‘ලොකේ කොයි රටෙත් වැරදි අඩුපාඩු තිබෙනවා. හිරගෙවල් නැති, පොලීසි නැති, අධිකරණ නැති රටක් නැහැ. හොරු, වංචාකාරයො, කම්මැලි නිලධාරීන් නැති රටක් නෑ. නමුත් දියුණු බලවත් රටවල් මේවා ඉස්මතු කරන්නේ නෑ.‘ යැයි මහින්ද රාජපක්ෂ ජනපති අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයයේ සියවස් සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් පැවසීය.
‘ලෝකයේ අනිත් රටවල් කියන්නේ ඔවුන්ගේ ශේෂ්ඨත්වය විතරයි. අපේ රටේ සමහරු රටේ හොඳ දේවාල් වෙනුවට පිටට දෙන්නේ නරක දේවල්‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යොහාන්, ඇයි ඉදි අමීන්, හිට්ලර්ලා විතරද පෙනුනේ? ලින්කන්,තැචේර්,වොෂින්ටන්,කෙනඩි, මාවෝ, ලිකුවාන් යු, ගොර්බෂොප්.... වගේ අය දැක්කේ නැද්ද? (නි)
මේවා නවතන්න ගත් පියවර මොනවාද? (නි)
ආණ්ඩු පක්ෂේ ද විපක්ෂෙද කියා වෙනසක් නැහැ මට නම්. මොකෝ මට නම් කවුරු පත් වුණත් එකයි. මිනිස්සුන්ට ඡන්දෙ කටු ගලන්න පුලුවන් නම් පාලකයන්ට හිතන්න වෙනවා ඇයි එහෙම වුණේ කියලා. ඒත් ඉන්න අපේ කට්ටියගේ සංඛ්‍යාවේ හැටියට වැඩේ අමාරුයි. (නි)
මිනිස්සු බුද්ධිමත වෙන්න වෙන්න වරදවල් කරන එක අඩු වෙනවා (දී)
අනේ ජනපතිතුමනි, ඔන්න ඔය කම්මැලි නිලධාරියෝ හොයලා සුදුසු පියවරක් ගන්න. (නි)
ඇයි දෙයියනේ මෙහෙම අපරාධ ලංකාවේ අපිට දකින්න වුණේ? ජනපතිතුමනි, ඔය කියන කම්මැලි නිලධාරීන් එලවා දමන්න. නිතිය ශක්තිමත් කරන්නනේ අපි ඡන්දේ දුන්නේ. (නි)
එතකොට අර පසුගිය දිනවල මතභේදයට තුඩුදුන් අධිකරණ තීන්දු වලට ඔබතුමා මේ කියන හේතුන් හැර වෙනත් කිසිදු හේතුවක් බලපෑවේ නැද්ද? මම මේ තේරෙන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ලෝකේ කොහෙත් වැරදි වෙනවා තමයි. අපි දන්නවා. නමුත් ලංකාවේ ජනගහනේටයි, භූමි ප්‍රමානේටයි සාපේක්ෂව බැලුවම මෙහෙ පැයෙන් පැයට අපරාධ වෙන එකනේ ප්‍රශ්නේ. (නි)
හිරගෙවල් තියන එක ප්‍රශ්නයක් නෙමෙයි අපට. ප්‍රශ්නේ තියෙන්නේ ඒවාට යන්නේ පොඩි අය විතරක් වීම සහ ලොකු අය ගිය පයින් ආපහු ගියාට වැඩිය හොදට පැමිණීම. ඇයි එහෙම වෙන්නේ? අනේ මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කැනඩාවේ නීතිපති ගිය අවුරුද්දේ මෙහෙ රජයට විරුද්ධව තීන්දු 18 දීල තියනවා නේද? කැනඩාව රුසියාවට පසු ලෝකේ දෙවැනියට ලොකු රට. ලංකාව කී වැනි තැනද මම දන්නේ නැහැ. නමුත් ලොව බලවත්ම ව්‍යවස්තාව තියෙන්නේ ලංකාවට. (නි)
