(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දේශපාලන පක්ෂයක් වූ ජනසෙත පෙරමුණේ සභාපති නිලන්ත කුමාර රණසිංහ මහතාගේ අරඹේපොල ගමන්වත්ත පිහිටි නිවසේ සුරතලයට ඇති කරන ලද සුනඛයාට අසල්වැසියකු වෙඩි තබා මරා දමා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොතුහැර පොලිසිය පවසයි.
රණසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලට අනුව අසල්වැසි පුද්ගලයා ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගත් බව පොලීසිය සඳහන් කරයි.
රාත්‍රී කාලයේ ගෙවත්තට පැමිණි වල් ඌරකු යැයි සිතා මෙම වෙඩි තැබීම සිදු කළ බවත් සුනඛයකු බව දැන ගත්තේ නම් මෙම වෙඩි තැබීම සිදු නොකරන බවත් එම අසල්වැසි පුද්ගලයා පොලීසියට පවසා ඇතැයි කියති.
සුනඛයාට වෙඩි තබා මරා දැමීමට යොදා ගත් බව කියන බෝර 12 වර්ගයේ ගිනි අවිය එම අසල්වැසි පුද්ගලයාට වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ලබාදී තිබු ගිනි අවියක් බවත් ඒ සඳහා බලපත්‍රයක් තිබෙන බවත් පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනසෙත පෙරමුණේ සභාපතිගෙ සුනඛයට වෙඩි තබලා
nimal Monday, 20 February 2023 02:39 PM
වල් ඌරන් වෙඩි තැබීම නීතියෙන් තහනම්...!