IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ජනපතිගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඇරයුම්

(අජන්ත කුමාර අගලකඩ)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කර ඇත.

ජනාධිපතිවරයා එම ඉල්ලීම කරමින් පක්ෂ නායකයන් වෙත ලිපියක් ද යොමු කර ඇත.

සමගි ජන බලවේගය ,එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂවලට ද මේ සඳහා ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හෙට (28) පස්වරුවේ ජනාධිපති මන්දිරට කැඳවා ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟද සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට ඇත .

මේ සම්බන්ධයෙන් සකච්ඡා කිරීම සඳහා ජනපතිවරයා සියලු පක්ෂ නායකයනට ජනපති මන්දිරයට අනිද්දා (29) පැමිණෙන්නැයි ආරාධනා කර ඇත.

 



අදහස් (23)

ජනපතිගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඇරයුම්

de silva Wednesday, 27 April 2022 12:32 PM

එහෙම අවශ්‍යතාවයක් නැත. ඔබට බහුතරයක් ඇත. විධායක බලතලද ඇත. අගමැතිද සිටියි. දිනපතා පාර්ලිමේන්තු එන්න ප්‍රශ්නවලට උත්තර දෙන්න රට කරලා පෙන්වන්න.

:       128       13

වර්ණකුලසූරියWednesday, 27 April 2022 01:06 PM

ශ්‍රී ලංකාව කියන එකේ මහපොළවේ ඉඳගෙනද ඔය කියන්නේ? දුකයි මිත්‍රයාගේ අදහස ගැන...! 

:       7       73

චමින්ද Wednesday, 27 April 2022 01:11 PM

කවුරු ඩිස්ලයික් දැම්මත් සාගරයි, සනත් නිශාන්තයි, මහ කියතයි කියන්නේ නුඹලාට 122 ක් ඉන්නවා කියලා... එහෙනම් සිල්වා කියන ලෙසට කරන්න බැරි නැහැනේ..! ඇරත් තමුන්නැහැ ඔතන සිටිද්දී අන්තර්වාර හදන්න තරම් මෝඩයින් නැහැ කියලයි හිතෙන්නේ...!

:       6       45

Hafeel Wednesday, 27 April 2022 01:22 PM

ඔබතුමා කියන එක ඇත්ත. මෙච්චර බලතල තියෙද්දීත් සහ විස්සත් සම්මත කරගත්තු මේ මිනිහාට කරන්න බැරි නිසා නීත්‍යානුකූලව බල හුවමාරුවකින් යන්න. ඒක තමයි හොඳ... සර්ව පාක්ෂික ආණ්ඩුව හෝ වේවා මේ ජනාධිපතිගේ නායකත්වයෙන් නම් වැඩක් නැහැ. ජනතාවත් ඉල්ලන්නේ ජනාධිපති ඇතුළු ආණ්ඩුව ගෙදර යායුතුයි කියලා.

:       5       59

jagathWednesday, 27 April 2022 01:32 PM

ඉතින් අපි කියනකම් ඉන්න ඕනෙද? රට "කරලා" පෙන්නන්නකෝ...

:       1       22

සුජිත් පල්ලේවත්තWednesday, 27 April 2022 01:38 PM

ඔබ සමග එකඟවෙමි. ලක්ෂ 69ක විශාල ඡන්ද සංඛ්‍යාවක් මෙතුමා ලබාගත්තද, ලක්ෂ 50 කට අධික පිරිසක් විරුද්ධව ඡන්දය පාවිච්චි කරන ලද බව අපි අමතක කළ යුතු නැත. එම කොටසින් සුලුතරයක් අද පාරට බැස ඇති අතර ඒ නිසා ඔබ වෙනස් විය යුතු නැත. ඉන්දියාව බංගලාදේශයේ වගේ රටවල් කළා සේ අපේ රටේද මිනිස්සුන්ට කොරෝනා සෑදී පාරවල් වල මැරෙන්නට ඉඩ නොදී මිනිස් ජීවිතවලට මුල්තැන දෙමින් එන්නත් තුනක්ම බලෙන් වගේ ගසා රට කොරෝනාවෙන් බේරාගත් නිසා අද සියල්ල බිය සැක නැතුව වීරෝධතාවල නියැලති. එය අමතක කිරීමට තරම් අප ගුණමකු නොවෙමු. වැරදි ඇත. කල යුත්තේ වැරදි සාදාගෙන ඉදිරියට යෑමයි. ගෙදර යෑම නොවේ...

