IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජයලලිතා පණ අදී

තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් මිය ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත් සේවය දැනට ඇගේ අභාවය වාර්තා කර ඇති අතර වෙනත් ප්‍රධාන මාධ්‍ය මේ සම්බන්ධයෙන් නිල වාර්තාවක් පළ කර නැත.

ඇය 68 වැනි වියේ පසුවූවාය. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය රෝහල්ගත කැර තිබිණි. චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය සැප්තැම්බර් 22 වැනිදා උණ හා විජලනය ඇතිවී අසනීප තත්ත්වයෙන්  රෝහල්ගත කැර සිටි අතර එසේ සිටියදී සිය මහ ඇමැති බලතල ද ඇගේ පක්ෂයේ සාමාජිකයන්ට පැවරුවාය.

ඇපලෝ රෝහල ඉදිරිපිට දහස් ගණනින් ජනයා රැස්ව සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. චෙන්නායි හි ඇපලෝ රෝහල අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි ද කියති. 15000ක පොලිස් බළ ඇණියක් එහි කැඳවා ඇත.

මේ අතර ජයලලිතා මිය නොගිය බවත් ඇය ඉතා බරපතල තත්ත්වයෙන් චෙන්නායිහි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරු ඇයගේ තත්ත්වය පරීක්ෂා කරමින් සිටින බවත් එම රෝහල මීට ස්වල්ප වේලාවකට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් සඳහන් කරයි. එන්ඩීටීවී පුවත් සේවය එම මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

ඇය ජීවිතාරක්ෂක උපකරණ බලයෙන් ජීවත්වන බව එම නිවේදනයේ සඳහන්වේ.

කොටි හිතවාදීන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් ඉන්දීය මධ්‍යම රජය හරහා ශ්‍රී ලංකාවටද බලපෑම් කළ ජයලලිතා ජයරාම් තමිල්නාඩුවේ මහ ඇමැතිනිය ලෙස සිටි සෑම අවස්ථාවකම ලංකාවේ දේශපාලනයටද විවිධ අතපෙවීම් සිදු කළාය.

web_jayay6bcA7UQAE592l

web_IEUntitled-1



අදහස් (0)

ජයලලිතා පණ අදී

ආරුමුගම් Monday, 05 December 2016 01:37 PM

තව වසර සීයක් ඉන්න ඕනේ කෙනෙක් (බ)

:       0       0

සරසි Monday, 05 December 2016 01:39 PM

යම රජ්ජුරුවෝ වත් භාර ගන්න එකක් නැහැ ලංකා එතනටත් කඩාගෙන පහත් වෙලා ඊලමක් ඉල්ලාවි කියන බයට ! (බ)

:       0       0

විකුම් රංගන Monday, 05 December 2016 01:52 PM

ආයේ කතා දෙකක් නැහැ,අන්තවාදය වපුරලා බලය ලබා ගන්න හා බලයේ රැඳෙන්න උත්සාහ කරන හැමදෙනාම මියයන්න ඕනා දවස් ගණන් නෙමේ, අවුරුදු ගණන් පණ ඇදලම තමයි. ඉන්දියාවේ එවුන්ට විතරක් නෙමේ, ලංකාවේ එවුන්ටත් වලංගුයි. (බ)

:       0       0

ලොකුගේ Monday, 05 December 2016 01:52 PM

ලොකු දෙයක් දෙවියෝ අද මුණ බලල (බ)

:       0       0

ජීවා Monday, 05 December 2016 01:57 PM

මම කිරිබත් උයනවා , දුර්ජනයා ගැන කණගාටු වෙන්නේ නෑ (බ)

:       0       0

ධම්ම Monday, 05 December 2016 02:06 PM

ඇයට නිවන් සැප ලැබේවා! (බ)

:       0       0

දයානි Monday, 05 December 2016 02:15 PM

කනගාටුවෙන් වුණත් මේටිකකියන්නම ඕන දුෂ්ටකම් කරන කාට වුනත් ඔයටික වෙනවා .දිට්ඨ ධම්මවේදනීය කර්මවිපාක විදිහට මාස ගානක් පණ අදිනවා .අපේ රටට කොච්චර කෙනෙහිලි කම්කළාද ? මරණෙන් පස්සේ කල්පගානක් නිරයේ .පව් මොනවාකරන්නද? අනිත් යටත් අාදර්ශ.(බ)

