ස්විට්සර්ලන්තයේ ජිනිවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය 21වැනි වරටත් සංවිධානය කැරුණු මහා වෙසක් උත්සවය මෙවරත් ජිනීවා විහාර පරිශ්‍රයේදි සිදුවිය. ප්‍රංශයේ බොධිඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ආචාර්ය ඥානධරෝ හිමියන් හා තායිලන්තයේ ක්ෂාන්ති ධම්ම භාවනා මධ්‍යස්ථානාධිපති ආචාර්ය වීරපෝන් චත්තියාගෝ හිමියන් ප්‍රධාන 25 නමක් මහා සංඝ රත්නය වැඩම කර සිටියහ.
එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා තානාපති රවිනාත් ආරියසිංහ මහතා සහ එම මහත්මිය ගේ ද තායිලන්ත තානාපති තානි තොන්ග්පක්ඩි මහතා හා එම මහත්මිය ද ආරාධිතයන් වූහ.
ස්විස්, ප්‍රංශ, ශ්‍රීලංකා, තායි,කාම්බෝජ,වියෙට්නාම්, ලාඕස් හා බංගලිදේශ ජාතික බෞද්ධ හා අබෞද්ධ විශාල සැදැහැතියන්ගේ සහභාගීත්වයෙන් සිදුවීම කාගේත් ප්‍රීති ප්‍රමෝදයට හේතුවක් වූ බව පැහැදිළි විය.පුරා දින දෙකක් පැවැති මෙම උත්සවයට කාලගුණයද ආශීර්වාදයක් විය.
ස්විට්සර්ලන්තයේ ප්‍රථම වරට ප්‍රංශ ජාතිකයන් නම දෙනෙකු පැවිදි දිවියට ඇතුළත් කිරීම ද, උන්වහන්සේලාට මහා ප්‍රාතිමොක්ෂ දේශනාව සිදු කිරීම ද, මහා සංඝ ගත දක්ෂිණාවද, පැමිණ සිටි සියළු දෙනාට ආහාරපාන දානයක් ද, ධර්ම දේශනා හා භාවනා වැඩ සටහන් කීපයක් දමෙම උත්සවයට අනුබද්ධිතව සිදුවිය.ආචාර්ය ඥානධර මාහිමි හා ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මෙම මහණ පිංකම සිදුවිය.හල්විටිගල සුජාත හිමියෝ මෙම කටයුතු සංවිධානය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානෙල් උපාසිකාව, කරුණාකරල හිස් වචන කියආ අනිත් අයට විහිලුවක් වෙන්න එපා. තෙරුවන් සරනයි.(නදී)
ඉතා හොද වැඩක් (නි)
අපගේ අති ගෞරවනීය ආචාර්ය තවලම ධම්මික නාහිමිපානන් වහන්සේ විසින් ඉටුකරරනු ලබන උතුම් ශාසනික මෙහෙවර ලක්වැසි සැවොම විසින්ම බෙහෙවින් අගය කළයුතුය. - ජයතුංග අමරවීර- පුස්තකාලයාධිකාරි(විශ්‍රාමික)- ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය.(නදී)
භාෂා දන්නවා නම් ප්‍රිය මනාප කාරුණික නම් එබඳු හාමුදුරුවරුන්ට ලෝකයම විවෘතයි. ලෝකෙට එන්නේ සිංහල බුද්ධාගම රකින්නම නම් එක පමණක් මදි. ධර්මය නොදන්නා අයට ධර්මය දෙන එක මහා පින්කමක්. නමුත් රට ඉන්න හාමුදුරුවරු අමාරුවෙන් කරන සේවාවන් අව තක්සේරු කරන්නත් එපා අනේ.(නදී)
මෙන්න නියම පින්කම් මේ වගේ පිංකම් ප්‍රංශේ වෙන්නේ නැති එක හරිම කනගාටුයි.(නදී)
