ජිනීවා නුවරදී බ්‍රහස්පතින්දා සම්මත කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව "කමකට නැති" බව තමිල්නාඩුවේ මහ ඇමති ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂ නායක මුතුවේල් කරුණානිධි ගෝරනාඩුවක් නගා ඇත. ඉන්දියාව ඇතුළු රටවල් 25ක් එම යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේය.
"මේක මහා ප්‍රෝඩාවක්. ඔය සම්මත කරගත් යෝජනාව ගැන කිසිසේත් සතුටුවන්නනට මට බැහැ. ගිය සතියේ අගමැතිතුමා (මන්මෝහන් සිං) හමුවී මම ඉදිරිපත් කළ ඉල්ලීම් කිසිවක් තුට්ටුවකටවත් ගණන් අරගෙන නැහැ." යනුවෙන් ඔහු කියා ඇත.
ඇමෙරිකාව ගෙනා යෝජනාවේ හෝ ඒ සඳහා ඉන්දියාව ඉදිරිපත්කල සංශෝධනවල හෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයාබැලීමට ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍යබවක් සඳහන් නොවූ බව කරුණානිධිට අවබෝධයක් තිබු බවක් පෙනෙන්නට නොතිබෙන බව ඔහුගේ ප්‍රකාශය ගැන අදහස් දැක්වූවෝ කියති.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවත් ද්‍රවිඩ ජනයාට යන එන මන් නොමැති බවත් කියා පාමින් කරුණානිධි ශ්‍රී ලංකාව දංගෙඩියට ගෙනයායුතුබව කියමින් ඉදිරිපත් කල කරුණු වලට පක්ෂව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ඉන්දියා මධ්‍යම රජය මෙන්ම විරුද්ධ පක්ෂයද කියාසිටියේ "එවැනි ඉල්ලීමක් කිරීම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට සහ අභ්‍යනතර පළහිලව්වකට අයුතු ලෙසින් ඇඟිලි ගැසීමක් වෙන බව" ඔවුන් විශ්වාස කරන බවයි.
"ඉන්දියාව ඉල්ලාසිටියේ මානව හිමිකම් කඩවීම් හෝ මිනිස් ඝාතන පිළිබඳව අවංකව සොයාබැලීමේ වගකීම ශ්‍රීලංකා රජය බාරගන්නා බවට පොරොන්දුකරවා ගන්නා ලෙසට" පමණක් යැයි ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ඉන්දියා නියෝත දිලිප් සිංහ පැවසීය.
මෙම කතාවද තමිල් නාඩු දේශපාලඥයන්හට ජීරණය කර ගැනීමට අසීරු වී ඇත.
ඒ කෙසේවුවද කරුණානිධි වැන්නවුන්ගේ බලපෑම මත ඇමෙරිකා යෝජනාවට අන්තිම මොහොතේ ඉන්දියාව විසින් ඉදිරිපත් කැරුණු සංශෝධන සලකා බැලීමට කල් මදිවුබවත් එම නිසා ඒවා නිෂ්ප්‍රභා කිරීමට සිදුවූ බවත් ඇමෙරිකාව කියා ඇත.
නිස්කාරණයේ ඕනෑවට වැඩිය කුලප්පුවී තමන් ගිල ඇත්තේ දිරච්ච ලනුවක් බව පිළිගැනීමට අකමැති කරුණානිධි ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතාවය දිගටම කරගෙන යන බවට තර්ජනාත්මක ප්‍රකාශයක් කර ඇත. මේ සඳහා උල්පන්දන් දීමට සුදානම් පිරිස් ඕනෑතරම් සිටින බවද පුවත්පත් වාර්තාවල සඳහන් විය.
මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වුණ යෝජනාව දියාරුවක් බව "හියුමන් රයිට්ස් වොච්" සංවිධානයද කියා ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන අසීමිත රුදාවකින් සිටින මෙම සංවිධානය ශ්‍රී ලංකා හමුදා කොටි ත්‍රස්තවාදීන් පරාජයකල දා සිට මෙවන් චෝදනා නිරන්තරයෙන් ඉදිරිපත් කිරීමට පුරුදුවී සිටිති.
