IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


ජීවන් තොණ්ඩමන් මැතිවරණයට නුවරඑළියෙන් තරග කිරීමට අත්සන් තබයි

(ශාන්ත චන්ද්‍රසිරි)

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් මහතා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අද (04) අත්සන් තැබීය.

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමාන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට පියවර ගෙන තිබිණි.

ඒ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු නාම යෝජනාව සඳහා මෙසේ ජීවන් තොණ්ඩමාන් මහතා අත්සන් කෙරිණි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන් හා නීතිඥ මඩුල්ලක් ඉදිරියේ ජීවන් තොණ්ඩමන් මහතා නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් තබන ලද අතර එම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරුන්වන ඒ. පී. ශක්තිවේල්, මරදපාණ්ඩි රාමේෂ්වරන්, නීතිඥ පී. රාජතුරෙයි ඇතුළු තොණ්ඩමාන් පවුලේ සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.



අදහස් (37)

ජීවන් තොණ්ඩමන් මැතිවරණයට නුවරඑළියෙන් තරග කිරීමට අත්සන් තබයි

Achini Thursday, 04 June 2020 01:56 PM

හොද්දේ රස දන්නේ උයන කෙනා කියනවා නේ ...

:       0       125

liyanage Thursday, 04 June 2020 08:53 PM

ජීවන් තොණ්ඩමන් මැතිවරණයට නුවරඑළියෙන් තරග කිරීමෙන් පසු අලියට සෙට් වෙනබව දන්නේ නැතිද ? සම්යමුර්ති තොන්ඩමන් එක්සත් ජතික පක්ෂය සමග ජනතාවට සේවය කල කෙනෙක් බව ජීවන් දන්නවා.

:       44       137

Saki Thursday, 04 June 2020 02:00 PM

අනේ කල්ලතෝනියන් වගේ තමයි...

:       4       105

pradeepa Thursday, 04 June 2020 02:12 PM

අනේ රටකට ගිය කල තම පියා පාර්ලිමේන්තුවට ගිය කියලා පුතාත් පාර්ලිමේන්තුවට යන්ඩම ඕනද? කිසිම දැනුමක් නැහැ පාර්ලිමේන්තුව ගැන මොනවද කරන්නේ මොනවද වෙන්නේ කියලා කිසිම දැනුමක් නැහැ...

:       0       328

Nandalal DE SILVA - FranceThursday, 04 June 2020 11:52 PM

කවුද කිව්වේ පාර්ලිමේන්තුවට යන්න දැනුමක් හෝ උගත්කමක් ඕන කියලා? උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉස්සර පෙට්ටි කඩයක් දමාගෙන ජීවිකාව කරගත් හාදයෙක් මහින්ද එක්ක එකතුවෙලා වැදගත් අමාත්‍යංශයක් භාර අරගෙන දැන් මිලියන් ගණනක දේපළක් හදාගෙන ඉන්න පුළුවන්කමක් ලැබුනේ, උගත්කමක් තිබුණු නිසාද? "දැනුමක්" මේ හාදයට උපතින් ලැබුණ නිසා මෙහෙම වුණා. සර් ජෝන් කොතලාවල අගමැති කාලයේ කියපු කතාවක් මගේ සීයා කිව්වා මේකේ තිබෙන කොමෙන්ට්ස් කියවන අතරතුර : දුම්රිය සිග්නල් කණු වගේ අත උස්සන්න, පහත්කරන්න දන්නා කෙනෙකුට මැති සභයට යන්න පුළුවන් කිවුවලු. එහෙම කීපදෙනෙක් ඒ යුගයේ හිටියලු. මේ කාලේදී ඒ වගේ මන්ත්‍රීවරු බොහොම වැඩි වුණත්, විදුලි සිග්නල් නිසා සිග්නල් කණු මන්ත්‍රීවරු නම් දැන් අඩුවෙලා. ඒත් සෙංකෝලය අරගෙන සභාගැබේ දුවන්න පුළුවන්, මිරිස්කුඩු ප්‍රහාර දන්නා, පාර්ලිමේන්තුවේ දේපල විනාශ කිරීමට හැකියාවක් තිබෙන මැට්ටන්ට තවමත් දියවන්නාවේ තැනක් තිබෙනවා..! ඒවාට දැනුමක් හෝ උගත්කමක් අවශ්‍ය නැත.

:       1       496

සෑම් Thursday, 04 June 2020 02:20 PM

රටේ මිනිස්සුන්ගේ මොලේ කලඳක් තියනවනම් කොවිඩ් අස්සේ රටේ නායකයෝ මේ කරපු පහත් වැඩේම ඇති උන්ව ලබන චන්දෙදි ගෙදර යවන්න. දැන්වත් රටට විකල්පයක් අවශ්‍යයි. හෙන හතම වදින්න ඕනෑ.

