IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ටැබ් දීමේ යෝජනාව ගැන සාකච්ඡා සතියකින් කල්යයි

අජන්ත කුමාර අගලකඩ

රජයේ පාසල්වල අපොස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරිමට අනුමැතිය දී තිබියදී ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් සියලු දෙනාටම ටැබ් පරිගනක ලබාදීමට කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) උදේ පැවැති කැබිනට් රැස්වීමේ දී  කණගාටුව පළ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සම්පුර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නම් එය නියමු ව්‍යාපෘතියක් වන්නේ කෙසේ දැයි විමසා ඇති ජනාධිපතිවරයා අදාළ යෝජනාව සාකච්ඡාවට ගැනීම සතියකින් කල්දමා ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

රජයේ ආයතනවල වියදම් 15% කින් කපන ලෙස දැනුම් දී තිබියදී ටැබ් පරිගනක නොමිලේ දීමට රුපියල් (කෝටි 227 ක්) මිලියන 2,275 ක මුදලක් වැය කිරිම ගැටලුකාරී බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

උසස් පෙළ සිසුන් 189,000 කට ටැබ් පරිගණක නොමිලේ ලබාදීම සඳහා අනුමැතිය ඉල්ලා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

සති දෙකකට පමණ පසුව කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) උදේ 9.30 ට රැස්වූ අතර එය පුරා පැයකට අධික කාලයක් පැවැත්විණි.



අදහස් (24)

ටැබ් දීමේ යෝජනාව ගැන සාකච්ඡා සතියකින් කල්යයි

gallage Tuesday, 18 June 2019 05:17 PM

ටැබ්. අන්න අනුරාධපුරේ ළමයි මැරෙනවා බඩට කන්න නැතිව.

:       650       1008

AmaraWednesday, 19 June 2019 07:01 AM

ප්‍රංශයේ මේවා තහනම් කරනවා පාසල් වල. තර්කන හැකියාව අඩු වෙන නිසා. ඒ රට අතිශයින් සිද්ධාන්ත බිහි කරපු බුධිමත් බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෙන්නුම් කරපු රටක්. ඒ රටේ මොකක් හරි අඩුවක් ඇති අපි දියුණු වෙනකොට.

:       0       1

Siri Tuesday, 18 June 2019 05:53 PM

1% ක් කොමිස් ලැබුනොත් මිලියන 2275 කට මිලියන 22.75 ක් ????

:       174       648

Raveendra Wednesday, 19 June 2019 01:00 AM

ඇත්තෙන්ම අපේ දරුවන් ටැබ් නැතුව තමයි ලතවෙවී හිටියේ වෙන නම් කියන්න තරම් අඩුවක් නම් මේ සිරිලකේ පාසල් පද්දතියේ නැහැ. ඔය ඉරිසියාවට දුෂ්ඨයෝ එක එකා දේවල් කියනවා. ලංකාවේ සියලුම පාසල් සියලුම පහසුකම් වලින් "අන්ගසම්පුර්ණයි ." දැන් ටැබ් එකත් හරියාගෙන එන්නේ. කාටද ආඩම්බර... හුරේ ......

:       368       214

saliya Wednesday, 19 June 2019 01:40 AM

ටැබ් එකක දත්ත රැසක් ගබඩා කල හැක. විෂය කරුණු, ප්‍රශ්න පත්‍ර, ආදර්ශ විසඳුම් ආදිය හා වටිනා ග්‍රන්ථ ප්‍රකාශන ආදිය . නැවත නැවත මුද්‍රණය කිරීමෙන් සිදු වන නාස්තිය අවම වේ. කඩදාසි භාවිතයද අඩුවේ. එමෙන්ම ශ්‍රී ලාංකික සිසුන් ගේ දක්ෂතාවයන් ඔප මට්ටම් කල හැකිය. අප තාක්ෂනය සමග ඉදිරියට යා යුතුය. අධ්‍යාපනය සඳහා කරන වියදම් අපතේ යන්නේ නැත .නමුත් වැරදි දේ සඳහා භාවිතා කිරීම පාලනය කල යුතුය.

:       263       76

kamani Thursday, 20 June 2019 03:43 PM

මේ වෙලාව නොවෙයි. කන්න නැතිව දරුවන් හා දුක් විඳින රටකට මේ මොහොතේදී ඕවා ඕනා නැහැ.

:       0       1

prasad Wednesday, 19 June 2019 01:59 AM

කොමිස් ලැබෙනවානම් රටට මොනවා වුනත් කමක් නැහැ . ටැබ් ටැබ් . මේක මහ පිස්සුවක් හොඳ වෙන්නෙම නැති පිස්සුවක් .

:       22       138

රවින් Wednesday, 19 June 2019 02:05 AM

බල්ලොත් එක්ක බුදියගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන කතාවෙත් ඇත්තක් තියනවාලු නේද?

