IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජිනීවා සංවිධායකයෝ දෙළොවක් අතර

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා උද්ඝෝෂණය අවලංගු කිරීම නිසා යුරෝපයේ සංවිධායකයෝ ප්‍රශ්න රැසකට මුහුණපා සිටිති.

ඉතාලියේ පිරෙන්සි නගරයේ ධම්මික උඩුනුවර මහතා පැවසුවේ ස්විට්සර්ලන්තයට යෑම සඳහා බස් තුනකට අත්තිකාරම වශයෙන් යුරෝ 4000ක් ගෙවූ බවයි. ගමනට යන අය කෑම බීම වෙනුවෙන් අත්තිකාරම් ද ගෙවූ බවයි. ඉතාලියෙන් බස් 40කින් ජිනීවා යෑමට නියමිතව සිටි බව සංවිධායකයෝ කීහ.

ඉතාලිය ඇතුළු යුරෝපයේ බොහෝ දෙනෙක් මේ ගමනට යෑම සඳහා නිවාඩු ද ලබා ගත්හ.

ඉතාලියේ දැඩි ආර්ථික පීඩනයක් මැද්දේත් දිනක වැටුප් පරිත්‍යාග කළේ රට වෙනුවෙන් වුවත් ගමන අවලංගු කිරීම ගැන බොහෝ දෙනෙක් නොසතුට පළ කරති.

යුරෝපයේ ඇතැම් ශ්‍රී ලංකා සංවිධානවල බෙදීමක් ඇති බව ද මේ සිද්ධියේ දී තහවුරු විය. ඇතැම් පිරිස් කෙළඹට නම ලකුණු කර ගැනීමේ උත්සාහයක යෙදුණු බවත්, යුරෝපයේ එක්තරා රටකින් බසයකට සෙනඟ සොයා ගැනීමට නොහැකි වූ බවත්, ජිනීවා යෑමට කැමැත්ත පළ කර ඇත්තේ දස දෙනකු බවත් වාර්තා විය.



අදහස් (0)

ජිනීවා සංවිධායකයෝ දෙළොවක් අතර

රානි Wednesday, 13 March 2013 10:59 AM

සටන පාවා‍දුන්නේ කව්ද? (නි)

:       0       0

අතලේ සුමන හිමි Tuesday, 12 March 2013 09:25 PM

මේක ලාංකිකයන්ගේ වැඩක්. ඒ නිසා කොහොම හරි ගිහිල්ලා විරෝධය දක්වන්න. නායකයො එන්න බැහැ කියනවා නම් ඔබලා තනි තනිව හරි ගිහින් මේකට විරුද්ධ වෙන්න. ‍රටට විරුද්ධ අය පොදි පිටින් යද්දි ඇයි රටට ආදරය කරන අයට යන්න බැරි. මුලින් සැලසුම් කරලා පස්සේ අත් හැරියාම වෙනත් කෙනෙකුටවත් සැලසුමක් හදා ගන්න වෙලාවක් නැහැ. මේක රටම අතරමං කරපු වෙලාවක්. ඒ නිසා සැලසුම් කරපු අය කොහොම හරි තනි තනිව හරි යන්න (නි)

:       0       0

ඩොන් Tuesday, 12 March 2013 09:57 PM

බොදු බල සේනාවේ නියෝජිතයින් යුරෝපයේ හිටියා නම්? (නි)

:       0       0

සුනිල් Tuesday, 12 March 2013 10:26 PM

ලාංකිකයන්ට ජයවේවා (දී)

:       0       0

ගාමින්ද Tuesday, 12 March 2013 03:40 PM

එකනේන්නම් මොකද්ද මේ වැඩ වල තේරුම (දී)

:       0       0

චානක Tuesday, 12 March 2013 03:40 PM

සල්ලි නොවෙයි රටට වුන අවනම්බුව (දී)

:       0       0

සමන් Tuesday, 12 March 2013 03:47 PM

ලැජ්ජයි ලැජ්ජයි... සිංහලයිනි, නැගිටියවු! (නි)

:       0       0

අනුර Tuesday, 12 March 2013 04:03 PM

ඔබ ගැන මට කනගාටුයි (දී)

