ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමට එරට රාජ්‍ය සභාව නියෝජනය කරන පක්‍ෂ රැසක නියෝජිතයින් සහභාගි නොවෙතියි තානාපති ආරංචිමාර්ග පවසයි. තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා ජයරාම්ගේ ඒ.ඞී.එම්.කේ. පක්‍ෂයේ නියෝජිතයින්, වයි. ගෝපාල්සාමිගේ එම්.ඞී.එම්.කේ. පක්‍ෂයේ නියෝජිතයින්, තොල් තිරුමාරන්ගේ විදුදලෙයි සිරිත්තෙයි පක්‍ෂයේ නියෝජිතයින් මිට එක් නොවීමට තීරණය කර ඇත. කෙසේ වෙතත් එරට පාලක කොංග‍්‍රස් පක්‍ෂයට සහාය දෙන තමිල්නාඩු හිටපු මහ ඇමැති එම්. කරුණානිධිගේ ඞී.එම්.කේ. පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඊට එක් වන බව වාර්තා වේ. ඉන්දීය විපක්‍ෂ නායිකා සුශ්මා ස්වරාජ් ගේ නායකත්වයෙන් මේ කණ්ඩායම එයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd