රත්මලාන දුම්රිය යන්ත්‍රික වැඩ බිමේ ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ හළ එහි ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු එස්.එම්. අබේවික්‍රමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා රුපියල් 17500 දඩ නියම කෙළේය. දඩ ගෙවීමෙන් පසුව ඔහු නිදහස් කරන ලෙස ද මහේස්ත්‍රාත් ප්‍රකාශ කෙළේය. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ වරෙන්තුවකින් පසුව නීතිඥයකු සමග පෙනී සිටි ඉංජිනේරු අබේවික්‍රම කියා සිටියේ හදිසි රාජකාරි කටයුත්තක් නිසා කලින් දින අධිකරණයට එන්නට නොහැකි වීම ගැන සමාව අයදින බවයි. චෝදනා දෙකකට එම දඩය නියම කළ මහේස්ත්‍රාත් කීවේ ඔහුගේ නොසැලකිල්ල නිසා ඩෙංගු මදුරුවන් බෝවී ඇති බවයි. ‘‘මෙය රාජකාරියකට වඩා ජිවිත පිළිබඳ ප්‍රශ්නයක් වගකීමෙන් ක්‍රියා කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. එවැනි දේට අධිකරණයේ සහනයක් නෑ‘‘ යනුවෙන් ද මහේස්ත්‍රාත් ඔහුට කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd