ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.
රජය ඉදිරිපත් කළ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත සකස් කළ ණය,බදු හා දඩ වලින් පිරි ජනතාව කබලෙන් ලිපට දැමූ එකක් බව ද විජිත හේරත් මහතා කීවේය.
රට ණය උගුලක සිර කරන ආණ්ඩුවේ මෙම කොල්ලකාරී ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව ජනතාව පෙළගැස්වීමට ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
විජිත හේරත් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා මේ රටට කරපු විනාශය දෙවෙනි වුණේ කොටින්ට විතරයි. 88/89 කාලේ අපි ජීවත්ව හිටියා. ඔයාලම නේද යහපාලනය බලයට ගෙනෙන්න හවුල් වූණේ. (නි)
ඉතාමත් පැරණිම ජවිපෙ සහෘදයෙක් ලෙස පවසන්නම් යමක්. ඔබ ගැන කළකිරීමෙන් කියන්නම් යමක්. දැන් ඔබ යන්නේ මංමුලාවූ ගමනකි. යථාර්ථය තේරුම් ගන්න. හොරා සමඟ හෝ එකතුවී යකාගේ ගමන නවතන්න. එවිට අපිට බලයක් ලැබුනවිට හොරාටත් දඬුවම් දියහැකිය. තේරුම් ගත නොහැකි නම් සොරිම තමා..... (නි)
ජවිපේ එක කවදත් රට ජනතාව ගැන හිතපු පක්ෂයක්ද? එ් හින්දද අර මුදල් ගනුදෙනුව ගැන කතා නොකළේ? (නි)
ඕගොල්ලෝ කතා කරන්න ඕනෑ ඕගොල්ලෝ පිරිසිදු නම්. (නි)
මේ අයවැය විහිළුවක්. පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ සංඛ්‍යාව රටට අනවශ්‍ය , දරන්න බැරි බරක්. ඔවුන්ගේ ගණන සියයට අඩුකළ යුතුයි. ඉදිරි අවුරුදු විස්සට , හැම පක්ෂයක්ම සහ අදාල ක්‍ෙරවල උගතුන් එක්ව , සංවර්දන සැලැස්මක් සැකසිය යුතුය. ඊට අනුව අයවැය පිළියෙළ කළ යුතුය. මෙම විසි අවුරුදු සංවර්දන සැලැස්ම , අවුරුදු පතා නිරික්ෂණය කර රටට අවශ්‍ය පරිදි වෙනස් කළ යුතුය.(හේ)
නන්ද ලාල්, මොන අයවැයින්ද ඔබලට හරිගියේ? එහෙම හරි ගිය සහ ජවිපෙ විරුද්ධ වූ අයවැයක් තියෙනවා නම් අන්න කියන්න. හැමදාම ඔයගොල්ලන්ගේ ජීවන බර වැඩිවුණා නේද? ඔන්න ඔය වගේ මෝඩ මිනිස්සු අඩුවෙලා කවදාහරි බුද්ධිමත් මිනිස්සු අා දාට රට හැදෙයි. එතකොට පරක්කු වැඩියි. (නි)
ජනතාව ඔබට දුන්නේ අාසන 6යි. හැබැයි අනිත් පක්ෂ වලට බහුතරය දුන්නා. ඒ කියන්නේ අනිකුත් පක්ෂ දෙකේ ප්‍රතිපත්ති වලට ජනතාව කැමතියි. ඉතින් එහෙනම් බදු නෙමෙයි බදු පිට බදු ගැහුවත් එ්ක ජනතා කැමැත්ත. එ්ක තමා දිනන්න ඕනෑ. ඔයගොල්ලන් පැත්තකට වෙලා ඉන්න. මේවා ජනතාව ඉල්ලන් කාපුවා. කන්න දීලා බලා ඉඳිමු. (නි)
කිසිම ප්‍රතිපත්තියක් නැති පක්ෂයක්. ජනාධිපතිවරණයේ දී කෙළින්ම මහින්දට ඡන්දෙ දෙන්න එපා කියන්නවත් කොන්ද පණ තිබුනේ නැහැනේ මෙයාලට. දැන් මහින්ද වගේ මෙයාලත් පස්සෙන් ඉඳගෙන වැරදි හොය හොයා ඉන්නවා. (නි)
නන්දලාල්, ප්‍රංශ රටේ ඉන්න හින්දා ඔයාට තේරෙන්නේ නැද්ද, නැත්නම් අය වැය සම්බන්ධව ඔබේ දැනුමේ මදිකමක්ද දන්නේ නැහැ. මේ දක්වා අපේ රටේ ඉදිරි දැක්මක් තියෙන ජනතාවාදී අයවැයක් ඉදිරිපත්වෙලා තියෙනවා නම් කියන්න මොන අවුරුද්දේද කියලා. ඔක්කොම පැලැස්තර අයවැය තමයි. ඔයා ටොයියෙක් නිසා මේකට කැමති වෙයි. නමුත් මේ අය වැය ගෙනාවේ මහින්දගේ ආණ්ඩුවෙන් නම් ඔයාම හිතලා බලන්න අද මොනවාද ලියන්නේ කියන්නේ කියලා. අපේ රටට ඕනෑ මාක්ස්වාදී අයවැයක් නොවෙයි. ජනතාවාදී අයවැයක්. (නි)