:       22       1

disanayaka Wednesday, 19 June 2019 02:22 AM

මේක තනිකර හොර මගඩියක්. අහිංසක ළමයි ටික මූනුපොතේ එල්ලිලා අන්තිමට ඉගනගත්ත දැනුමත් නැතිවෙලා යනවා. ඉස්කෝල වල පරිගණක විද්‍යාගාර තියෙනවනේ. මේ සල්ලි මීට වඩා හරවත් දෙකට යොදවන්න පුළුවන්. මෙය තනිකර හොරකම් කිරීමට ගහපු ප්ලැන් එකක්. සල්ලි තියෙන රට වලවත් මේ වගේ වැඩ කරන්නේ නෑ.

:       32       119

නෙවිල් Wednesday, 19 June 2019 03:11 AM

පගා ගහලා හිරේ ගියවුන් නිදහස් කරන කෙනා, ඔය කියන කොමිස් ගන්නවුන්ද නිදහස් කරාවි.

:       26       53

gayan Wednesday, 19 June 2019 04:12 AM

ඔය සල්ලිවලින් ඉස්කෝල ආරක්ෂා කරන වැඩපිළිවලක් සකසන්න. කොමිස් බලාගෙන බොරු වැඩ නොකර.

:       31       106

Uditha - London Wednesday, 19 June 2019 04:43 AM

මේ රටේ වැරදි කරන තරමක් කරන්නේ මහා උන්... පොඩි එකාල කරන වරදක් නැහැනෙ... තිස්සමහාරාම පෙත්තේ මාස 3ක දරුවෙක් මරුණ මන්දපොශනේ හැදිලා... අති දුෂ්කර පළාත් වල වේලක් නොකා වේලක් කන මිනිස්සු ඉන්නවා.. දරුවන්ට හොදට කන්න බොන්න දෙන්න විදිහක් නැති මිනිස්සු ඉන්නවා.. අපේ රට එදා ස්වයංපෝෂිත රටක්.. අපි සහල් පිටරටින් ගෙනාවේ නැහැ.. ලංකාව සෝමාලියාවක් වෙන්න වැඩි කාලයක් නැහැ.. බඩ පොත්තට ගිහින්.. ඒ උනාට බොරුව සොබනේ පෙන්න ගන්න තරන් රටක් මේ වගේ ලෝකේ කොහෙවත් නැතුව ඇති...

:       24       40

sugath premalal Wednesday, 19 June 2019 05:00 AM

ඔව්. ජනාධිපති 100% හරි. මොකද ලංකාවේ ඔය වැඩේ ප්‍රයෝගික නැහැ. මෙයාලා කරොත් කරන්නේ ඔය වගේ ගොන් තකතීරු වැඩ. ලංකාවේ පාසල් කියකද ඉන්ටෙර්නෙට් තියෙන්නේ. ඒ වගේම ඔය ටැබ් එක දීල මොකක්ක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර දියුණු රටවල එහෙම කරනවා. ඒ අතින් ලංකාවේ පාසල් ඒ මට්ටමට ඇවිත් නැහැ . මේ අය හිතන්නේ කොලඹ විශාකා, රෝයල් , පාසල් දෙක ගැන විතරයි..හිතපල්ලා ලංකාවේ සමස්ත පාසල් පද්දතිය ගැනම... කරන දෙයක් ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේවල් කරපල්ලා..ඒ මුදල් උඹලගේ ගෙදරින් වියදම් කරන ඒවා නොවේ. අහිංසක ජනතාවගේ බදු මුදල්........

:       25       36

MaheeWednesday, 19 June 2019 05:40 AM

සුදත්, ඔබේ කතාව හරි, එක දෙයක් හැර. "ගොන් තකතීරු වැඩ" කියන එක විතරයි වැරදි. හෙන ගහන කොමිස් කුට්ටියක් උඩ ඉඳල පහලට ලැබෙන ධන උල්පතක් හදා ගන්න හදනවා මිසක්, හිතන්න එපා මේවා ගොන් වැඩ කියලා

:       26       5

සේන Wednesday, 19 June 2019 05:11 AM

කොමිස් මුදලක් තමාගේ සාක්කුවට ඔබා ගැනීමේ අරමුණින් " කන්න නැතිව බල්ලන්ට හැට්ට මහනවා "

:       20       60

දිලුම් Wednesday, 19 June 2019 06:07 AM

ළමයින්ට ටැබ් දීම හැර දැන් අධ්‍යාපනයට සම්බන්ධ සියල්ල සර්ව සම්පූර්ණද. අනේ මේ අය කවදා හැදෙයිද කියලා හිතා ගන්න බෑ.

:       29       129

Hafeel Wednesday, 19 June 2019 08:03 AM

මේ දවස්වල ඡන්ද ගන්න ටැබ් දීලා, සමෘද්ධිය දීල, අමාත්‍යංශ වියදම් 15% කප්පාදු කරලා පුදුම වෙහසක් මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් දරනවා.