:       44       11

PRADEEPWednesday, 27 April 2022 03:16 PM

ඔබ ලංකාවෙද ඉන්නේ? ගත්තු වැරැදි තීරණ නිසා රට මේ තත්වයට පත්වුණා කියලා මෙයාම පිළිගත්තු එක පිළිගන්නේ නැති වහල්ලු තාම ඉන්නවා.

:       4       33

chandanaWednesday, 27 April 2022 03:32 PM

හලෝ ..අපිට අමතක වෙලා කියලා හිතුවද..? කොරෝනා වලට " මුට්ටි " දැම්මේ කවුද..? කොරෝනා වලට මේසන් බාස් කෙනෙකුගේ පැණි ප්‍රමෝට් කලේ කවුද...? විපක්ෂය එන්නත් අවශ්‍ය බව කිව්වාම ගණන් ගත්තේ නැහැ. මිත්‍යාදෘෂ්ටික වැඩ ඔක්කොම කරලා බැරිමවෙලා මිනිස්සු සිය ගණන් මැරෙන්න ගත්තාම එන්නත් ගෙන්නන්න තීරණය කළා. එතකොට එන්නත් ගණන් ගිහින්. මේ නිසා රුපියල් කෝටි ගණනක් අපිට අහිමිවුණා. ඔබ වැනි බත්බැලයින් සිටිනතාක් කල් මෙරට නැත්තටම නැතිවෙලා යාවි...

:       5       27

සත්‍ය ගවේෂී.Wednesday, 27 April 2022 06:55 PM

කොරෝනා ආයුධයක් කරගෙන බඩ වඩාගත් ආකාරය ගැන නොදන්නා තොත්ත බබෙක් හෝ නැත. කොරෝනා වලට පිටරටින් ලැබුණු ඩොලර් කෝටි ගණනක මුදල් වලට මොකද වුනේ? කෝ ඒවා වියදම් කරපු විනිවිද බව. එන්නත්, ඇන්ටිජන් ආදියෙන් ගසාකන්න හිතවතුන්ට රිසිසේ ඉඩ දුන්නා. ලෝකයේ බාලම එන්නත වන චීන එන්නත් ගෙනත් රටේ ජනතාවට විද්දා. අදටත් බාල එන්නත් නිසා නැති ලෙඩ තියෙනවා.

:       1       4

මල් මාමා Wednesday, 27 April 2022 12:48 PM

ගොනා සහ තණකොළ...!

:       3       40

Praba Wednesday, 27 April 2022 01:14 PM

අයියණ්ඩි යවන සැටි මම පෙන්වන්නම්..!

:       5       44

fairoos Wednesday, 27 April 2022 01:28 PM

අනේ මේ නන්දසේන... තොලොංචි වෙලා යන්න.. තවත් රට කන්නේ නැතිව. අලුත් ඇමැතිලා පත්කරලා දවස් 2යි. ඉල්ලා අස්වෙන්න තමයි වෙන්නේ.

:       9       44

kamal Wednesday, 27 April 2022 01:44 PM

ගෝඨා ගෝ හෝම් කියලා ඉංග්‍රීසියෙන් කිව්ව නිසා තේරිලා නැහැ. ඒකයි නොගිහින් ඉන්නේ...!

:       5       37

Sam Wednesday, 27 April 2022 01:44 PM

තාම තේරෙන්නේ නැද්ද? නනදේ ඔයාට යන්න කියන්නේ කියලා... හොරකම් නොකරන පිත්තකුත් ඇති ඔතැනට දැන්...!

:       5       27

මැක්ස් Wednesday, 27 April 2022 02:05 PM

මේක ලේසියි ජනාධිපතිතුමා. අපි දිගටම උද්ඝෝෂණය කරකර ඉන්නම්... මොකද අපට කියලා රට හදන්න වැඩපිළිවෙලක් නැහැනේ... දැන් විපක්ෂයේ කට්ටිය හිතන්නේ එහෙමයි...!

