තමන් සම්පූර්ණ ඇමරිකා එක්සත් ජනපදයේම ජනපති බවත් හිලරි ක්ලින්ටන් රට වෙනුවෙන් කළ දීර්ඝ සේවයට ස්තූති කරන බවත් ඇමරිකා ජනපතිවරණ සටනින් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
නොවැම්බර් 8 වැනිදා පැවැති ඇමරිකා ජනපතිවරණ ඡන්දයෙන් ජයග්‍රහණය කරමින් ඇමරිකාවේ 45 වැනි ජනපති ලෙස තේරී පත්වීමට වරම් ලබාගත් ට්‍රම්ප් සිය පාක්ෂිකයන් සමග අද (9) නිව්යෝක් නුවර හිල්ටන් හෝටලයේ සාදයක් ද සංවිධානය කර ඇත.
‘මට මේ මොහොතේ හිලරි ක්ලින්ටන්ගේ ලේකම්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඇය අපට සුබපතා තිබෙනවා. ඒ අපේ ජයග්‍රහණය ගැන‘ යැයි ට්‍රම්ප් සිය කථාවේදී සඳහන් කළේය.
රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් එකමුතු විය යුතු බවත් ට්‍රම්ප් පෙන්වා දුන්නේය.
1946 ජූනි 14 වැනිදා නිව්යෝක් නුවර ක්වීන්ස් හිදී උපත ලද ට්‍රම්ප් මේ වනවිට 70 වැනි වියේ පසුවෙයි. පස් දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනි වැඩිමහල් දරුවා ලෙස උපත ලද ට්‍රම්ප් ගේ සහෝදර සහෝදරියෝ මරියානා, එළිසබෙත් හා රොබට් හි වාසය කරති. ට්‍රම්ප්ගේ වැඩිමල් සොයුරු ෆ්‍රෙඩ් 1981 දී මියගියේය. සිය පියාගේ පාර්ශවයෙන් ජර්මනියට ද නෑකම් කියන ට්‍රම්ප් මවගේ පාර්ශවයෙන් ස්කොට්ලන්තයට ද ඥාතිවේ. ට්‍රම්ප් 1964 ජූනි 30 වැනිදා තරුණයකු ලෙස නිව්යෝර්ක් ආරක්ෂක ඇකඩමියට සම්බන්ධ විය. ට්‍රම්ප් කුඩා අවදියේදී දඟකාරයකු බව ඔහුගේ පියා සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත. විවාහ තුනකින් දරුවන් පස් දෙනකුගේ පියකු බවට පත්ව සිටින ට්‍රම්ප්ට මුනුපුරු මිනිපිරියන් අට දෙනෙක් ද සිටිති.
පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන ට්‍රම්ප් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු ද වේ. සිය පියාගේ ඇවෑමෙන් ට්‍රම්ප් ව්‍යාපාරික සංවිධානයේ සභාපති ලෙස 1973 දී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මැන්හැටන් හි ට්‍රම්ප් ටවර් නමැති දැවැන්ත වෙළඳ සංකීර්ණය නිර්මාණය කළේය. ලොව පුරා ගෝල්ෆ් ක්‍රීඩා පිටි 18ක් ඔහු සතුව පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඇමෙරිකාවේ පරාජය. අවුරුදු දෙක තුනක් යනකොට තේරෙයි. (නි)
ගවුස්, හිලරි දිනුවා නම් ලංකාවේ පරාජයට තව අවුරුදු ගාණක් බලාඉන්න වෙන‍්නෙ නැහැ (නි)
