IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ජාන එකතු කෙළේ මහැදුරෙක්ද?

සිංහරාජ වනාන්තරයේ මළ හා නොමළ කෘමීන් සන්තකයේ තබාගත් බව කියන නෙදර්ලන්ත ජාතිකයාට එරෙහිව ලබන මස 27 වැනි දාට පැමිණිලි ගොනුකරන ලෙස වනජිවි දෙපාර්තමේන්තුවට නියෝග කළ කලවාන සංචාරක මහේස්ත‍්‍රාත් ශානක කලංසුරිය මහතා සැකකරු 27 දක්වා රිමාන්ඞ් කෙළේය.  ඔහු එදින රත්නපුර උසාවියට ඉදිරිපත් කරනු ඇත. නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර විජ්නාඞ් රොයෙලොන් බරෙන්ඞ් හෙයිට්මන් (58) ඔහුය. පසුගිය අපේ‍්‍රල් 05 දා සිංහරාජ වනාන්තරයෙදී මැරුණු තණකොළ පෙත්තකුගේ සිරුරක් වීදුරු නලයකට දාගන්නවා ඔහුට මග පෙන්නු මාර්ගෝපදේශකයා දැක එසේ නොකරන ලෙස අවවාද කැර ඇත.  ඔහු නැවති සිටි හෝටලයේ කාමරය පරික්‍ෂා කිරිමේදී සිංහරාජයටම ආවේනිකවු ඒක දේශික කෘමින් ඇතුළු කෘමිවර්ග ගණනාවක් පොලිතින් කවරවල, වීදුරු භාජනවල සහ වීදුරු නලවල දමා තිබී හමුවිය. ඔහු නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු විය හැකි බවට වනජිවී නිලධාරිහු සැක පළකරති. ඔහු සිටි හෝටලයේ කාමරයේ තිබී අත්අඩංගුවට ගත් ඞී.එන්.ඒ. පරික්‍ෂණ සදහා රුධිර සාම්පල් ලබාගන්නා වෑල් 114ක්ද, පරික්‍ෂණාගාර නළ 109ක්ද, මියගිය සතුන් කල්තබා ගැනීමට භාවිතා කරන මධ්‍යසාර, අත් කාච, අත්වැසුම්, අල්පෙනෙති, කැලෑ කහරැල්ලන්, සමනල සහ මකුළු බිත්තර, තණකොළපෙත්තන්, කැලෑ හුනන්, කැලෑ කැරපොත්තන්, මකුළුවන් ඇතුලූ කෘමි සත්තු නිර්දේශක දාහතරක් ද නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. වනජිවි දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශ ප‍්‍රධානී ආර්.ඒ.ඞී.ඞී. සමරනායක සහ සිංහරාජ වනසත්ව ආරක්‍ෂක බී.එස්. සුමනරත්න, යන මහත්වරු පැමිණිල්ල මෙහෙයැ වූහ.



අදහස් (0)

ජාන එකතු කෙළේ මහැදුරෙක්ද?

හර්ෂණී Thursday, 26 April 2012 03:51 AM

අපි බටහිර බෙහෙත්, තාක්ෂණය හැම දේම පාව්ච්චි කරනවා. ඔවුන්ට මෙහේ ඒ අත්හදාබැලීම් කරන්න ඉඩ දිය යුතුයි

:       0       0

අසංක අනුරාධ Thursday, 26 April 2012 05:09 AM

මේ අපරාධකාරයා කොටු කරගන්න සහාය වුන අවබෝධයක් ඇති සංචාරක මගපෙන්වන්නාට මගේ උපහාරය. එවැනි පුද්ගලයින්ගේ නමත් දැමීමට කටයුතු කරන්නේ නම් එය ඔවුන්ට උපහාරයක් වේවි.

:       0       0

එස්.දිල්රුක්ෂි Thursday, 26 April 2012 10:21 AM

මෙවන් අය රටින් පිටුවහල් කර දඩුවම් ලබා දිය යුතුයි

:       0       0

මස්තාක් Thursday, 26 April 2012 12:01 PM

මෙයා මහදුරෙක් නම් එකතු කළේ කෘමින් නම් මොකක්ද එතන තියෙන ප්‍රශ්නේ?

:       0       0

කුමාර් Thursday, 26 April 2012 12:15 PM

පරිසරයට ආදරය කරන්නන් මේ වගේ දෙවල් එකතු කරනවා. ඒක වාණිජ අරමුණකින් කරන දෙයක් නෙමෙයි. ඒත් කවුරු හරි ජාන මංකොල්ල කනවා නම් ඒක නැවැත්විය යුතුයි

:       0       0

ලංකාසිරි Thursday, 26 April 2012 02:34 PM

අවසර නැතුව මෙවැනි දේ කිරීම නීතිවිරෝධීයි.

:       0       0

ඇලෙක්ස් ඇන්ඩෘ Wednesday, 25 April 2012 05:37 PM

අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් දිය යුතුයි. වහාම රටින් පිටුවහල් කරනු.

:       0       0

ඒ.නටුනායක Wednesday, 25 April 2012 06:52 PM

මේ ගැන විමසිලිමත් වුණු අයට අපේ ප්‍රණාමය

:       0       0

නිශාන්ත Wednesday, 25 April 2012 06:59 PM

මේ ගැන අවධානයෙන් සිටි සැමට ජාතියේ ප්‍රණාමය

:       0       0

අබුඩාබි කොල්ලා Wednesday, 25 April 2012 07:09 PM

මොකක්ද මේ සංචාරක මහේස්ත්‍රාත් කියන්නේ. ඒ කියන්නේ පොඩි උසාවියකින් නඩු අහන අයටද ? කලවාන ඔය තරම්ම පොඩි නගරයක් ද ? මොනව වුනත් මේ අපරාධය අල්ලපු අයට ජාතියේ ප්‍රණාමය.

:       0       0

කේ.කේ. Wednesday, 25 April 2012 08:50 PM

මේ වගේ අය මීට පෙර තව මොන මොන වටිකා දේවල් ගෙනියන්න ඇත්ද?

:       0       0

අමරත් Wednesday, 25 April 2012 10:30 PM

මෙවැනි පුද්ගලයින් වහා සිරගත කළ යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 905 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 258 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 97 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 898 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 666 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 230 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 722 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site