පිටිගල, අපේ හාමුදුරුවරු මේ විදෙස් රටවලට ඇවිත් කරන සේවය අවතක්සේරු කරන්න එපා. ඔයවගේ අයම නේද අපේ හාමුදුරුවරුන්ට වෙනත් වැඩවලට යන්න නොදී තමන්ගෙම පන්සලේ තියා ගන්නේ. (නි)
මහා පුණ්‍ය කර්මයකි. ලොව නන් දෙස වැඩ සිටින හාමුදුරුවරුනි ඔබ වහන්සේලා අතින් විය යුත්තේ මෙවැනි ක්‍රියාය. එවිට තමයි 'චරිත භික්කවේ බහුජන හිතාය බහුජන සුඛාය' පරිපූර්ණ වන්නේ. අද විදෙස් වලට වැඩ සිටින හාමුදුරුවන්ගේ විදෙස් භාෂා ඥානයේ දුර්වලකම් නිසා සිංහලයන්ටම බන කියා කියා සිටිනවා හැරෙන්නට වෙනත් දෙයක් වන්නේ නැත.(ස)
වසර 100 ක් සිල් නැතුව ඉන්නවාට වඩා තත්පරයක් සිල් ඇතුව ඉන්න එක කෝටියක් වටිනවා කියලා බුදුබනේ කියලා තියෙන්නේ. මානෙල් ට අපි අනුකම්පා කරමු එයාගේ නොදන්නා කමට. මොකද ඒකට බෙහෙත් නැහැනේ.(නදී)
සන්තෝසයි ..... (දී)
සියලු දෙයම අනිත්‍යයි කියලා මට වැටහුනා අපේ ධම්මික තවලම හාමුදුරුවනේ.(නදී)
සුවර් එකටම කියන්නම් මාසයයි නේද ඔය සදුල ටික ඉන්නේ. අනේ මෙහෙමත් විකාර.(නදී)
මානෙල්, ඒ පින්වතුන් මහන වෙලා ඉන්නේ මාසයයි කියල කියමුකෝ. අඩුම ගානේ ඒ පින්වතුන් මාසයක් හරි පැවිදි මාර්ගයේ ගිහින් තමන්ගේ ජීවිතේ අර්ථවත් කර ගන්නවා. ඔයාල වගේ අය ඒකට ගරහලා පව් කර ගන්නවා. මාසයක් හරි පැවිදිවී ධර්මානුකූලව ගත කිරීම මොන තරම් වටිනවද?(නදී)
මුලාව සියක් වසක් ගතකරන දිවියට වඩා එක දිනක් හෝ සිල්වත්ව ගතකරන දිවිය උතුම් බවයි. (නි)
ලංකාදීප එකට ගොඩාක් පින් ලෝකෙම එකතු කරලා අපිට දෙනවාට
දැන් ලෝක වාසින්ට තේරුම් ගිහින් තියෙන්නේ සත්‍ය කුමක්ද කියා. මිත්‍යා මතවලින් මිදී නුවණ තියන කෙනා අදුරින් එලියට එනවා. එයයි සත්‍ය.(නදී)
හැමෝටම යථාර්තය තේරෙනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. නොපෙනෙන දෙවියන් කෙරෙහි සිටින මිත්‍යා විශ්වාසය නැතුව යනවා. තමන් තුල ආත්ම ශක්තිය ඇති බවට වැටහෙනවා. එතකොට තමයි තේරෙන්නේ බුදු දහම පමණි සත්‍ය දර්ශනය කියලා (නි)
උතුම් ක්‍රියාවක් අගය කරන්න ඕනේ (දී)
මානෙල්, දෙවියන් විසින් මේ ලෝකය මැව්වය කියල ලනු කාල ඉන්න අය එහෙම හිතනවා. කරුණාකර බුද්ධිය මෙහයවා යතාර්තය දකින්න. කවුරුවන්වත් කිව්වා පලියට ආගමක් නොඅදහන්න. දෙවියන් ලෝකය මැව්වානම් මේ ලොව තියන සියලු අසාධාරනකම් හා අසමතුලිතත තත්වයන්ට වගකිය යුත්තා කවුරන්ද? ඔබට නුවන පහල වේවා. සියලු බැදීම් වලින් තොරව නිදහස්ව සිතීමට හැකිවේවා.(නදී)
ආතර් සී ක්ලාක් කියනවා ලෝකයේ අන්තිමට ඉතුරුවෙන ආගම බුදු දහමයි කියලා.(නදී)