ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානය කළ සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවය මෙවර එරබදු මංගල්‍යය නමින් පැවැත්විණි. ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙහිදී සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ද ගැමි සංස්කෘතිය විදහා දක්වන සංස්කෘතික රංගන රැසක් ද පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයට ඒරබදු මංගල්‍යය අපි මේ දිනවල ල බර බදු මංගල්‍යය පවත්වනවා.(නදී)
ආරාධනා පත්‍රය බැලුවාම සිංහලකම රැකගෙන අපේ චාරිත්‍ර ඉටු කළහැටි පැහැදිලිව පෙනෙනවා. (නි)
අවුරුදු උත්සවයක් කිවුවට ටිකක් විතර වෙනසක් තියෙනවා නේද? (නි)
අවසාන පිටුවනම් සිංහල අවුරුදු චාර්තත්‍රයක් නමි නෙමෙයි.(නදී)
ජිනීවා!(නදී)
" සිංහල අවුරුදු වාරිත්‍ර ද ගැමි සංස්කෘතිය විදහා දක්වන" ආරාධනා පත්‍රය බැලුවාම මට ඒක ටිකක් පැහැදිලි මදි. (නි)
මානව හිමිකම් කාරයෝ ටිකක් දැනුමිවත් වෙයි ලංකාවේ අවුරුදු උත්සවය මාධ්‍යෙයෙන් බැළුවම.(නදී)
මෙහෙම අවුරුදු උත්සවයක් මම නම් මේ දැක්කමයි. (නි)
මද පෙරදිග කොහොමද කියන්න මන් දන්නේ නෑ. නමුත් අපේ දේවල් අපේ කියල මෙහෙ යට ගෙඩිය පිටින් ගිල්ලවන්න බෑ. අනික අමතක කරන්න එපා අපට මෙහෙ පුරවැසි කම දීල තියෙන්නේ මෙහෙ ලංකාවේ ප්‍රාන්ත හදන්න නෙවේ. මෙහෙ සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන්න නෙවේ.(නදී)
මෙහෙමවත් දෙයක් කරන එක අගය කරන්න. මෙහේ ඉන්න අය සුදු කාන්තාවෝ පිරිමි එක්ක විවාහ වෙලා ඉන්නේ. ඉතින් ඒ පැත්ත ගැනත් හිතන්න.(නදී)
මෙහෙ ඉන්න අපේ ගොඩක් අය සුදු ජාතිකයන්ට පවුල් වෙලා ඉන්නේ. ඉතින් අපට සුද්ද සිංහල වෙන්ට බෑ. අනික අපිට අපේ දේවල් අපේ විදියටම කරන්න නම් ලංකාවේ ඉන්න ඕන. අපි ලංකාව දාලා ආවෙත් මොකක් හරි හෙතුවකටනේ. අපිට මෙහෙ සංස්කෘතියට පයින් ගහන්ට බෑ. කොටින්ම කිවොත් මෙහෙ පුරවැසි බවේ තියන අයට රටවල් දෙකක මිශ්‍ර සංස්කෘතියක් තමයි තියෙන්නේ.(නදී)
අපේ ක්‍රීඩා මොකවත් නෑ. මෙහෙ සිත කාලේ. එලියට බහින්ට බෑ. රත් වෙන ජාති වලට තාම වැඩි පුර තැන.(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඔය කවුරු කවුරුත් යුද්ධය ගජරාමෙට යනකොට කොහේද හිටියේ? (නි)
උත්සවේ ඉවරවෙලා 'කොර්නවින්' දුම්රිය පොළ අසල මොකක්හරි සිද්ධියක් වුණා නේද? (නි)