මෙතනත් ඉන්නේ "හොද පුතාලා" සෑහෙන්න හොද අදහස් දාලා.කියන ඕනෑම දෙයකට හුරේ හුරේ ගාන්නේ නැතුව, දැන් අන්තර්ජාලේ එහෙමත් තියන එකේ බලන්නකෝ ලෝකේ රටවල් වල පොලිස් වාර්තා එහෙම කියවලා ටිකක්. (නි)
සුනිල්, රට හෝදන කට්ටිය පිටරට ගියාම ඉතුරු වෙන්නේ ලොකු ලොක්කන්ගේ කුණු හෝදන කට්ටියනේ. සුනිල්ලා නම් හැමදාම කඩේ යයි අපේ හම යයි. (නි)
සමාවෙන්න මෙහෙම කීවට. කොම්පැනියක් පාඩු උනාම කළමනාකරු වගකියන්න ඕනා. රටක් බංකොලොත් උනාම ප්‍රදානියා වග කියන්න ඕනා. මේ වෙන හොරකන් දුෂණ ඔබතුමාට රහසේ කරනවා කියල මන් නම් පිළිගන්නේ නැහැ.(නදී)
හැබැයි ළගදී ළගදී අපේ රටේ වෙච්ච දේවල් පිටට දෙන්න ගියොත් නම් ඒ ගැන දෙවතාවක් හිතන්න වෙනවා. (නි)
කලකිරුණු යාපනේ වැසියෝ කැරලි ගහන්න උදවු ඉල්ලගෙන ගියේ ඉන්දියාවට. ලිබියාවේ පාලනය ගැන කලකිරුණු අය උදවු ඉල්ලුවේ බටහිරින්. ඉන්දියාවේ මාවෝවාදීන්ට චීනය උදවු කරනවා. ලෝකේ දැන් යන විදියට මෙහෙ කට්ටිය ගැනත් හිතාගන්න අමාරුයි. එහෙම නොවෙයි කියලා අපිට සහතික කරන්නත් බැහැ. එය එසේ නොවීමට වගබලා ගැනීම ඔබතුමාට භාරයි. (නි)
මිනිස්සුන්ට පාලකයෝ එපා කරවන්නේ පාලකයෝමයි. එපමණක් නෙමෙයි, වෙන රටවලට මේ රටට ඇගිලි ගහන්න පාර කපල දෙන්නෙත් පාලකයෝ. මෙහේ එවන් තත්ත්වයක් ඇති නොවිමට ඔබතුමාට ශක්තිය ඇති බව මගේ විශ්වාසයයි (නි)
පොලිස් වාර්තා කියනවා හැම විනාඩි 20කට සැරයක්ම රිය අනතුරක්, දිනකට රිය අනතුරු වලින් 4 මියයනවා. ලිංගික හිංසන දිනට 12ක්... මිනීමැරුම් දිනට 4ක්. තව හොරකම්, කප්පම්, ළමා අපචාර, හොර සල්ලි, මැරකම්, පැහැර ගැනීම්.. අනේ මන්දා. මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)
අපිට නැගිටින්න ඕනෑ නම් නැගිටපු රටකට සාපේක්ෂව අපිව සන්සන්දනය කළ යුතුයි. (නි)
සදරුවන්, ඒක ඇත්ත කිවුවේ කොහෙද ඉස්කෝලේ ගියේ? (නි)
උයන් පල්ලාගේ වැඩේ ගොපල්ලා කරන්න ගියාම ඔහොම වෙනවා.(නදී)
ජනාධිපතිතුමනි, ලංකාව නම් දැන් ගන්න දෙයක් ඇත්තේම නැහැ. ඇමති මණ්ඩලේ අඩුකළා නම් හොද නැද්ද? මම මේ කිවුවේ අදහසක් විතරයි. (නි)
අවරුදු 30ක බෝම්බ සංස්කෘතියට තිත තිබ්බා. එතැන් පටන් අද දක්වා යන ගමන් මග ලේසි නෑ. බලය ලබා ගන්ට රෝස මල් පෙන්නන දේව දුතයෝ තමයි රට කෑවේ. දැන් ඔක්කොම ජීනිවා. කොළොඹ ප්‍රශ්න නෑ. යාපනය විතරයි ප්‍රශ්ණ. මහා ජාතිය බෙදිලා බලයට ගහ ගත්තම රට කඩෙන එක ලේස්යි හතුරට.(නදී)
සංසන්දනය කළාට කමක් නැහැ හොද දේවල්. නරක පූර්වාදර්ෂ නම් අපිට සතුටු වෙන්න බැහැ (නි)
