IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජනපති - අගමැති ට්‍රම්ප්ට සුබ පතති

ඇමරිකා එක්සත් ජනපදයේ 45වැනි ජනපති පදවියට සුදුසුකම් ලැබූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු තම ට්විටර් ගිණුම් හරහා අද(9) දහවල් සුබ පැතූහ.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ලෙස ලැබූ ඵෙතිහාසික ජයග්‍රහණය පිළිබඳව තම උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ජනපති ට්විටර් ගිණුමට ඇතුළත් කළ සුබ පැතුම් පණිවිඩියේ සඳහන්වේ.

අගමැතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතමින් සිය ට්විටර් ගිණූමේ සඳහන් කළේ ධවල මන්දිරයට යන මං පෙතේ දී ලැබූ අපූර්ව හා ඵෙතිහාසික ජයග්‍රහණයට සුබ පතන බවයි.

එසේම ශ්‍රී ලංකාව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලන කාලයේ දී ඇමරිකා එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

 



අදහස් (0)

ජනපති - අගමැති ට්‍රම්ප්ට සුබ පතති

ටිකිරි Wednesday, 09 November 2016 01:09 PM

ලංකාවේ මිනිස්සු වගේම ඇමරිකාවේ අයත් ඉඳලා තින්න්නේ වෙනසක් කරන්න බලාගෙන. කොහොම වුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනපු එක ලංකාවට හොඳයි. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න අපේ වෙනස වගේම ඒ වෙනසත් සැපද කියලා (නි)

:       0       0

නුවන් Wednesday, 09 November 2016 01:14 PM

විද්දේ හාවට වැදුනේ පඳුරට! (නි)

:       0       0

ජනහිත Wednesday, 09 November 2016 04:35 PM

ඒක ඇමරිකන් ගතියනේ. සම්ප්‍රදාය නැතුව බැහැනේ (නි)

:       0       0

සිරි Wednesday, 09 November 2016 08:26 PM

සුබ පතන්නේ නැතුව කොහොමද? (නි)

:       0       0

පේදුරු Wednesday, 09 November 2016 11:58 PM

ඔය කට්ටියටත් බලාගන්න පුලුවන් තමන්ට ඊළඟ ඡන්දෙදි වෙන දේ (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 10 November 2016 12:56 AM

සුබ පතන්නේ නැතුව ඉතින් දැන් වෙන මොනවා කරන්නද. (නි)

:       0       0

සත්‍යයා Thursday, 10 November 2016 02:26 AM

ට්‍රම්ප් වැඩ පටන්ගත්තහම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික බවට මොනවා වෙයිද කියලා මොනම සහතිකයක්වත් නැහැ. දිගටම ජයග්‍රාහකයින් වන්නේ හීන් නූලෙන් වැඩ කරන දෙමළ ඩයස්පෝරාව. (නි)

:       0       0

නුවන් Wednesday, 09 November 2016 09:28 AM

වැල යන අතට මැස්ස ගහනවා වගේ සමහරු නම් බලන් උන්නේ අර නෝනා එනකම් නේ .(ම)

:       0       0

ප්‍රින්ස් දිසානායක Wednesday, 09 November 2016 09:33 AM

ඇමරිකාවටත් ජාතික රජයක් හදන්න උගන්වන්න (බ)

:       0       0

ජයරත්න Wednesday, 09 November 2016 09:55 AM

නුවන් රටකට නායකයෙක් පත් වුණාම සුභ පැතීම සම්ප්‍රදායක්. ඒ තමන් කැමති කෙනා වෙන්න ඕන නැහැ. යමක් කියන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න. (ම)

:       0       0

නජීව Wednesday, 09 November 2016 10:23 AM

එතකොට රටක නායකයෙක් තව රටක මැතිවරණයක දිනන කෙනා ගැන අනාවැකි කියන එකත් සම්ප්‍රදායක්ද? (නි)

:       0       0

මුණසිංහ Wednesday, 09 November 2016 10:27 AM

නුවන් හරි. අපේ සමහර අය බලාහිටියා හිලරි දිනනකම්. දැන් වැඩේ වැරදුනා. අපිට ඉතා හොඳයි. මානව හිමිකම් ගැන ට්‍රම්ප්ගේ එතරම් අවදානයක් නැහැ. ඒ නිසා විශේෂයෙන් ආසියාවට හොඳ කලදසාවක් යාවි. කොටින්ට දඟලන්න ලැබෙන එකක් නැහැ. හැබැයි අන්තවාදීන්ට නම් තිබුනට වැඩිය පහර කන්න වෙයි. ට්‍රම්ප්ට අපේ සුබ පැතුම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 56 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 202 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1050 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2784 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1117 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1100 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25874 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site