IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ජනාධිපති ගන්නා තීරණවලට ඇමැතිවරු කොන්දේසි විරහිතව පෙළගැසිය යුතුයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 

විධායක ජනාධිපතිවරයා එළඹෙන සුභවාදී යෝජනා සමඟ රජයේ ඇමැතිවරු පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා කොන්දේසි විරහිතව පෙළගැසිය යුතු බව මහා මාර්ග කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය .

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව පැවසුවේ , කොට්ටාව මත්තේගොඩ ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ඉතා හොඳ තත්වයෙන් තිබියදී රුපියල් ලක්ෂ 672 ක මුදලක් නාස්ති කරමින් නැවතවරක් කාපට් අතුරන බවට ඇමැතිවරයාට ලැබී තිබූ පැමිණිල්ලක් පරීක්ෂාවට ලක් කිරීමට මත්තෙගොඩ ප්‍රදේශයට පැමිණි  අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය.

මුලින්ම මා කියන්න ඕනි කොට්ටාව මත්තේගොඩ ප්‍රධාන මාර්ගයේ කාපට් ඇතිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධය මාධ්‍යවේදීන් විසින් සිදු කළ පැමිණිල්ලක් නිරීක්ෂණය කිරීමටයි මා මෙහි පැමිණියේ. එහෙත් මෙම ව්‍යාපෘතිය  ගැටලුවක් මතුවෙලා නැහැ. අවුරුදු හයකට කලින් තමයි කාපට් අතුරලා  තියෙන්නේ. ඒ වගේම අවුරුදු හතළිහකට පස්සෙ තමයි මේ පදික වේදිකාව අලුත්වැඩියා කරන්නෙ. ඒ නිසා මෙය ඉතා හොඳ ව්‍යාපෘතියක් එය ඉතා ඉක්මනින් අවසන් කිරීමට පියවර ගන්නවා.   

මේ හැම හැමදෙයක්ම අපි කරන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුවයි. නමුත් අපි කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් විවේචන එල්ල කරනවා .මේ දවස්වල රටේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ කොරෝනා වසංගතය නෙමෙයි. අද හැමෝම කතාවෙන්නෙ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන. මේ ජැටිය සම්බන්ධයෙන් සියලුම ගිවිසුම් වලට එලබිලා තිබුණේ පසුගිය යහපාලන රජය. නමුත් ඒ සියලු ගිවිසුම් වල අයහපත් දේ මගහැරලා යහපත් විදිහට  ක්‍රියා කිරීමයි අපි මේ කරන්නේ. මේක රටට අහිතකර කාරණාවක් නෙවෙයි.

මේ ගැන විවිධ අය විවිධ කරුණු පවසනවා . නමුත් රජයේ ඇමැතිවරු හැටියට අපි එක් අරමුණක සිටිය යුතුයි. මොකද මේ රටේ විධායක ජනාධිපතිවරයා හැටියට එලඹෙන  ඕනෑම හොඳ යෝජනාවකදී   ඇමතිවරුන් හැටියට අපි එතුමා සමග සිට ගත යුතුයි. එහෙම නැතුව එක එක්කෙනාගෙ න්‍යාය පත්‍ර වලට  වැඩ කරන්න හොඳ නැහැ.අදහස් ඉදිරිපත් කරන්න හොඳ නෑ.එහෙම වුනොත් වෙන්නේ ලොකු විනාශයක් .

මොකද ජනාධිපතිතුමා , අගමැතිතුමා සහ මේ රජය පිහිටවන්න මේ රටේ ජනතාව සද්භාවයෙන් කටයුතු කළේ පහුගිය අවුරුදු පහ තුළ කාලකන්නි රජයක් මේ රට පාලනය කල නිසා . ඒ අගාධයෙන් මේ රට නැවත ගොඩගෙන සංවර්ධනය කරන්න රජය ගන්න හැම ක්‍රියාමාර්ගයකදීම රජයේ ඇමතිවරු රජයත් සමඟ සිට ගත යුතුයි. 

