IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


'ටිකිරි' ගමේ කෙල්ලක්

2016-11-18-ent-66

”ටිකිරි” කියන්නෙ මගෙ ජීවිතේටම වාසනාවක් ගෙනාපු චරිතයක්. ඒ වගේම ජීවිතේ හැරවුම් ලක්ෂය කීවොත් ඉතා නිවැරැදියි.

මේ විදියට තමා රඟපෑ චරිතයක් ගැන ආඩම්බරයෙන් කතා කරන්නෙ ”තූර්යා” ටෙලි නාට්‍යයේ ටිකිරිගේ චරිතයට පණ පෙවූ රංගන ශිල්පිනී සඳනි පතිරණ.

ඇය කුඩා කල සිටම රංගනයට අවතීර්ණ වුවත් වැඩි පේ‍්‍රක්ෂක කතාබහට ලක්වෙන්නෙ ”ටිකිරි” චරිතය හරහා. වර්තමාන කලා ක්ෂේත‍්‍රයේ හැඩ කරන්නට බිහිවුණු මේ දඟකාර කටකාර රංගන ශිල්පිනිය තමයි මෙවර ”සිත් ගත් රංගනය” වෙනුවෙන් සඳැල්ලට එක් කර ගත්තෙ.

ඇයගේ ජීවිතයට වාසනාව ගෙනාපු ”ටිකිරි” ගැන සඳනි කතා කළේ මෙලෙසින්.

 

ඔයාගෙ ජීවිතේ වෙනසක් කරපු ”තූර්යා” ගැන කතා කරමු ද?

2016-11-18-ent-65මම A/L කරලා අවසන් වෙලා ඉද්දි තමයි ”තූර්යා” ටෙලි නාට්‍යයට කතා කළේ. මම ශරීරෙන් ටිකක් පොඩි නිසා ලොකු චරිත කරන්න ලැබුණෙත්

නෑ, පෙම්වතියගෙ චරිතය වගේ. නමුත් රවීන්ද්‍ර විජේරත්න අයියයි, තරංග දිසානායක අයියයි, සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියයි තමයි මාව මේ සඳහා තෝරගෙන තිබුණෙ. ඉතින් අවුරුදු 3ක් වගේ ටෙලි නාට්‍යය විකාශය වුණා. වැඩිපුරම මේ කතාව ප‍්‍රසිද්ධ වුණේ මගෙ චරිතය නිසා කියලා ගොඩක් කට්ටිය කිව්වා. ඒ ගැන ගොඩක් සතුටුයි.

 

ඒ තරම් ජනපි‍්‍රය වුණු චරිතෙ ගැනත් කියමු?

මගෙ චරිතය තමයි ”ටිකිරි”. ඇය ගමේ කෙල්ලෙක්. හරිම දඟකාරයි, කටකාරයි. කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නෙ නෑ. තමන්ගෙ මතයෙම වැඩ කරන ටිකක් හිතුවක්කාර චරිතයක්.

 

සැබෑ ජීවිතෙත් ඔයා ඒ වගේ ද?

අනේ නෑ. පොඞ්ඩක් කටකාරයි. ඒත් හැමෝම කියන දේ අහගෙන පාඩුවෙ වැඩ කරගෙන ඉන්නවා. එහෙම හිතුවක්කාර නෑ.

 

එතකොට ටිකිරි සහ සඳනි අතර දකින වෙනස කොහොම ද?

ටිකිරි හොඳට දුරදිග බලලා වැඩ කරන ඒ වගේම හොඳ නුවණක්කාර නිර්භීත ගෑනු ළමයෙක්. ඒත් මම ඊට හාත්පසින්ම වෙනස්. මම හරි මෝඩයි. ඕනම දෙයක් ඉක්මනට විශ්වාස කරනවා. විශ්වාස කරලා රැවටෙනවා.

 

සඳනි ගොඩක් ජනපි‍්‍රය වුණේ මේ චරිතය නිසා නේද?

ඔව් අනිවාර්යයෙන්ම. ටිකිරි චරිතය නිසා තමයි මට ගොඩක් දෙනා ආදරේ කරන්න පටන් ගත්තෙ. ඒ නිසාම මට මේ චරිතය ගොඩක් දැනුණා. තවමත් හැමෝම මාව හඳුන්වන්නෙ ”ටිකිරි” නමින්මයි. මගෙ ඇත්ත නම ගොඩක් කට්ටිය දන්නෙ නෑ. මේ ටෙලි නාට්‍යය අවසන් වෙලා අවුරුදු දෙක හමාරක් විතර වෙනවා. ඒත් පේ‍්‍රක්ෂකයන්ට තවමත් මගෙ චරිතෙ මතකයි. ඉතින් ”ටිකිරි” කියලා කතා කරද්දි හරි සතුටක් හිතට දැනෙනවා.

 

මේ ටෙලි නාට්‍යයට දායක වෙන්න කලින් ඉහළ ප‍්‍රතිචාර ලැබෙයි කියලා හිතුව ද?

ඇත්තටම හිතුවෙ නෑ. මගෙ චරිතය මේ තරම් දුර යයි කියලවත් විශ්වාසයක් තිබුණෙත් නෑ. ටෙලි නාට්‍යයේ මම හිතන්නෙ ගොඩක් රේට්ස් ඇවිල්ලා තියෙන්නෙත් මගෙ චරිතය ආපු නිසා. ඒක ගොඩක් අය කියපු දෙයක්. ”ටිකිරි” නිසා, කතාව නොබලපු අයත් බලන්න පටන් ගත්තා. ඇත්තටම හිතාගන්න බැරි තරම් ප‍්‍රතිචාර ලැබුණා මම නොහිතපු විදියට.

