IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජනපති වෙන්න ආ 23ක් කැලේ පැනලා

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන් රැස්වීම් සංවිධානය කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.

ඉතිරි විසිතුන්දෙනාගෙන් තුන්දෙනෙකු ගැන කිසිදු තොරතුරක් නැතැයිද ඔහු සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවට ඔවුන් ලබා දී ඇති දුරකථන අංක වලට ඇමතූ විට එම තුන්දෙනාගෙන් දෙන්නෙකු වෙනුවෙන්ම අමතන්නේ වෙන අය බවත් විසි තුන්දෙනාගෙන් පස් දෙනකුට අඩු තරමේ සමාජ මාධ්‍ය යටතේ ෆේස්බුක් ගිණුමක් හෝ නොමැති බවත් ඔහු සඳහන් කළේය.

සමහර අපේක්ෂකයන් තමා ජනාධිපතිවරණයට තරග කරනවා යැයි යන්නවත් මාධ්‍යයට ප්‍රකාශ කර නැති බව දෙගනායක මහතා කීය

මැතිවරණ අපේක්ෂකයන් 38 දෙනාගේ ඡායාරූප තම ආයතන වෙබ් අඩවියේ පළ කිරීමට උත්සහ දැරූ අවස්ථාවේදී ප්‍රචාරක කටයුතු කරන පහළොස් දෙනා හැර අනෙක් 23 දෙනාගෙන්  ඒවා ලබා ගැනීමට නොහැකිවී ඇති බවත් කතාබහ කිරීමට පවා නොපැමිණි බවත් හෙතෙම සඳහන් කළේය.



අදහස් (12)

ජනපති වෙන්න ආ 23ක් කැලේ පැනලා

රංබොඩ Wednesday, 28 August 2024 04:35 PM

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සෙල්ලමක් වෙලා. රටේ මුදල් නාස්ති කරන නරක වැඩක් ඒක. එවැනි දේට මග අහුරන්න නීති සකස්විය යුතුයි....!

:       0       96

Nandalal de Silva - France Wednesday, 28 August 2024 05:05 PM

ඉතින් හොඳයිනේ... ඡන්දය ඉවර වුණාම, ඔවුන්ගේ රාජසන්තක වුණු කෝටි ගණන් ඇප මුදල් වලින්ම මැතිවරණ වියදම් වලින් සුළු කොටසක් හෝ කපා ගන්න බැරි වෙන එකක් නැහැ!!!

:       37       17

Nandasena Wednesday, 28 August 2024 05:41 PM

ඒක හරියට මහ මුහුදෙන් තේ හැන්දක තරම් වතුර පොදක් ගත්තා වගේ තමයි ඔය කෙනෙක් වෙනුවෙන් මිලියන 200 ක් වියදම් වෙද්දී රුපියල් 75000/= ක් කියන්නේ මොකක්ද?

:       0       53

Priyantha Thursday, 29 August 2024 07:50 AM

දන්නේ නැති දේවල් කථා කරන්න එපා! ජනාධිපතිවරණයට ඇප මුදල් ස්වාධීන අපේක්‍ෂකයින්ගෙන් රු. 75000.00. පිළිගත් දේශපාලන පක්‍ෂයකින් නම් රු.50000.00...

:       0       0

Priyantha Wijesinghe Friday, 30 August 2024 01:14 AM

දන්නේ නැති දේවල් කථා කරන්න එපා...! ජනාධිපතිවරණයට ඇප මුදල් ස්වාධීන අපේක්‍ෂකයින්ගෙන් රු. 75000.00. පිළිගත් දේශපාලන පක්‍ෂයකින් නම් රු.50000.00.

:       0       0

Nandana Wednesday, 28 August 2024 05:35 PM

මහජන මුදල් අවභාවිතය, රජයට කළ පාඩුව යටතේ නඩු පැවරිය හැකිය...

:       0       60

saman Wednesday, 28 August 2024 05:44 PM

ඔය කට්ටිය ඉස්කෝලේ යන්න ඇත්තේත් ඔහොම තමයි. කැලේ පනින්න ඇති. වෙන මුකුත් රස්සාවක් කරලා ජීවත් වෙන්න බැරි නිසා ඡන්දය ඉල්ලන්න හිතන්න ඇති. දැන් ඒකත් හරියට බෑ. මේ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න​. මිනිස්සු රවට්ටලා සල්ලි ගන්න හැදුවොත් ඒක නවත්වන්න ඕනෑ...

:       1       46

Rohana Wednesday, 28 August 2024 05:52 PM

අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්වීමේ නීතිරීති ඉක්මණින් ක්‍රියාත්මක කළයුතුයි...

:       1       56

Rata Perata Wednesday, 28 August 2024 09:23 PM

අවුරුදු 76ක් රට පාලනය කරපු ආචාර්ය, මහාචාර්යලා, රජාණෝලා, මිස්ටර් ක්ලීන්ලා වගේ කවුරු හිටියත් අන්තිමට රට සෙල්ලම් පිටියක් වෙලා තියෙන හැටි පේනවා නේද? මේ විහිළුවලට නාස්ති කරන්නේ අපේ බදු මුදල් නේද?

:       0       0

කළුතර මහකරු Thursday, 29 August 2024 03:06 AM

මේ අය මේ ජනාධිපති අපේක්ෂක වෙච්චි නිසා තර්ජන තියෙනවා කියලා පිටරටවල් වල දේශපාලන රැකවරණ ගන්න තමයි හදන්නේ. මේ අයට දාන්න ඕනෑ පොදු දේපළ පනත යටතේ නඩු...

:       0       0

Priyantha Thursday, 29 August 2024 08:18 AM

ජනාධිපතිවරණයට ඇප මුදල් ස්වාධීන අපේක්‍ෂකයින්ගෙන් රු. 75000.00. පිළිගත් දේශපාලන පක්‍ෂයකින් නම් රු.50000.00. ඉතින් මේ නිසා තමයි අපේක්‍ෂකයින් මේ තරම් කිසිම පදනමක් නෑ! මහජන මුදල් නිකන් නාස්තිවෙනවා! ඡන්දයට නම් ගොඩක් තියෙනකොට පත්‍රිකාව දිග වුණාම කෝටි ගාණක් වියදම යනවා. අපේක්‍ෂකයින් තෝරන්න නිවැරදි ක්‍රමවේදයක් නෑ! දියුණු රටවල එහෙම නෑ. පිටරටවල මිනිස්සු හිනාවෙනවා මේ තරම් කුඩා දිවයිනකට අපේක්‍ෂකයින් 39ක්. එක්කෙනෙක් මිය ගිය නිසා දැන් 38යි

:       0       0

Sumith Friday, 30 August 2024 03:00 PM

වැඩි මුදලක් ඇප ලෙස ගත්තානම් මෙම පිස්සන් ගේ පැමිණීීම නතර කල හැකියි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 826 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1806 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2284 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5689 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1700 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6245 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18146 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site