මේ පිළිබඳව අද සමාජයේ පූර්ණ කතිකාවතක් ඇති වෙලා තිබෙනවා. ඒ අතර යහපාලන රජය පරාජය කරලා මේ රජය පත් කරන්න  කැපවීම් කරපු මහා සංඝරත්නයත් ඒ අතර ඉන්නවා. ඇත්තෙන්ම අපි මහා සංඝ රත්නයට ගරු කරනවා මේකේ හොඳ නරක පෙන්වා දීම පිළිබඳව හැබැයි පිරිසක් යටින් ඉඳගෙන මහා සංඝරත්නයත් උසිගන්වනව කියලා අපිට පේනවා . මේ රටේ හැමෝගෙම ආරාධනා කරනවා  කිසිදු කුමන්ත්‍රණයකට අහු නොවී අගාධයට පත්ව තිබුණ රට සමගියෙන් සහයෝගයෙන් ගොඩගන්න එක් වෙන්න කියල.

 



අදහස් (23)

ජනාධිපති ගන්නා තීරණවලට ඇමැතිවරු කොන්දේසි විරහිතව පෙළගැසිය යුතුයි

Nuwan Tuesday, 26 January 2021 10:45 AM

එහෙමද ආස...?

:       2       64

fairoos Tuesday, 26 January 2021 11:00 AM

නැතිනම් සුදු වෑන් එක එවයි.

:       46       66

prabha Tuesday, 26 January 2021 11:14 AM

කතාවේ කිසි වැරැද්දක් නැහැ. වහලෙකුගේ නිදහස් සිතුවිල්ලක්...

:       1       86

සෙනවි Tuesday, 26 January 2021 11:19 AM

මෙයින් අදහස් වන්නේ වක්‍රව ඒකාධිපතිවාදයද? නැතහොත් වහල්භාවයද?

:       1       57

විජිත් Tuesday, 26 January 2021 11:39 AM

දියවන්නාවේ ඉන්න බත්බැලයින්ට සහ බයියන්ට මෙය අනිවාර්ය කර ඇත...

:       2       79

pradeepa Tuesday, 26 January 2021 11:49 AM

හොඳ හොඳ කුට්ටි ලැබෙන කෙනාට තමයි ආණ්ඩුවේ වේදනාව දැනෙන්නේ.. රටට හෙණ ගැහුවත් කමක් නැහැ ජනාධිපති කියනවා නම් කනවා ජරාව වුණත්..

:       1       69

Asanga Tuesday, 26 January 2021 11:50 AM

ඔව් ඉතින් තමනුත් කරන්නේ පුළුවන් තරම් මුට්ටි අල්ලන එකයි. එතකොටනේ තමන්ගේ ගැලවීම තියෙන්නේ. ඔහොම යමුකෝ තව ටික කලක්...

:       1       64

Kumara Tuesday, 26 January 2021 11:50 AM

මෙයා කවුද කියලා රටේ මිනිස්සු දන්නවා... පවු...

:       1       58

gamunu Tuesday, 26 January 2021 11:58 AM

රජය අසමත්, විපක්ෂය අසමත්... සමස්ත රටවැසියාට විකල්පයක් නොමැත. ජනතාව වෙනසක් ඉල්ලා සිටින තුරු සහ නිහඬව සිටිනතුරු කිසිවකු ඔවුන්ට නායකත්වය දීමට ඉදිරිපත් නොවනු ඇත.

:       4       68

Prasad Tuesday, 26 January 2021 01:10 PM

ඔව්, ඔව් කිව්වොත් මෙයා ඕනෑ දෙයක් කයි.

:       1       49

chandima Tuesday, 26 January 2021 01:57 PM

එහෙනම් මොකටද? පාර්ලිමේන්තු යන්න අපෙන් ඡන්දෙ ඉල්ලන්නේ...? ඒ මදිවට ගියාට පස්සේ කියන්නේ ජනතා නියෝජිතයෝ කියලා. මේ කියන විදිහට ඇමැති වරුන්ට තෙලුත් අරන් තමයි රස්සාවට යන්න වෙන්නේ...!! 

:       1       39

රංග Tuesday, 26 January 2021 02:32 PM

රජ කාලේ වගේ, නූතන චීන විදිහ වගේ...