:       310       1281

Siva Thursday, 04 June 2020 02:25 PM

දියවන්නාවට යන තවත් පෝතකයෙක්...

:       8       160

බද්රානි Thursday, 04 June 2020 02:33 PM

කොරෝනා නිරෝධායන නීතිත් කඩාගෙන ජයටම බත කාපු බලලා ඔය පැන්නේ මල්ලෙන් එලියට? ඇත්තම කියනවා නම් ලංකාවේ ඉන්න මීහරක්ව පානයට මෙවැනි දක්ෂ දේශපාලකයින්ව තමයි පත්කළ යුත්තේ. අර කොඩියට පමණක් සිංහයාව ඇඳගෙන තමන්ට නොමැති පෞරුෂයක් සතෙක් ලව්වා ආරුඩ කරගන්න තටමන, සිංහ හම පොරවා ගත්ත නරි රැල කොහෙද කියලයි මම මේ හොයන්නේ? දැන් ඉතින් කොහේ හරි හැංගිලා ඉඳලා සද්දෙට හූ කියයි මටත්? බොරුව ඉදිරියේ නැට්ට බඩයට ගහ ගෙන කට වහගෙන ඉන්න මොවුන්ට ඇත්ත ඇහෙද්දිනේ නැට්ට උස්සගෙන හු කියාගෙන බෙරිහන් දෙන්නේ? අවමගුල් ජයට සමරලා පොසොන් උත්සවය සමරපු හැටි දැක්කම, ලැජ්ජයි, මෙවුන් ගැන...

:       58       511

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 06 June 2020 03:06 AM

බද්‍රානි මහත්මියගේ අගනා අදහස් මා නිතර බොහෝ රුචියෙන් කියවනවා. මේ වැනි වටිනා හරවත් කරුණු ඉදිරිපත් කිරීමට තව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා !

:       7       1

de silva Thursday, 04 June 2020 02:36 PM

තොන්ඩමන්ගේ පකෂයත් පවුල්වාදී පක්ෂයක් නිසා පොහොට්ටුවටම හොඳටම ගැලපෙන බව පෙනෙනවා .

:       64       473

චමින්දFriday, 05 June 2020 12:59 AM

සහතික ඇත්ත

:       11       46

චමින්දFriday, 05 June 2020 12:59 AM

සහතික ඇත්ත....

:       17       26

ජූඩ්Friday, 05 June 2020 04:19 AM

ප්‍රේමදාස, ගාමිණී දිසානායක පවුල් වගේ.

:       319       262

BamunuarachchiFriday, 05 June 2020 10:19 AM

පටන්ගත්තේ ඩී එස් සේනානායකගෙන් ඉවර වෙන්නේ ආර් ප්‍රේමදාසගෙන්. එතනින් එහාට යන්නේ නැහැ.

:       37       10

BamunuarachchiFriday, 05 June 2020 10:12 AM

හලෝ ඒ පවුල්වල කට්ටිය පවුලේ සම්බන්ධකමට පාර්ලිමේතුවට ගිහින් පුටුවේ වාඩි වෙන්නේ නැත. ඒ අයව වැඩි මනාප ජනතා චන්ද ගණනකින් එතනට යවන්නේ. ඉතින් ඒ පුදගලයින් පාර්ලිමේන්තුවට යවන ජනතාවගෙන් අහන්න ඇයි පවුල් වල අය යවන්නේ කියලා.

:       41       48

BamunuarachchiFriday, 05 June 2020 10:12 AM

ඒ පවුල්වල කට්ටිය පවුලේ සම්බන්ධකමට පාර්ලිමේතුවට ගිහින් පුටුවේ වාඩි වෙන්නේ නැත. ඒ අයව වැඩි මනාප ජනතා චන්ද ගණනකින් එතනට යවන්නේ. ඉතින් ඒ පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවන ජනතාවගෙන් අහන්න ඇයි පවුල් වල අය යවන්නේ කියලා. ඇමරිකන්කාරයෝ බුෂ් පවුලට හිලරි පවුලට එහෙම කීවේ නැත. ඉන්දියාවේ ගාන්ධි පවුලට එහෙම කීවේ නැත. ලංකාවේ සිටින ගොබ්බයෝ තමයි ඔහොම කියන්නේ. වතු ජනතාව දන්නා තොන්ඩමන් ගියත් අපි නොදන්නා සුබ්‍රමනියම් ගියත් ඇති වෙනස මොකක්ද යන කාරිය ඉෂ්ට වෙනවානම් ?

:       39       2

BamunuarachchiFriday, 05 June 2020 01:36 PM

ගම්පහ මිනිස්සු රාජිතගේ පුතා චතුර සේනාරත්න පාර්ලිමේන්තුවට තේරීමයි, නුවරඑලිය ජනතාව තොන්ඩමන්ගේ පුතා ජීවන් තෝරා ගැනීමෙනුයි පරදේශවල ජනතාවගේ බුද්ධිමට්ටම හොඳට පෙන්නුම් කර තිබෙනවා නේද?