:       4       14

himal Wednesday, 19 June 2019 09:21 AM

ළමයින්ට ටැබ් දෙන්න අනෙක් හැම දේම හරිද කියලා අහන අය තමන්ගේ ගෙදර විය හියදම් කරන්නේ ඒ ප්‍රමුඛතා පිළිවෙලටද? අම්මලා තාත්තලා කන්න අඳින්න නැතිව හිටියට ළමයින්ට ඉගෙන ගන්න වියදම් කරනවනේ. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් ඉගෙන ගන්න කලින් කාලා ඇඳලා ඉන්න ඕන නේද කියලා. මෙතන වෙලා තියෙන්නේ ටැබ් එකක් කියන්නේ මහා අරුම පුදුම භාණ්ඩයක් කරගෙන. ඒක ළමයින්ට නොදිය යුතු දෙයක් කියලා හිතාගෙන. ගල් ලෑලි තිබ්බ කාලේ මේ උන්දලා හිටියා නම් ළමයින්ට අභ්‍යාස පොතුත් එපා කියයි.

:       6       0

AkilaThursday, 20 June 2019 07:02 AM

අනේ ඔව් , ඔයගොල්ලෝ ඉගෙනගන්නම පාවිච්චි කරයි ටැබ් එක.

:       0       6

himal Wednesday, 19 June 2019 09:26 AM

ටැබ් දෙන්න කලින් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේරම ගැටළු විසඳන්න ඕන නම් ගම් වල සේරම ගුරු පාරවල කාපට් කරන කම් අධිවේගී මාර්ග හදන එක නවතන්න ඕන. ග්‍රාමීය රෝහල්වල අඩු පාඩු හදන කම් පෙට් ස්කෑන් යන්ත්‍ර නොගෙන ඉන්න ඕන. ග්‍රාමීය බැංකු පරිගණකගත කරන කම් වානිජ බැංකු බලන් ඉන්න ඕන.

:       11       1

himal Wednesday, 19 June 2019 09:26 AM

ටැබ් දෙන්න කලින් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේරම ගැටළු විසඳන්න ඕනෑ නම් ගම්වල සේරම ගුරු පාරවල කාපට් කරනකන් අධිවේගී මාර්ග හදන එක නවතන්න ඕනෑ. ග්‍රාමීය රෝහල්වල අඩුපාඩු හදන කම් පෙට් ස්කෑන් යන්ත්‍ර නොගෙන ඉන්න ඕනෑ. ග්‍රාමීය බැංකු පරිගණකගත කරනකම් වාණිජ බැංකු බලන් ඉන්න ඕනෑ.

:       0       1

himal Wednesday, 19 June 2019 09:26 AM

ටැබ් දෙන්න කලින් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේරම ගැටළු විසඳන්න ඕන නම් ගම් වල සේරම ගුරු පාරවල කාපට් කරන කම් අධිවේගී මාර්ග හදන එක නවතන්න ඕන. ග්‍රාමීය රෝහල්වල අඩු පාඩු හදන කම් පෙට් ස්කෑන් යන්ත්‍ර නොගෙන ඉන්න ඕන. ග්‍රාමීය බැංකු පරිගණකගත කරන කම් වාණිජ බැංකු බලන් ඉන්න ඕන.

:       2       0

janaka Wednesday, 19 June 2019 09:49 AM

ටැබ් දෙන්න ප්‍රථම පාසල්වල වැසිකිලි ටික හදලා දෙන්න. දරුවන්ගේ ප්‍රධාන ප්‍රශ්නය ටැබ් නොවෙයි. රටේ පාලකයින්ගේ අමන තීරණ නිසා අද මෙරට දුප්පත් කමේ අඩියටම වැටිලා තිබෙනවා. ජීවන වියදම අහස උසට වැඩිවෙලා. මිනිස්සු අතේ මුදල් නැහැ. මෙහෙම ගියොත් ඉතියෝපියාවක් වෙන දවස වැඩි ඈතක නොවේ...

:       6       16

nali Wednesday, 19 June 2019 06:22 PM

හනේ අප්පේ ! මේ ටැබ් දෙන්ඩ යනවා කීව්වේ අවුරුදු දෙකකටත් ඉස්සර වගේ මට මතක. ආ.... හරි , සජිත්ව පැත්තකට දාල මෝදී මහත්තයාගේ කාර් එකට රිංග ගත්තට පස්සේ වැඩේ සැට් උනා වත්ද ? බඩු ටික එන්නේ ඉන්දියාවෙන් වත්දෝ කියලත් හිතෙනවා . අර වයි ෆයි කලාප දෙන්නේ ඊටත් පස්සේ වෙන්ඩැති මයෙ හිතේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 317 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1517 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1205 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 639 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 399 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 499 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site