එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය් සභාපති හා ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධනගේ අවමගුල වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරේදී කිතුනු ආගමික වතාවත්වලින් පසුව මිහිදන් කැරිණි. සමාජයේ විවිධ තරාතිරම්හි පිරිස් ඔහුට අවස් බුහුමන් දැක්වූහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය් සභාපති හා ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධනගේ අවමගුල වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරේදී කිතුනු ආගමික වතාවත්වලින් පසුව මිහිදන් කැරිණි. සමාජයේ විවිධ තරාතිරම්හි පිරිස් ඔහුට අවස් බුහුමන් දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට නිවන් සුව
මා අදහන දහම අනුව, ඔබට සුගතිගාමී වී නිවන් සුව ලැබේවායි පතමි. (නි)
වැඩක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? අපරාදේ උගත් බුද්ධිමත් මන්ත්‍රීතුමා නැතිවුණා. එතුමාට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව
කනගාටු දායක පුවතක්
මෙවන් රටකට ,අදවන් දවසක රටේ මහජනතාවගේ ඉල්ලුම ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අද ඒ ගැන කතා කිරීමට හිටි තවත් අපේ රටේ සිටිය උතුම් නායකයෙක් අද අපෙන් සමුගෙන අවසානයි.නැවතත් අප අතරට එන්න ප්‍රිය මිතුරාණනි ! (නි)
රටට වැඩදායක උගත් පුද්ගලයෙක් නැති වුණා. ඔබට නිවන් සුව! (නි)
ජරාජීර්ණ දේශපාලනය තුල කලාතුරකින් දකින්න ලැබෙන ශ්‍රේෂ්ඨ උතුම් ගති ඇති නිහතමානි නායකයෙක්.ඔබට මොක්සුව පතමි (නි)
මිනිසා නොමිනිසා තේරුම් ගන්න හොද අවස්තාවක් (දී)
මමත් ඔබතුමා වෙනුවෙන් කනගාටු වෙනවා (දී)
විනයගරුක, අනිසි මුදල් හම්බ නොකරපු අවංක,ගුණගරුක මහත්මයෙක්. ඒ වගේම ඉතා හොඳ දේශපාලකයෙක්. . ඔබට නිවන්සුව පතමි. (ස)
අහෝ...... මෙවන් විපතක්
මට ඔබ තුමා ගැන කනගාටුයි (දී)
මොනවා උනත් මෙතුමා ජනතාවට සේවයක් කලා. මායිම් ගම්මාන වල ජීවත් උන දුප්පත් මිනිස්සු යුද්ද කාලේ මෙතුමා කරපු සේවය ගැන හොඳට දන්නවා. මේ මනුස්සයටත් පාර්ලිමේන්තුවේදී අර වනචාරී මන්ත්‍රීලා පහර දුන්නනේ. මෙතුමා පන්සල් පල්ලි දෙකටම එක වගේ වැඩ කරපු හොඳ උගත් දොස්තර කෙනෙක්. 1985 මගේ පියාට අසනීප වෙලා ඉන්දැද්දී ඩොක්ටර් මරදානේ පොඩි ඩිස්පෙන්සරියක් කරගෙන ගියා. අපි ගොඩක් අමාරුවෙන් ජීවත් වුන නිසා බෙහෙත් වලට සල්ලි නැහැ කිවම එදා ඉඳල තාත්තගෙන් කවදාකවත් සල්ලි ගත්තේ නැහැ. දුප්පත් අයගෙන් සල්ලි ගත්තේම නැහැ. තාත්තා ඊට වසර 20කට පස්සේ මැරෙන වෙලාවෙත් මෙතුමාගේ නම කියලා පින් දුන්න. මෙතුමා වැඩ කරේ ප්‍රසිද්ද වෙන්නවත් ඡන්ද ගන්නවත් නෙමෙයි හදවතින්මයි. මෙතුමාට නිවන් සුව පතනවා.(නදී)
කාගේ අවාසනාවද මෙවන් මිනිසුන් මිය යන එක (දී)
එක රටටම හොදක් (අ)
වටිනා මිනිහෙක්
රටට එරෙහි වීමට නම් සමාවක් නැත.(ස)