:       8       16

siri Thursday, 04 June 2020 02:57 PM

දුරස්ථභාවය ඒ ගොල්ලන්ට ඔට්ටු නෑ කියන එක නැවත වතාවක් පෙන්නුවා නේද ? දැන් සතුටුද ?

:       29       322

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 04 June 2020 03:08 PM

ජීවන් තොන්ඩමාන් මහතා, මේ තනතුරත්, ඔබලාගේ පරපුරෙන් පරපුරට යන එකක් වගෙයි පේන්නේ. ඒක වතු ද්‍රවිඩ ජනයාගේ බුද්ධියේ හාස්කම.... ඒක එහෙමයි කියාමුකෝ. ඒත්, ඔබ ආරම්භයේදීම කළු ලප ඇතිකරගත් කෙනෙක්. ඒක ඔබගේ වතු කම්කරු ජනතාවගේ කැමැත්ත වැඩියෙන් දිනාගැනීමේ ක්‍රමයක් වෙන්න ඇති. ඒවගේම, අපගේ සෞඛ්‍ය අංශයේ ප්‍රධානියෙකු හට ඔබගේ බලවතෙකු තර්ජනය කරා කියලා රාවයක්ද තිබුණා. සමහරවිට ඒ ඔබද දන්නේත් නැහැ. ඒ කෙසේ වෙතත්, ඔබගේ තනතුරේ හයියෙන් හා වතු ද්‍රවිඩ කම්කරුවන්ගේ බලය අනිසි ලෙස යොදාගෙන රටට අවැඩක් කිරීමට නොසිතීම ඔබගේ යුතුකම හා වගකීමයි. එය කොයි කාගේත් යහපත පිණිස වන්නේය.

:       21       448

Prabha Thursday, 04 June 2020 03:11 PM

කිව්වෙනම් උගතුන්ට තැන දෙනවා කියලා...

:       29       278

ලැවොයිසියර් Thursday, 04 June 2020 03:13 PM

පහුගිය දවස්වල හැසිරීම් විලාශය බලපුවාම පුතා අණ්ඩයෙක් බව පේන්ඩ තියෙනවා…. වතුකරයේ අහිංසක කම්කරු ජනතාවට දෙවියන්ගේම පිහිටයි!

:       2       172

සෙල්වම් Thursday, 04 June 2020 03:23 PM

දැන් වෙනස්. බොහෝ දේ අවබෝධ කරගෙන වගේ. ඒත්, ඕනම දවස් වල මුඛ ආවරණ දමා තිබුණේ නැහැනේ.... ගිය දේවල් ගියාවේ. හොඳින් වැඩ කටයුතු කරගන්න. ඒවාගේම සියයට සියයක් ම ලාංකික වන්න. ඔබට සුබ පැතුම්...!!!

:       229       31

Pradeep Thursday, 04 June 2020 03:52 PM

පරපුරෙන් පරපුරට යන ශ්‍රීලංකා දේශපාලනය.. වෙනස් දැක්මක් කෙසේනම් බලාපොරොත්තු වෙන්නද?තාත්තලාගේම පුත්තු පත්වෙනකොට..මෙය තොන්ඩමන්ලාට පමණක් නොව අනිකුත් පිය පුතුන්ටත් අදාලය.

:       0       200

ජගත් ලියනගේ Thursday, 04 June 2020 05:23 PM

බලයට කොච්චර කෑදර ද කියනවනං අම්ම තාත්ත මරාගෙන වුණත් එය ලබාගන්න කැමති කාලයක් .

:       7       147

vidya Thursday, 04 June 2020 05:43 PM

තාත්තාගෙන් පුතාට යාමෙන් දුෂණය වැඩිවෙන එක විතරයි වෙන්නේ . මළගමට කරපු පෙරෙට්ටු වලින් චන්ද ප්‍රචාරය ලැබුනානේ. මේ මිනිස්සු හොඳට කොළඹ ඉඳගෙන වතුවල වැඩ කරන ජනතාවට බොරු පොරොන්දුදීල මල්ල පුරෝගනී .

:       17       143

Kumara Thursday, 04 June 2020 06:04 PM

අප්පා කරපු දේම තමයි පුතා කරන්නෙත්... වතුකරෙ මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි..

:       0       212

BamunuarachchiFriday, 05 June 2020 10:16 AM

ඒක වතු ජනතාව බෙර ගනී.

:       15       0

lalithm Thursday, 04 June 2020 08:03 PM

කොහොමද මුට්ට කාසියේ හයිය...? අපේ ලොක්කන් තියෙන සේරම දෙපරන්ද අස්සේ ගහගෙන යටත් වුණා නේද? රජුන් තනන්නේ මේ වගේ අඳ බාල දේශපාලකයින්ද?

