ඉතාලියේ කඩාවැටුණු ආර්ථිකය හමුවේ දහස් ගනණක් රැකියා විරහිතව සිටිති. දුම්රිය ස්ථාන, විනෝද උද්‍යායාන වැනි පොදු ස්ථානයන් ඇතැම් ශ්‍රි ලාංකිකයින්ගේ ලැගුම් හල්ය.
ඔවුන් කුසගින්න නිවා ගනුයේ කරිටාස් වැනි පල්ලිය අනුබද්ධ පුන්‍ය ආයතන නොමිලේ ලබා දෙන කෑම වෙලෙන්ය. රැකියා නොමැති ශ්‍රි ලාංකිකයන්ට පිහිට වන ඔවුන්ගේ කුසගින්න නිවන බෞද්ධ පුත්‍රයෙක් කටානියා නුවර සිටියි.
කටානියා නුවර ජි.කේ ගුණතිලක මහතාය.
‘‘මම රැකියාවක් නැතිව මාස අටක් දුක් වින්දා. පසුගිය දවසක මම අහම්බෙන් සිසිලි පන්සලට ආවා. ඇවිත් ලොකුහාමුදුරුවන්ට මගෙ දුක කීවා. උන්වහන්සේ එහාට මෙහාට කතා කරලා මට රැකියාවක් හොයලා දුන්නා. හෙට ඉදලා මම වෑඩට යනවා. ‘
සිසිලි බෞද්ධ විහාරාධිපති මල්වතු පාර්ශවයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සිලානන්ද හිමියෝ ඒ පිලිබධව මෙසේ කියති.
‘‘මේ විහාරස්ථානයට එන ගොඩාක් අයට මට පුලුවන් විදියට පිහිට වෙනවා. රැකියා නැතිව හිටපු විශාල පිරිසකට රැකියා හොයලා දෙන්න මට පුලුවන් උනා. එකට මට කටානියා ඉන්න ගොඩාක් ශ්‍රි ලාංකිකයන් උදවු කළා. රැකියා නොමැති අය පන්සලට ඇවිත් බඩගින්නේ ඉන්නකොට මට බලන් ඉන්න බැහැ. ඒ වේලාවට මම හාල් ටිකක් ලිපේ තියලා එලවලු දෙකක් හදලා ඔවුන්ට කන්න දෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොයි රටකට ඇවිල්ලද හිඟා කන්නේ? ලංකාවේ කවදත් බස් එකේදී, දුම්රියේදී, පාරේදී හැම තැනකම හිඟා කන්නේ සිංහලයා තමයි. ඒමදිවට පිටරට වලටත් ගිහින් හිගාකනවා. (නි)
" ලංකාවේදී නෙමෙයි අසරණ වෙන්නේ, දුර රටකට ගියහම. කොයිතරම් පින් සිද්දවෙන දෙයක් ද අපේ හාමුදුරුවෝ කරන්නේ. නැති බැරි කම නිසා තමයි රට යන්නේ.(නදී)
ඔබ වහන්සේගේ සේවය දෙවියොත් අගය කරයි.(නදී)
ලක්ෂගනන් දීලා ඉතාලි යන්න ඉන්න අයට හොද පාඩමක්. ශීලානන්ද හාමුදුරුවන්ට බුදුසරණයි.(නදී)
මිනිසුන් විදින දුක හොදාකාරවම සීලානන්ද ස්වාමීන් වහන්සේ දන්නවා. ධම්මදෙනියේ ධම්මරාමේ ස්වාමීන් වහන්සේත් ඔය වගේම තමයි. මුන්වහන්සේලා දෙපලටම තව තවත් මෙවැනි දේ කිරිමට ධෛර්යය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු (නි)
"පිටිගල" ඔයාට රස්සාවක් ඇති, රස්ස්සවක් නැති කෙනෙකු තමයි එකේ රග දන්නේ , විකාර කියනවට වැඩිය ,මිනිහෙකුට උදව් කරන්න බලන්න .(නදී)
අමිල,චන්ද්‍රසිරි, කරුණාකර හොදින් කියවන්න. ලියලා තියෙන දේ හරියට තේරුම් ගන්න බැරුව මොනවා ලියනවද මන්දා. (නි)
තෙරුවන් සරනයි (දී)
මේක ඉතින් ලොකු දෙයක් නොවෙය්නේ මෙහෙත් හාමුදුරුවෝ මෙහෙමනේ නේද? මේක ගිහියෙක් කලොත් විතරයි ලොකුවට ගන්න ඕනේ මන් හිතන්නේ .(නදී)
