IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ජනපතිගේ ඉල්ලීමට සබ්රි බෑ කියයි

(අජන්ත කුමාර අගලකඩ)

නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය භාර ගත නොහැකි බව හිටපු මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ අද (14)පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද සබ්රි මහතා මේ බව දැනුම් දී ඇත.

තමා ආණ්ඩුවට සහාය දෙන බවත් එහෙත් මුදල් ඇමති ධුරය භාර ගැනීමට සූදානම් නැති බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

 



අදහස් (26)

ජනපතිගේ ඉල්ලීමට සබ්රි බෑ කියයි

AB Sunday, 15 May 2022 08:57 AM

රටට අවශ්‍යම මොහොතකදී ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය බාරගැනීමට සමගි ජනබලවේගයේ ආර්ථිකය පිලිබදව කතාකාරනාවූ කණඩායමට ලබාදෙන්න.

:       4       11

MO77 Sunday, 15 May 2022 09:19 AM

මුදල් ඇමතිකම බාරගන්න පුළුවන් කෙනෙක් පොහොට්ටුවේ නෑ. පාර්ලිමේන්තුව ඉන්නෙ ඒ සඳහා දෙන්නයි දෙන්නම සජබේ. කරුණාකර ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙන්න එතකොට මිනිස්සු ඩොලර් එවයි ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන්නෙ රාජපක්ෂ කෙනෙක් නැති වුණොත් විතරයි

:       26       26

අදාල අංශයේ විශේෂඥයා Sunday, 15 May 2022 09:19 AM

ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් ඇමති කරන්න.

:       9       33

රිතික් Sunday, 15 May 2022 09:50 AM

කරන්න බැහැ කියලා හොඳටම දන්නවා එකයි.

:       8       16

saliya Sunday, 15 May 2022 10:09 AM

ජාතික ලැයිස්තුවෙන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාව පත් කරන ලෙස ඉල්ලා සිටිමි.

:       14       9

Buddika Sunday, 15 May 2022 10:50 AM

මෙතරම් ආර්ථික ව්‍යසනයක රට හිරවෙලා ඉද්දිත් ජනාධිපතිගේ තීරණ අධුරධර්ශි වෙලා.

:       12       12

Prabha Sunday, 15 May 2022 11:21 AM

අහලා බලන්නකෝ රවී කරුණානායකගෙන්...!

:       48       23

Shammi Perera Sunday, 15 May 2022 01:57 PM

එකම සුදුස්සා රවී කරුණානායක....

:       52       11

මරිසිපාලSunday, 15 May 2022 04:31 PM

ප්‍රභා සහ ශම්මි දන්නෙ නැද්ද රවි කරුණානායක මන්ත්‍රී කෙනෙක් නොවෙයි කියලා එහෙම කෙනෙකුව මුදල් ඇමති කරන්නෙ කොහොමද මෝඩ කතා නොකියා හිටියොත් හොදයි

:       1       21

කරුණාතිලකMonday, 16 May 2022 11:55 AM

කරුණානායක කියන්නේ එ ජා ප ය හැම පාරකම ආණ්ඩුව ගත්ත වෙලාවල් වල ගෙදර යවන්න මූලික වුනු කෙනා ස තො ස මහ බැංකුව රනිල් ගේ නම කැත වුනෙත් මිනිහා බේරගන්න ගිහිල්ලා. මිනිසුසු එපා කියන කට්ටියම ආයේ ආවොත් ප්‍රජාතන්ත්‍රවාදේ නමටවත් තියෙයිද

:       1       5

siri Sunday, 15 May 2022 03:33 PM

"කලකදී රහලු... කලකදී වහ වෙනවාලු."

:       8       218

Demuni Uduwara Sunday, 15 May 2022 04:43 PM

නැව ගිලෙනවා..!

:       3       11

ගජමෑන් Sunday, 15 May 2022 04:59 PM

මට බැරිද ඕක බාර ගන්න...? මට පුළුවන් හොඳටම කරන්න...

:       3       12

Shan Sunday, 15 May 2022 05:18 PM

මම හිතන්නේ ඥාණාඅක්කා තමයි සුදුසුම කෙනා..!

:       5       20

de silva Sunday, 15 May 2022 05:25 PM

ඕක දෙන්න බැරිද අර රත්තරන්ට හරි, චොකා මල්ලිට හරි...?