:       0       167

බද්රානි Thursday, 04 June 2020 09:37 PM

තොන්ඩමන් මහත්තයෝ, මේ රටේ ජීවත් වෙන නිවට, නියාලු, දේශපාලකයින්ට ගැතිකම් කරන බහුතර සිංහල බෞද්ධයන් අතර ඔබතුමා ඇත්තටම රජෙක්... ජාතිය ආගම උගසට තබා, බලයට වලිකන මේ තුප්පහි සිංහලයින් අතර සුළුතර වතුකරයෙන් බිහිවූ නුඹ ඔබගේ ජාතීන්ට මැණිකක්. අනිවාර්යයෙන් ඔබගේ ජනතාව ඡන්දය දමාවි.. ප්‍රශ්නය පවතින්නේ මොවුන්ගේ ජානවලමයි. නමුත් දොස් නගන්නේ අනෙකුත් ජාතීන්ට හා අන්‍ය ආගමිකයින්ටයි. ජන්මයේ වැරැද්ද? වෙන මොකක්ද ? පොසොන් එකට ආරාමයේ හෝ ගෙදර තියන ලයිට් එකත් නිවලා, රටට පේන්න බෝ ගහේ බල්බ් වැලක් එල්ලලා වකුටුවෙලා නිදාගත්තු ඔබලාට තෙරුවන් සරණයි!!

:       59       71

කරුණාසේන Thursday, 04 June 2020 10:44 PM

අර මොලේ කලඳක් නැතිව උගත්කම විතරක් තියෙන ජීවන් කෙනෙකුත් පසුගිය දවස්වල ගොන් කතා කියකියා හිටියේ. මෙයා එහෙම නොවුනොත් හොඳයි.

:       0       67

Lion Friday, 05 June 2020 12:58 AM

මේ අයට මේ රටට හෙන ගැහුවත් කමක් නැහැ.. ඒ අයට ඕනෙ බලය, සැප ගන්න. වතු කම්කරුවට කළ දෙයක් නැහැ. අහිංසකයින් හැමදාම දුප්පත් අසරණයන්. අපිට මේ පක්ෂ වලින් සෙතක් වෙලා නැහැ. රණවිරුවා ඩඩ්ලි ඉස්සරහ කොරවුණා. පටන් ගත්තේ හාල් මාෆියාව දණගස්සනවා කියලා...

:       0       109

සෙන්දේ Friday, 05 June 2020 03:45 AM

වියත්මගේ එක්කෙනෙක්ලු...

:       6       89

athula Friday, 05 June 2020 03:59 AM

හා.. පොදුජන පෙරමුණෙන් නම් කමක් නැහැ.. එහෙනම් එයා දේශප්‍රේමියෙක්...

:       15       68

DAYA Friday, 05 June 2020 06:44 AM

මොනා දන්නවද? මොනාද කරලා තියෙන්නේ... දේශපාලනේ බූදලේ කරගෙන තාත්තගෙන් පුතාට, දුවට, බිරිඳට ... පස්සේ හත්මුතු පරම්පරාවම ගොඩදාගන්නවා...

:       0       146

ලියනගේ Friday, 05 June 2020 10:05 AM

එ්කනිසා වෙන්න ඇති අර දයාගේ නෝනත් පාර්ලිමේන්තුවේ ඉන්නේ...

:       14       62

udaya Friday, 05 June 2020 09:52 AM

අනේ ඕන කෙනෙකුටත් ජනාධිපති වෙන්න පුළුවන් කියල 2015 පෙන්නුවා නේද?

:       2       117

Nandalal DE SILVA - FranceFriday, 05 June 2020 11:39 AM

එ්ක නම් සහතික ඇත්ත...! 2015 ජනාධිපතිවරණයෙන් ඡන්ද දායකයන් අතිවිශාල බලාපොරොත්තු තියාගෙන පොළොන්නරු ගොයියා රටේ තිබෙන උසස්ම තනතුරට පත්කරාට පස්සේ ඒකා පිස්සු නටන්න ගත්හැටි දැකපු වැදගත් නෝනා කෙනෙක් මෙහෙම කිව්වලු : "ඡන්දෙට පොල් ලෙල්ලක් දැම්මත් ඒක දිනන බව අපි දැනගෙන හිටියා. එ්ත් ඇයි දෙයියනේ අපි මෙහෙම වින්නැහියක් කරගත්තේ ?" ළඟ පාතක හිටියා නම් ඒ මනුස්සයාගේ කටේ රත්තරන් දානවා කියා, මගේ ආච්චි මගේ කණට කර මුමුණනවා...

:       0       77

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 871 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 515 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 632 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 323 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1468 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 430 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 883 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 548 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site