 2012 11:09 AM
අලුත් පක්ෂයේ ලෝන්ච් එකට කරපු මාර්කටින් පාරක්
චන්දන Sunday, 08 April 2012 11:36 AM
මෙයට පෙර තිබුණු තත්ත්ව නැවත අවශ්‍ය නැත.
මාටියා Sunday, 08 April 2012 12:48 PM
ඔය කියන පුද්ගලයා කොහොමත් අතුරුදහන් වෙලානේ හිටියේ. ආයේ අමුතුවෙන් අතුරුදහන් වෙන්නෙ මොනවටද ? කවුරුහරි කොහෙදි හරි ඔය පුද්ගලයාව දැකලා තියෙනවද?
ටී.මහේන්ද්‍රන් Sunday, 08 April 2012 02:58 PM
අනිවාර්යයෙන්ම මේකත් කොටි සෙල්ලමක් තමයි.
කේ.කේ. Sunday, 08 April 2012 04:11 PM
මෙයාලා අතින් කී දෙනෙක් අතුරුදන් වෙන්න ඇත්ද ? ඒත් ඔවුන් සුරැකීමත් රජයක වගකීමක්.
යූනුස් අලවි. Sunday, 08 April 2012 10:08 PM
මේවා කරල තමයි ජිනීවා අනාගත්තේ....තව තව කරන්න එතකොට තව තව දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි......
ප්‍රභාත් Monday, 09 April 2012 08:53 AM
දැන් මේ රටට තවත් අරගල ව්‍යාපාර අවශ්‍ය නෑ.
සංජය බණ්ඩාර Monday, 09 April 2012 09:37 AM
මේවා ජ.වී.පෙ. ම වැඩ