:       0       0

ගයාන් Monday, 05 December 2016 02:24 PM

මෙයා ලංකාව දෙකඩ කරන්න හැදුවේ මේ රටේ ඉන්න දෙමළ මිනිසුන්ට තියන ආදරයට නෙවෙයි. එයාගේ සැප පුටුවට එන්නයි. ඇයගේ අනුගාමිකයෝත් කරන්නේ ඔය ටිකමයි ....(බ)

:       0       0

ජගත් ලියනගේ Monday, 05 December 2016 02:41 PM

ලංකාවේ දේවල් වලට අනවශ්‍ය විදියට බලපෑම් කරපු කෙනෙක් . එහෙත් , ඉක්මන් සුවය පතමු .(බ)

:       0       0

දුලිප් Monday, 05 December 2016 02:44 PM

විකුම් වසරේ හොදම ප්‍රකාශය (බ)

:       0       0

සජිත් Monday, 05 December 2016 02:53 PM

විකුම් ඔයාගේ කතාව ඥානසාර හාමුදුරුවන්ට හරියට ගැලපෙනවා (බ)

:       0       0

කේ ක්‍රිස් Monday, 05 December 2016 03:07 PM

ඇය දැන් මරණාසන්නයි..... වෛරයෙන් වෛරය නොසන් සිඳේ......දැහැමිව සිතමු..සිත කිලිටි කරගන්නාවූ සිතිවිලි වලින් බැහැර වෙමු. (බ)

:       0       0

ස්මිත් Monday, 05 December 2016 03:33 PM

ලංකාවට කෙලවන්න හදන එවුන්ට දෙවියෝ දඬුවම් දෙනවා. ලෝකේ කොහේ හිටියත් එක වෙනවා. ලංකාවේ ඉන්න එවුනුත් පරිසමෙන් හිටියොත් හොඳයි. (බ)

:       0       0

රොමේෂ් Monday, 05 December 2016 03:34 PM

තව පණ අදින්න දෙන්න ඕනා... ලෙඩෙක් පණ අදිනවාට සතුටුවෙන්න හොඳ නැහැ තමයි. නමුත් මුන් ඉන්නකන් අපිට කෙරුවෙම හතුරුකම්. ඊළඟට කරුණානිධියත් ඔහොමම ගියානම් නියමයි.මුන් දෙන්න මට්ටුවෙන්නේ අපායෙන් වෙනම ආණ්ඩුවක් ඉල්ලලා සටන් කරන්න ගත්තම. (බ)

:       0       0

විජයපාල Monday, 05 December 2016 03:36 PM

අපි බෞද්ධයෝ හැටියට අපි දන්නවා දිට්ටධම්ම වේදනීය කර්මය කියලා එකක් තියෙන බව. කොහොම වුනත් කෙනෙක් අසරණ වුනාම හොදයි කියලා කියන්න හොද නැහැ. නමුත් ඉතින් තමන් වපුරන දේවල්වල අස්වැන්න නෙලාගන්න වෙන්නේ තමන්ටම තමයි. මේවා ඉතින් දේශපාලනේ කරන හැම කෙනකුටම හොද පාඩම්. කොහොම වුනත් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. (බ)

:       0       0

සංජීව Monday, 05 December 2016 04:18 PM

යම් කෙනෙක් ටහම් සිද්ධ කරගන්නාවූ කුසල සහ අකුසල කර්ම හැටියට පල දෙනවා. අපි සාප කරන්න හොඳ නැහැ. අපි මොන විදියට මිය යාවිද දන්නැහැ (ර)

:       0       0

සුනිල් Monday, 05 December 2016 04:44 PM

මෙම ප්‍රතිචාර දෙස බලනවිට බුද්ධාගම අවුරුදු 2500 ක් තිබියදීත් ලංකාවේ බොහෝදෙනෙකුට එහි මූලික සංකල්පවත් ශරීරගත වී නැති බව කණගාටුවෙන් පිළිගැනීමට සිදුවේ. (ර)

