IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


‘‘ජනතා උද්ඝෝෂණ මර්දනය නොකරන්න‘‘

රට මුහුණදී සිටින අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දෙන තෙක් අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉවත් කර ජනතාවට යම් තරමකින් හෝ පිළිගත හැකි පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම ඇතුළත් අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවත් එම විසැඳුමින් බැහැරව ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයෙකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසි දිනෙක නිවැරැදි කරගත නොහැකි වරදක් වන බවත් බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.

බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයේ සම ලේකම් තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමියන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ.

“ අද බක් පුනු පොහෝ දවස. බුදුරජාණන් වහන්සේ දෙවැනි වරට මේ පින් බිමට වැඩම කළේ අද වැනි පොහෝ දවසක. අද දවසේ ලක්වැසි මහ ජනතාව විවිධ ගැටලු‍ හා ප්‍රශ්නවලින් පෙළෙමින් දුකට පත් වී ඇති අයුරු මෙහි ලා විස්තර වශයෙන් පැවැසීම අවශ්‍ය නො වේ. දුකින් පෙළෙන ජනතාව ගේ ඉවැසීම දැන් ලිහිල් වී ඇත. ඔවුන් මහ පාරට බැස උද්ඝෝෂණය කිරීම පිළිබඳව කිසිවකුටවත් එරෙහි විය නොහැකි ය.

මහ ජනතාව සාමකාමී ලෙස ජාති - ආගම් - පක්ෂ භේදයකින් තොරව හඬ නඟන්නට පටන් ගෙන ඇත්තේ ඔවුනට වෙන විකල්පයක් නැති නිසා ය. ජනතා පරමාධිපත්‍යය ගැන ඉහළින් කතා කරන ඔබතුමාත් රජයත් ඊට සවන් දිය යුතුය. ජනතාව ගේ ආර්ථික හා සෞඛ්‍ය ප්‍රශ්න උග්‍රව පැන නැඟී ඇති අවස්ථාවෙහි දීත් රජයේ ඇතැම් මැති ඇමැතිවරුන් ජනතා ප්‍රශ්න නොසලකා, නියම තතු වළහමින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී විවිධාකාරයෙන් කළ වහසි බස් දෙඩවීම් හා ගැටලු‍ වළක්වාගත හැකි අවස්ථාවලදීත් ඒවා ගැන නො සලකා අත්තනෝමතික ලෙස තමතමන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් ආදිය නිසා ජනතාව තව තව ද ප්‍රකෝපයට පත් ව ඇත.

හේතු - ඵලවාදීව මේ ප්‍රශ්න දෙස නො බලා ඒවාට නිසි විසැඳුම් සොයා ගත නොහැකිය. අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේලා මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා අදාළ වන යෝජනා ඇතුළත් කොට ඉදිරිපත් කළ සන්දේශය පිළිබඳව රජය හෝ ප්‍රතිපක්ෂ හෝ මෙතෙක් අවධානය යොමු කැර නැත. සියලු‍ දේශපාලන පක්ෂ ඇති බලය රැක ගැනීමටත් නැති බලය ඩැහැ ගැනීමටත් දරන ප්‍රයත්නය මහා ජනතාවගේ පිළිකුලට භාජනව ඇත.

රජයේත් රටේත් මේ අස්ථාවරභාවය ජනතාව තව තව ද පීඩනයට පත් කරනු නොඅනුමානයි. ජනතා අර්බුදය විසැඳෙන සාකච්ඡාවක් හෝ ක්‍රියාමාර්ගයක් හෝ පාර්ලිමේන්තුව තුළ සිදු නොවන හෙයින් එක් අතකින් මන්ත්‍රීවරුන් 225 දෙනාම ජනතා අප්‍රසාදයට ලක්වීම සාධාරණ ය.

මේ උද්වේගකාරී අවස්ථාවෙහිදී රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමා ජනතා පරමාධිපත්‍යයේ හඬට සාවධාන වී රාජ්‍ය බලයටත් වඩා ජනතා බලයට ඉඩ කඩ ලැබෙන පරිද්දෙන් බුද්ධිමත්ව ක්‍රියා කරනු ඇතැයි සිතමු. ප්‍රතිපක්ෂ නියෝජනය කරන සියලු‍ මන්ත්‍රීවරුන් ද තමන් ගේ භූමිකාව අර්ථවත් වන පරිද්දෙන් සියලු‍ වාද භේද හා පටු අපේක්ෂා අත්හැර ජනතාව හා රටේ ආර්ථිකය පැත්තෙන් බලා සාධාරණ සාමුහික විසැඳුම් මාර්ගයකට අවතීර්ණ වීම අත්‍යවශ්‍යය.

එසේ හෙයින් දීර්ඝකාලීන විසැඳුම් මඟකට යන තෙක්, ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු ඇමැති මඩුල්ල ඉවත් කොට මධ්‍යස්ථ මහ ජනතාවගේ ප්‍රසාදය එක්තරා පමණකට හෝ දිනාගත් පක්ෂ - ප්‍රතිපක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් යුත් අවම අමාත්‍ය මණ්ඩලයක් පත් කොට මහ ජනතාව උග්‍ර ලෙස පෙළන ආර්ථික හා සමාජීය අර්බුදයෙන් වහ වහා මුදවා ගන්නා ලෙස කරුණාවෙන් දන්වමු.' ප්‍රතිපක්ෂවල සියලු‍ මන්ත්‍රීවරුන් ද මේ අර්බුදයෙහි බැරෑරුම් කම දූරදර්ශීව බුද්ධිමත්ව වටහාගෙන ජනතාව සුවපත් කරන ආර්ථික ස්ථාවරත්වයක් ඇති කැරගැනීමට උත්සුක වනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.

