IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ටැම් ලිපිය හොරු ගනිති

මිහින්තලේ පූජා භූමියට අයත් මණිනාග මන්දිරය අසල පිහිටි ටැම් ලිපියක් හෝ කොරවක් ගලක් යැයි සැකකරනු ලබන ගල් පුවරුවක් සොරාගෙන ගොස් ඇති අතර, මිහින්තලේ කටුපොත කඳු පාමුල සෙල්ලිපියක් නිදන් හොරුන් විසින් විනාශ කර ඇතැයි මිහින්තලේ පොලීසිය කියයි. ඊට අමතරව මිහින්තලේ පූජා භූමියට යාබදව කිලෝමීටර් 04 ක් පමණ ඈතින් කටුපොත කන්දේ කනදරා වැව් ඉස්මත්තේ වන ලැහැබක තිබූ  මෙය නිදන් හොරුන් විසින් කඩා විනාශ කර දමා ඇතැයි මිහින්තලේ පුරාවිද්‍යා කාර්යාලය පවසයි. මිහින්තලේ පූජා භූමියට අයත් මණිනාග මන්දිරය අසල පිහිටි එම ගල් පුවරුව ගැන මිහින්තලේ පොලීසිය හා පුරාවිද්‍යා නිලධාරීන් කියනුයේ එය නිශ්චිත වශයෙන්ම පුරාවිද්‍යා වටිනාකමක් තිබුණත් කුමන ගලක් ද යන්න කිව නොහැකි බවයි. ඊට හේතුව දින ගණනාවකට පෙර සිදුකරන ලද සොරකමක් බව මිහින්තලේ පොලීසියේ නිලධාරියෙක් පැවසීය. මිහින්තලා කටුපොත කන්ද පාමුල කනදරා වැව් ඉස්මත්තේ වන ලැහැබේ තිබූ සෙල්ලිපිය නිදන් හොරුන් විසින් කඩා විනාශ කර දැමීමෙන් පසුව කිසියම් පිරිසක් එය දැක ඇති බවත්, ඔවුන් මිහින්තලේ පුරාවිද්‍යා කාර්යාලයට පෙරේදා (17) දින දැනුම් දී ඇත. පුරාවිද්‍යා නිලධාරීන් හා මිහින්තලේ පොලිස් නිලධාරීන් කැටුව එම ස්ථානයට ගොස් එය පරික්ෂා කර බලා සෙල්ලිපියේ කොටස් සංරක්ෂණය කිරීම සඳහා මිහින්තලේ කාර්යාලයට රැගෙන ආ බව මිහින්තලේ පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරි ඉන්ද්‍රජිත් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ටැම් ලිපිය හොරු ගනිති

අප්පුහාමි Tuesday, 18 September 2012 12:47 PM

මේ හොරුන්ගේ වළවල්වලටත් හෙණ ගහයි. (නි)

:       0       0

වරුණ Tuesday, 18 September 2012 12:57 PM

අනේ කාලේ වනේ වාසේ

:       0       0

ඉන්දික Tuesday, 18 September 2012 03:31 PM

මෙවැනි දේ වලට උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

කනිෂ්ක Tuesday, 18 September 2012 07:29 PM

මේ වා ආරක්ෂා කර ගන්න ඕනේ

:       0       0

පුෂ්ප Tuesday, 18 September 2012 01:27 PM

මේවා ආරක්ෂා කර ගන්න කවුරුත් නැද්ද

:       0       0

චමින්ද Tuesday, 18 September 2012 01:21 PM

බලධාරීන් නිදිද

:       0       0

ප්‍රවීන් Tuesday, 18 September 2012 02:24 PM

දෙයියෝ සාක්කි

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 18 September 2012 10:33 AM

පෞඪ ඉතිහාසයක් ඇති හෙලයිනි -ඇයි මේ ලෙස මතු පරපුරේ උරුමය වන සන්නේ... (ස)

:       0       0

මධු Tuesday, 18 September 2012 11:32 PM

පූජනීය දේවල් වලට මෙහෙම වෙන්නේ රටේ නීතියක් නැති නිසයි. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 18 September 2012 11:11 AM

මේ විදියට ගියොත් මිහින්තලා ගල බේරගන්න මොනවා හරි කරන්න වෙයි. (ස)

:       0       0

දමිත් Tuesday, 18 September 2012 11:13 AM

මේවා රුකගන්න අපි ඔක්ෙකාම එකතුවෙන්න අවශ්‍යයි... මේවා කරන අයට උපරිම දඩුවම් දෙන්න ඕන.. එල්ලුවත් පව් නැහැ.. (නු)

:       0       0

අමිල කටුනායක Tuesday, 18 September 2012 11:20 AM

අපිට වටිනාකමක් දැනුනට ඒ පැත්තේ සමහරුන්ට ගානක් නෑ‍ .නිතර දකින කුකුලගේ කරමලේ වගේ.. (ස)

:       0       0

එස්.එල්.ටී.කේ. Tuesday, 18 September 2012 12:23 PM

අපිට දැන් පුළුවන් අපේ පැරණි දේවල් ගැන ගැන පම්පෝරි ගහන්නයි , අපිට වඩා කෙටි ඉතිහාසයක් තියෙන නමුත් වර්තමානයේ අපිට වඩා හොඳින් හැසිරෙන මිනිසුන් ඉන්න රටවල්වලට ගරහන්නයි විතරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 113 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 326 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 233 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 222 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 159 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 548 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39812 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site