:       0       0

සුමනා උදයන්ත Monday, 05 December 2016 05:09 PM

බුදුන්ට පුදපූ රට දෙකඩ කරන්න හදන ඕනෑම කෙනෙක් දෙවරක් සිතිය යුතුයි (ර)

:       0       0

පුෂ්පකුමාර Monday, 05 December 2016 05:14 PM

විජයපාල, බොක්කේ දඩ මස් තියාගෙන හක්කෙන් බුදු රැස් පිටකරන්න හදන අමනොඥ මිනිසුන් මේ දවස්වල වැහි වහලා. ඔබතුමා උනත් ආත්ම වංචාවක් කර නොගෙන, අර විකුම් රංගන කියල තියනවා වගේ හිතට එකඟව ලියන්න.උත්සහ කරන්න..(ර)

:       0       0

මැගිලින් Monday, 05 December 2016 05:46 PM

සැම දෙනාටම පොදු ධර්මතාවයක් මරණය. ඒත් මේ ටික තේරුම් නොගෙන දනයට බලයට කෑදරකමින් ජීවත් වෙන අය තමා ලෝකයේ වැඩියෙන්ම ඉන්නේ. (ර)

:       0       0

බමුණුසේන Tuesday, 06 December 2016 09:31 AM

මට නම් පුදුම සතුටක් ඇති දවසක් (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 06 December 2016 09:34 AM

අරුණ, ඔය මෛත්‍රී භාවනාව පැත්තකින් තියන්න. (නි)

:       0       0

ඇඩම් Monday, 05 December 2016 06:10 PM

නිලියක් නිස මම ජයලලිතව අගේකරනවා (ර)

:       0       0

සමීර Monday, 05 December 2016 06:14 PM

එතුමියගේ දේශපාලන දැක්ම අනුමත නොකලත් ඇයට ඉක්මන් පතමි. (ර)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 06 December 2016 09:40 AM

අපි ඇයට අනුකම්පා කරමු (නි)

:       0       0

දිනේෂ් Monday, 05 December 2016 06:34 PM

මරුට නොමැත කිසි විටකදී බාධා.. එකයි මිනිසුනේ ඉන්නට බැරි වන්නේ නොතිර සසර සාගරේ.. (ර)

:       0       0

යමුනා Monday, 05 December 2016 06:39 PM

ජයලලිතාගේ දේශපාලනය මම කිසිවිටකදිවත් අනුමත කරන්නේ නැහැ (ර)

:       0       0

පහන් Monday, 05 December 2016 06:40 PM

අපි බෞද්ධයන් විදියට මෙතුමියට වෛර නොකර සිටිමු (ර)

:       0       0

ධම්මසේන Monday, 05 December 2016 07:16 PM

මහජනතාවට විනකරන කාටත් කර්මය පළදෙනවා (නි)

:       0       0

බමුණු Tuesday, 06 December 2016 09:51 AM

සෙල්වරාජ් දුක්වෙන්නේ නැතුවය ඕගොල්ලන්ගේ කෙනෙක් නේ (හේ)

:       0       0

ප්‍රභා Monday, 05 December 2016 07:24 PM

බීබීසී එකෙන් අපි ඇහුවා හැමදේම. දැන් කලින්ම නත්තල් කමු (නි)

:       0       0

නිකොලා Monday, 05 December 2016 08:53 PM

බලනකොට සිංහල අපි එච්චරම පවු කරලා නැහැ එහෙනම් (නි)

:       0       0

නිල්හාන් Monday, 05 December 2016 09:00 PM

දැන් සියල්ල අවසානයිනේ! (නි)

:       0       0

භද්‍රානි Monday, 05 December 2016 09:53 PM

මෙතන ලියලා තියන අදහස් බලන්න කලින් නම් මමත් මෙතුමිය ගැන වැඩි සතුටකින් නෙමෙයි හිටියේ. ඒ වුණාට අපේ යාලුවන්ගේ ශ්‍රද්ධාව වැඩිකමට ප්‍රඥාව රෙද්ද පල්ලෙන් බේරිලා. ජයලලිතා ගැන ආදර භක්තියක් පහළවී තිබෙන නිසා, මගේ ආකල්පත් වෙනස් වුණා. ඉතින් ඇය මතු දිනෙක අප අතරම ඉපදෙන්න ප්‍රාර්ථනා කළා. (නි)