:       4       13

siri Wednesday, 27 April 2022 02:55 PM

පිදුරු ගහේ එල්ලිලා ගැලවෙන්න බැරි තරමට වැඩේ දැන් දුරදිග ගිහිල්ල කියල තේරෙන්නේ නැති එකනේ කරුමේ. වටේට ඉඳගෙන මස්කටු උරණ කට්ටිය කියන දේවල් අහල ප්‍රශ්නය තවත් දිග්ගස්සන්නේ නැතුව සේරම ගියොත් නරකද ? කරු ජයසුරිය මහත්තයත් ඊයේ රාත්‍රියේ අඩනින්දෙන්ම අගමැති හීනයක් දැක්කලු ඔන්න.

:       2       21

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 April 2022 03:19 PM

ජනපතිතුමනි, ඔබතුමාම තමන්ගේ පපුවට අතතබා අසා බලන්න. ඔබතුමාලා මේ රට ඉතිහාසයේ කිසිම දවසක නැති ආකාරයකට බංකොලොත් කළා. ඇයි ජනතාව නගන ලද චෝදනා වලට නිසි පිළිතුරු නැත්තේ? ඔබතුමා හා මේ සිටින අසාර්ථක රජය සම්බන්ධ කරගෙන සර්ව පාක්ෂික රජයක් ගැන කෙසේ විශ්වාසය තබන්නද?. රාජිත මහතා චැනල් එකක කියනවා ඇහුණා බහුතර බලයටත් වඩා අත්සන් ඇතිව 3 වැනිදා විශ්වාසභංගය බාරදෙනවා කියා. අපට දේශපාලනයක් අවශ්‍ය නැහැ. ඒත්, වැටී ඇති රට, ඔබතුමාලාට ගොඩගැනීමට නොහැකි රට, ගොඩගැනීමට දැන් හෝ ජනතා මතයට හිස නමන්න. ඔබතුමාලාගේ අසාර්ථක බව ප්‍රමාණයටත් වඩා ඔප්පු වී හමාරයි...

:       3       25

nilantha Wednesday, 27 April 2022 03:38 PM

සිංහල වලින් කිව්වා යන්න කියලා තේරෙන්නේ නැහැ. දෙමලෙන් කියන්නම් " ගෝටා පෝඩා ". දැන් හොඳින් කියලත් යන්නේ නැතිනම් මේ ප්‍රශ්නය දවසක අවසන් වෙන්නේ හිරගෙදරක කූඩුවෙලා. ඔබ විතරක් නොවෙයි අයියලා මල්ලිලා. බයි පරම්පරාවම...

:       2       15

de silva Wednesday, 27 April 2022 03:50 PM

ලෝක බලවතෙක් වන රුසියාව යුක්රේනය වටකරගෙන බර අවිවලින් පහරදෙන කොට හිටපු විකට නළුවෙක් වන සෙලෙන්ස්කි යුද භූමියේ සිට සටනට මූලිකත්වය දෙනවා. නිරායුධ කොල්ලන් සෙට් එකක් ඇවිත් ගෝල් ෆේස් එක වටකළාම අපේ යුදවිරුවා බංකරයේ හැංගිලා.

:       0       15

පිටරැටියා Wednesday, 27 April 2022 04:09 PM

ලංකාවේ විතරක් නෙවෙයි, ශිෂ්ඨ සම්පන්න රටවල ජීවත්වෙන ලාංකිකයින් පවා ප්‍රතික්ෂේප කරලා හමාරයි. රට විනාශයට පත්කරපු දූෂිත පවුල් පාලනේ අයත් එක්ක මොන ආණ්ඩුද?

:       0       14

Rata Perata Wednesday, 27 April 2022 04:55 PM

ආණ්ඩු හදන්න ඉස්සර වෙලා මෙයාගේ මොලේ චෙක් කරන්න ඕනේ. රටම කියනවා ඉල්ලා අස්වෙන්න කියලා. මෙයා බයිලා කියනවා.

:       0       4

K Perera Wednesday, 27 April 2022 05:03 PM

බලන්නකෝ මෙයාලගේ තියෙන බල පෙරේතකම්..! දැන් කළ යුත්තේ පිනක් දහමක් කරලා ලබන ආත්මය ගැන සිතන්න. නැතිනම් ඔය ජනාධිපති මන්දිරයේම හොල්මන් කරාවි.

:       0       5

mahee Wednesday, 27 April 2022 05:14 PM

අගමැති කවුද? ඔබ මගේ සුදු අයියද?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 289 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1467 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1188 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 632 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 398 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 497 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site