යහපාලනය අයවැය පරාද නොවන බව දන්නා නිසා මෙවැනි තීරණයක් ගන්නාමුත් වැරදිලාවත් පරාදවෙන බව දැනුනොත් සහෝදරයෝ පක්ෂව හෝ සබගැබ තුළ නොසිටීවී (නි)
අප රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම නිකන් ලැබියයුතු අයවැයක්. එදාට ඔය එල්ළෙන්න හිතාගෙන ඉන්න ගිලෙන දේශපාලකයන්ට කඩේ යන අයගේ කටවල් වැහෙයි. (නි)
හුඟ කාලෙකට පස්සේ ඔබතුමාගේ හඬ ඇහුනේ. (නි)
සමස්‌ත අයවැය හිඟය රු. කෝටි 62,500. මුළු විදේශීය ණය ගැනීම් රු.කෝටි 27,200. මුළු දේශීය ණය ගැනීම් රු.කෝටි 35,300. මුළු ණය ගැනීම් රු. කෝටි 62,500. ඩුබායි රටේ ගිණුම් 9 යේ තියෙන රුපියල් කෝටි 46,500. රාජසන්තක කරලා අසරණ මිනිසුන්ට ගහන බදු ගැහිල්ල නතර කරන්න. (නි)
ඔයාල ගැන මිනුස්සුන්ට තේරෙනකොට රටට වෙන්න ඕන දේවල් වෙලා ඉවරි සහෝදරයා . අවුරුදු විසිහයකට කලින් වෙච්ච දේවල් කියා කියා ඔයාලට මඩගහන්න තමයි මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ (අ)
මුදල් ඇමතිතුමනි, මීළඟ අය වැය මේගොල්ලන්ගෙන් අහලා හදන්න. මතක තියාගන්න එතකොට විවාද ඕනෑත් නැහැ (නි)
අයියෝ, ඔගොල්ලොන්ගේ ඔය බයිලා හැමදාම අහල දැන් අපට ඕවා කට පාඩම් වෙලා ඉවරයි !මොන අය-වැයටද ජවිපෙය එකඟ උනේ ?නිල් පාට, කොළ පාට හෝ කොළ-නිල් පාට වුණත් ඔය සහෝදරයන් විරුද්දයි කියල නේ අත උස්සන්නේ ! (අ)
අපි හිතපු මේක ධනේශ්වර අය වැයක් කියල. ඇපල් මුද්දරම් පලම් කාළ බී එම ඩබ් සහ අවුඩි වලින් ඉගිල්ලිලා යන්න සිහින දකින 75% විතරක් නිර්ධන පන්තියක් ඉන්න ශ්‍රී ලංකාවට සෙල්ලමට වගේ මාක්ස් වාදී අය වැයක් හදල පෙන්නන්නකො බලන්න! අන්න එදාට බලාගන්න පුළුවන් ජනතා ප්‍රතිචාරය කුමක්ද කියල. (අ)
හොරුන්ගෙන් රට රැකදෙන පක්ෂය ඔබලාට ජයවේවා (අ)
අනේ, රතු අලි පැටියව, කොළ මහ අලියා මෙකරාවත්ද? හොදට හිටපු දෙගොල්ලෝ දැන් තරහ යී ද? ජන්දයකට එන්නකෝ. අපි ආයෙමත් යාලු කරලා දෙන්නම්. හැබයී ගොය්යෝ, ඡන්දෙනම් දෙන්නේ නැත. (අ)
ඉතින් කවුද මෙයාලගේ ඡන්දෙ ඉල්ලුවේ? හරියට මෙයාලගේ ඡන්දෙ ඉල්ලලා දෙන්න බැහැ කියනවා වගේනේ කතාව! (අ)
ජවිපේ එක කවදත් රට ජනතාව ගැන හිතපු පක්ෂය (අ)
අයියෝ ආණ්ඩුව ඉවරයි. (අ)
මෙයාල මොන එකට ද පක්ෂ වුණේ, හැමදාම හැමඑකටම විරුද්ධ වෙනෙක තමයි මෙයාලගේ දේශපාලනේ. (අ)
මේ අයවැයෙනුත් දුප්පත් ජනතාවට නම් සහනයක් නැති හැඩය . පාර්ලිමේන්තු වරප්‍රසාද කපාහැර රජයේ වියදම් අඩුකළාන හොඳ නැද්ද (අ)
එදා මෙදාතුර කිසිම රජයක කිසිම අයවැයකට ජවිපෙ එකඟගවුයේ නැත. ඒ සාධාරණ අයවැය අපවෙත ලබා ගැනීමට අපි දැන්වත් අදිටන් කරගනිමු. (අ)
මෙවර අය වැය මීළඟ ඡන්දයට අලුත් ඡන්ද ඉලක්ක කරගෙන කරපු අය වැයක් (අ)