අනුන්ගේ දුක්ගැනවිලි ගැන කිඹුල් කඳුළු හඬන මෙවන් සංවිධානයන්ද ශ්‍රී ලංකාව පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර නඩුවිභාගයක් පවත්වන්නේ නැත්තේ මන්දැයි මැසිවිලි දොඩති.
අනුන්ගේ මරණ ගෙවල් වල මලබත බෙදමින් සුපිරි ජීවිත ගෙනයන මානව හිතවාදී සංවිධාන එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අතින් සිදුවුණ සැලසුම් සහගත සමූල ඝාතන හෝ අනෙකුත් කෘරකම් ගැන ඇහැ කන පියාගෙන සිටීම ප්‍රශ්නයක් බව සමහරුන්ගේ මතය වී ඇත.
ඉන්දියාවේ මේදිනවල පවත්වාගෙන යන ශ්‍රී ලංකවට එරෙහි විරෝධතාවයන්හිදී උසුලාගෙන ඉන්නා පුවරුවල කොටි ප්‍රහාරයන්ගෙන් මියගිය සිංහල දරුවන්ගේ පින්තුරද යොදාගෙන තිබෙනු දැකගත හැකිවිය.
මේවාට සම්බන්ධ බොහෝදෙනා තමන් කරන්නේ මොනවාදැයි හරි හමන් අවභෝදයක් නොමැති අය බවත් තැන දුටුකළ වළ ඉහගන්නට වලිකන දේශපාලඥයන්ගේ උවමනාවට පැමිණෙන අය බවත් බොහෝදෙනා පවසති.
මේ අතර ජිනීවා සමුළුව පවතී මුළු කාලය පුරාම සැසිවාරය පැවති ගොඩනැගිලේ ශ්‍රී ලංකාවට එරෙහි කණ්ඩායම් බොහෝ ගණනක් තම මති මතාන්තර සඳහා සම්මේලනයට සහභාගීවන සාමාජික රටවල නියෝජිතයින් නම්මවා ගැනීමේ වැඩ පිළිවෙළ විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කල බව එහි සිටි එකම ශ්‍රී ලාංකික පුවත්පත් වාර්තා කරු පවසා ඇත.
ඔහුද එහි ගොස් ඇත්තේ අතේ වියදමිනි.
මෙම වැඩකටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ සිටින කොටි සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකරුවකු සහ ලෝකයේ රටවල් ගණනාවක සිටින කොටි හිතවාදීන් සහ ඔවුන්ගේ සහායකයින්ද සහභාගී වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රියාණි, ඔයා හරියටම හරි. (නි)
ජනක ඔබ හරි (ස)
ජනක ඔයා 100% හරි (ස)
ජනක ඔයාගේ කතාවට මාත් එකඟයි , මුලින්ම කල යුතු දෙය එයයි (ස)
අපි බය නැහැ කාටවත්. (නි)
ඊලග ඉන්දියා මහමැතිවරණයට තමිල්නාඩුවට ඡන්දෙ ඉල්ලන්න මහින්දයි, රනිල්වයි. පොන්සේකාවයි යවමු.(නදී)
හැම රටකින්ම නය ගන්න එක නවත්වමු.(නදී)
ජනක, ඔව් අපේ රටේ ස්වයංපෝෂිත කර ගත්ත නම් කාටවත් බිය විය යුතු නැහැ. (නදී)
මෝඩ කරුණානිදි හදන්නේ අපේ පිහිටෙන් ගොඩයන්න.(නදී)
