සඳුන් ගමගේගේ 5 වැනි ඡායාරූප ප‍්‍රදර්ශනය
ජපානය සමග දීර්ඝ කාලීනව බැඳී කටයුතු කරන NICEY INTERNATIONAL ආයතනයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් TELAK EXTEA සහ NICEY TRAVELS සංවිධානය කරනු ලබන "රූප රාමුවක ජපානය" ඡායාරූප දැක්ම සහ ජපන් අසිරිය ප්‍රදර්ශනය දෙසැම්බර් 16, 17 සහ 18 දිනවලදී කොළඹ - 07 ජේ.ආර්. ජයවර්ධන සමරු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
රූප රාමුවක ජපානය ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ප්‍රවීණ ඡායාරූප ශිල්පී සඳුන් ගමගේ විසින් ඡායාරූප ගත කරන ලද සුන්දර ජපානයේ ඡායාරූප රැසක් ඇතුළත්ය. NICEY INTERNATIONAL අනුග්‍රහයෙන් ජපානයේ සංචාරය කරගන්නා ලද ජපානයේ අසිරිය රැගත් මෙම ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලාංකේය ඡායාරූප ශිල්පියෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රථම අවස්ථාව ලෙසද සඳහන් කළ හැකිය. මීට පෙර ශ්‍රී ලංකාවේදී ඡායාරූප ප්‍රදර්ශන ද්විත්වයක් සහ ඔස්ට්‍රේලියාවේදී මෙන්ම ඉතාලියේ ඡායාරූප ප්‍රදර්ශන පවත්වා ඇති ප්‍රවීණ ඡායාරූප ශිල්පී සඳුන් ගමගේ විසින් ඉදිරිපත් කරනු ලබන පස්වැනි ඡායාරූප ප්‍රදර්ශනය මෙය වේ.
සාම්ප්‍රදායික තේ පිළිගැන්වීමේ කලාව
මෙම ඡායාරූප ප්‍රදර්ශනයට අමතරව NICEY INTERNATIONAL ආයතනය විසින් සංවිධානය කරන ලද ජපානයට ආවේණික සාම්ප්‍රදායික තේ පිළිගැන්වීමේ උත්සවයක්ද මෙකී දිනවලට සාපේක්ෂව පැවැත්වේ. තේ පිළිගැන්වීමේ කලාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ අමුත්තියක ලෙස ජපානයේ රූ රැජිනියක මෙන්ම ජාත්‍යන්තර රූ රැජින තරගයකදී අවසන් තරගකාරිනියන් අතරට තේරීපත්වූ රූප සුන්දරියක වන මායි මොරිතා (Mai Morita) සහභාගී වන්නීය. ඊට අමතරව Sushi පිළිගැන්වීමද, බොන්සායි ප්‍රදර්ශනයද, ඔරිගම් තාක්ෂණය ගැනද, කිමෝනෝ විලාසිතා කලාව ගැන සහ ජපාන බෙරවාදන ඇතුළත් විශේෂාංගද ඇතුළත්ය. මෙම අංශ සඳහා සහභාගීවිය හැකි වන්නේ සීමිත පිරිසකට බැවින් ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂා කරන පිරිස REG JPEXHI ලෙස ටයිප්කර 071-2043265 අංකයට යොමුකළ යුතුවේ.
16 වැනිදා සවස 3ට මෙරට ජපාන තානාපති අංශයේ නියෝජ්‍ය තානාපති සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම ඡායාරූප ප්‍රදර්ශනය සහ උලෙළ ආරම්භ වේ. 17 සහ 18 යන දිනවල උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා ප්‍රදර්ශනය සහ උලෙළ මහජනතාව සඳහා විවෘතය. මෙම ජපානයේ සුන්දරත්වය රැගත් ඡායාරූප ප්‍රදර්ශනය සඳහා මුද්‍රණ අනුග්‍රහය Heyleys Consumer Products සමාගමෙහි Cafe Pixel (කොළඹ -07) ආයතනය විසින් දරනු ලබයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජපානයේ අසිරිය ලංකාවේදී බලන්න