IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජවිපෙ පන්දම් පත්තු කරයි

විදුලි බිල අඩු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් නුගේගොඩ නගරයේ සංවිධානය කළ පන්දම් විරෝධයක් සහ පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩසටහනක් නුගේගොඩ දී අද (5) පැවැත්විණි.

වීඩියෝ රත්නසිරි ප්‍රේමලාල්



අදහස් (0)

ජවිපෙ පන්දම් පත්තු කරයි

සදරුවන් Wednesday, 05 June 2013 11:53 PM

එයාලා හැමදාම කළේ පන්දම් පත්තුකරපු එකයි, පන්දම් අල්ලපු එකයි. (නි)

:       0       0

සෙනෙවිරත්න ගාල්ල Thursday, 06 June 2013 01:34 AM

හලෝ පිටිගල මිලානෝ මීට අවුරුදු 25 කට පෙර අතීතයට යනවද වර්තමානය සමග ඉන්නවද දැන් ඔය දේශප්‍රේමී ශ්‍රී ලංකා කියන අය 87 ගිවිසුම වෙලාවෙ ලයිට් කණු කැපුවෙ නැද්ද? ඒවයේ පිහිටෙන් බලයට ඇවිල්ලා ඒව අමතක කරන මේ අයට කඩේම යන්න ඔයා තව බිල වැඩිකරන්න කියලා ඉල්ලන්න.(නදී)

:       0       0

ශ්‍රීලාල් Thursday, 06 June 2013 02:26 AM

පක්ෂ භේදයෙන් තොරව මේ විරෝධතාවයට සහයෝගය දිය යුතුයි. හේතුව මොකක් වුනත් විදුලි ගාස්තු මහජනයාට ඉතාමත් බරයි. ඉතාමත් ඉක්මනින් විසඳුමක් සොයා ගැනීම අත්‍යවශ්‍යයි. (නි)

:       0       0

ජීවක Thursday, 06 June 2013 03:02 AM

මේ පක්ෂේ හැමදාම කලේ ජනතාවට හිස රදයක් උන එක විතරයි. එක්කෝ කොහේ හරි මහා පාරක උද්ගෝෂණයක් කරනවා. මොකක් හරි දෙයක් අල්ලාගෙන. රස්සාවල් ඉවර වෙලා ගෙවල් වලට යන්න ඉවසිල්ලක් නැතිව බලාගෙන ඉන්න අය මොන තරමක දුකක් විදිනවද මේ වැඩ නිසා. ඕවා අහලා කෑගහන ලොක්කන්ට නම් එහෙම කියලා කරදරයක් නැහැනේ. තමන්ගේ වාහනයෙන් යන්නේ එන්නේ.(නදී)

:       0       0

රුක්මල් Thursday, 06 June 2013 04:26 AM

අනේ මන්දා, මේ අය කරන නිසා මට නම් කිසිම විශ්වාසයක් නැහැ.බොරුවට කරන්නේ කියලමයි හිතෙන්නේ (නි)

:       0       0

රංජනී Thursday, 06 June 2013 01:36 PM

අනේ අම්මෝ....රටට, මිනිස්සුන්ට ආදරේ කරන අයද මේ? (නි)

:       0       0

අමිල Thursday, 06 June 2013 01:40 PM

ලංකාවේ ජීවත් වෙන්න මිනිස්සුන්ට දැන් බිල් තමයි කන්න වෙලා තියෙන්නේ. කිසිම සහනයක් නැහැ. හැම දෙයක්ම හරි ගණන්. මෙතන තියෙන්නේ අපි හැමෝටම බලපාන ප්‍රශ්නයක්. බොරු කතා වලින් වැඩක් නැහැ (නි)

:       0       0

අනුර Thursday, 06 June 2013 08:00 AM

ජේ වී පි එක ආණ්ඩුවත් එක්ක ඉන්න කාලේ දුෂණ නවත්තන්න තිබුනානේ (නි)

:       0       0

නිමල්ලලිත Thursday, 06 June 2013 08:13 AM

දුප්පත් ඡන්ද දායකයාගේ කර මත බර පැටවීමට විරුද්ධව කරන හොඳ වැඩක්. මේ විදිහටම පාර්ලිමේන්තුවේ අඩුම මුදලකට කන කෑම වේලට යන වියදමත් අඩු කරන්න කියලා පෙත් සමක් අත්සන් කරවන්නකෝ. දන්නවනේ අද ජීවන වියදමෙහි හැටි. (නි)

:       0       0

සිල්වා Thursday, 06 June 2013 01:54 PM

කරුණාකරලා ඒකක 90-95 සීමාවේ තියන්න. පොදුවේ හැමෝටම ඒ දේ හොදයි. සාමාන්‍ය ගේකට ඒකක 80-90 විතර යනවා. 91 වුනොත් එකපාරටම රුපියල් 800 විතර ගෙවන්න වෙනවා. හරිම අසාධාරණයි. (නි)

:       0       0

මංජුල Thursday, 06 June 2013 08:31 AM

මම කියන්නේ නැහැ මට හිතෙන දේ (දී)

