IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


‘ටැටු‘ හිමිකරුගේ ගිණුමෙන් හෝඩුවාවක් ?

(ගයාන් සූරියආරච්චි සහ බුද්ධික කුමාරසිරි)

ඩුබායිවල සිටින සිය මිතුරන් තමන්ගේ ටැටු ආයතනයේ භාණ්ඩ මිලදී ගැනීම සදහා සිය ගිණුමට ලක්ෂ 10ක් බැර කළ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු  පවසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව  මහතා  පැවසීය.

එම මුදල් මෙම පුද්ගලයාට සිය ආයතනය වෙනුවෙන් ලැබුණාද නැතහොත් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා අත්තිකාරමක් ලෙස ලැබුණාද යන්න පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේය.

එලෙස ගිණුම්ගත වූ මුදල් ලැබුණේ පාතාල නායකුගෙන් යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බවද කියයි.


එසේම මේ වන විට අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම ටැටූ මධ්‍යස්ථානය ආරම්භ කල පුද්ගලයා ඇතුලු වෙඩික්කරුවන්ට පලා යාමට වාහන ලබා දුන් බවට සැකපිට සිව් දෙනෙකුගෙන් සහ ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාගේ රියදුරු සහ ආරක්ෂක නිළදාරියාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

මෙතෙක් එම වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැති බවද එම නිළධාරීයා වැඩි දුරටත් පැවසීය  .


අතුරුගිරියේ වෙඩිතැබීමට ‘ටැටු‘ හිමිකරු ඇතුළු 6කගෙන් ප්‍රකාශ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කර  තවත් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි අතුරුගිරිය පොලීසිය කියයි.

 ටැටූ  මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු හය දෙනකු පොලීසියට කැඳවා මෙලෙස  ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඊයේ (8) එම ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී  මෙම වෙඩි ප්‍රහාරය එල්ල විය.

මෙම ඝාතනය විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වුණ කංජ් පානී ඉම්රාන් විසින් සිදු කළ බවට සැකයක් මේ වන විට පවතින බවද පොලීසිය කියයි.



අදහස් (13)

‘ටැටු‘ හිමිකරුගේ ගිණුමෙන් හෝඩුවාවක් ?

pakeer Tuesday, 09 July 2024 08:56 AM

කන්ජි පානි ?ඉතින් එයාට කිසි කරදරයක් නැතුව මෙහෙන් එක්කන් ගියේ කවුද ?මේ කතාවත් චන්දෙට දාන තවත් එක සුරංගනා කතාවක් විතරයි .ඇත්තටම ලංකාව කියන්නේ ගූ වලක් .අපි ඒකේ පනුවෝ

:       142       114

janahitha Tuesday, 09 July 2024 09:04 AM

එයාව නිදහස් කලේ ආණ්ඩුව. ඔහුගේ සඟයා මදුෂ් මරා දැම්මා .ඔහොම යමු

:       85       64

අරවින්ද මොනරවිල Tuesday, 09 July 2024 09:15 AM

ධනය හා බලය වෙනුවෙන් භීෂණය හා ගාතනය තම වැඩපිළිවෙළ කරගත් දුෂ්ට හා නිහින පාලක කල්ලිය, තම පැවැත්ම උදෙසා රට තුල තැන තැන සිදුවන අපරාධ හා ගාතන දෙස නොඇසු කනින් නොබැලු දෙනෙතින් පසුවෙන්නේ එය තම දූෂ්ඨ අරමුණු හා සමපාත වන නිසා විය යුතුයි.

:       74       49

පිටිගල මිලානෝ Tuesday, 09 July 2024 09:18 AM

බලාගෙන යනකොට වසන්තයියා ලොන්ඩරියක්නෙ. හෝදලා මැදලා දෙන්න පාතාලයොන්ගෙන් සල්ලි අරන් ලෝකෙ වටේටම ව්‍යාපාර පටන් අරන් ලෙන්ඩරිය වසා ඇත කියලා බෝඩ් එකක් දාලා ඒ සල්ලි වලින් ආතල් ගත්තා. වසන්තයියා මිලානෝ මොන්සා පැත්තේ ඉන්න අලියෙක්වත් බලලා යක්න ආවා ටික කලකට පෙර මයෙ හිතේ…..

