මිහින්තලේ පූජා භූමියට අයත් මණිනාග මන්දිරය අසල පිහිටි ටැම් ලිපියක් හෝ කොරවක් ගලක් යැයි සැකකරනු ලබන ගල් පුවරුවක් සොරාගෙන ගොස් ඇති අතර, මිහින්තලේ කටුපොත කඳු පාමුල සෙල්ලිපියක් නිදන් හොරුන් විසින් විනාශ කර ඇතැයි මිහින්තලේ පොලීසිය කියයි. ඊට අමතරව මිහින්තලේ පූජා භූමියට යාබදව කිලෝමීටර් 04 ක් පමණ ඈතින් කටුපොත කන්දේ කනදරා වැව් ඉස්මත්තේ වන ලැහැබක තිබූ මෙය නිදන් හොරුන් විසින් කඩා විනාශ කර දමා ඇතැයි මිහින්තලේ පුරාවිද්‍යා කාර්යාලය පවසයි. මිහින්තලේ පූජා භූමියට අයත් මණිනාග මන්දිරය අසල පිහිටි එම ගල් පුවරුව ගැන මිහින්තලේ පොලීසිය හා පුරාවිද්‍යා නිලධාරීන් කියනුයේ එය නිශ්චිත වශයෙන්ම පුරාවිද්‍යා වටිනාකමක් තිබුණත් කුමන ගලක් ද යන්න කිව නොහැකි බවයි. ඊට හේතුව දින ගණනාවකට පෙර සිදුකරන ලද සොරකමක් බව මිහින්තලේ පොලීසියේ නිලධාරියෙක් පැවසීය. මිහින්තලා කටුපොත කන්ද පාමුල කනදරා වැව් ඉස්මත්තේ වන ලැහැබේ තිබූ සෙල්ලිපිය නිදන් හොරුන් විසින් කඩා විනාශ කර දැමීමෙන් පසුව කිසියම් පිරිසක් එය දැක ඇති බවත්, ඔවුන් මිහින්තලේ පුරාවිද්‍යා කාර්යාලයට පෙරේදා (17) දින දැනුම් දී ඇත. පුරාවිද්‍යා නිලධාරීන් හා මිහින්තලේ පොලිස් නිලධාරීන් කැටුව එම ස්ථානයට ගොස් එය පරික්ෂා කර බලා සෙල්ලිපියේ කොටස් සංරක්ෂණය කිරීම සඳහා මිහින්තලේ කාර්යාලයට රැගෙන ආ බව මිහින්තලේ පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරි ඉන්ද්‍රජිත් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞඪ ඉතිහාසයක් ඇති හෙලයිනි -ඇයි මේ ලෙස මතු පරපුරේ උරුමය වන සන්නේ... (ස)
මේ විදියට ගියොත් මිහින්තලා ගල බේරගන්න මොනවා හරි කරන්න වෙයි. (ස)
මේවා රුකගන්න අපි ඔක්ෙකාම එකතුවෙන්න අවශ්‍යයි... මේවා කරන අයට උපරිම දඩුවම් දෙන්න ඕන.. එල්ලුවත් පව් නැහැ.. (නු)
අපිට වටිනාකමක් දැනුනට ඒ පැත්තේ සමහරුන්ට ගානක් නෑ .නිතර දකින කුකුලගේ කරමලේ වගේ.. (ස)
අපිට දැන් පුළුවන් අපේ පැරණි දේවල් ගැන ගැන පම්පෝරි ගහන්නයි , අපිට වඩා කෙටි ඉතිහාසයක් තියෙන නමුත් වර්තමානයේ අපිට වඩා හොඳින් හැසිරෙන මිනිසුන් ඉන්න රටවල්වලට ගරහන්නයි විතරයි. (නි)
මේ හොරුන්ගේ වළවල්වලටත් හෙණ ගහයි. (නි)
අනේ කාලේ වනේ වාසේ
මේවා ආරක්ෂා කර ගන්න කවුරුත් නැද්ද
බලධාරීන් නිදිද
දෙයියෝ සාක්කි
මෙවැනි දේ වලට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
මේ වා ආරක්ෂා කර ගන්න ඕනේ
පූජනීය දේවල් වලට මෙහෙම වෙන්නේ රටේ නීතියක් නැති නිසයි. (නි)