:       0       0

දම්මික පෙරේරා Thursday, 06 June 2013 02:02 PM

අපේ ලංකාවේ දේශපාලනය අච්චාරු කරපු කට්ටිය. අහිංසක පාසල් ළමයින් නොමග යවමින් රටට කරදයක්ම කරන කොටසක්. කවදාවත් බලයට එන්න ලැබෙන්නේ නැහැ. කාලයක් ආයුද අරන් බලය ගන්න ආවේ.(නදී)

:       0       0

සිරිමල් Thursday, 06 June 2013 02:05 PM

එදා ජේ .ආර් මහත්තය මහවැලි ව්‍යාපාරය කෙරුවේ නැත්නම් අපි තාම අදුරේ. (නි)

:       0       0

අරුණ Thursday, 06 June 2013 09:04 AM

අද විදුලිය කොයිතරම් නාස්ති කරනවද? විදුලි බිල අසාධාරණව වැඩිකළේ නැහැනේ. ජනපතිතුමනි, අපි ඔබ සමගයි (නි)

:       0       0

නිමාලි Thursday, 06 June 2013 09:24 AM

මේ වගේ මෝඩ වැඩ කරලා ලයිට් බිල් වැඩි වෙන එක නවත්තන්න පුලුවන්ද? ජේ.වී.පී. එක ඉතින් කවදත් කලේ මේ වගේ මෝඩ වැඩ තමයි. හරි නම් කරන්න ඕනේ ආණ්ඩුවට සහයෝගය දක්වලා මේකට කරන්න පුළුවන් විසදුමක් හොයන එක නේද ?(නදී)

:       0       0

වසන්ති Thursday, 06 June 2013 02:32 PM

ලයිට් බිල වැඩි කරනවට කැමති එක්කෝ පිස්සෝ නැත්නම් ජරාව කන අය. අපිට නම් ආමරුයි බිල ගෙවාගන්න.(නදී)

:       0       0

උපුල් Thursday, 06 June 2013 09:30 AM

විදුලි බිල වැඩි කිරීමට අපිත් විරුද්දයි. මේක ලොකු අසාධාරනයක්. අපි ඉල්ලනේ 1-180 දක්වා පරණ මිලටම දෙන්ඩ.(නදී)

:       0       0

රොහාන් Thursday, 06 June 2013 09:40 AM

ගස් ලාම්පුවක් පත්තු කරලා තියෙන්නේ ගස් ලාබ නිසා ද?(නදී)

:       0       0

කෝලිත Thursday, 06 June 2013 09:51 AM

මෙයාල එක වෙලාවක රනිල්ට පන්දම් අල්ලනවා , ආයේ ෆොන්සේකාට , තව වෙලාවක සම්බන්තන්ට, තව වෙලාවක අමෙරිකන් කාරයින්ට සහ නොර්වේ වලට, හිටපු ගමන් විශ්ව විද්‍යාල වල ඉන්න මෝඩ කොලු රැළට, හෙට අනිද්දා අරලිය ගහ මන්දිරේට යාවි කෝපි බොන්න. මොකද සිරිකොත ලග ඉදල බොහොම ටික දුරයි එතනට තියෙන්නේ. (නදී)

:       0       0

නසාර් Thursday, 06 June 2013 10:10 AM

රටම අදුරු වෙන කාලය වැඩි ඈතක නොවෙයි. ලාම්පු පත්තු කරන්නත් තෙල් නැතිවෙනවා. ඉර, හද ආලෝකය දෙන්නේ නැහැ. විසඳුමක් නැත.(නදී)

:       0       0

අරුණ Thursday, 06 June 2013 10:40 AM

මෙයාලට හොදටම ලුස්. මනුස්සයෙක්ට වැඩට යන්නත් නැහැ. පාරවල් ගානේ උද්ගෝෂණ කරන එකයි, පෙත්සම් අත්සන් කරන එකයි ඇරෙන්න වෙන වැඩ නැද්ද කොහෙද? ජනතාව ගැන හිතනවා කිව්වට කරන්නේ මිනිස්සුන්ට වද දෙන එක විතරයිනේ.(නදී)

:       0       0

සමන් Thursday, 06 June 2013 03:17 PM

මම ආණ්ඩුවට ඡන්දෙ දුන්නට ජනතාවගෙන් සමාව ඉල්ලනවා (නි)

:       0       0

ශ්‍රීමාල් Wednesday, 05 June 2013 09:56 PM

මෙන්න තියනවා රටට ඔබින පෙත්සම. කාලයට ඔබින දේ බෙදුම්වාදී නැහැ, හැමෝටම බලපාන දේ මේක තමයි හරි දේශපාලනේ. ජනතාව වෙනුවෙන් කරන මේ දේට අපගේ උපරිම සහයෝගය මුලු රටම අත්සන් කරනවා මේ දේට.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 June 2013 10:01 PM

ඉස්සර ලයිට් නිව්වේ නැත්නම් වෙඩි තියපු, ට්‍රාන්ස්ෆෝමර් කඩපු මේ අය ලයිට් බිල් වැඩි වුන එකට පක්ෂ වෙන්න ඕනනේ එතකොට වැඩි වෙලා ලයිට් පත්තු නොකරන නිසා.(නදී)

