‘ජෝතිර් විද්‍යා රාජ්‍ය සම්මාන උළෙල 2012‘ අද සංස්කෘත හා කලා කටයුතු අමාත්‍යංශයේ සංවිධානයෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී සංස්කෘතික අමාත්‍ය ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
26 දෙනෙක් ජ්‍යොතීර් විද්‍යාරත්න සහ ජ්‍යෙතීර් විද්‍යා විභූෂණ සම්මානයෙන් පුද ලදහ.
සම්මාන ලැබුවෝ - බෙල්ලන ශ්‍රී ඥාණවිමල නාහිමි, ජී එම් ගුණපාල, පියසේන රතුවිතාන, ආනන්ද සෙනවිරත්න, සුමනදාස අබේගුණවර්ධන, විජයසිරි විද්‍යාරත්න, ජයතිලක අඹුවන්ගල, ම.ලි සුගතපාල, නන්දන ජී විදුරුවන්, කඩ හෙට්ටිගේ ධනපාල, ග ක වි අමරසිංහ, පානදුර ආරච්චිගේ උපාලි පීරිස්, පද්මානන්ද සේනාරත්න, හිමසිරි නිමල් කුරුප්පු, කේ ඊබට් ප්‍රනාන්දු, කේ ඇක්ටන්, ලෝලනී රණසිංහ, ටී ආර් හසීම්, එම් ජී චන්ද්‍රභාරනී, බබා නෝනා, සේනානායක මුදියන්සේලාගේ රණසිංහ, ප්‍රියනාත් මංජුල පීරිස්, වයිරමුත්තු වේලායුදන්, සීනි තම්බි දේවානායගම්, රාමනාදන් සත්‍යමූර්ති, විනාසි තම්බි අරුමුගම්
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිමල් , විශිෂ්ට පැහැදිලි කිරීමක් (ස)
සම්මාන දෙන්න වටිනා මිනිස්සු (දී)
සමහර අයට ආචාර්ය උපාදි දෙන රටේ මේකත් පුදුම වෙන්න දෙයක් නැහැ.. එදා උදේ 10.21ට දෝශාභියෝගය භාරදෙන්න කියලා නැකත හැදුවෙ මෙතනින් කවුද දන්නෙ නැහැ..!(නු)
ලොකු සේවයක් කරන මේ මහත්මයන් ඇගයීම ගැන මට සතුටුයි (ස)
මේ එක එක්කෙනාට සම්මාණ දුන්නු හේතුව වෙන වෙනම පෙන්වාදුන්නානම් නේද හොඳ (ස)
රාජ්‍ය අනුග්‍රහය සම්මාන ඇතිව මහ ජනතාවට සිහින ලෝකයක් පෙන්වීමට අවසර දී ඇති බව නොකියා සිටීමට බැරිය.. ජය වේවා..!(නු)
ගොඩක් අය මෙතන නෑනේ (ස)
උපහාර ලබා දෙන්නේ ඇයි (ස)
සිරිමල් , ඉතා හොද අදහසක්. අදහස හරි උනත් මේවා ක්‍රයාත්මක කරන්න කෙනෙක් නෑ (ස)
මෙයා උපහාර ඇමතිද?(නු)
කෝ අනේ ගොඩක් අයට සම්මාන ලැබිලා නෑනේ (ස)
පොදු ජනතාවගේ සල්ලි මෙවන් අවිද්‍යාවන්ට වියදම් කරන එක හරිද ? (ස)
ලෝකය හරියට දකින බුද්ධිමතුන්ට, උගතුන්ට උපහාර පිදුවා නම් මොකද වෙන්නේ? ලෝකේ අනිත් රටවල් විද්‍යාව යොදාගෙන ඉස්සරහට යද්දී අපි පස්සට යනවා. (නි)
ටීවී වල හැම චැනල් එකකම වගේ උදේ පැය බාගයක් වත් අඩුම ගානේ ලග්න ගැන කියනවා.ඊට අමතරව, එක එක අය ඇවිත් ලග්න ගැන රාහු කාල ගැන නැකත් ගැන ෆෙන්ෂුයි ගැන කියනවා. මේ ගුවන් කාලය ලමයින් ගෙ හරි වැඩිහිටියන්ගේ හරි දැනුම වැඩි කරන යම් දෙයකට යොදවනවා නම්..අපේ මිනිස්සු වැඩි වැඩියෙන් තමන්ගෙ ආත්ම විස්වාශයට වඩා දෙවල් , නොපෙනෙන බලවේග වලට ලබා දීලා හිත හදා ගන්නවා වගේ. ටීවී වලින් ඕවට මුල්තැනක් දෙන්නෙත් මිනිස්සු බලන නිසා. මෙ මිනිස්සුන් ට සම්මාන දුන්නට කමක් නැ. ඒත් කරපිංචා විකුනන මනුස්සයා ගෙ ඉදන් දොස්තර ඉන්ජිනෙරුදක්වා..මහන්සි වෙලා වැඩ කරන සමාජයට ආර්ථිකයට යම්කිසි වටිනාකමක් එකතු කරන මිනිස්සුන්ට කො සම්මාන. ජොතිෂ්‍ය වැඩ වලට මෙච්චර වටිනාකමක් දෙන්නෙ තමන් ගැන, අදහන ආගම ගැන ආත්ම විස්වාශයක් හරි , අවංක කමක් හරි නැති නිසා. (නු)
කෝ? මම හිතාගෙනම හිටපු කෙනෙක් මෙතන නැහැනේ. (නි)
අපේ රටේ අවිද්‍යාව කර වටක් ගිලී ඇත... කණගාටුයි..!(නු)
හරියට ශෘස්ත්‍රය දන්න අය කීයෙන් කී දෙනාද ඉන්නෙ..(නු)
මේ වගේ අයට සම්මාන දෙන එකම රට ශ්‍රී ලංකාවයි.(නු)
ජනතාවගෙ අසරණකමින් වාසි ගන්නා අය(නු)
දුප්පතුන්ට කරුම, ග්‍රහදෝෂ... ලොක්කන්ට පෙර පින්... කෝ අලුත් දෙයක් හොයාගත් කෙනෙක්ට සැබැ සම්මානයක් දුන්නද කවදාවත්? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.ඇත්තටම මේ ජ්‍යෙතිෂයට පහුගිය වැස්ස නිසා මැරුණු මිනිස්සු ගැන පෙනුනෙ නැද්ද? (නි)
තම තමන්ම සම්මාන දී ගැනීමක්ද?(නු)
දැන් මෙයාලා වැඩිහරියක් කරන්නේ " ගල් අහුරක් දමා ගැසීම". අපේ ජනතාව මෙයාලා පොහොසත් කරනවා. (නු)
අද ලෝක විනාශය වෙනවා කියපු අයට දෙන දඬුවම් මොනවද? (නි)