පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද එම දූරයෙන් පොලිස් විභාග කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර යවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ජයකොඩි මහතාට දෙවනවර එම දූරයේ කටයුතු කිරීමට හැකිවූයේ මාස තුනක් පමණි.
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් විභාග කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සිරිවර්ධන මහතා අද වැඩබාර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ මේක සුහද මාරුවක් වගේ.. මෙයා එතැනට එයා මෙතැනට. අවුලක් නෑ. ඒ ගොල්ලන්ගේම පොලිසියනේ...(ස)
අරුණ, සිසිර, මම අගය කරනවා ඔයාලගේ අදහස් ඇත්ත ඇති සැටියෙන් දැක්වීම ගැන... (ස)
හරිම කණගාටුයි. ලංකා පොලිසියේ හිටපු හරිම දක්ෂ අවංක නිලධාරියෙක්. (නි)
ශ්රී ලංකාවේ තියෙන පොලීසියෙ රස්සාවට යනවට වඩා හොඳයි පොල්ගෙඩියක් කඩලා කීයක් හරි සොයා ගන්න එක. ඒකෙත් ගෞරවයක් තියෙනවා. පේනවානේ හැමදාම වෙන දේවල්. ගුටි කනවා. නෑ කියනවා. දුක හිතෙනවා.. (ස)
ඌව පලාතේ ඩී.අයි.ජී වෙනුවෙන් කරපු ප්‍රකාශය නිසයි මාරුවීම ලැබුනේ. අර මංජුල තිලකරත්න මහත්තයට කලා වගේ.(නදී)
මටත් කියන්න තියෙන්නේ ටිකිරි කී ටිකමයි. වනේ වන හතුරෙක්ටවත් මේ තනතුරට යන්න සිද්ද වෙන්න එපා. (ස)
අනේ මන්දා පොලිසියට ගිය කල. වනේ වන හතුරෙකුටවත් මෙවගේ දෙයක් සිද්ද වෙන්න එපා.(නදී)
මොකක් හරි අවකැපෙන කථාවක් කියන්න ඇති (ස)
ඇයි ඔබ තුමා මොනවට හරි බැහැ කිව්වද?(නදී)
වැඩේ මේ සැරේ හරියට කරන්න නැතුව ඇති.(නදී)
මේ ගොල්ලෝ දාම් අදිනවා. පාලකයින් කියන විදියට වැඩ කරනවා.(නදී)
කව්රු මොනවා කිව්වත් පොලිසි පොලිසියම තමයි. බලු වලිගේ උන පුරුකේ දාලාවත් ඇද අරින්න බැහැ කියනවනේ.(නදී)
ඕන විදියට වැඩේ කරලා නැහැ.(නදී)
ඒ මොකද? හේතුව අපිට කියන්න බැරිද?(නදී)
අර ඇමති පුතාගේ සහ පොලිස් පුතාගේ කතාව ප්‍රවෘත්ති වලට කියපු නිසා වෙන්න ඇති.(නදී)
අපේ පොලිසියේ මහත්තුරු දැන් මාරු වෙන්නේ හරියට සංගීත පුටු තරඟයක වගේනේ.(නදී)
මීට වඩා වැදගත් රාජකාරියකට යොමුකරවන්න ඇති.(නදී)
අද ඇත්ත කථා කරන්න බැහැ. රටක නීතියට වල් වැදිලා. උසාවියට, පොලීසියට ගුටිකාලා බලා ඉන්න වෙලා (ස)