රංජිත්ගේ කතාව හරි වගේම රටේ ජිවත් වෙන මිනිසුන්ට හොද ආර්ථිකයක් සකස් කර දීලා ජනාදිපති වරයා නිතිය සැකසුවානම් තමයි හොද.(නදී)
ඒ.ජ.පෙ වැරදි කියල 94 ආපු ආණ්ඩුව දීපු දඩුවමක් නැහැ. ඒ වා කරපු අය මැරිලා ගිහින්. හාමුදුරුවෝ ගුණ කතනත් කියල බුමදානේ දුන්නා. මේ ආණ්ඩුවේ වැරදි කියල කට්ටියක් බලේට එන්න හදනවා. මේ නැගෙන චෝදනා ඇත්ත උනත් දඩුවන් දෙන කිසිවෙක් නැහැ.(නදී)
හැරු ජනාධිපති උතුමාණෙනි අනුන්ගේ ඇස්වල පොල් කෙදි හොයන්නේ නැතුව තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ ඉවත් කර ගත්තානම් හොදයි නේද? (නදී)
හොද හොද දේවල් දැනගන්න හොද හොද දේවල් කියන්න එපායැ.(නදී)
අනේ ජනාදිපති තුමනි මුන්ට පිස්සු , කරගෙන යන විදිය හොඳටම හොඳයි , ඕනෙනම් මුන් ටික සුදු වැන් ටිකක් දල වාෂ්ප කරලා දාමු.(නදී)
ලංකාවේ තරම් දේශපාලකයෝ හොරකම් කරන රටක් ලෝකේ කොහෙවතේ නැහැ.(නදී)
අපේ ගරු ජනාධිපතිතුමා කවදත් නිර්බීතයි. එතුමා මිනීමැරුම් ,අපරාද, දුෂණ, පගා අඩු කරාවී. (නි)
දේශපාලනයේ උතුම් මිනිසුන් අතීතයේ මෙන් අද ලංකාවේ නැත. මෙය බුදුන්ගේ දේශයකි. (නි)
ජනපතිතුමනි , මේ රටෙත් වෙන සංදර්ශනවාදේ, ප්‍රදර්ශනවාදේ තහනම් කරන්න. (නි)
තානාපතිලා පත් කරන විදිය මොකක්ද ජනාධිපතිතුමනි. බලන්න විශ්‍රාම ගිය අය තානාපතිලා වෙලා, පැරදිච්ච දේශපාලකයෝ තානාපතිලා වෙලා. මේ මිනිස්සු පත් කරන්නේ කවුද. ඉතින් අපට වරදින එක අහන්න දෙයක්ද. අන්තිමට බනිනවා සුද්දන්ට.(නදී)
සුදු අඩන පිරිත් නුල් අගලක් විතර මහතාට බදාගෙන, කුබුරේ හාන, නියරේ ඇවිදින, ඔරු පදින, සිමෙන්ති අනන, පන්සල් වල මල් පුජ කරන, ළමයි සිප ගන්න, ඇමතිලා මන්ත්‍රීලා බලේට පත් කරන්නේ අපි තමයි. නමුත් කවුද එයාලා අපේක්ෂක ලැයිස්තුවට ඇතුලත් කරන්නේ.(නදී)
අර සංචාරක ගානට මොකෝ වෙන්නේ.(නදී)
දැන් ඔබතුමාගේ පාලන කාලේ ඇතුලත කමිටු කියක් දැම්මද. එකකින් වත් දීපු දඩුවමක් තිබේද?(නදී)
ඇත්තටම අපේ ජනතාව රට ගැන හිතන, බුද්ධිමත් ජනතාවක් කියලා මම ගොඩක් ආඩම්බර වුණා මේ අදහස් බලලා. (නි)
හෙජින් ගනු දෙනු වලට දීපු දඩුවම මොකද්ද. ලංවිම, ශ්‍රී ලන්කන් ගුවන්සේවේ, මිහින් ලංකා, ඛනිජතෙල් කියන ආයතන වල පාඩුව කෝටි 18500. මේවා කරපු අයට දීපු දඩුවමක් තිබේද? .නැතිනම් සුපුරුදු කමිටු අටවල යට යන්න අරිමුද?(නදී)
දිනපුවාම ඌරා වගේ මහත් වෙන්නේ ඇයි. පැරදුනාම හුණා වගේ කෙට්ටු වෙන්නේ ඇයි.(නදී)
රටේ නීතියට අනුව අපරාධකරුවන් සියල්ලන්ටම පරීක්ෂා කරලා දඬුවම් දෙන්න... (නි)
