ඇමෙරිකා ටෙක්සාස්හි උතුරු මැකෝහි පොහොර කම්හලක පිපිරුමෙන් අඉුම වශයෙන් 5-15 අතර පිරිසක් මියගොස් ඇතැයි විශ්වාස කරරෙන බව ටෙක්සාස් හදිසි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මීට ටික වේලාවකට කලින් පැවසීය.
පස් දෙනකු ස්ථිර වශයෙන්ම මිය ගිය බවට හඳුනාගෙන ඇති අතර ඉන් තිදෙනෙක් ගිනි නිවන හමුදා භටයන් බවත් පැවසේ.
පිපිරුමේ ශබ්දය ටෙක්සාස් සිට සැතපුම් 65ක් පමණ දුරට ඇසී ඇති බවටත්, නගරය තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැති බවත් බලධාරීහු පවසති.
ගෙවල් හා ගොඩනැගිලි දුසිම් ගණනින් වැනසී ගිය මේ අනතුරේදී 160 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලදහ.
නගරයේ 2700ක් වූ ජනගහනයෙන් අඩක්ම ඉවත් කළ බවත්, මළවුන්ගේ සංඛ්‍යාව වැඩි විය හැකි බවත්, සහන සේවකයෝ කියති.
මෙය අනතුරකින් සිදුවූ ගින්නක් හැර අන් දෙයක් නොවෙතියි හදිසි සේවා නිලධරයෝ කියති.
ඇමෝනියා ටොන් විස්සක් පමණ ගබඩා කර තිබිණි.
ගින්නට හේතුව ද ඇමෝනියා බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චුල, නැවෙන් බඩු එනකන් මුහුදට විරිත්තන්නේ නැතුව රට දියුණු කරන්න සහයෝගය දෙන්න. ඇමරිකාව මත්තෙම යැපෙන්න බලාගෙන ඉන්න එපා. (නි)
අපේ රටෙත් දිනකට ටොන් 545 ඇමෝනියා හදන යන්ත්‍රාගාරයක් තිබුනා. මමත් ඒකේ ඔපෙරේටර් කෙනෙක්. ඇමෝනියා හදිසියේ ගිනි ගන්න දෙයක් නොවෙයි. විශේෂ ක්‍රමයකට ගිනි තියන්න පුළුවන්. එහෙත් නිෂ්පාදනයේ මහා භයානක අවස්ථා තියෙනවා, මහා පිපිරීමකට ඉඩ තියෙනවා. යුරියා වුණත් පුපුරන ද්‍රව්‍යයක්. ඇමෝනියා යොදලා හදන සමහර පොහොර පුපුරන ද්‍රව්‍ය ලෙස යොදා ගත හැකියි. (නි)
විජේරත්න මහත්තයෝ ඕක තමයි මේ රටේ හැටි. කතා කාරයෝ ඉන්නවා. වැඩක් කරන්න ගියාම නෑ. බොරුව තමයි හැම තැනම.(නදී)
සම්පත් මහත්තයෝ ඕක හිතන්න ඕන චන්ද දායකයෝ.(නදී)
කොටි බෝම්බ හැදුවෙත් ඇමෝනියා පොහොර භාවිතා කරලා, ඔය කර්මාන්ත ශාලාවෙත් කොටියෙක් ඉඳලා පරීක්ෂණයක් කරලා බලන්න ඇති. (නදී)
අන්න පුලුවන් නම් වැඩේ . අශ්රෆුල්, මමත් ෆුල් සපෝර්ට් එක දෙනවා. (නි)
මම දන්න විදියට ඇමෝනියා දහනය නොවන වායුවක් ගිනිගන්න විදියක් නැහැ. (නි)
එහේ පිපුරුනොතින් ඇමෝනියා. වෙන කොහේ හරිනම් බෝම්බ , අපි නොදන්න චෙස් .(නදී)
රීටා, ලංකාවේ නොවෙයි කොහෙන් ගියත් ඇමෙරිකාවේ නම් ඉන්නේ එයා ඇමෙරිකානුවෙක්. එම නිසා ඇමෙරිකානු පව් වලට ඒගොල්ලෝ වන්දි ගෙවන්න ඕනෑ. (නි)
ඇමරිකානුවොත් ත්‍රස්තවාදයේ රස විදින්න ඕනෑ. හැබැයි ඔන්න මිනිස් අයිතිවාසිකම් කඩ කරන්න බැහැ ඇහුනද ? (නි)
විජේරත්න බණ්ඩාර, මම කෑගලු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. මම වැඩ කරන්නෙත් ඇමෙරිකානු සමාගමක. නමුත් මම වැඩ කරලා පඩි ගන්නේ. කාගේවත් දෙපතුල ලෙව කන්නේ නැහැ. මම විශ්ව විද්‍යාලේ ගියේ නම් නැහැ. (නි)
මට දුක කාලය මිඩංගු කරන් හුරේ දාපු අපේ ඇමරිකන් විරෝදියෝ ගැන. (ස)
ඉන්දික, ඔබ මනුස්සයෙක්ද? ඔයාට දුක බෝම්බයක් නොවුණ නිසාද? ලංකාවේ බඩු ගොඩක් ගන්නේ ඒ අය. අපිට ආධාර දෙන්නෙත් ඒ අය. මනුස්සයෙක් විදිහට සන්තෝස වෙන්න එපා අනුන්ගේ විපතකදී. අපි පුරසාරම් කියනවා නේද අපේ ඉතිහාසය ගැන? (නි)
අපි පේරාදෙනියෙ වි. විද්‍යාලෙ ඉගෙනගන්න කාලෙ අපේ ජ්‍යෙෂ්ඨ උත්තමයෙක් ශිෂ්‍ය සභාවෙ සමාජවාදියෙක් හැටියට ඇමරිකාව පට්ට පතුරු ගැහුවා. දැන් එයා ටෙක්සාස් වල ජීවත් වෙන්නෙ. අනේ එයාට කරදරද දන්නෙ නැහැ. (නි)
සදරුවන් ඕනෑම රටකට,ජාතියකට විරුද්ධ වෙන්න අපට මොනවද තියෙන්නේ? හෙට නැවක් නාවොත් රටම හාමතේ. (නි)
එෆ්.බී.අයි. රහස් පොලිසියේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී ජීවිත,දේපල හානි ගැන බලන්නේ නැති බව විකිල්ස් වෙබ් අඩවියෙන් හෙළි කරලා තිබුණා.ඒවාට සොබා දහමෙන් දෙන දඩුවම් තමා ඔය. (නි)
පල, ඕක යහපත් සතුටක් නෙමෙයි (නි)
ඇමෙරිකාව විතරක් නෙමෙයි ලෝකයට වින කරන ඕනෑම රටක්,ජාතියක්,ආගමකට විරුද්ධ විය යුතුයි. (නි)
ලංකාවෙන් ගිහින් එහෙ ඉන්න අපේ අයගේ රට ඇමරිකාව.ඔය ඇමරිකන් විරෝධියෝ අදහස් දාද්දි ඒ ගැනත් හිතන්න. (නි)
හුරේ, දැන් අපේ අයට තියෙන්නේ ඇමරිකාව ගහලා අල්ලා ගන්න. :) (නි)
පාල ඔයාට හරි සන්තෝෂ වගේ මිනිස්සු මරුනේ බෝම්බෙකින් නොවිච්ච නිසා. (ස)