:       0       0

අසංග Monday, 05 December 2016 10:29 PM

ඔන්න ස්වභාව ධර්මය විසින්ම දඬුවම් ලැබුනා. තව එක් කෙනෙක් ඉන්නවා උතුර පැත්තේ. දෙවිවරු තවමත් අපේ රට ආරක්ෂා කරනවා. කවුරු කවුරුත් මේවා දැනගෙන වැඩ කළොත් හොඳයි (නි)

:       0       0

නිලන්ත Monday, 05 December 2016 11:03 PM

ලංකාව දෙකඩ කරන අයට හොඳ පාඩම් (නි)

:       0       0

ජේම්ස් Monday, 05 December 2016 11:14 PM

දැන් ඉතින් සතුට දරාගැනීමට බැරි අය කිරිබත් උයාගෙන සතුට බෙදා හදාගන්න. මොකද අපි සදාකාලයටම ඉන්න ආ අයනේ! (නි)

:       0       0

ටෙනිසන් Monday, 05 December 2016 11:39 PM

සමහරුන්ට නම් මේක දරාගන්න බැරුව ඇති (නි)

:       0       0

රත්නායක Tuesday, 06 December 2016 12:06 AM

ලංකාවට කෙනෙහිලිකම් කරපු අයට වෙන දෙය දැක්කා නේද. හිලරි අත උඩින් දිනුව කියලා හීන මව මවා හිටියා. දැන් මෙයා. මෙයාට යන්න අමුතු අපායක් ඕනෑ වෙනවා. ශ්‍රී ලංකාවට ජය වේවා. (නි)

:       0       0

විකුම් Tuesday, 06 December 2016 12:08 AM

ලංකාවෙත් කී දෙනෙක් වස බීලා ජීවිත විනාශ කරගනීවිද දන්නේ නැහැ (නි)

:       0       0

උදය Tuesday, 06 December 2016 12:10 AM

අද අපි මේ ප්‍රීතිය සමරන්න පොඩි උත්සවයක් දානවා. (නි)

:       0       0

දිමුත් Tuesday, 06 December 2016 12:33 AM

මෙයාට හාට් ඇටෑක් එක හැදිලා තියෙන්නෙ ලංකාවේ මුහුදේ මාලු අල්ලන්න දුන්නෙ නැහැ කියලා වෙන්න ඇති. කච්චතිව් දුපත තමිල්නාඩුවට දුන්නෙ නැහැ කියලා වෙන්න ඇති. අනේ ජයලලිතා! (නි)

:       0       0

බන්දුල Tuesday, 06 December 2016 12:42 AM

වෛර කළාම නරක්වෙන්නේ අපේ ජීවිතය රැකගන්න තියෙන අපේම ලේ මිසක් ජයලලිතාගේ ලේ නෙමෙයි. ජයලලිතා කරගත් දේ එයා ගෙනියයි. අපි අකුසල් නොකර ගෙන ඉඳිමු (නි)

:       0       0

කෝනාර Tuesday, 06 December 2016 01:16 AM

වටිනා සාරි දොළොස්දහස් ගණන අපරාදේ ඇඳගන්න බැරිවුණා. වයස 68 කියන්නේ මැරෙන වයසක් නෙමෙයි. නමුත්...? (නි)

:       0       0

සවනාත් Tuesday, 06 December 2016 01:34 AM

මෙතන සමහරු ජයලලිතාට විරුද්ධව ලියන අයටත් බනිනවා වගේම සිංහල අනතවාදයක් ගැනත් කියනවා. කරුණාකරලා මතක් කරගන්න සිංහලයන් නෙවෙයි අන්තවාදයක් ඇති කළේ කියලා. ජයලලිතා අපේ රටට කරපු වින ගැන කියන්න බයවෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ජනහිත Tuesday, 06 December 2016 01:50 AM