අපරාධ නවත්වනවා වෙනුවට ඒවා සාධාරණීකරනය කරන්න. එතකොට ආශ්චර්ය ලැබේවි.(නදී)
ඔබ හරි ජනපති තුමනි (දී)
ඇමතිලා කැමති බෙන්ස්,ඩොජ්,බෙන්ටලී,පර්ජෝ,අවුඩි,ලෑන්ඩ් රෝවර්,ෂවලේ,ජි එම සි ,ෆෝඩ්,කදිලක්,පොශේ, ලැම්බගිනි, ෆෙරරේ, ලින්කන්, ෆියට්,වොල්වෝ,රෙනෝල්ට්,ජගුවර්,ෆොක්ස්වගන්,ක්‍රයිසලා, ලිමොසින් වගේ වාහන වලට. අපි යනවා ටාටා බස් එකේ. (නි)
මමත් එකඟයි ඔබ සමග (දී)
එකනේන්නම්, වංචා අපරාද කියන්නේ සුළු දෙවල්නේ .(නදී)
හිරකාරයින්ට දෙන බත් පතෙනුත් අපේ අය ගසාකනවා.ඉස්පිරිතාලෙට දෙන බිත්තරෙනුත් ගසා කනවා.මේවා ගැන හොදින් සොයාබලා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුයි. (නි)
ජනතා මුදල් ගසාකන ඇමතිතුමාලා කොයි රටේද ඉන්නේ කියන්න. මිනි මරණ මන්ත්‍රීලා කොයි රටෙද ඉන්නේ කියන්න. ඔවු ඔවු ඉන්නවා, ඉන්දියාවේ පාකිස්තානේ එහෙම. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ වගේ නරක රටවල් දිහා බලලා හැදෙන්න බැරිකමනේ... (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඇමතිලාගේ හොර මගඩි වැඩ වගේ දේවල් වෙන්නේ නැහැ කියන්න දෙන්න පුළුවන් සහතිකේ මොකද්ද? ඒවාට දීපු දඩුවම මොකද්ද? (නි)
ඔය ඔක්කෝම තියනවා. අපිට නැත්තෙ රටට ජනතාවට ආදරය කරන, නායකත්වයක් කියලා. (නදී)
මේ මනුස්සයා මේ රටට ආදරේට කියන දේවල් වැරදි විදිහට හිතන්න එපා.(නදී)
ජනපතිතුමාගෙ කතාව සම්ර්‍පූර්ණ ඇත්ත. හැම රටකම එවැනි වැඩ වෙනවා. හැබැයි සත්‍ය නම් ඒ රටවල් වල 1% යි නම් අපේ රටේ 95%යි. ඒකත් ගොඩක්ම කරන්නෙ බලයෙ ඉන්න අය.(නදී)
අනුන් වැරදි කලා කියල අපිත් වැරදි කරන්න ඕනද?(ස)
තමුන්ගේ වැරදි වහගන්නත් බන දේශනා කරනවා. අපිට වැඩක් නැහැ ලෝකේ අනිත් රටවල් වල වෙන දේවල් වලින්. අපේ රටේ නායකයා වග කියන්න ඕනේ අපේ රටේ වෙන දේවල් වලට. නිදහසට කරුණු කියන්නේ නැතුව.(නදී)
කකුළුවා ඇදේට යන ගමන් පැටවුන්ට කියනවා කෙලින් යන්න කියලා. මුළු ලෝකේ කොහේවත් නැහැ තුන්වන වරටත් ජනාධිපති වෙන්න දගලන අය. ඒත් අපේ රටේ එහෙමද? (නදී)
සීතාම්බර කතාවක්. ශ්‍රේෂ්ටයි!(නදී)
අර පහළ පිටුවේ තියන අසාධාරන චිම්පන්සියා ගැන පාඩමත් කියලා දෙමුද? (නදී)
ළමා අපචාර, ස්ත්‍රී දූෂන, මිනී මැරුම් හා හොරකම් අතින් ලෝකේ කප් ගහපු රට අපේ රට. ඒ වගේම දේශපාලනයෙන් ඒවා වහන්න පුළුවන් එකම රටත් අපේ රට.(නදී)
සුද්දගේ හොර වැඩ කාවුරුවත් දන්නෙ නෑ.(නදී)
ෆොන්සේකා මහත්තයාගේ ප්‍රදේශයටම ගිහින් මේ කතාව කියපු එක හරිම වටිනවා. අම්බලන්ගොඩ පුරවැසියෙක් විදියට ෆොන්සේකා මහත්තයා ලජ්ජා වෙන්න ඕනා.(නදී)