:       3       39

රංබොඩ Tuesday, 09 July 2024 09:28 AM

කංජපානී කියන පාතාලයා පොලීසියෙන් ඇල්ලුවා. උසාවියෙන් එළියට දැම්මා . නීතිය ⁣යාවාත්කාලීන නොකර පාතාලය මඩින්න අමාරුයි . මේ මැරුණු හාදයත් පාතාලයෙක් වෙන්න ඕන. පච්චා කොටන තැනක් පටන් ගන්න හදපුු කෙනාගෙ වපසරිය කොහොම ඇද්ද ?

:       2       66

KPI Tuesday, 09 July 2024 09:49 AM

සියල්ල මනඃකල්පිතයි, ක්‍රීඩාව සංවිධානය කරන්නේ විශාල දේශපාලකයින් විසින් බව පැහැදිලිය, ජනතාව ගොනාට අන්දන්න එපා

:       14       66

lasa Tuesday, 09 July 2024 10:33 AM

අධිකරණය ඔහු ඇප මත මුදා හැරියේය. අධිකරණය ඔහුව නිදහස් කළේ ඇයි කියන ප්‍රශ්නය. කිසිවෙකු එය ප්‍රශ්න නොකරයි. දැන් එයා ඉන්නේ ප්‍රංශයේ. හැමතැනම විහිළුකාරයෝ..

:       0       0

lalitha Tuesday, 09 July 2024 10:34 AM

කෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය කෝ ඇමෙරිකානු තානාපති කාර්යාලය කෝ හියුමන් රයිට්ස් වොච්, ඇමිනෙස්ටි ඉන්ටනැෂනල් අපට පාඩම් කියල දෙන්නකෝ

:       0       0

නන්දන පනා-මිලානෝ Tuesday, 09 July 2024 10:47 AM

ක්ලබ් වසන්ත මිලාන් ආව වෙලාවේ වටේ හිටපු සෙට් එක දැක්කම ලොකු තේරුමක් දැනෙනවා මේ සිදුවීම් ගැන. ඒ අස්සේ ක්‍රිස්ටියයි ලියායි වළිගේ වන වනා පස්සෙන්ම හිටියේ.

:       0       0

පියුමි Tuesday, 09 July 2024 01:10 PM

මටත් ඕකෙ කොණක් නැද්දෝ.. මාත් ලංකාවේ ලොක්කො බක්කො අල්ලෙ නටවපු හොඳ කඳක් හරිද?

:       0       3

සෙනෙවිරත්න Tuesday, 09 July 2024 02:18 PM

මෙතන පාතාලෙ පැත්තටත් සපෝට් එකට , පැහැදිලිවම සත්‍ය ප්‍රකාශ වලට ඩිස් ලයික් දානවා කියන්නෙ මේ අසූචි වළක්ම තමයි.

:       31       9

සෙනෙවිරත්න Tuesday, 09 July 2024 02:22 PM

මම යූ ටියුබයක දැක්ක මේ වසන්ත කියන හාදය නුවර ඉඳල එනකොට මාර්ග නීති කඩල පොලීසිය දාපු නඩු, එවකට නීතිපති දෙපාර්තමේන්තුවෙ ගම්ලත් කියන මහත්මයාගෙ නියෝගයකින් ඉල්ලා අස්කරගෙන තියෙනව,එතනින් තමයි මෙයා රටේ නීතිය තමන්ට නවන්න හැකි බව දැනගත්තෙ. පසුුව ගොඩනැගිලි බලෙන් ලියවා ගැනීම වගේ ඒව කරල තියෙනව.අපි වගේ අය ඉස්සර සිංහ පාට් දාන සමහර පොලිස් කාරයො මුන් දැක්කම වල්ගෙ දෙපරැන්නේ.

:       0       34

don Tuesday, 09 July 2024 03:51 PM

නිකන් වැදගත් අහිංසක සාධාරණ කෙනෙක්ට ඔහොම ඇවිල්ලා වෙඩි තියලා මරන්නේ නැ කිසිම පාතාලයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 116 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 65 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 183 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 381 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 202 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 608 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 496 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site