පිටරටකට ගිහින් රැකියාව අහිමි වුණහම, කන්න දෙයක් නැතුව බඩගින්නේ ඉන්න වෙනකොට දැනෙන වේදනාව සුළුපටු නැහැ. මම එක මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. මෙහෙත් රැකියා අහිමි වුණ කන්න දෙයක් නැති සිංහල අය පන්සලට එනවා. රැකියාවක් හොයාගන්න වගේම කුසට අහරක් එකතු කරගන්න,මේ දේවල් කියවනවා වගේ ලේසි නැහැ ඒ නැතිබැරිකම දුක දරාගන්න. (නි)
ඔබ වහන්සේට බොහොම පින් (නි)
අනේ හොදයි (දී)
ඉතාලියේ පල්ලි වලින් කෑම ගැනීමට වත්කමක් නැති ඕනෑම කෙනෙකුට ගිහින් කන්න පුළුවන්. ඉතා ප්‍රනීත 'කොසස්' ආහාරයක් දෙනවා. කෑම වෙලාවට පෙර පල්ලිය අවට 'බයිට්' සමග පදම් වන ලාංකිකයෝද, මුණ හංගාගෙන හොරෙන් කන්න රිංගන රැකියා කරන්නෝද බොහෝ වෙති. (නි)
ඉතාලියට මොන පාරෙන් ආවත්.... ඇවිදින් කොපමණ අසරණයි කීවත්.... උන් රන් දම්වැල් පොරව ගනිත්.... ගම රට බලා යන හැම විටකත්.... (නි)
පිටිගල මහත්තයෝ සීලානන්ද හාමුදුරුවෝ කරන්නේ අසරණ වූ අයට පිහිට වීමක් ඒක ලංකාවේද මෙහේද ප්‍රස්නයක් නැනේ. ඔබ තුමන් ඔය මිලානෝ නිතර ගහමරා ගන්නා ආරාමෙකට යනවා නේ. ඒ හාමුදුරුවරු එකතු කරන් ලංකාවේ අයට උදව් කරන්නකෝ.(නදී)
කරුණාකරලා මේ අයට ටිකට් එකක් අරගෙන දීලා ලංකාවට එවන්න. ඔහේ ඉදන් දුක්විදින්නේ මොකටද මන්දා? හැමදාම පුළුවන් යැයි ඔහොම උදවු කරන්න? (නි)
පිටි ගල තියන්නේ මැටි ගල ලග ද ?(නදී)
ඉතාලිය හොඳ රටක්. මෙහෙ අය ගොඩක් හොඳයි ඒත් ලෝකේ ගොඩක් රටවල් වගේ මෙහෙත් ආර්ථිකය වෑටිලා තියෙන්නේ. එන්න කලින් දෙවරක් හිතන්න.(නදී)
නැති බැරි වෙනකොට තමයි හැමෝටම පන්සල පල්ලිය මතක් වෙන්නේ. පුලුවන් කාලේත් මෙයාලා පන්සලට ආවා ගියාද? (නි)
පින් අපේ හාමුදුරුවනේ. (නි)
සීලානන්ද හාමුදුරුවන්ගේ පොටෝ එකකුත් දානවා නම් හොදයි. කාටත් බලාගන්න.. (නි)
සීලානන්ද නායක හාමුදුරුවෝ අපේ ශ්‍රී ලාංකිකයනට ලොකු ශක්තියක් වගේම ආඩම්බරයක්. තව තවත් ශාසනික කටයුතු හා ජාතික කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ! තෙරුවන් සරණයි !(නදී)
අනේ සාදු ! (ස)
අන්න කරනවා නම් වැඩ (ස)
ගොඩාක් පින් ඔබට (දී)
සීලානන්ද ස්වාමින් වහන්සේ අපිට ලොකු ශක්තියක්. තෙරුවන් සරණයි! (නි)
මොකද ඉතාලි ගියයි කියලා කියන සැප නැහැ නේද? ලංකාවේ ඉන්න. මහන්සිවෙලා වැඩකරන්න. මුදල් ලැබෙයි. නුපුහුණු අය රට යන එක නවත්තන්න ඕනෑ (නි)
හාමුදුරුවන්ට තෙරුවන් සරණයි! (නි)
එතකොට ඔය කියන බුද්ද පුත්‍රයා "කටානියා නුවර ජි.කේ ගුණතිලක මහතා" ද?(නදී)
ඔබ වහන්සේට ලැබෙන පින අප්‍රමානයි. ඔබ වහන්සේට පාරමී පිරීමේ භාග්‍යය උදාවී ඇත. ඔබ වහන්සේට පින් සිද්ධ වේවා! (නි)
පින්සිද්ධ වෙච්චාවේ අපේ හාමුදුරුවන්ට, මේ කරන සේවයට.! (නි)
ඉතාලි යනවා කියලා යන්නේ නැතුව මේ රටේ මහන්සිවෙලා වැඩ කරලා හොදින් ජීවත් වෙන්න පුලුවන් (නි)