:       1       23

ara Tuesday, 26 January 2021 03:00 PM

එයා කියන දේ වැරදි බව එයා දන්නෙත් නැහැ. අවාසනාව එයා කියන්නේ වැරදි කතාවක් කියලා 69 ලක්ෂයක් දන්නෙත් නැහැ.

:       1       34

upul Tuesday, 26 January 2021 03:06 PM

දැක්කාම මහ අප්පිරියාවක් එන්නේ මට විතරද?

:       1       52

Lanka Tuesday, 26 January 2021 03:58 PM

ස්තුතියි සර්... අපිට දැන් හොඳට තේරෙනවා... ඔයාලාට තව වැඩි දවසක් නැහැ.

:       1       35

විජිත් Tuesday, 26 January 2021 06:22 PM

ලංකා, සර් කියන්නේ ඇයි මෙයාට...? මේ ගොල්ලෝ අපේ සේවකයින්. අපියි පඩි ගෙවන්නේ. හොඳට වැඩකලේ නැතිනම් අපිමයි එළවලා දමන්නේ. දැන්වත් අහන්න, දේශපාලුවන්ට "සර්" කියන්න එපා. ඒ වගේමයි දේශපාලුවන්ට වඳින්න ආචාර කරන්න එපා. ඒ අපේ සේවකයෝ. ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා ඔයා අහලත් ඇති... (politics is a dirty game) දේශපාලනය කියන්නේ ජරා සෙල්ලමක් කියලා. ඒ ජරා සෙල්ලම කරන්නේ ජරා මිනිසුන්. ඔබ කීවා වගේ මේ ගොල්ලන්ට වැඩි කාලයක් නැහැ. හෙට, අනිද්දාම දියවන්නාවෙන් විසිවෙලා, ආයෙත් සැරයක් කුරුණෑගල පැත්තේ කොහේ හරි අඳුරු කොනක කසිප්පු පෙරන්න වෙනවා...

:       0       2

රාජුන් Tuesday, 26 January 2021 07:48 PM

ජේ.ආර් කළෙත් ඕකම නේද? මම අහලා තියෙන විදිහට ජේ.ආර් ගාව මැති ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි තිබුණා කියනවනේ... මෙයා තර්ජනය කරන්නේ එයාගේ චරිත දෙක ගැන පංපෝරි ගහලා. මෙයා දන්නේ නෑ මානසික වෛද්‍යවරුන් කියන ආකාරයට චරිත දෙකක් තියෙන්නේ එක්කො bipolar නැමති රොගයේ ලක්ෂණයක් විදිහට.. නැතිනම් එයා මහා කපටි, වංචනික වෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඒ දෙකම තියෙන්න ඕනෑ.

:       0       2

සිසිල් සුදේශ් Wednesday, 27 January 2021 03:55 AM

එසේය, මහරජ!

:       0       1

Sanju Wednesday, 27 January 2021 04:48 AM

ඔව්, එහෙම කරමු. මොකද බාර් ලයිසන් අලුත් කරද්දී රජයට වාර්ෂිකව ගෙවිය යුතු අවම ගාස්තුව වන රුපියල් ලක්ෂ දහයත් ජනාධිපතිතුමා ගන්න එක නතර කළානේ. ඒ නිසා අපි කොන්දේසි විරහිතව සහයෝගය දෙන්න ඕනෑ... ඔබතුමා හරි.

:       0       1

saman Wednesday, 27 January 2021 04:57 AM

නියම කොන්දක් ඇති අැමැතිතුමෙක්. සැබෑ ජනතා නියෝජිතයෙක්...

:       2       0

Nihal Wednesday, 27 January 2021 05:53 AM

කරන්නේම මෝඩ වැඩ කියලා කියන්නේ කට කහනවටයැ...

:       0       5

Rata Perata Wednesday, 27 January 2021 07:51 AM

අපේ ඡන්දෙන් ගිහිල්ලා ලොක්කගේ පස්සේ යනවා. වෙන රටවල නම් ඡන්දෙ දීපු ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ...

:       0       2

duminda Wednesday, 27 January 2021 07:56 AM

වහල්කමට බෙහෙත් නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1749 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 469 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 600 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 874 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1735 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 479 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site