ලංකාවේ ඒකාබද්ධ විරුද්ධ පක්ෂය ආදර්ශයට ගත්තොත් හිලරි ක්ලින්ටන්ට බලය ලබාගන්න තව වසර 4ක් බලා ඉන්න ඕනෑ නැහැ. වරින් වර පොල් ගහන්න අවශ්‍ය පොල් ඇමෙරිකාවට සැපයීමෙන් ඒකාබද්ධ විරුද්ධ පක්ෂයට ඔවුනේ ආණ්ඩු පෙරළන වැඩේට මුදල් ටිකක් හොයා ගන්නත් පුළුවන්. (නි)
හිලරි ක්ලින්ටන් හිතන්න ඇති ශ්‍රී ලංකාවේ 1960 වසරේ බණ්ඩාරනායක මැතිතුමාගෙන් පසුව සිරිමාවෝ මැතිණියට බලය ලැබුන විදියට ඇමරිකා ජනපතිවරණ ඡන්දයෙන් එයාටත් රටේ නායකකම ලැබේවි කියලා. හිලරි දැකපු සිහිනය බොඳ වුණා. එය අපේ ශ්‍රී ලංකාවට යහපත් කරුණක්. ඊට හේතුව වන්නේ, කලකට පෙර අපේ රටේ ත්‍රස්තවාදී කණ්ඩායමක් මඟින් ඇයට විශාල මුදල් සම්භාරයක් තෑගි කළ බවට රාවයක් පැතිරගොස් තිබීමයි! (නි)
ට්‍රම්ප්ගේ ජයග්‍රාහී කතාවේදී "මට ආරංචියි සමහර රටවල අය අනුන්ගේ කුණු හොයනවා. එච්චර විතරක් නොවෙයි අනෙක් රටවල් වල ජනතාවගේ කැමත්ත වෙනස් කරන්න පොල් ගහනවා. එයාලා ගැනත් බලාගන්නම්“ කියලා කිව්වේ නැද්ද දන්නෙ නැහැ (නි)
ස්මිත්, කට පරිස්සම් කර ගන්න. ඔය ලංකාව ඇමෙරිකාව නොවෙයි, පේනවනේ සමහරු මාධ්‍යයට ගොරවන හැටි. (නි)
ලංකාවේ කරන වැඩ ඇමෙරිකාවේ කවදාවත් කරන්නේ නැහැ. විරුධවාදියා නොවෙයි තම පාක්ෂිකයා වුණත් වරදක් කළොත් එකම නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. අැමෙරිකාවෙන් ගන්න හොඳ දේවල් තියනවා, ගන්නේ නැතුවට කරන්න දෙයක් නැහැනේ. (නි)
ජයග්‍රහණයෙන් පස්සේ අපේ මොන නායකයාද ජාතිය අමතා තමුන් සමඟ විරුද්ධව තරඟ කළ අනෙක් පාක්ෂිකයන්ට කිව්වේ දැන් මැතිවරණය ඉවරයි, අපි එකතුවෙලා රට ගොඩනඟමු කියලා. (නි)
ලංකාවේ කවුද අනාවැකි කිව්වා නේද.ට්‍රම්ප් දිනනවා කියල.එයා කිව්ව අනිත් අනාවැකිත් හරියයිද දන්නේ නෑ.(සඳු)
අවුරුදු 70 ක කෙනෙකුටත් ඉඩක් දීල තියනවා. එහෙම බලපුවහම ලංකාවට සමානයි වගේ.
ඇයි හිලරි අල්ලලා හිරේ දාන්නේ නැද්ද? ලංකාවෙන් ආදර්ශය ගන්නකෝ ...(බ)
එහෙම තමයි නිහතමානි මිනිස්සු! (නි)
ඇයි ලංකාවේ වගේ විරුද්ධ පාර්ශවයෙන් පළිගන්නෙ නැද්ද? (නි)
අපරාදේ අර පොල් ටික. (නි)
එහෙත් හොර භාණ්ඩාගාර බිල්පත් මගඩි තියේවිද දන්නේ නැහැ? (නි)
හිලරි සමඟ නැගිටිමු !! (නි)
අමිත, ඔයා හිතුවද ඇමරිකාවත් ලංකාව වගේ කියලා? මෝඩකමට බේත් නැහැනේ. (නි)
අපිට ගත හැකි ආදර්ශයන් ගොඩක් ඔහුගේ කතාවෙන් හෙළි වුණා .තරගයේදී පහර දුන්නත් දිනුම ලද පසු සෑම පාර්ෂවයකටම කළ සේවයේ අගය කරමින් ස්තුතිකිරිම. (ම)
එහෙත් පොදු විපක්ෂයක් හදාගෙන රට කරන්න දෙන්නේ නැතිව ට්‍රම්ප් ගේ කකුලෙන් අදිද දන්නේ නැහැ (ම)
එහෙත් හවුල් ආණ්ඩුවක් හදන්න වගේ යන්නේ....(ම)