කරුණයි, ලලිතයි දෙන්නට තමිල්නාඩුව බෙදා ගන්න බැහැ. හෙට අනිද්දට තමිල් නාඩු ඊලම හදා ගත්තම මොහාන් අයියට තරු විසිවෙයි.(නදී)
තමිල්නාඩුවේ ළඟදීම පිහිටුවන ඊලාම් රාජ්‍යයට ජය වේවා ! (ස)
ශ්‍රී ලංකා ධර්මද්වීපයට වින කරන කොටි හිතවාදීන්ට උඩගෙඩි දෙන අය ඉන්නේ දකුනු ඉන්දියාවේ. සුනාමියකින්, සුලිසුලගිකින්, භූමිකමිපාවකින් සුනු විසිනු වී උත්තර ද්‍රවය දෙසටම තල්ලු වේවා. අපේ උතුමි ශ්‍රී ලංකාව බේරාගැනීමට ජනාධිපතිතුමාට ශක්තිය ලැබේවා!(නදී)
නුවන්,සිරානි,ඔයාලගේ කතාවට මාත් එකඟයි.හැම රටක්ම ණය ගන්නවා. (නි)
ඕවා ගෙනකොටම අපි කියුවා (දී)
ඔය බොරු චෝදනා අතඇරලා මේ අපේ රට සිංහල දෙමළ මුස්ලිම් සියලුම ජාතීන්ට ඒකීය රටක් හැටියට සංවර්ධනය කරමු. (ස)
හේරත් එහෙම කියන්න එපා. ඒ ඒ අයගේ රටතතුළ තියෙන ප්‍රශ්නයක් . අපි අපේ ප්‍රශ්න විසදගමු. (ස)
සී...සී...සී..සිරානි එහෙම කතා කරන්න එපා. ඉන්දියාව කියන්නේ ලංකාවේ ලොකු අයියා. ලංකාව කියන්නේ ඉන්දියාවේ මල්ලී. අයියලා මල්ලිලා අතර ගැටුම් ඇති වුණත් ටික වෙලාවකින් ඒවා සමථයකට පත්වෙනවා (නි)
මට තේරුනා ඕක කලින්ම (දී)
හරියට හරි, දියාරු තමයි.(නදී)
එයාම කියපු එක නම් හොදයි (දී)
ඉන්දියාවෙ දෙමළ සමාජය කුළබේදයෙන් බේද භින්න වෙලා මානව අයිතිවාසිකම් තියා ඔවුන්ට ජීවත්වෙන්නවත් අයිතිවාසිකම් නැහැ. තමිල්නාඩුවේ ජයලලිතාගේ කරුණානිධිගේ මාළු හොරුටික යාපනේ ලංකවේ මුහුදට ඇවිත් ලංකාවෙ දෙමළ මිනිස්සුන්ගේ මාළුටික හොරකම් කරල දැල් කපල යනවා.ඒ කට විරුද්ධව එකෙක් කථා කරන්නේ නැහැ. ලංකාවේ ඉන්න දෙමළ මිනිස්සුත් හිතන්නේ ඔවුන්ගේ අම්මා ඉන්නේ ඉන්දියාවේ කියල. ලංකාව මවුබිම කියල හිතන එක දෙමළ දේශපාලකයෙක්වත් ලංකාවේ නැහැ. උන්ගේ සියල්ලම තියෙන්නේ ඉන්දියාවේ . එකපයක් විතරක් තියාගෙන ලංකාවේ ඉන්නේ අනෙක් පය ඉන්දියාවේ. සාමාන්‍ය දෙමළ මිනිස්සුත් ගොඩක් අය ඉන්දියාව තමන්ගේ මවුබිම කියල හිතාන ඉන්නේ. ඒ නිසා ඉන්දියාව මොන අසාධාරණය කළත් වුන් කථාවක් නැහැ. ලංකාව හැමදාම බේරගත්තේ සිංහල මිනිස්සු රටවෙනුවෙන් මැරුණෙ සිංහල මිනිස්සු සතුරන්ට එරෙහිව සටන් කළේ සිංහල මිනිස්සු. ඉතිහාසේ බැලුවොත් පෙනෙයි. ඒක දෙමලෙක් හරි ඉන්නවානම් ලංකාව තම මවුබිම හැටියට