මෙම විසැඳුමින් බැහැරව සිතමින් ජනතාව ගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයෙකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසිදිනෙක නිවැරැදි කැරගත නොහැකි වරදක් වන බව ද මේ සමඟම සඳහන් කරනු කැමැත්තෙමු.

අපගේ, මාතෘ භූමිය තුළ සාමකාමී සමෘද්ධිමත් දේශයක් ගොඩනංවා ගැනීම සඳහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ද ඉක්මවා යන සියලු‍ ජාතිකයනට ද සියලු‍ ආගමිකයනට ද සියලු‍ පුරවැසියනට ද සාධාරණය හා යුක්තිය ඉටු වන “ධර්මතාන්ත්‍රික රාජ්‍යයක්” පිහිටුවා ගැනීමට උත්සුක වන ලෙස පක්ෂ - ප්‍රතිපක්ෂ - රටවැසි හැම දෙනා ගෙන් ම ශාසනාලයෙන් ඉල්ලා සිටිමු”

 



අදහස් (6)

‘‘ජනතා උද්ඝෝෂණ මර්දනය නොකරන්න‘‘

lakvidu Sunday, 17 April 2022 12:10 AM

සාධු.., සාධු... සාධු...!

:       1       12

sudath Sunday, 17 April 2022 07:43 AM

ඉතා වටිනා කාලීන උපදේශයක්...

:       1       15

විනිවිද Sunday, 17 April 2022 07:45 AM

රටේ දේශපාලන පක්ෂ පිළිබඳව නොව සමස්ත දේශපාලන ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය මේ වනවිට බිඳවැටෙමින් තිබේ. මේ දිනවල පවතින දේශපාලන විරෝධී තරුණ රැල්ල රටේ සමස්ත දේශපාලන ක්‍රියාවලියේ වෙනසක් උදෙසා රටට පණිවිඩයක් ලබාදී තිබේ. මෙම පණිවිඩය රටේ නායකයා වශයෙන් ජනාධිපතිවරයා දෙසට ඍජුව එල්ල වුවද තරුණයින් පණිවිඩය ලබාදී තිබෙනුයේ පක්ෂ විපක්ෂ සමස්ත දේශපාලකයින් සියලු දෙනා වෙතයි. ජනාධිපතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කළද අගමැතිවරයා රැල්ලට බියවී වෙරළට පැමිණීමෙන් වැළකි සිටියේය.. සියලු විපක්ෂ නායකයින් සහ අවස්ථාවාදී පරාජිතයින් තාරුණ්‍යයේ දේශපාලන විරෝධී රැල්ල ඔවුන්ගේ වාසියට හරවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියි.

:       3       10

AnuraSunday, 17 April 2022 06:23 PM

තරුණයන් ඉල්ලන්නේ මේ ආර්ථික විනාශයට ඍජුවම වගකිව යුතු ජනාධිපතිතුමා ඉල්ලා අස් වෙන්න කියලා..., අත්තනෝමතිකව සිදුකරපු බදු කපාහැරිම සහ රසායනික පොහොර තහනම් කිරීම නිසා ආර්ථිකයට සිදුවූ හානිය මේ සිදුවී තිබෙන විනාශයට බලපාපු ප්‍රධාන කාරණා දෙකක්...

:       1       7

විනිවිද Sunday, 17 April 2022 07:48 AM

දශක 7ක සිට ක්‍රමයෙන් වර්ධනය වූ දුෂිත දේශපාලනය, ආගම්වාදය, ජාතිවාදය, සියල්ල පරාජය කරමින් ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වරට අවියෙන් නොව තාක්ෂණයෙන් පමණක්ම සන්නද්ධ වූ ශ්‍රී ලාංකික තරුණයන් ප්‍රජතන්ට්‍රවාදය උදෙසා ඉදිරියට පැමිණියේය. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටින එක්සත් ජාතික පක්ෂය රැල්ල පිළිබඳ අවබෝධයකින් කටයුතු කරමින් සිටියි. පාර්ලිමේන්තුවේ සිටින්නා වූ වෙනත් කිසිඳු දේශපාලන පක්ෂයක් යුග පෙරළියක් වෙනුවෙන් තරුණයින් කරන්නා වූ මානුෂීය අරගලයේ පණිවිඩය ඔවුන්ගේ වාසියට හරවා ගැනීමට උත්සාහ දරනවා මිස එය නිවැරදිව කියවාගෙන නිසි අවබෝධයක් ලබාගෙන තිබේදැයි කියා සැක සහිතයි...

:       6       8

Bamunuarachchi Monday, 18 April 2022 07:03 AM

ජනතා උද්ඝෝෂණ සෙසු ජනතාවට හිරිහැරයක් නම් පාරවල් අවහිර කරන්නේ නම් උද්ඝෝෂකයින් පලවා හරින්න. මොවුන්ගේ මේ ගොන්පාට්වලට සෙසු ජනතාව අපහසුකම් විඳිය යුතු නැත.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තැපැල් ජන්ද සළකුණු කිරීම අද ඇරැඹේ
2025 අප්‍රේල් මස 24 45 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ
2025 අප්‍රේල් මස 24 402 0

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.


දළදා වන්දනාවට ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අද සිට නතර වෙයි
2025 අප්‍රේල් මස 24 500 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි


වනසන්න තිබූ විස්කි තේ කහට වෙලා
2025 අප්‍රේල් මස 24 1209 0

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක


අදත් තැනින් තැනට වැස්ස
2025 අප්‍රේල් මස 24 59 0

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති
2025 අප්‍රේල් මස 24 1444 0

දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 682 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 338 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site