අපේ ජීවත්ව ඉන්න දේශපාලකයෝ ගැන මට නම් හිනා. එදා මෙතුමාව කොටියෙක් ලෙස හංවඩු ගැසූ එයාල, අද? (නි)
ලංකාවේ බහුතරය හිතන විදිය ගැන හරිම කනගාටු හිතෙනවා. මෙතුමා හට උවමනා උනේ රටට යමක් කරන්න. ඔබ වෙනි කෙනෙක් නැවත බිහි වෙන්නේ නැහැ. දැන් පවතින සමාජ ක්‍රමය අනුව තමන්ගේ ගොඩ ලොකු කර ගන්න අය පමණි බිහි වන්නේ. ඔබට නිවන් සුව. ඔබ ලක් මෑණිට කල සේවය අපි අගයන්නෙමු.(නදී)
මන්ත්‍රී තුමා නැති උනහම දැනගත්තේ එයා හොද පුද්ගලයෙක් කියලා. සමහර මිනිස්සු දේශපාලන වාසි තකා එයා කොටියෙක් කියනවා හරියට කිසි දෙයක් දන්නේ නැතිව මෝඩයෝ වගේ දගලනවා. ඔය කියන අය තමා කොටි හොද මනුස්සයට අද තැනක් නැහැ ලංකාවේ.(නදී)
නිහතමානී චර්තයක් වන ඔබට නිවන් සුව ලැබේවා! (නි)
එතුම ගැන තේරුම් ගන්න මිනිස්සුන්ට හැකි වුණේ මැරුනට පස්සේ. (ත)
වටිනා මනුස්සයෙක් , ඔහු ඉපදෙන්න තිබුනේ යුරෝපයේ (නි)
ආදර්ශමත් සරල මිත්‍රශීලි ජීවීතයක් ගතකළ, අවංක නායකයෙක් රටට අහිමි විය. මෙතුමාට මොක් සුව. (නි)
ඔබට මොක්සුව!(නදී)
සෑම ප්‍රජාවකටම ඉමහත් සේවයක් කළා. රටට විශාල පාඩුවක් (නි)
ලංකාවට තවත් උගතෙකු අහිමි විය (ත)
ජීවක තුමණි, ඔබ සදාකල් දේව මව් තුරුලේ සැතපේවා!!!!!!! (ත)
කිතුණු ප්‍රජාවට හොද සේවයක් කරපු මන්ත්‍රීවරයෙක් නැති වුණා. (ත)
මහත් දයාවකින් මිනිස්සුන්ට ආදරේ කරපු ඔබතුමාට නියන් සුව පතනවා. (ත)
දෙවිඳුන් ළඟට යන්නට ලැබේවායි පතමි (ත)
රටට තවත් උගතකු ,වියතෙකු ,මහත්මා දේශපාලනඥයකු අහිමි විය. සමාදානයේ සැතපේවා. (ත)
කවුරු මොනව කිව්වත් ගම්පහ මිනිස්සු ජයලත් මහත්තයාට ආදරෙයි. (ත)
හොඳ පුරවැසියෙක් නැති වුණා. ඔබට මොක් සුව පතනවා. (ත)
ස්වාමිනි නිත්‍ය සැතපීම මොහුට දුන මෙනව. (ස)
ඔබට මොක් සුව ලැබේවා (ස)
ජනප්‍රිය චරිතයක් නැතිවුණා (ස)
ඔබ දෙවියන් තුරුලට යන්න වරම් ලැබේවා. ජේසු පිහිටයි! (නි)
ඔබට මොක් සුව ලැබේවා (ත)
ජනතාවට ප්‍රිය චරිත කිසිදා මිය නොයයි. (නි)
මිනිසුන් හඬවන්නේත් නළවන්නෙත් මිනිසාමය. ඒ දෙකම කළ මිනිහා අමරණීයයි. (නි)
ලංකාවේ දේශපාලනය කියන වචනයේ එක් සලකුණක් නැතිවීම දුකයි.(නදී)
ඔබට නිවන් සුව පතනවා.(නදී)
වටිනා වෙදෙක් , දිරිය චරිතයක් රටට නැතිවුනා.(නදී)
ඔබට නිවන් සුව පතමි (නි)
අනේ මේ ඔක්කොටම ජයලත් උතුමාගේ අතීතය අමතක වූ හැටි . එංගලන්තයේ ඉන්න අපිනේ මෙතුමා කල කී දේවල් හොඳින් දන්නේ,.(අ)
පිරිසිදු දේශපාලකයෙක්,බුද්ධිමත් ජනතා නායකයෙක්,එක්සත් ජාතික පක්ෂයේ මහපුරුකක් රටට අහිමි වීම ගැන හරිම කණගාටුවයි (නි)
ඔබ ඔබේ දරුවන්ට අහිමිවිය. අපිට අහිමිවිය. රටට අහිමිවිය.ඔබේ මතකය අප සැම අතරේ සදාකල් රැඳෙනු ඇත .ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට මොක් සුව ලැබේවා නායකයාණෙනි. ඔබ අහිමිවීම රටට ලොකු පාඩුවකි ඔබගේ නාමය සදා අමරණීයයි.(නදී)
මිනිහෙක් මියගියාම බොරු වර්ණනා නොකොට ඇත්ත කියන්න ඕනේ. ඉන්න මිනිස්සුන්ටත් හැදෙන්න. (නදී)
දැන් වත් ශ්‍රී ලංකාවට හොඳ කාලයක් එවි. (ස)