:       0       0

සිල්වා Wednesday, 05 June 2013 10:13 PM

ජනතාවට වැඩක් වෙන්න පෙත්සම වලට හැමෝම සහයෝගය දෙනවා. මෙක හැමොටම බලපාන දෙයක්. ජනතාවගේ මුදල්වලින් යැපෙන සමහර හොරුන්ට වෙන බොරු වැඩ කරනවා විතරයි. මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙනේ මේ බිල් ගෙවලා ඉවර උනාම කන්නත් සල්ලි මදී. ඉතින් කොහොමද අනිත් වැඩ කරගන්නේ කරුණාකරලා මේකට සහනයක් දෙන්න බලදාරින්ගෙන් ඉල්ලන්නේ.(නදී)

:       0       0

නිරෝෂ Thursday, 06 June 2013 11:15 AM

උන පුරුකේ බලු වලිගෙ දාල තිබුනත් නැ ඇදේ ඇරෙන්නේ නැහැ. මේවා දකිනකොට මටක් වෙන්නේ ඕව තමයි .ජේ.වී.පී. එකේ පුරුද්දක් නේ.(නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 06 June 2013 03:47 PM

1971,89 කාලයේ ට්‍රාන්ස්ෆෝමර් කඩලා, අඳුරු නීතිය දමලා ,මිනි මරලා ,බුමි තෙල් ගන්න බැරිවෙන්න කඩ වස්සපු, ජනතා හිතවාදීන්ට ජයවේවා. වැඩිකළ බිල හරි ගෙවන්න අපේ ජීවිත ආරක්ෂාව රැකදුන් පාලකයින්ට අජරාමර නිවන්සුව අත්වෙවා.(නදී)

:       0       0

ලසන්ත Wednesday, 05 June 2013 10:22 PM

දැන් හරියට වහිනවා. ජලවිදුලිය හොදට නිපදවන්න පුලුවන්. ඇයි මේ විදියට ජනතාව මත බර පටවන්නේ? තියෙන බර මදිවටද? අපි ඡන්දේ දුන්නේ මේවා ලබාගන්නද? (නි)

:       0       0

නයෝමි Wednesday, 05 June 2013 10:38 PM

කෝ අර ජනතාවාදී කට්ටිය? කාට කියන්නද මේ දුක? (නි)

:       0       0

ඇසල Wednesday, 05 June 2013 11:01 PM

මට තවම මතකයි 71 දී අපේ ගමේ කිසිම ගෙදරක ලයිට් පත්තු කරොත් මරාදාන බව කියලා ජේ.වී.පී එක පොස්ටේර් ගැහුවම කළුවරේ හිටපු හැටි අද වගේ. මේ අය පහුගිය අවුරුදු 42 කේම එකමෙක වැඩක් හරියට කෙරුවයි කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද. දේශපාලනය කියල කරන්නේ ජීවත් වෙන්න රස්සාවක් අනිත් පක්ෂ වගේ. කවදා අපේ රටට හරියට රට ගෙනියන්න පුළුවන් නායකයෙක් ලැබෙයිද.(නදී)

:       0       0

නන්ද Wednesday, 05 June 2013 11:09 PM

මේ කතා ඔක්කොම හරි තමයි. එහෙත් ලයිට් බිලේ ප්‍රශ්නය පමණක් නොවෙයි ජීවන වියදමට අදාල හැම දෙයකම බර උහුලන්න වෙන්නේ බොහෝ දුරට තාත්තලට. ටෙලි නාට්‍යවලටයි සුපර් ස්ටාර් ෂෝ වලටයි ඔක්කොම වශී වෙලා. අපේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි මොබයිල් ෆෝන් පිස්සුව. මිනිස්සුන්ගේ මොලය සෝදලා. ප්‍රමුඛතාව දෙන්න ඕන මොනවටද දන්නේ නැහැ. ඒක එහෙම වුනත් කාටත් බලපාන ප්‍රශ්න වලදී පක්ෂ පාට බේද නැතුව ඒවා විසඳ ගන්න එක් වෙන්න ඕන. මෙවැනි සටන් වලට සහය දෙන්න ඕනා.(නදී)

:       0       0

ශෂී Wednesday, 05 June 2013 11:17 PM

මම අහල තියෙන්නේ යුද්ධයක් තිබුන රටක ජනතාව ටික කාලයක් යනකම් ආර්ථික ප්‍රශ්න මත යම් යම් අපහසු තාවයන්ට පත් වෙනවා කියලා. අපේ රටේ යුද්ධයක් තිබුන ද කියලත් අපට අමතතයි වගේ නේද ගැටලුවක් නැහැ ඉටිපන්දම් පත්තුකරමු. අපට හුරුනේ ට්‍රාන්ස් පොමර් කපපු කාලේ ඉටි පන්දමුත් නැතිව සිටිය වග.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 162 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 726 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 497 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3166 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1756 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site