රට හෝදන කට්ටිය පිටරට ගියානම් අනිත් කට්ටියට හොදින් ඉන්න පුලුවන්.(නදී)
බටහිර රටවල් වල මාධ්‍ය නිදහස තියන නිසා මොනවත් හංගන්න බැහැ ලංකාවේ වගේ. මෙයා ලෝකේ ගැනවත් දැනුමක් නැහැ වගේ කතා කියන්නේ. අපි මෝඩයෝ කියල හිතුවද ?(නදී)
අනේ මන්ඳා දැන් මෙතුමත් සටන් ජවනිකා අත් ඇරලා, විපක්ෂ නායක තුමා වගේ විකට ජවනිකා දෙනවා. (නදී)
ඇත්තටම කියනකොට තමා වැටහෙන්නේ, මේ ඔක්කෝම දේවල් වලින් පරිපූර්න කරලා මේ රට ආශ්චර්යමත් කරන්න නේ ඔබතුමා හදන්නේ. (නදී)
බලාන ගියාම, මේ කියන හැටියට අපේ රට තමා ලෝකෙන්ම දියුණුම රට.(ස)
කොයි රටේ අඩුපාඩු තිබුනත් අපි හරියට කලානම් ඉවරයි නේ. අපිත් එකම කරලා හරියනවද? (ස)
ජනාධිපති තුමනි, මේවා මතක් කලාට මොකුත් හිතන්න එපා. ඔබතුමා අනුකම්පාව දක්වනවා වැඩියි. සැරත් හොඳටම මදිය. රටේ විනය හොදටම පිරිහිලි නාස්තිය, දුෂණය, අපචාර, ජාවාරම්, හොරකම්, මන්කොල්ල , මිනීමැරුම්, මත් ද්‍රවව්‍ය, පගා,අල්ලස්, කොමිස් වලින් මුළු රටම අද වෙලී ඇත. දේශපාලනයෙන් යුද්ධයෙන් ජයග්‍රහණය කලත් ඉහහ කී හැම කරුණකින්ම ඔබ පරාද වී ඇත.(නදී)
ඇයි දන්නේ එතුමාට දැන් මෙහෙම දේවල් කියන්න මතක් වුණේ? (ස)
හැබැයි. අපේ රටේ තරම් හොරුනම් කොහෙවත් නැතුව ඇති. (ස)
කතාව ඇත්ත.ඒ උනාට ගොඩක් මැති ඇමතිවරු චන්ඩිනේ.(ස)
පළමුව මතුපිට කුණු සෝදා අරින්න. දෙවනුව කුණු එක් රැස්වන ස්තාන පිරිසිදු කරන්න. නිකම්ම ලෝකයේ අන් අය අපේ පාරේ ගමන් මග සොයයි. (ස)
ඔක්කොම ජීනිවා. ගෙදර නෝනා අසනීපයි කැස්සත් හැදිලා. ලියමු ඒකත් එක්සත් ජාතීන්ගේ සංගමයට. පොදු රාජ්‍ය මණ්ඩලයට පිස්සු ඩබල්.(නදී)
ලෝකේ ඕනම රටක ඉඩි අමීන්ලා, ගඩාපිලා, හිට්ලර්ලා නැද්ද? (නදී)
අපේ රටේ තරම් වංචාව, හොරකම, දුෂණය, භිෂණය වෙන කිසිම රටක නැති තරම්.(නදී)
එතකොට ඒ බලවත් රටවල් දියුණු වෙලා තියෙන්නේ ඔය හොරු වංචාකාරයෝ තියාගෙන වෙන්න ඇති නේද?(නදී)
දේශපාලකයෝ හැමදාම කළේ වෙන රටවල් වල වැරදි අඩුපාඩු කියව කියවා එයාලගේ වැරදි වහගත්ත එක. වෙන රටවල් වැරදි කරා කියලා අපිත් ඒකම කරලා හරියනවද? අනිත් දේ අපේ රටේ දේශපාලකයෝ අනුකරණය කරන්නෙම වෙන රටවල වැරදි දේවල් විතරනේ. හොද වැඩ අනුකරණය කරන්නේ නැනේ. අනිත් එක ඔබ තුමාව ජනාදිපති කරේ අනිත් රටවල් කරන්නන් වාලේ මෙහෙත් ඒ දේවල් කරන්න නෙවේනේ.(නදී)
අපේ රටේ මිනී මැරුම් බොහොමයි. නමුත් දුෂණය ඉතාලියට වඩා ගොඩක් අඩුයි.(නදී)
