දිවි සමක් ළඟ තබා ගත්තැයි කොල්ලුපිටියේ ජිනා මැඩම් (රෝස් මේරි පිළිෂියා පෙරේරා) කළුතර බන්ධනාගාරයේ සිට අද (18) කොළඹ කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ලැබීය. පැමිණිල්ල නොපැමිණීම නිසා එම නඩුව කල් ගියේය. කොල්ලුපිටියේ සුපිරි මහලක ගණිකා මඩමක් පවත්වාගෙන ගිය වරදට තුන් අවුරුදු සිර දඬවමක් විදිමින් සිටින ඇය සිය නීති වේදී රියන්සි අර්සකුලරත්න මහතා මගින් කියා සිටියේ කළුතර සෞඛ්‍ය පහසුකම් අඩු නිසා වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන ලෙසයි. ඇහේ අසනීපයක් අධික රුධිර පීඩනය හා දියවැඩියාව ඇයට ඇතැයි කියවිණි . මහාධිකරණයෙන් ඇයට දඬවම් කළ නිසා තමාට එම ඉල්ලීම ඉටුකළ නොහැකියැයි කී මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඇයට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සලසන ලෙස බන්ධානාගාරයට නියෝග කෙළේය. දිවි සම් නඩුව පෙබරවාරි 15ට කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන, අනෙක් හිරකාරයින් එක්ක එකට තියන්න එපා. (නි)
ඇයි වැලිකඩ යන්නේ යන්නකෝ බෝගම්බර ..(ස)
කවුරුත් නැද්ද පොඩි සහයෝගයක් දෙන්න කෙනෙක් (ස)
මැඩම්ටම වැරදි කියන්න බැහැ. මෙහෙම තැන් වලට කැමැත්තෙන්ම රස්සාවට යන අයත් ඉන්නවා. (නි)
බන්ධනාගාරේ ඉද්දි මෙහෙම අවශ්‍ය පරිදි මාරුවීම් ඉල්ලිය හැකිද ? (ස)
මැඩම් සෞදියේ හිටියානම් දෙයියන්ගේම පිහිටයි (ස)
වහලා තිබෙන තැනක් විවෘත කරන්න හැමෝම දගලනවා. ඒ නිසා විවෘත කරලාම තිබුණහම වැඩේ ඉවරයි. (නි)
මොකටද මාරුවීමක් ඉල්ලන්නේ (ස)
ඔය තැන් වල මාරු වීමුත් තියෙනවද ?????(ස)
පැමිණිල්ල නොපැමිණියේ ඇයි ?? (ස)
මැඩම් කියන්නේ වැදගත් රැකියාවන් කරන අයට. (නි)
එහෙ මාරුවීම් වගේ උසස්වීමුත් තියෙනවද ? (ස)
බිස්නස් එකක්වත් පටන්ගන්නද ? (ස)
සෑම් කියන දේ ජිනා මැඩම්ගේ 'පොතේ'නැත. (නි)
අපරාධ කරන අයට මැඩම්, සර් කියන්නේ ලංකාවේ විතරයි. (ත)
සමන්, 100%ක්ම ඔයා නිවැරදියි. (නි)
කවුද තාමත් මෙයාට මැඩම් කියලා කියන්නේ? (නි)
මේවා කාට කාටත් හොඳ පාඩම්. (නි)
බටහිර රටවල් වල ඔය වැඩේට ඩිප්ලෝමා එහෙමත් තියෙනවා. (නි)
කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ... (නි)
ජිනා මැඩම්ගේ යාලුවො ටික ඇත්තේ වැලිකඩ වෙන්න ඇති. ඒකනේ මේ එහෙ යන්න හදන්නේ. පවු අනේ එයාට පාලු ඇති නේද? (නි)
මෙයාලා කොහාට දැම්මත් මෙයාලගේ නිරුවත වහන්න බැහැ. (නි)
අපිට මේ ඉල්ලීමෙන් මොනවද හිතාගන්න පුලුවන් (නි)
අනේ අනේ මෙහෙමත් වැඩ? (නි)
එයාට මැඩම් කියන්න තරම් එයා වැදගත්ද? (නි)
සැප පහසුව නැතුව ඇති (දී)
ඉන්න තැන හොද නැහැ වගේ (දී)
මාරු කිරීමක් (දී)
සුහද මාරුවක්... (නි)
ප්‍රයෝජන ගත්ත අය උදව්කරන්නේ නැතෑ (ස)
අනේ පව් ඉල්ලීම ඉෂ්ඨ කරන්න බලන්න (ස)
කරන කොට නම් වැරදි ආසවෙන් කළා, දැන්...... (දී)
පුදුම කාන්තාවන් (දී)
එතන හොද මදි වගේද (දී)
ඇයි එයාට මැඩම් කියන‍්නේ? (නි)
වැරදි කරන්න බය නැති හැටි (දී)
ඇන්ටි පවු (දී)
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.. (නි)
කරනකලට පව් මිහිරිය පැණි සේ (දී)
ගම්වල අහිංසක කෙල්ලන්ව විකුණා මුදල් හම්බකරපු අයට මොන මාරුද? දියවැඩියාව නෙමෙයි පිලිකා නොහැදුණොත් තමා පුදුමේ. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (ස)
ජිනා මැඩම්ගේ සේවය ලබාගන්න ගිහින් පොලිසියට හසුවුණු ඇමතිට දඩුවම් නැද්ද? (නි)
ඉස්සරහට තව කොහේට මාරුවෙයිද දන්නෙ නැහැ. (නි)
අයුක්තියෙන් අසාධාරණයෙන් පවුකාර ලෙස ඉතා ඉක්මණින් විශාල මුදලක්, සැප සම්පත්, යාන වාහන උපයාගත හැක...... එහෙත් මිනිසුනේ ඒවා වැඩිකල් ඔවුන්තුල රැඳෙන්නේ නැත.... කළපව් වලට අපා ගතවී මරණින් මතු විඳීමට සිදුවන කාළය පවු කළ කාලය මෙන් කෝටි ගණනකි.... ආයෙත් අවුරුදු කෝටි ගණනකට මනුස්සයෙක් වෙලා ඉපිදෙන්නේද නැත.... අපායේ විඳවුවට පසු පෙරේතයන්වී ඉපිද අවුරුදු මිලියන ගණනක් සෙම්,සොටු,මළ මුත්‍රා, මළ මිනී කමින් ජීවත් වීමට සිදු වේ...... එමනිසා සමාජයේ සාධාරණව, මිත්‍රශීලීව, සතුටින් තියෙන හැටියට ජීවත් අපි වෙමු! (ස)
කාගෙන්වත් උපකාරයක් නැද්ද මැඩම්ට (ස)
වැලිකඩ සැප ඇති නේද ? (ස)
මෙම ගණිකා වෘත්තියට බලපත්‍ර දුන්නොත් නේද හොද? (නි)
ඉල්ලුමට අනුව සැපයුම මදි ඇති. (නි)
මෙවන් අයව බරපතළ වැඩ ඇතුව අඩු පහසුකම් වලින් යුත් හිරගෙයකට දාන්න ඕනෑ. (නි)