:       2       19

chandima Sunday, 15 May 2022 05:31 PM

බැසිල්ට දෙමුද?

:       1       19

හුසේන් මොහමඩ් Sunday, 15 May 2022 05:52 PM

රනිල්ව පතුරු ගහපු සෙට් එක නේද?ලැජ්ජයි හලෝ...!

:       4       18

රංජිත් සේනාධීර Sunday, 15 May 2022 08:58 PM

මගේ තේරීම හර්ෂ ද සිල්වා. මෙම අත්දැකීමත් එක්ක ඔහුට ඉතිරි ආණ්ඩුවකදී ඉතා හොඳ තැනක් ලබා ගැනීමටත් ගැනීමට සුදුසුකම් ලක්වෙනවා.

:       2       21

Nirmala Monday, 16 May 2022 03:45 AM

ඔහු දක්ෂ හා උද්යෝගිමත් පුද්ගලයෙකි, ඔහු විෂයයන් පිළිබඳව පර්යේෂණ කර ඇත. ඔහු අපේ රට සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මට සැලසුම් තිබේ.

:       0       7

Deepal Nirosh Monday, 16 May 2022 05:40 AM

අලි සබ්‍රි මැතිතුමා මුදල් අමාත්‍ය ධුරයට සුදුසු වුවත් මේ අවස්ථාවේ ප්‍රතික්ෂේප කිරීම අගය කළ යුතු ක්‍රියාවක්. දැන් මේ තනතුර අගමැතිතුමාගේ මතය අනුව පොහොට්ටු නොවන මන්ත්‍රීවරයෙකුට පුදානය කිරීමයි ඉතා සුදුසු.

:       1       7

Senuri Monday, 16 May 2022 06:01 AM

සීනි බදු වංචා වැනි දේ ආපසු අය කර ගැනීම ගැන වචනයක්වත් කතා නොකර සබ්‍රි රනිල් හැමෝම කියන්නේ ජනතාවට බදු ගහන එක තමයි පියවර කියලා. ආචාර්ය හර්ෂ ද සිල්වා විතරයි ඒකට විරුද්ධව කතා කළේ.

:       0       8

Bamunuarachchi Monday, 16 May 2022 08:29 AM

බැරි වැඩ බාර නොගැනීම හොඳ ගුණයක්. ඔය වැඩේට අනුර කුමාර හොඳ නැද්ද? හැබැයි එන් එම් පෙරේරා මැතිතුමා බාරගත්තා එත් කරපු මගුලක් මගේ මතකයේ නැහැ. ලොකු සල්ලි කොල අලුත් කරා විතරයි.

:       4       4

Bamunuarachchi Monday, 16 May 2022 08:33 AM

ඔහුට පුළුවන් කියා සිතන්න සාධක මොනවාද? සුදුසු කම කයිවාරුවද නැතිනම් අත්දැකීමක් තිබෙනවාද?

:       5       1

J.G.Edward Monday, 16 May 2022 09:04 AM

ඔහුගේ ක්‍රියාව 100% ක් හරි.

:       0       5

Prasheen Monday, 16 May 2022 09:22 AM

සබ්‍රී හොඳට කරගෙන ආවා මුදල් ඇමතිකම. කොන්ද කෙලින් තියන් ගත්ත තීරණයක් කියලා හිතෙනවා.

:       1       2

Lal Indu Monday, 16 May 2022 10:17 AM

වහා සලකා බැලීම සඳහා: 1. සියලුම රජයේ නිවාඩු දින වසරකට ව්‍යාපාරික දින 10 දක්වා සහ රජයේ සහ ව්‍යාපාරික අංශය සඳහා පුද්ගලික දින 5ක් වසර පහක අත්හදා බැලීමේ කාලයක් සඳහා අවලංගු කරන්න. මෙමගින් ඵලදායිතාව වැඩි දියුණු වන අතර රට තම දෙපයින් නැඟී සිටිය යුතු බවට පණිවිඩයක් ලබා දෙනු ඇත. 2. අමතර ණය මාර්ග සහිත කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති විශාලතම සමාගම් දහයකට රජයේ සංස්ථා හරහා යාම වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සහ බෙදා හැරීමට ඉඩ දෙන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 825 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 877 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 516 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 313 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 429 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 589 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site