ජනපතිතුමනි, එතකොට ඒ රටවල් දියුණු සහ බලවත් වෙලා අපේ රටේ තරමටම අඩුපාඩු, දුෂණ, වංචා තියාගෙනද?(නදී)
නිමල් ඔයා හරි, මුකුත් කියනවට වඩා කට ගලක උලාගන්න එක මිට වඩා සනිපයි.(නදී)
ජනපති තුමනි ලංකාවේ හැටිත් කිව්වනම් හෝදයි නේද ?(නදී)
යුද්දය දිනපු ඔබ අනිත් හැම දෙයක්ම දැන් පැරදිලා.(නදී)
ලංකාවේ සියයට අසූවක් හොරු. සියයට විස්සක් පට්ට හොරු.(නදී)
අනිකුත් රටවල් වල පවතින අක්‍රමිකතා ඔවුනොවුන් වසන් කරගත්තත් අප කලයුත්තේ අපේ වැරදි ඉස්මතු වූ විට එයට හේතුපල දැක්වීමක් වශයෙන් අනෙකුත් රටවල් විවේචනය නොව, අප රට ලෝකයේ යහපත් දේ තුලුන් ඉදිරියටම ගෙනයන්න වෙරදැරීම නොවේද? මෙය ආත්මාර්තකාමිත්වය නොවෙ රටේ හැගීමයි.(නදී)
ඒක ඇත්ත. සොබාව ධර්මයේ හැටි ඔහොමයි. අපි ඔක්කොම හිත හදාගමු. ලෝකය ගැන අපිට නොදන්නා දේ පහදා දීම වෙනුවෙන් ඔබතුමාට ස්තුතියි. (නි)
මේ කරන්නේ අයිසින් දාලා අපේ වැරදි වාහන එක. අපේ වැරදි සමනියකරණේ කිරීම. එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි කියල අගවන එක.(නදී)
ඔව් ඒක ඇත්ත ඒත් අපේ රටේ මෙවා ඔක්කොම කරන්න ඔඩර් දෙන්නෙ ලොකු තැන්වලින් ඒකයි වෙනස. .(ස)
කොයි රටෙත් අඩුපාඩු තියෙන බව ඇත්ත. නමුත් අපේ රටේ තියෙන අඩුපාඩු අනෙක් රටවලට සාපේක්ෂව බලපුවහම වැඩියි. පාර්ලිමේන්තුවේ ඉන්න හොරු,තක්කඩි,මැරයෝ ,ආරක්ෂා කරන්නේ ආණ්ඩුවමනේ. ඔය කතා කියා කියා ඇවිදිනවා වගේම මේ අය ගැනත් පරීක්ෂාවෙන් හිටියනම් හොදයි.(නදී)
ඒක ඇත්ත. ඒ වගේම නීතියත් හැමෝටම සාධාරන වියයුතුයි. (නි)
ඒ වගේ අය ඉන්න අනිත් දියුණු කියන රටවල් වගේම ලංකාවත් බොහොම දියුණු ඒක නිසානේ. (නදී)
ජනාධිපතිතුමනි, රට පුරා පැතිරී යන දුෂණය, භීෂණය, වංචා, අමානුෂික ඝාතනයන්, රාජ්‍ය සේවයේ පිරිහීම වැනි කරුණු පිළිබදව බහුතර සිංහල ජනතාව ජීවත්වන්නේ බොහෝ කළකිරීමකිනි. (නි)
අපේ සමහර ලොක්කෝ ලෝකෙට ණයවෙලා ගේන සල්ලි යටිමඩි ගහලා ඒවාට පොලී ගෙවන්න ජනතාව පිට බර පටවනවා. ජනාධිපතිතුමනි, ඒවා අවම කරන්න නිතිය තදීන් ක්‍රියාත්මක කරන්න. (නි)
ඉහලම තැනේ සිට පහලම කැනට යනකමි හොරකම් කරන රටක් වෙතොත් එය මේ ශ්‍රී ලංකාවයි.(නදී)
ලෝකේ ගෝලාකාරයි නොවැ.(නදී)
ජනාධිපති කියන්නේ හොරකම්, මිනීමැරුම් තිබුනට කොහොම හරි රට දියුණු කරන්න කියලා. ඇපලෝ රෝහලේ සභාපති තම අර තුමාට ගියේ කොහොමද? (නදී)
ඔව් ඔව් ඒක නිසා මෙහෙම යමු නේද?(නදී)
100% නිවරධි මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ (දී)