විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ කුරුඳුවත්ත ක්‍රිකට් කාර්යාලයයෙන් රුපියල් දහදහස් නවසිය විස්සක් වටිනා ටිකට් පත් සොරකම් කළැයි වරද පිළිගත් බ්‍රිතාන්‍ය ජාතික බුලර් පිසාරෝ ඇන්ටෝනියෝ රුපියල් දස ලක්ෂයක ශරීර ඇපමත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. ලබන බ්‍රහස්පතින් අධිකරණයේ පෙනි සිටින ලෙස ද නියෝග කැරිණි. මේ අතර කොළඹ හෝටලයකදී නවසීලන්ත හා එංගලන්ත ක්‍රිකට් පිල් දෙකේ සාමාජිකයන් කීපදෙනකු අතර පැවැති ගැටුමකින් පසුව අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතිකයන දෙදෙනකු අද මුදාහල බව පොලිසිය කියයි. සිද්ධිය සමථයකට පත්වීම ඊට හේතුවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාවටනම් කියන්නේ 'වැඩ සුද්ද වගේ කියලා '. බැලුවම ඒ කතාව බොරුවක්නේ (ස)
ලබන බ්‍රහස්පතින්දා කියාවිද දන්නේ නෑ සුද්දා පැනලා ගියා කියලා (ස)
අපේ ලංකාව හොඳයි නේ (ස)
ඔය සුද්දා ඇල්ලුවා වගේ බැරිද පල්ලේකැලේ ග්‍රවුන්ඩ් එක ලඟ තියෙන 50 ටිකට් 200 ඉදන් 500 ට විකුනන කොමිනිකේශන් එක අල්ලන්න..? (ස)
සුද්දෝ මාර ඇනයක් වෙලානේ (ස)
ඔය සුද්ද ලංකාවට ඇවිත් ඔහොම ටිකට් අරන්ද දන්නේ නෑ (ස)
සුද්දා ටිකට් ටික හොරකම් කරනකල් බලාගෙන හිටපු අපේ එකාට මොකද කරන්නේ? (නි)
පේනවා නේද ලංකාවේ විදේශිකයන්ට සළකන විදිය? (නි)
දයා. ඒ පරණ සුද්දෝ...!(නු)
සුද්දාත් අහුවුණා එහෙනම්? (නි)