:       0       0

රංජිත් Tuesday, 12 March 2013 04:03 PM

චමින්ද මඩවල මහතාණෙනි, ඔබගේ කථාව ඇත්ත. (නි)

:       0       0

සුනෙත් Tuesday, 12 March 2013 04:10 PM

කියන්න බලන්න අන්තිමට අසරණ උනේ කවුද කියලා (දී)

:       0       0

කුමාර Tuesday, 12 March 2013 04:10 PM

හිනා වෙන්න බලන් ඉන්නේ මිනිස්සු අපිට (දී)

:       0       0

රූපා Tuesday, 12 March 2013 04:11 PM

කෝ අර කලින් හුරේ දාපු කට්ටිය? (නි)

:       0       0

මධුර Wednesday, 13 March 2013 03:19 AM

තියනවාද, නැද්ද ? (දී)

:       0       0

චරිත් Tuesday, 12 March 2013 04:19 PM

අපි නම් කලින්ම සැක හිතුවා. (නි)

:       0       0

ලක්ෂ්මි Tuesday, 12 March 2013 04:17 PM

ලංකා නාමය කතා කරන්න එපා (දී)

:       0       0

රාජිත Wednesday, 13 March 2013 03:50 AM

මමනම් මේ වැඩේ අනුමත කරන්නේ නැහැ (දී)

:       0       0

නන්දලාල් Tuesday, 12 March 2013 04:18 PM

ඒ සංවිධායක වරු ඉවරයි ඉතින් (දී)

:       0       0

සුදේශ් Tuesday, 12 March 2013 04:24 PM

මිනිස්සු සල්ලිත් දීලා (දී)

:       0       0

පියල් Tuesday, 12 March 2013 04:25 PM

මුහුණ දෙන්න ලැජ්ජයි මිනිස්සුන්ට (දී)

:       0       0

ලසන්ත Wednesday, 13 March 2013 04:18 AM

2011 වසරෙහි ගියාක් මෙන් එක්සත්ව එක්සිත්ව තමන්ගේ කැපකිරීම පෙන්වන්න.නිවටුන් නොවන්න. දේශපාලන කුමන්ත්‍රණයන්ට හසුනොවන්න. රටට අවංකවම ආදරය කරන සැබෑ ලාංකිකයින් හඳුනාගන්න. අභිමානවත් ශ්‍රී ලාංකිකයකු වන්න. ඔබට ජය සතුට සාමය!! මවුබිම දිනේවා!!! (නි)

:       0       0

මාලක Tuesday, 12 March 2013 04:26 PM

සල්ලි අපරාදේ (දී)

:       0       0

සකු Tuesday, 12 March 2013 04:27 PM

අපි මේ වගේ වැඩ අනුමත කරන්නේ නැහැ (දී)

:       0       0

සහන් Tuesday, 12 March 2013 04:23 PM

මම මොකුත් කියන්නේ නැහැ, මොකද මට ලැජ්ජයි (දී)

:       0       0

ලාල් Tuesday, 12 March 2013 04:49 PM

මම නම් එකඟ නැහැ පවත්වන්නේ නැතිනම් (දී)

:       0       0

සිරිමතී Wednesday, 13 March 2013 08:13 AM

සිංහලයාටත්  එකතුවී  වැඩ  කරන්න  පුළුවන්  බව  පෙන්වන්න. මම, මගේ  පක්ෂේ  පාට  ගැන  නොහිතන්න. අපේ  රටේ  අපි  එකමුතුවෙමු  කියලා  වැඩ කරන්න පුලුවන්  වෙන්න  ඕනෑ,  නුවණ  ඇති  මිනිසුන්  විදිහට. තවත්  පමා නොවී එයට  එකතු වීමේ කාලයයි  මේ. (නි)

:       0       0

නුවන් Tuesday, 12 March 2013 05:01 PM

දැක්කානේ දැන් කවුරුවත් නැහැ (දී)

:       0       0

සිල්වා Tuesday, 12 March 2013 04:57 PM

රට වෙනුවෙන් යමක් කරන්න යන එක නම් හොදයි. (නි)