ජීවත්ව හිටියොත් තමයි ගැටළු විසඳාගන්න පුළුවන්. එහෙම නැතුව ජීවිතය හැරගියොත් එය කරගන්න බැහැනේ. ඇය සටන් කළේ තම පිරිස වෙනුවෙනුයි. (නි)

:       0       0

ජනිත් Tuesday, 06 December 2016 03:16 AM

ඇයත් කාන්තාවක්. අගෞරව කරන්න එපා (ර)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 06 December 2016 03:27 AM

විකුම් රංගන.ඔබගේ අදහස 100 % සත්‍යයි. (ර)

:       0       0

එෂාන් Tuesday, 06 December 2016 03:34 AM

එතුමිය මිය ගිය බව නිවේදනයක් කෙරුවා. ඇයට නිවන් සුව. (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 December 2016 04:43 AM

ජනහිත එයාලා සටන් කළේ එයාලගේ පිරිස වෙනුන් නම් ඇයි අපේ රටේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්න දගලන්නේ.අපේ රටේ ප්‍රශ්න අපේ රටේ උදවිය බලාගනිවිනේ නේද එහෙනම් ? (බ)

:       0       0

අරුණ Tuesday, 06 December 2016 05:35 AM

අපිට මොනතරම් වැරදි කළත් ඇයද මනුෂ්‍යයෙකි (නි)

:       0       0

නුවන් Monday, 05 December 2016 12:35 PM

කෙනෙක් මැරුණම එම කෙනාට ගැරහීම සිංහලකම නොවුණත් මැය ලංකාව දෙකට කිරීමට ගත් උත්සාහයට මැයට කවදාවත් ශාන්තියක් නොලැබේවි! (බ)

:       0       0

ලංකා Monday, 05 December 2016 12:37 PM

යන්තම් යමරජ්ජුරුවෝ මේ ගැනිව බාරගන්න කැමතිවෙලා! (බ)

:       0       0

අංජන Monday, 05 December 2016 12:36 PM

ජය වේවා (බ)

:       0       0

රණතුංග Monday, 05 December 2016 12:37 PM

අනේ සාදු (බ)

:       0       0

සෙල්වරාජ් Tuesday, 06 December 2016 06:16 AM

ජයලලිතා ගැන දුකයි අපිට නම් (නි)

:       0       0

බන්දු Monday, 05 December 2016 12:42 PM

කනගාටුයි .. එක අතකින් සතුටුයි..(බ)

:       0       0

ෆාරා Monday, 05 December 2016 12:45 PM

දෙවියන් බැලුවේ පරක්කු වෙලාද (බ)

:       0       0

වීරවර්ධන Tuesday, 06 December 2016 06:23 AM

ඔය ගෑනි ඉන්නකන් අපිට කෙනහිලිකම් කළා. දැන් හම්බකරගත් සේරම වස්තුව දාල ගිය. ඔයටිකට තමා දැඟලුවේ..(බ)

:       0       0

බුද්ධික Monday, 05 December 2016 01:08 PM

ලංකාවට විරුද්ධව වැඩ කරන හැමෝටම වෙන්නේ මේ ටික, නමුත් මනුෂ්‍යත්වයෙන් බලන විට දුකක් දැනෙනවා..(බ)

:       0       0

දසුන් Monday, 05 December 2016 01:10 PM

නොමළත් මළා වැනිය. මාගන්දිය ගැන කිව්වේ අපේ බුදුන් වහන්සේ. එය මාගන්දිය පමණක් නොව එවැනි වෙනත් අය ගැනත් බලපායි (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 05 December 2016 01:17 PM

එකතු කර ගත් ධනය,රත්තරන්,ඉඩකඩම්, ඔක්කොම දාල ගියා.මේක තමයි ජීවිතේ යථාර්ථය? (බ)

:       0       0

ඩී.උපුල් Monday, 05 December 2016 01:35 PM

සමහර පුද්ගලික රෝහල් ලෙඩා මළත් ඔක්සිජන් දිදී තියාගන්නවා. චාජ් කරන්න පුළුවන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1512 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2024 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1517 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8581 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2472 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10513 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site