සම්මාන උළෙල දෙකකදීම පිට පිට ජනප‍්‍රිය නළුවාට හිමි සම්මානය යමෙකුට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ අවස්ථාව හිමි කරගැනීමට පුංචි තිරයේ ආදරණීය පෙම්වතා ලෙස නම් දැරූ සාරංග දිසාසේකරට හැකි වුණා. පසුගිය වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේ දී ජනප‍්‍රියම නළුවා වූ සාරංග මෙවර රයිගම් ටෙලී උළෙලේ දී ද ජනප‍්‍රිය නළුවාට හිමි සම්මානය ලබා ගත්තේය. අද අප සඳැල්ල කතාබහට ආරාධනා කළේ ඒ ජනප‍්‍රියම නළු සාරංග දිසාසේකරටයි. සාරංග නැවතත් පුංචි තිරයේ ජනප‍්‍රියම නළුවා සම්මානය ඔබට කොහොමද දැනෙන හැඟීම? මෙවැනි සිහිනයක් ඔබට තිබුණ ද? ක්ෂේත‍්‍රයට ආ දවසේ ඉඳලම ජනප‍්‍රිය බව කියන දේ දැනෙන්න ගත්තා. කාලය ගත වෙද්දී විවිධ චරිත ඔස්සේ පේ‍්‍රක්ෂයින් අතරට යන විට එය ටික ටික වැඩි වන බව මට දැනෙන්න ගත්තා. මුලින්ම ජනප‍්‍රිය සම්මානය ලැබුණේ ගිය වර සුමති සම්මාන උළෙලේදීයි. රයිගම් උළෙලේ දී මෙවර ඒ සම්මානය ලැබුණා. ටෙලි සම්මාන උළෙල දෙකක දී එක පිට ජනප‍්‍රිය සම්මානය ලබා ගැනීම විශේෂත්වයක් ලෙස මට හැඟෙනවා. ඒ නිසා පුද්ගලිකව මට මේ සම්මානය ඇත්තටම සුවිශේෂයි. මේ ගැන ඔබ හැර වඩාත් සතුටු වෙන ඊළඟ කෙනා කවු ද? කතා දෙකක් නැහැ. ඒ මගේ ආදරණීය අම්මා. ප‍්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහයි. මේ උළෙලේ නිවේදන කටයුතු කළෙත් මම. සම්මානය මට ලැබුණු වෙලාවෙ එය ගෙනිහින් අම්මා අතටයි දුන්නේ. ඇත්තටම මේ සම්මානයේ ප‍්‍රධාන කොටස්කාරිය ඇයයි. අද මම යම්කිසි දක්ෂතාවක් පෙන්වනවා නම්, අම්මගෙ මග පෙන්වීම ඊට බලපාන්න ඇති. ඒ වගේම ජනප‍්‍රිය කියන සම්මානයට බලපාන්නේ රංගන දක්ෂතාව සහ නිවේදන කටුයුතු විතරක්ම නෙවෙයි. පුද්ගලික ජීවිතයේ ඇවතුම් පැවතුම් රටාව ගැනත් ජනතාව උනන්දු වන බව මගේ හැඟීමයි. ජනප‍්‍රිය කියන මේ සංවිධානය හමුවේ නිළි පාර්ශ්වයෙන් ඔබට වඩාත් උණුසුම් ප‍්‍රතිචාරය ලැබුණෙ කාගෙන් ද? මේ දක්වා මගෙත් එක්ක රංගනයෙන් දායක වූ බොහෝ දෙනා මට සුබ පැතුවා. ඒ වගේම ප‍්‍රවීණයින් බොහෝ දෙනෙක් සුබ පතමින් මට කිව්වෙ මේ සම්මානය ලැබෙන්න තිබුණෙ මීට පෙර කියලයි. අම්මත් හැර තවත් සමීපතම කෙනෙක් මේ නිසා වඩාත් සතුටු වුනා නේද? ඒ මගේ පෙම්වතියයි. පෙම්වතිය ගැන මෙතෙක් ඔබ ප‍්‍රකාශ කළේ නැහැ. ජනප‍්‍රිය සම්මානයෙන් පසුව නේද ඒ ගැන පළමු වරට ප‍්‍රකාශ කරන්නේ? පේ‍්‍රමය ජනප‍්‍රියත්වයට බාධාවක් කියන තැන මම කවදාවත් හිටියේ නැති කෙනෙක්. එහෙම නම් මම පෙම්වතියක් නැහැ කියලා කෙළින්ම කියනවනෙ. මම එහෙම කරලා නැහැ. ඒ ඇරත් ජනප‍්‍රිය කියන දේ මහා ලොකුවට මට කා වැදුණු දේකුත් නෙවෙයි. අපේ පවුලෙන්ම මට එය ලැබුණු දෙයක්. මේ සම්මානය ලබන මොහොතේ පෙම්වතියත් පැමිණ සිටිය ද? ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වෙලා සිටින්නෙ. ඇත්තටම දැන් මේක රහසක් නෙවෙයි. ක්ෂේත‍්‍රයේ දන්න අය දන්නවා. ඇය ක්ෂේත‍්‍රයේ කෙනෙක් ද? මොන අංශයේ ද නිරත වන්නේ? උසස් අධ්‍යාපනයෙන් පසුව ඇය මනෝවිද්‍යා අංශයේ නිරත වේවි. ඊට අමතරව නර්තනය, රංගනය යන පැති ගැන ඇය අධ්‍යයනයක යෙදෙනවා. ටිකෙන් ටික ඇය ගැන මම කියලා තියෙනවා. ඔක්කොම විස්තර ළඟදීම කියන්නත් බලාපොරොත්තු වෙනවා. මේ එක්කම අහන දෙයක්නෙ විවාහය කවද ද කියලා? දැනටමත් අපට මාපිය ආශිර්වාදය ලැබිලා තියෙන්නෙ. ඒ නිසා විවාහය වෙනුවෙන් කටයුතු සකස් කරගෙන යනවා. ඇයගෙ පවුලේ විස්තර කිව්වොත්? අම්මා, තාත්තා සහ මල්ලී. මෙය පේ‍්‍රම සම්බන්ධයක් ද? ඔව්, ඒත් අපේ පවුල්වල ජ්‍යොතිෂයටත් තැනක් දුන්නා. මොන දේ කරන්නත් ඇයගෙ උපාධිය හමාර කරන්න ඕනෑ. ඒ වගේම මගේ පුද්ගලික ජීවිතේ තව වැඩ කටයුතු ටිකක් සැලසුම් කරන්න තියෙනවා. ඔබ වැඩිදුර අධ්‍යාපනය කළේ පරිගණක ක්ෂේත‍්‍රයේ? දැන් එයින් ඉවත් වෙලා ද? මගේ අධ්‍යාපන කටයුතු සහ ඒ ඔස්සේ කරන රැකියාව අත් හැරලා තියෙන්නෙ. නමුත් ඉදිරියේ දී ඒ අධ්‍යාපන කටයුතුත් වැඩිදුරට කරගෙන යන්න හිතනවා. රංගනය සහ අධ්‍යක්ෂණය යන අංශයෙන් විදෙස් අධ්‍යයනය හෝ ලබාගෙන මේ ක්ෂේත‍්‍රයට යමක් කිරීම තමයි ප‍්‍රධාන අරමුණ. කෙසේ හෝ ඔබ ඔය ඉඟි කරන්නේ විවාහයෙන් පසුව රඟපෑමෙන් ඉවත් වන බව ද? පෙම්වතා කියන චරිතයෙන් ඈත් වන බව ද? පවුල් ජීවිතයට අනිවාර්යයෙන්ම මුල් තැන දේවි. ඒ හැරත් රඟපෑම කොහොම කළත්, මම රැකියාවක් කළ යුතුමයි. නමුත් දක්ෂතාව වැඩිපුර තිබෙන්නෙ කලා අංශයෙන් නිසා ඒ ගැන තමයි වැඩිපුර හිතන්නෙ. මෙහෙම කියන සාරංග රඟපාන රන් සමනළයෝ ටෙලි නිර්මාණය මෙන්ම සුපර් සික්ස් දැවැන්ත චිත‍්‍රපටයක් බවට මේ දිනවල නරඹන්න පුළුවනි. ඊට අමතරව සාරංග මේ දිනවල සූදානම් වන්නේ රණවිරු ස්ටාර් අවසන් මහා ප‍්‍රසංගයේ නිවේදන කටයුතු මෙහෙයවීම සඳහායි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපි‍්‍රයත්වය මට ලැබුණේ අපේ පවුලෙන්මයි