:       0       0

සම්මික් Thursday, 14 March 2013 12:41 PM

මෙවර ජිනීවා වැඩසටහන ඉතාමත් හොදටම සාර්ථක වුණා. එහෙත් මෙය කඩාකප්පල් කළේ රටට ආදරේ තිබෙන අය නොවේ. (නි)

:       0       0

සිරිමතී Tuesday, 12 March 2013 05:10 PM

දෙමළ  මුස්ලිම්  අයට  ඕනෑ  එකමුතුකමයි. නම  නොවේ මැරෙනදාට අරන් යන්නේ  කළ  හොද  නරක පමණයි. (නි)

:       0       0

පාලිත Tuesday, 12 March 2013 05:18 PM

දමිළ වැසියන්ගේ එකමුතුකම මෙයින් මනාව පැහැදිලි වේ. (නි)

:       0       0

පද්මා Wednesday, 13 March 2013 08:35 AM

මෙන්න තවත් අන්තර්ජාතික කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

සේන Wednesday, 13 March 2013 08:36 AM

කවුද මෙහෙම මේ සටන පාවා දුන්නේ? (නි)

:       0       0

පාලි Wednesday, 13 March 2013 08:36 AM

ඒ මිනිස්සුන්ට තියෙන ලැජ්ජාව (දී)

:       0       0

නන්දලාල් Wednesday, 13 March 2013 08:33 AM

කාටද ඉතින් මේ දුක කියන්නේ (දී)

:       0       0

චමින්ද Wednesday, 13 March 2013 08:38 AM

මොනතරම් අසරණද ඒ මිනිස්සු (දී)

:       0       0

මධුර Wednesday, 13 March 2013 08:35 AM

කොහොමද ඒ මිනිස්සු ලෝකෙට මුහුණ දෙන්නේ (දී)

:       0       0

මාලක Wednesday, 13 March 2013 08:35 AM

කට්ටිය ගෙන්න ගන්න නම් ක්‍රමයක් තියෙනවා....??? (නි)

:       0       0

මහින්ද Wednesday, 13 March 2013 08:37 AM

මොනවාද මේ වැඩ ඇත්තට (දී)

:       0       0

අසේල Wednesday, 13 March 2013 08:38 AM

එක හිත හිතාගෙන පවත්වන්න (දී)

:       0       0

සුභා Wednesday, 13 March 2013 08:43 AM

පවත්වනවාද නැද්ද කියලා (දී)

:       0       0

සචිත්‍රා Wednesday, 13 March 2013 09:31 AM

ලංකවට හිතවත් පිරිසට එල්ලවූ නින්දාවක් (දී)

:       0       0

රකිත් Wednesday, 13 March 2013 09:39 AM

ශ්‍රී ලාංකිකයකු වශයෙන් ඉතාමත් ලජ්ජාවෙන් යුතුව මේ දේ පවසමි. අපට එකමුතුකමක් නැත. එසේ එකමුතුවීමට අවශ්‍යතාවයක්ද නැත. අප තරම් කුළල් කා ගන්නා ජාතියක් තවත් මිහිපිට ඇතිදැයි සැක සහිතය. (දී)

:       0       0

පාල Wednesday, 13 March 2013 09:59 AM

පේනවද සිංහල බලේ .. අපි තවත් වංසේ කබල් ගාමු (ස)

:       0       0

ගැමුණු Tuesday, 12 March 2013 07:32 PM

නවත්තලා දාන්න. ලංකාව වෙනුවෙන් පන උනත් දෙන මිනිස්සු මේ ඉන්නේ, අන්න ඒක අමතක කරන්න එපා (දී)

:       0       0

සුමිත් Wednesday, 13 March 2013 10:13 AM

ලෝකයා ඉස්සරහා ලජ්ජා වෙන්න උනා (දී)

:       0       0

ගනේවත්ත Tuesday, 12 March 2013 08:28 PM

අපි මුල සිටම මෙයට විරුද්ධ වුණා. (නි)

:       0       0

මහෙෂ් Tuesday, 12 March 2013 08:40 PM

මට නම් හරි සතුටුයි. මම ඒකට කවදත් විරුද්ධයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 63 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 50 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 207 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 502 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1094 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1261 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site