 

පේ‍්‍රක්ෂකයන් අතරට ආවෙ ”තූර්යා” ටෙලි නාට්‍යයෙන් වුණත් ඊට කලින් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා නේද?

ඔව්. මම පොඩි කාලෙ රංගනයට එක්වෙලා හිටියා. මුලින්ම 8 වසරෙ ඉද්දි රඟපෑවෙ. ඒ නාලන් මෙන්ඩිස් මහත්මයගෙ ”තරු කුමරි” ටෙලි නාට්‍යයේ. එතනින් පස්සෙත් ටෙලි නාට්‍යය කිහිපයකට සම්බන්ධ වුණා.

 

මේ චරිතය සඳනිටම ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

මට ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මම මේ චරිතය කළේ නැත්නම් මෙච්චර දුරක් එන්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම මම සමහරවිට මගේ ගමන නවත්තන්නත් ඉඩ තිබුණා. මම තවදුරටත් රඟපාන්නෙ නෑ කියලා හිතාගෙන හිටියෙ. ඒත් මේ චරිතයෙන් පස්සෙ තමයි මේ ක්ෂේත‍්‍රයේ රැුඳෙන්න ආසාවක් ඇති වුණේ.

 

මෙහිදී ඔබට ප‍්‍රවීණයොත් එක්ක වැඩ කරන්න ලැබුණනෙ. එහිදී ජීවිතේට ලැබුණු වටිනාකම් ගැන කතා කළොත්?

ඇත්තටම ගොඩක් කට්ටිය කියනවනෙ ප‍්‍රවීණයො නවකයන්ට උදව් කරන්නෙ නෑ කියලා. ඒ දේ ඇත්තටම ලොකු බොරුවක්. මොකද මම ”තූර්යා” හි රඟපාද්දි ලොකුම සහයෝගය දුන්නෙ රම්‍යා වනිගසේකර මහත්මිය. ඒ වගේ ප‍්‍රවීණයන්ගෙන් ලැබෙන සහාය ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් මෙමඟින් හැම දෙනාගෙන්ම මම ජීවිතේට ලබාගත්ත අත්දැකීම් අති විශිෂ්ටයි. ඒ වගේම මේ සඳහා දායක වුණු ප‍්‍රවීණ නවක හැමෝගෙන්මත් හොඳ සහායක් ලැබුණා මගෙ චරිතෙ කරගන්න. ඒ නිසා තමයි මේ චරිතයත් මට සාර්ථකව කරගන්නට හැකි වුණේ. නැත්නම් මේ තරම් දුරක් එන්න ලැබෙන්නෙත් නෑ. ඉතින් ඒ නාට්‍යයට සම්බන්ධ වෙලා හිටපු හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා හදවතින්ම.

එත් එක්කම මට ලැබුණු තවත් ලොකුම වටිනාකමක් තමයි මා වටා එක්වුණු පේ‍්‍රක්ෂකයන්. ඒ හැමදෙනාම මට හමුවුණ හැම තැනකදිම වගේ මේ චරිතය ගැන තවමත් කතා කරනවා. ඒ ප‍්‍රතිචාර තමයි අපිව ක්ෂේත‍්‍රයේ ඉදිරියට ගෙනියන්නෙ.

 

සඳනිට තවම ”ටිකිරි” කියලා කතා කරනවා කිව්වනේ. ඒකට ඔයාගෙ අකමැත්තක් නැද්ද?

2016-11-18-ent-67අනේ නෑ. මම ගොඩක් කැමැතියි. එතකොට තමයි මට දැනෙන්නෙ මම තවමත් ඒ චරිතය තුළ ඉන්නවා කියලා. මට සමහර ටෙලි නාට්‍යවලට දැන් කතා කරන්නෙත් ”ටිකිරි” චරිතය බලාපොරොත්තුවෙන්මයි. මේ සඳහා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනෙ රවීන්ද්‍ර අයියටයි, තරංග අයියටයි. මොකද මම අද වෙද්දි මේ තැනට ඇවිල්ලා ඉන්නෙ ”තූර්යා” නිසා.

 

සමස්ථයක් විදියට තූර්යා ගැන කතා කළොත්?

වැඩි ජනතාවක් නරඹපු ටෙලි නාට්‍යයක්. මේ සඳහා දායකවෙලා හිටියෙත් රටේ ජනපි‍්‍රය කලාකරුවො පිරිසක්. ඒ නිසා හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඒ හැම දෙනාගෙන්මත් ටෙලි නාට්‍යයට හොඳ සහයෝගයක් ලැබුණා. මම පොඩි චරිතයකින් මුලින් ටෙලි නාට්‍යයට එකතු වුණාට අවසානයේදී මගෙ චරිතය ටිකක් දිගට ගියා. මගෙ චරිතෙට ටෙලි නාට්‍යයට තවමත් ගොඩක් අය ආදරේ කරනවා. ඉතින් මේ වගේ ටෙලි නාට්‍යයක රඟපාන්න ලැබීමත් වාසනාවක්.

 

සටහන ධනු විජේරත්න

 

 



අදහස් (0)

'ටිකිරි' ගමේ කෙල්ලක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1309 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 75 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 751 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1037 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 293 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 658 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 205 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site