පිළිගක්න ඒ අයව අපි පිළිගන්න ඔන. ඒවගේම තමිල්නාඩුවට ආවඩන අය ඉන්නවානම් එහෙටම යන්න එහේම ඊලම හදාගෙන සතුටින් ඉනන්. වැඩිපුරම දෙමළ ජනතාව දෙමළසංස්කෘතිය තියෙන්නේ තමිල්නාඩුවෙ. හැබැයි ලංකාවේ දෙමළ මිනිස්සු එක දෙයක් මතක තබා ගන්න ඔන ඉන්දියාවේ මාලු හොර නුබලාට අපේ මුහුදේදිම පහරදෙන විදිහටම තමයි නුඹලට ඔවුන් පහර දෙන්නේ. අනෙක තමිල්නාඩුවේ දේශපාලකායෝ නුඹළට ආදරෙට නොවෙයි කථාකරන්නේ උන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න ඡන්දය දිනුවට පස්සේ ඔක්කම ඉවරයි.(නදී)
ජාතියන් හැටියට එකමුතු වී සියලු අභියෝග වලට මුහුන දෙමු. අප වටා සිටන සතුරන් පවා මිතුරු කර ගත යතු කාලයකි.(නදී)
විකාර (දී)
අපේ අසල්වැසි නෑදෑයොද මේ ?? (ස)
ඊළම තමිල්නාඩුවේ හදමු... අපිත් සපොර්ට් , ජයවේවා.! (ස)
ඔන්න අපි නොවෙයි කියුවේ (දී)
එතුමාටම තේරිච්ච එකනම් ලොකු දෙයක් (දී)
ඔන්න අපි කියුවානම් හිතන්න තිබ්බා රට වෙනුවෙන් කතා කරනවා කියලා, මේ කියන්නේ ඒ ගොල්ලොමනේ (දී)
ඉස්සෙල්ලම ලෝකෙන් ණයට කණ එක නවත්තමු . ඊට පස්සේ සිංහ කතා ක්‍රියාවට නන්වමු (ස)
ඇත්ත තේරුණා එක නම් ලොකු දෙයක් (දී)
නොහොබිනා වැඩ (දී)
අපේ රට ගැන මෙයාලට පුදුම අමාරුවක්නේ තියෙන්නේ (ස)
ඕනානම් තව අවුරුදු පහක් කෑ ගහයි. ඊට පස්සේ කර්මය පලසෙයි.(නදී)
පව්! කරුනානිදි කවදාවත් එලි කරගන්නෙ නැති සිහිනය. අන්තිම කාලෙවත් සැනසීමක් නැති හැටි අප්පා. බොරුවට ආයුෂ නැති කම තමා හේතුව.(නදී)
රුසියාව, චීනය මනුස්සකම හදුනන ලොකුකමක් නැති වැදගක් රටවල් මේ ලෝකේ තියෙන එක ගැන අපි සතුටු විය යුතුයි. එයාලා හැමදාම අපිත් එක්ක හිටියා. ඒක අපිට ලොකු ශක්තියක්.(නදී)
100% ඇත්ත , මමත් පිලි ගන්නවා (දී)
ජනකලා වගේ අය ගොඩක් හිටියා යුද්දෙ පටන් ගත්ත කාලේ නම්. දැන් නම් හොද වෙලාවට ටිකක් අඩුයි.(නදී)
ජනක ඔයාගේ කතාව හරියටම හරි. (ස)
මෙයාලට හොදටම පිස්සු. අපේ අහිංසක ළමයි කීදෙනෙක් මැරුවද? කෝ ඒවා ගැන කතා. වැඩක් නැති දේවල් කරලා ඉන්දියාව තරහා කරගන්න එපා. අපි තමිල්නාඩුවට බය නැහැ.(නදී)
නය නම් ඇමරිකාව චීනෙනුත් ගන්නවා. ප්‍රායෝගික විදියට හිතන්න ඕනේ. කෙහහොම වුනත් ලංතාවේ හැමෝම එක වගේ හිටියොතින් මොනාවත් කරන්න බැහැ.(නදී)