ඉතාලියට යුරෝ හම්බ කරන්න එන පුද්ගලයින්ට නොවෙයි හාමුදුරුවනේ, ඉතාලියේ මිනිසුත් එකතුකරගෙන ලංකාවේ පීඩිත, අන්ත දුක් විදින, කුසට අහරක් හෝ ඉගෙන ගන්න පොත පත නැති, ලෙඩකට බෙහෙත් ගන්න බැරි අසරණ කට්ටියට උදව් කරන්න. (නදී)
ඉතා වටිනා වැඩක් (දී)
කාලයකට පසු ලැබුණු සංවේදනිය පුවතක් සබැ බුදු පුත්‍රයෙක්.(නදී)
ඔහුට වැඩි වැඩියෙන් ලැබේවා!(නදී)
කාලෙකින් ඉතාලියෙන් හොද කථාවක්!(නදී)
අහන්නත් දකින්නත් ලැබූනූ සතූටූදායක පූවතක්. සිලානන්ද හිමියන්ට තෙරුවන් සරණයි. (නදී)
හාමුදුරුවෝ ගැනද කියන්නේ ගුණතිලක ගැනද කියන්නේ?(නදී)
මිල්ල සොයා යනවා. නමුත් බලනකොට ලංකාව හොඳයි වගේ. කෝම උන්නත් ස්වාමින්වහන්සේට ගොඩක් පින්.(නදී)
හාමුදුරුවෝ වැරදි වැඩක් කරපු ප්‍රවෘත්තියක් දැම්මා නම් ප්‍රතිචාර ගොඩයි. මේවටත් ප්‍රතිචාර දාන්න.(නදී)
ඉතාමත් ගුණගරුක හිමිනමක්. කතෝලික රටවල මේ වගේ වැඩ කරන්නේ ප්‍රවේශමෙන්. (නි)
ඔබ වහන්සේ මේ කරන්නේ ඉතාමත් උතුම් දෙයක්. ඔබ වහන්සේට කවදාවත් වරදින්නේ නැහැ. බුදුසරනයි!!! (නි)
අනිත් ආගම් වල පිරිස් කරන එක දකින්නේ නැද්ද? (නදී)
බුදු සරණයි (දී)
මේක නිකම් කිකිළියක් බිත්තරයක් දාලා කෑගහනවා වගේ පුවතක් .(නදී)
ඉතින් අනේ ඉතාලි වල දුක් විඳින්නේ නැතුව ලංකාවට ඇවිත් කුලී වැඩක් කරලා හරි ජීවත් වෙන්න පුලුවන්නේ, අපේ රටේ තවම ඔය වගේ වාතාවරනයක් උදාවෙලා නැහැනේ, තෙරුවන් සරණින්, නේද? (නි)
චන්ද්‍රසිරි , අමිල පොඩ්ඩක් කල්පනාවෙන් මොලේ යොදවලා මේක කියවන්න. මෝඩකමට බක බක ගාන්න එපා. පළමුව කල්පනාවෙන් කියවන්න ඉගෙන ගන්න (නි)
තවත් ලංකාවේ බුදු පුතෙක්... (නි)
අපේ අති පූජනීය භික්ෂූන් වහන්සේලා බහුතරයක් යුරෝපයේ රටවල් ගනනාවක වැඩ වාසය කලත් නියම බුද්ධ පුත්‍රයන් සිටින්නේ කිහිප නමක් පමණි. එයිනුත් අපේ වගේගොඩ සීලානන්ද හිමියන් සුවිශේෂ හිමිනමකි. උන් වහන්සේ ප්‍රංශයේ වැඩ වසන කාලයේ සිදුකල සමාජ හා ශාසනික මෙහෙය පිළිබඳව අදත් අප සිහිපත්කරන්නේ ඉතාම හදපිරි භක්තියෙනි. අපට අහිමි වූ සම්පතින් ඉතාලියේ ඔබට උපරිම ඵල නෙලාගැනීමට භාග්‍ය හා ශක්තිය ලැබේවා! (නි)
ලංකාවේ අපි හොදයිනේ. ඉතාලි ගිහිල්ලත් මිනිස්සු හිගාකනවාද? (නි)
ඉතාලියේ පල්ලි වලින් කිසිම ආගම් බේදයක් නොබලා අසරණව ඉන්න අයට උදව් කරනවා. කිසි කෙනෙක්ට ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට බලපෑම් කරන්නේ නැහැ. ඒවා ආදර්ශයට ගෙන ඉතාලියේ සිටින රැකියා නොමැතිව දුක් විඳිනා ලාංකිකයන් සඳහා ඉතාලියේ පන්සල් වල ඉන්න හාමුදුරුවරුන්ටත් කළ හැකි දේ එමටයි. මේ හාමුදුරුවෝ ඒ හැමෝටම ආදර්ශයක්. (නි)
අනුර, කල්පනාවෙන් කියවන්න විතරක් නෙමෙයි, ලියන්නත් ඕනෑ (නි)
ඔබ වහන්සේට තෙරුවන් සරන පතමි ! (නි)
සීලානන්ද හිමියන් ප්‍රංශයට වඩින්න කලින් තායිලන්තයේ හිටිය කාලෙත් හරිම හොදයි. ගුණයහපත්.(නදී)